20140719

- ලිපි අනු පිළිවෙල

  1. රිද්ම සංකලන පූර්විකාව
  2. රිද්ම සංකලන අරමුණ
  3. කැමරා ඔපරේටර්
  4. ඔබ නිර්මාණ ශීලීද?
  5. ජූරිය ඔබයි
  6. නවක ඡායාරූප ශිල්පියා....
  7. ඔබ ඉගෙන ගන්නට කැමතිද?
  8. නවක ඡායාරූප ශිල්පීන්ට ස්වයං අධ්‍යයනයක්
  9. ඡායාරූපයේ කලාව -ලාල් හෑගොඩ
  10. ඡායාරූප "කලාව" හදාරන නවක ඔබට,...
  11. දක්ෂ ශිල්පියෙකුත් කලාත්මක ශිල්පියෙකුත් අතර වෙනස
  12. කලාව නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.
  13. නිකොන්ද? කැනන්ද? Mobileද?
  14. එක් ඡායාරූපයක් හොඳයි. අනික බොඳයි.
  15. ඡායාරූප ශිල්පියා කැමරාව නොවේ..
  16. Auto mode  ඡායාරූප
  17. ඡායාරූපයක ධන ඍණ අවකාශ 
  18. අඳුරු පදාස එක් වී විශාල පදාස බවට පත් වී.....
  19. ඡායාරූපයක ආලෝකය සහ අඳුර....
  20. කාචය, කාච විවරය, කාච ද්වාරය, ISO අගය -සරලව
  21. ඡායාරූප PHOTOSHOP සංස්කරණය
  22. ඡායාරූප ශිල්පි සංස්කරණ ශිල්පියා
  23. රාමුව තුළ හැම දෙයක්ම ඡායාරූප ශිල්පියාගෙ වගකීමක්
  24. ඡායාරූපයකින් හැඟීමක් දෙන්නට මුහුණ අත්‍යාවශ්‍යද.?
  25. සේයාරූ විචාරණ 01
  26. සේයාරූ විශ්ලේෂණ 02 -නිදර්ශක
  27. CROP : ඡායාරූප ශිල්පියාගේ අස්වැන්න
  28. CROP කිරීමේදී හැඟීම වෙනස් වෙන ආකාරය
  29. CROP පුහුණුව
  30. ඡායාරූප තුළ රටා දකින සංවේදී මනසක්.....
  31. පශ්චාත් නූතනවාද, ස්වර්ණමය රීති, පස්මහ බැලුම්
  32. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  33. දෘෂ්‍ය කලා රීති
  34. රිද්ම සංකලන රීති සරලව....
  35. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  36. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  37. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  38. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  39. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  40. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  41. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  42. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  43. රීතිවලට යටත්වන්න එපා
  44. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  45. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  46. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  47. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  48. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  49. ඡායාරූප ඇල කිරීම හරිද?
  50. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  51. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  52. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  53. රීතියද, ඡායාරූපයද?
  54. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  55. වර්ණ රටා මනසට බලපානවා.
  56. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  57. වර්ණ සිද්ධාන්ත
  58. වර්ණ රිද්ම සංකලන
  59. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  60. රතට රතේ රතු..
  61. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  62. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  63. චීන දෘශ්‍ය කලාව
  64. සමමිතික ඡායාරූප
  65. විසිතුරු රටා සේයාරූ - PATTERN Photogaphy
  66. "මේ පයිප්පයක් නෙමෙයි" -René Magritte
  67. ආවරණය -වැදගත් රීතියක් - Clossure
  68. කලාව නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.
