20140320

Facebook සංවාද


  • Kalekata issara gath ekak..
     
     
  • අරමුණ රාමුවෙ දකුණු පැත්තේ ස්ථානගත වුනොත් මොනවා වේවිද
     
     
  • Athula Siriwardhane .
    1, මම හිතන්නෙ
    මේ පසුබිමේ තියන දේවලුත් එක්කම

    අනික් පැත්ත හැරෙව්වොත්
    එළියට යනවා වගේ දැනේවි..

    දැන් ඉන්න අය කියවන ප්‍රමාණය අඩු නිසා
    ඒක එතරම් ප්‍රබල නොවෙන්නත් පුළුවන්..

  • නැහැ පසුබිම එලෙසින්ම තියෙද්දි
    ආලෝකය ලැබෙන කෝණ එලෙසින්ම තියෙද්දි
    අරමුණ පමණක් දකුණු පැත්තට ආවොත්?

  • Athula Siriwardhane .
    මම හිතන්නෙ නැහැ
    එය ප්‍රිය ජනක වෙයි කියලා..

    ඔහු ඉහළින් තියන පදාසය අස්සෙ
    හිර වෙනවා.

    ඔහුගෙ දකුණු කණ අසල තියන
    පැල්ලමට දකුණ සමබර කරන්න බැරි වෙයි..
    ඒ පැල්ලම ඉහළටත් දකුණටත් ගෙන ගියොත්
    යම් හොඳක් වෙන්න පුලුවන්..

    මේ අනුමාන නිවැරදිද කියල
    Edit කරල නොබලා කියන්න අමාරුයි.

    මෙවැනි අනුමාන
    ප්‍රායෝගිකවම විමසීමෙන්
    අනුමාන හරි ගියාට වඩා
    අනුමාන වැරදීමෙන් ඉගෙන ගන්න පුලුවන්.
    හරිගියොත් සතුට විතරයි..
    වැරදුණොත් අලුත් දෙයක් එකතු වෙනවා.
     
     
  • Athula Siriwardhane .
    2,
    ඔහුත් පසුබිමත් අතර

    සම්බන්ධයත් බිඳෙනවා.
    මම ඔහු වම් අයිනට කරන්නට
    ප්‍රධානම හේතුව
    ඒ ආලෝක පදාසයයි.
    Athula Siriwardhane's photo.

  • Athula Siriwardhane .
    රාමුවක් තුළ තියන දේවල්
    මොනවා එහා මෙහා කළත්

    ඡායාරූපය වෙනස් වෙනවා.

    කණ ෂොට් ගහන තුරු
    නවකයෙකුට මේ සත්‍ය තේරෙන්නෙ නැහැ.

    රීති ඉගෙන ගැනීමෙන්
    ඒ අනුව අභ්‍යාස කිරීමෙන් තමයි
    මේ සත්‍යය වැටහෙන්න පටන් ගන්නෙ.

  • Sajith Fernando රාමුවත් අරමුණත් අතර බැඳීම පවත්වාගෙන යන්න
    ආලෝකයත් ගොඩක් වැදගත් වෙනවා නේද?

  • Athula Siriwardhane .
    රාමුව තුල තියන හැම දෙයක්ම වැදගත්..
    ආලෝකය, අඳුර, වර්ණ, රේඛා, හැඩතල...

    මේ සියල්ලම ගීයක
    සංගීත භාණ්ඩ වගෙයි..

    හොඳ ගීයක
    බට නලාව, තාලම් පට...ඉවත් කළත්
    ගීය පිරිහෙනවා..

  • Athula Siriwardhane .
    ඡායාරූපයක් ගත් පසුව
    වෙනස් කිරීමෙන්
    යම් දුරකට දියුණු කරන්න පුලුවන්..
    ඇතුළත තියන දේවල් වෙනස් කරන විට
    ඡායාරූපයෙහි සිදුවෙන වෙනස දකින්නට
    ඡායාරූප ශිල්පියා සංවේදී විය යුතුයි..

    ඒ සංවේදී බව ඇතිවෙන්නෙ
    රීති අනුව අභ්‍යාස කිරීමෙන්..

    දක්ෂ නවකයන්
    රීති වලට ගරු කරනවා..
    ගරු කළ යුතුයි..

    දක්ෂ ප්‍රවීණයා
    රීති වලට ගරු කරන්නෙ නැහැ...
    ගරු නොකළ යුතුයි..

