20121123

සත්‍යජිත් රායිගෙ අපුර් සංසාර්.... හොඳ අභ්‍යාසයක්.

http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash3/527557_3915708617873_799285841_n.jpg
සත්‍යජිත් රායිගෙ අපුර් සංසාර්


අලුත් වැඩක් කළා.
කළා නෙමෙයි වුණා.

 සත්‍යජිත් රායිගෙ
අපුර් සංසාර් බැලුවා.


බලද්දි මට හිතුණා
හොඳ රාමු ටිකක් අරන්
FB දාන්න ඕන කියල.

චිත්‍රපටයක සිදුවෙන තත්පරයක චලනයක්
අවම වශයෙන් රූප රාමු 24ක සටහන් වෙනවා.
කොයිතරම් හොඳ සිනමාරූප ශිල්පියෙකුගෙ වුණත්
මේ රූප රාමු  සියල්ලම හොඳ ඡායාරූප කියන්න බැහැ.

ඒ රූප රාමු ගලා යද්දි
එයින් අපේ සිත්ගන්නා රූප රාමු තෝරාගෙන
ඡායාරූප විදියට පිටපත් කරගන්න අපට පුලුවන්.

අරමුණ සමස්ත ඡායාරූපයත් සමග දකින්නත්
අරමුණ ඡායාරූපයේ රිද්ම රටා සමග
හොඳින් සැසඳෙන අවස්ථා වලදි
ක්ලික් කරන්නත් හුරු වීමෙන්
ඒ හුරුව සාමාන්‍ය ජීවිතේ
ඡායාරූප ගන්නා විටත්
උපයෝගී වෙනවා.

VLC player එකේ Shift + S ගැහුවාම
රාමුව Folder එකකට කොපි වෙනවා.

නවක ඡායාරූප ශිල්පීන්ට
හොඳ අභ්‍යාසයක්..
ඒක හරියට හොඳට හදපු පසුබිමක
නිදහසේ ඡායාරූප ගන්නවා වගෙයි.

අනාවරණය ආදිය ගැන
කරදර වෙන්න ඕනත් නෑ.

රාමුව දිහා බලන් ඉඳල
හොඳට ස්ථාන ගතවෙන තුරු බලා ඉඳල,
හොඳ හැඟීමක් එනතුරු බලා ඉඳලා
ගන්න පුලුවන්.

පසුබිමට අදාලව ස්ථානගත කිරීමත්,
තීරණාත්මක මොහොතෙදි ක්‍රියාත්මක වෙන්නත්
ඉබේම හුරුවෙන්න හොඳ අභ්‍යාසයක්.

රායි, කුරොසාවා,බර්ග්මාන් වගේ
විශිෂ්ඨ සිනමා කරුවන්ගෙ
චිත්‍රපටි තෝරා ගැනීමෙන්
ඇසටත් හිතටත් ලැබෙන
පුහුණුවත් හොඳයි.




















































No comments:

Post a Comment