  69. ඡායාරූප ශිල්පියා යනු කවරෙක්ද?
  70. අපූර්ව ඡායාරූපද, හොඳ ඡායාරූපද???
  71. ඡායාරූපයක අරමුණ තැබිය යුතු කොතැනද?
  72. කලා නිර්මාණ තීව්‍රතාවය සහ රසික වින්දනය
  73. ඡයාරූපයක තිතක් වුණත් වැදගත්..
  74. ඡායාරූපයක් උණත් කෑමක් වගේ
  75. Portrait Photography
  76. Yousuf Karshගෙ කණා ෂොට් එකක්ද?
  77. ඡායාරූප ගන්නේ කැමරාවෙන් නොවේ. -Arnold Newman
  78. ස්ටීව් මැක්කරි සහ 2013 PIRELLI කැලැන්ඩරය
  79. Steve McCurryගේ ඡායාරූප විචාරණ
  80. ස්ටීව් මැක්කරිගෙන් මිනිත්තුවක උපදෙසක්.
  81. SM01 - ස්ටීව් මැක්කරිගේ ඡායාරූපයක රිද්ම රටා
  82. Steve McCurry - CANDID ඡායාරූප ?
  83. ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry
  84. Steve McCurryගෙ කැපවීම
  85. ඇෆ්ඝන් මෝනාලිසා විවිධාකාරයෙන් ක්‍රොප් කිරීම
  86. ලොව විශිෂ්ඨම ඡායාරූප කිහිපයක්
  87. කාලය නතර කළ ඡායාරූප. - by Harold Eugene Edgerton
  88. ලොව විශිෂ්ඨම Candid ඡායාරූප ශිල්පියෙක්.. Henri Cartier-Bresson
  89. Shehzad Noorani - ගරු කිරීමත් අනුකම්පා කිරීමත් අතර...
  90. වීදි ඡායාරූප ශිල්පි Lee Jefrees
  91. භෝපාල් ඛේදවාචකය රඝු රායිගේ ඇසින්
  92. Nemai Ghosh -සත්යජිත් රායිගේ ඡායාරූප ශිල්පියා
  93. විලාසිතා ඡායාරූපකරණය
  94. විලාසිතා ඡායාරූප ශිල්පීන්ට සරල අභ්‍යාසයක්...
  95. මිලා ජොහොවිච් -Resident Evil
  96. ලොව ප්‍රථම ඡායාරූපයේ කතාව
  97. Facebook සංවාද
  98. facebook සමූහවල හැසිරෙන නවක ඡායාරූප ශිල්පීන්ට..
  99. Facebook Likes and Comments..
  100. PHOTOSHOP - Adustment ලේයර්
  101. PHOTOSHOP Filters මගින් නිරූපිත අයින්ස්ටයින්
  102. DIGITAL සංස්කරණ ක්‍රමෝපායන්...
  103. ඡායාරූපයක විශේෂිත සාධක හුරුව.
  104. සජීවී ඡායාරූප අංග විකල කරනවාද?
  105. දෘෂ්‍යරූප සංකලනය Image Manipulation
  106. ආලෝක පින්තාරු Bullet Time - Stop Motion ඡායාරූප
  107. පෙළහර පා ලොව  දිනූ විශිෂ්ඨ මිනිසුන්..
  108. ඔබේ වාර්තාමය ඡායාරූපයක් මාධ්‍ය ආයතනයකට යොමුකිරීම
  109. ඡායාරූප විකුණන්න වෙබ් අඩවියක්...
  110. ඔබේ ඡායාරූපයක් National Geographic සඟරාවට..
  111. Your Shot -National Geographic සංස්කාරක තේරීම්
  112. National Geographic ජයග්‍රාහී ඡායාරූප 2012
  113. ඡායාරූප ශිල්පීන් වර්ග 3ක්
  114. සිතින් දකින දේ - ඇසට පෙනෙන දේ
  115. භාවාත්මක ඡායාරූපකරණයේ නිම් වළලු
  116. Ciro Totkuගේ Abstract ඡායාරූප කලාව
  117. අගුලක හැඟීම් 19ක්
  118. සත්‍යජිත් රායිගෙ අපුර් සංසාර්.... හොඳ අභ්‍යාසයක්....
  119. අපරාජිතෝ චිත්‍රපටයේ රූප රාමු රිද්ම
  120. අමුතු රිද්ම රටා
  121. චිත්‍ර ශිල්පයෙන් ඡායාරූප ශිල්පයට ආලෝකයක්..
  122. ජීවී චිත්‍රකරණය - හැඩතල අතර රිද්මය 01
  123. 01 ජීවී චිත්‍රකරණය - Life Drawing in Corel Painter...
  124. 02 ජීවී චිත්‍රකරණය - Life Drawing in Corel Painter...
  125. සම්මාන දිනූ ඡායාරූප.
  126. සිරීපාදෙ හෙවනැල්ල ත්‍රිකෝණාකාර ඇයි.?
  127. ඡායාරූප මත නම යෙදීම
  128. එක් ඡායාරූප ශිල්පියෙකුගේ ආත්ම අභිමානය හා ආත්ම ශක්ත...
  129. Candid මංගල ඡායාරූප රැසක්
  130. ලුහුඬු උපදෙස්
  131. පළමුව සදාචාරවත්, හොඳ මිනිහෙක්, මහත්මයෙක් වෙන්න.
  132. අයන්නෙ ඉඳල යන ගමන...
  133. එක රාමුවකින් සැහීමකට පත් වෙන ඡායාරූප ශිල්පියා
  134. Photography Composition වැඩමුලුවක්
  135. ෆේස්බුක් සමූහවල ගැවසෙන ඔබට වචනයක්.