  • Athula Siriwardhane .
    සයිකලය සමබර කරගන්න තුරු
    වෙට්ටු දාන්න ගියොත් වරදිනවා.

    සමබර කරගත්තම
    අලුත් දේවල් නොකර හිටියොත්
    සයිකල් පැදීම එපා වෙනවා.
    උවමනාවකට හැර
    වෙන දේකට සයිකලය
    අල්ලන්නවත් හිතෙන්නෙ නැහැ.

    බොහෝ ප්‍රවීණයන්ට
    කැමරාවත් ඒ වගෙයි..

    රීති නොදැන්න කෙනෙකුට
    තමන්ගේ සහජ සීමාවෙන්
    එපිටට යන්න බැහැ.

  • Athula Siriwardhane .
    ඔහුගෙ දකුණු කණ අසල තියන පැල්ලම
    ඉහළටත් දකුණටත් ගෙන ගියොත්..
    Athula Siriwardhane's photo.
===============================================================
Peace Pagoda-Rumassala/Galle
  • Shaman Fernando
    වම් පැත්තෙ වස්තූන් ඉවත් වුණා නම් තවත් හොඳයි

  • Athula Siriwardhane .
    වම් පැත්තෙ වස්තූන් නැත්නම්
    යාන්ත්‍රික ලස්සණක් ඒවි..

    ඒ ටික නිසයි ස්වාභාවික පෙනුම..

  • Shaman Fernando මම ටික කාලයක සිට හොයනවා, බටහිර විශිෂ්ඨ ඝණයේ නිර්මාණ වල ඇති සහ අපේ නිර්මාණ වල නැති දේවල් මොනවාද කියන එක.

    ප්‍රධාන වශයෙන් දු‍ටු දෙයක් තමයි ආලෝකය සහ අඳුර අතර පරාසය, නිර්මාණයේ අදහස ඉතාමත් තීව්‍ර වන ලෙස ඔවුන් යොදාගෙන තිබීම.

    තවත් දෙයක් වුණේ, වීදි ඡායාරූපකරණයේදී Panning වගේ දෙයක් එක්කිරීම මගින් නිර්මාණයට සජීවී බවක් එක් කර තිබීම.(එය නම් මෙම නිර්මාණයට අදාල නැහැ)

    මේ නිර්මාණයේ ආලෝක පැතිරීමට මම කැමතියි. නමුත් වමේ ඇති කොටස් අසම්පූර්ණ ලෙස නිර්මාණයට එකතු වීම ගැන මම සතු‍ටු නැහැ.

  • Athula Siriwardhane .
    වමේ තියන කොටස් ඉවත් වුණොත්
    මට දැනෙන්නෙ උපාසක ශ්‍රද්ධාවක්.. ෂාමන්...

    එවිට මේ වෙහෙර
    චිත්‍රාගාරයක් තුළ රූ ගත කළා වැනි
    නිවුණ ඡායාරූපයක් බවට පත්වෙයි.

    මම බුදු දහම පිළිගන්නෙ
    එහි ඇති සැබෑ ජීවිතය හා
    බැඳුන ගුණය නිසයි..

    මඩෙහි පිපුණ නෙලුමක් වෙන්න...
    කියල උපදෙස් දෙන කෙනෙක් සහ
    ඔහුගේ දහම සංකේතවත් කරන වෙහෙරකට
    මේ පරිසරය රුකුලක් කියල මට හිතෙනවා.

    නිසි කෝණයෙන් බැලුවොත්...
    මෙහි මා ගරු කරන්නෙ ඒ Contrast එකටයි.
    ඔබට මේ සංවාදය හොඳ අවස්ථාවක්.
    ====================================================
    • Roland Lasantha Railway station ekaka neda ?

    • Roland Lasantha mehi mokak hari special ekak thiyenawada ?

    • Athula Siriwardhane .
      හුණුපිටිය ස්ටේෂම, රෝලන්ඩ්.

      මේ චරිතයෙහි මා දුටු
      සන්සුන් කම තමයි,
      මා දුටු විශේෂත්වය...

      දෙවනුව වර්ණ හා හැඩතල රටාව....

      තෙවනුව...
      ඔහුගේ සිරුරෙහි අනවශ්‍ය කොටස්
      ගමන් මල්ලෙන් වැසීම
      දැන් මා විශේෂත්වයක් ලෙස
      මා දකිනවා.