20140709

ඡායාරූපයක් ඩිජිටල් සංස්කරණයෙන් ඔප් නැංවීම

අද 2017 ඔක්තෝබර් 26දා.
මේ ලිපිය ලියා වසර තුනකුත් මාස කිහිපයක්.

2014 ජුලි මාසෙ දිනක
රිද්ම සංකලන බ්ලොග් එකට
''ඡායාරූපයක් ඩිජිටල් සංස්කරණයෙන් ඔප් නැංවීම''
පිළිබඳව මේ දීර්ඝ ලිපිය ලියද්දි
ඒ ලිපියට ගැලපෙන ආකාරයේ
ඡායාරූප ශිල්පී සංස්කාරකවරයෙක්
ලංකා නිර්මාණ කාන්තාරයේ හමුවෙන්නට
මම සිහින මැව්වේ නෑ.

ඒත් මහේෂ් ගංගානාත් කලාශිල්පියා
ඒ ලිපියට ආදර්ශයක් සපයා තියනවා.

ඔහුගේ මේ ඡායාරූපය සුවිශේෂයි.

විලාසිතා නිරූපන ශිල්පීන් සමග ගැවසෙන කෙනෙක්
මේ වගේ ඡායාරූපවලට යොමුවීම
අපේ රටේ අභව්‍ය සිදු වීමක්.

විලාසිතා නිරූපන ක්ෂේත්‍රය
කේක් එකට වඩා අයිසින් වලට තැන දෙන
කෘතීම මිනිසුන් වෙසෙන නරුම ක්ෂේත්‍රයක්.
එහෙම නොවී පවතින්න බැරි ස්වභාවයක්
ඒ ක්ෂේත්‍රය තුළ පවතිනවා.
එවැනි ක්ෂේත්‍රයක ඇසුරේ ගැවසෙන මහේෂ්
මේ වගේ ඡායාරූපයක් මේ තරම් දුරක්
රැගෙන යන අතරේ ඉන් අතරමං නොවී
විලාසිතා නිරූපන ක්ෂේත්‍රයෙන් උකහාගත්
නැවුම් සුවඳකින් ඉතා සියුම් ලෙස
මේ ඡායාරූපය සුවඳවත් කොට තිබෙනවා.
ඒ සුවඳ දැනෙන්නෙ තලප්පාවෙ.
තලප්පාවෙ දාරය පසු බිම සමග
මුසුවන්නට හැරීම ලංකාව තුළ
චිත්‍රවලත් ඡායාරූප වලත්
අපි නිතර නොදකින වටිනා උපක්‍රමයක්..

මේ වයස්ගත නිරූපණ ශිල්පියා
ඉතාම උසස් ආකාරයෙන් ඔහුගේ හැඟීම
මුහුණෙන් පළ වෙන්නට අවකාශ දීම
මෙහි ජීවයට ප්‍රධානම හේතුවක්.
ඔහුගේ තලප්පාව, උපැස් යුවළ සහ රැවුල
කිසිම වේශ නිරූපන ශිල්පියෙකුට
හිතා මතා සකස් කළ නොහැකි තරමට
ඉතාම හොඳින් සුසංගත වී තියනවා.

ඔහුගේ උපැස් යුවල වටේ තියන
සුදු පාට දුහුවිලි පදාසය
ඇස් වල සුද මතු වූ කෙනෙක්
සංකේතවත් කිරීම අහඹුවක් වුණත්
අතිශයින්ම ගැලපෙන සම්පතක්.

සමස්තයක් විදියට
ඡායාරූපයකට වඩා සජීවී ත්‍රිමාණ මූර්තියක්
අපට මේ ඡායාරූපයෙන් දැනෙනවා.

"මම ආලෝකය සහ අඳුරෙන් සංස්කරණය කරන්නෙ
හරියට ආගමික දෙයක් වගේ."
---ලී ජෙෆ්‍රීස් ---

සුපතළ වීදි ඡායාරූප ශිල්පී ලී ජෙෆ්‍රීස්
මේ කියන ආකාරයේ ආගමික පන්නයේ
ගැඹුරු භක්තිමත් බවක් මහේෂ්ගේ නිර්මාණ වල
අපට දක්නට ලැබෙනවා.

ලයනල් වෙන්ඩ්ට් වැනි පැරණි ශිල්පීන්ගේ සංයමය,
චිත්ත ඒකාග්‍රතාව සමග සමස්තය දැකීම ආදී
අපේ කලා ක්ෂේත්‍රවල විරල ගුණ
මහේෂ්ගේ විශිෂ්ඨත්වයට හේතුයි.

වසර කිහිපයකට පෙර
මහේෂ් තේනුවරගේ සිසුවෙක්ව සිටියදී
මෙවැනි කිසියම් මහළු පුද්ගලයෙක්
සේයාරුවට නගා තිබෙනු දුටු මතකයක්
මගේ හිතේ මතු වෙනවා.
එදා ඒ ඡායාරූපයෙනුත් මා දුටුවේ
මේ භක්තියේම නොමේරූ ස්වරූපයක්.

 මේ විශිෂ්ඨ ඡායාරූපයේ
මා දකින එකම අඩුව මහේෂ්ගේ නොවෙයි.
ඔහුට මෙතෙක් ගත කරන්නට ලැබුණ
කාලයේ අඩුවක් නිසා අනාගතයේදී
ඒ අඩුව සපිරේවි කියා සිතන්න පුලුවන්.

ස්ටීව් මැක්කරි, රඝු රායි වැනි
පරිණත ඡායාරූප ශිල්පියෙකුගෙ
නිර්මාණයක තියන ආකාරයේ
සරල සුගම බව තවම මහේෂ් තුළ
පහළ වී නැතත් සලකුණු තියනවා.

මුදල් මත්පැන් ස්ත්‍රීන් ආදියට වහල් නොවී
සිය කාර්යයෙහි භක්තියෙන් යුතුව නියැලෙන
සහජ කලාකරුවන් තුළ කාලය සමග
ඒ පන්නරය පිහිටනවා.
අපිට එදාට කියන්න වචන ඉතුරු වෙන්නෙ නෑ.
විශ්මයෙන් ඇළලෙන්න විතරයි ඉඩ ලැබෙන්නෙ.

ඔබ දිනෙන් දින සකස් කරගන්නා
අපූරු මාවත ඉඳහිට මෙසේ
අප ආසන්නයෙන් ගමන් කරන විට
අපි විඳින සතුට ප්‍රබලයි.

කොරා පෙනීම ලබා ගැනීම සහ
අන්ධයා දෙපා ලබා ගැනීම යන
අභියෝග දෙකෙන් වඩාත් පහසු කුමක්ද?

කොරාට දෙපා ලැබෙද්දි
අන්ධයාට දැස් ලැබෙද්දි
ඔවුන් දෙදෙනාම කෙනෙක් වෙද්දි
ඒ පෙළහරක් වන් අවස්ථාව
වර්ණනා විෂයාතික්‍රාන්තයි.

ඔබේ අනාගතයට
සුභ පතනවා, ඉත සිතින්.

මේ ලිපිය වසර තුනකට කලින්
"රිද්ම සංකලන"ට ලිව්වේ
ඔබ ගැනමද කියා මට දැන් හිතෙනවා.

======================================================

Photo by Pasan Senevirathne
මේ ඡායාරූපයෙදි
පසන් තමන්ගෙ කතාව කියන්නට
අත්‍යාවශ්‍යම ප්‍රදේශය තෝරාගෙන තියනවා.

දරිද්‍රතාවය, ජීවන බර හැඟෙන්නට
වර්ණ රටාවත් හොඳින්ම ගැලපෙනවා.

පසන්ගෙ සංස්කරණයෙන්
මේ ඡායාරූපයෙ ලොකු දියුණුවක් වෙලා.
මුල් ඡායාරූපයට වඩා දැඩි අතකින්
වැඩි බරක් ඔසවාගෙන ඉන්න
වෙහසට පත් ධීවරයෙක් අපේ හිත මතුකරගන්න
පසන් සමත් වෙලා.
 
කලාවෙදි යථාර්ථයම
ඉදිරිපත් කළ යුතු නැහැ.
කලාවෙදි කරන්නෙ
මායාවක් තුලින් යථාර්ථය
උලුප්පා පෙන්වීමයි..
සිංහබාහු, මනමේ වැනි නාට්‍ය බලන්න.
ඒ රූපක ඉතාම ශෛලිගතයි.
ඒත් සාමාන්‍ය පවුලක හැසිරීමෙන්
අප නොදකින සත්‍යතා
සිංහබාහු නාට්‍යයෙන් නිරූපණය වෙනවා.

පසන් කරල තියෙන්නෙ
ඔහු දනවන්නට හදන හැඟීම
වඩාත් තීව්‍ර කිරීමයි.
මේ වර්ණය
ඇස දකින සත්‍යයෙන් දුරස් වුණාට
සිතින් දකින සත්‍යයට
සැබෑ වර්ණයට වඩා සමීපයි.

ලණුව ඇතුලට ආව නම් කියල
මමත් මොහොතකට හිතුවා.
ඒත් ඒ ලණුව තිබුණා නම්
අතට ලැබෙන අවධානය
සොරාගන්නවා.


මේ ඡායාරූපයෙ
ධන ඍණ අවකාශ දෙක අතර
රටා සම්පිණ්ඩණයත් ලස්සණයි..

PHOTOSHOP මෘදුකාංගයේ තියන සංස්කරණ පහසුකම් වලින්
නිර්මාණශීලී ඡායාරූප ශිල්පියාට හා
නිර්මාණශීලී ඡායාරූප සංස්කරණ ශිල්පියාට
කරන්න පුලුවන් දේ අනන්තයි.

 එහෙත් PHOTOSHOP ඔස්සේ අයාලේ ගොස්
සහජ නිර්මාණශීලී හැකියාව මොටකරගැනීම
අද දක්නට ලැබෙන ඛේදවාචකයක්.
------------------------------------------------------------

ඡායාරූප ශිල්පය හදාරන මගේ ශිෂ්‍යයෙක් හිටියා .
ඔහු ඒ කාලෙ ග්‍රැෆික් ශිල්පියෙක්.
ඔහු කුසලතා පූර්ණව මෙය හදාරගෙන ගියා.
පස්සෙ ඔහු තමන්ගේ පින්තූර
පරිගණකය මඟින් වඩාත්
හොඳ මට්ටමට හදාගත්තා.
ඔහු තමන්ගෙන් වැරදෙන දේ
පරිගණකය හදලා දෙන නිසා
තමන්ගේ වැරදි අවබෝධ කරගත්තේ නැහැ.
ඔහු හොඳ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්.
හැබැයි කලාත්මක ඡායාරූප ශිල්පියෙක් වුණේ නැහැ.
______ ලාල් හෑගොඩ ______
------------------------------------------------------------

PHOTOSHOP මෘදුකාංගයෙන් නිසි ප්‍රයෝජන ගන්න නම්
ඡායාරූපයක ගුණාගුණ, හොඳ නරක හඳුනාගැනීමෙ ශක්තිය
ඡායාරූප ශිල්පියාට හා ඡායාරූප සංස්කරණ ශිල්පියාට
අනිවාර්යයෙන්ම අවශ්යයි.

ඡායාරූප ශිල්පියා හා සංස්කරණ ශිල්පියා
රසඥතාවය, රසවින්දනය අතින් දුර්වල නම්
ඔහු PHOTOSHOP විශේෂඥයෙක් වුණත්
කළ හැකිදේ සීමිතයි..

යන්තම් PHOTOSHOP තොල ගාගත්ත
හොඳ රසඥතාවයක් තියන නවකයෙකුට
රසඥතාවය, රසවින්දනය අතින් දුර්වල 
ඡායාරූප ශිල්පීන් යටත්.

ඒ එක පැත්තක්.

අනික් පැත්ත තමයි
හොඳ රසඥතාවයක් තියන
සමහර දක්ෂ ඡායාරූප ශිල්පීන්
PHOTOSHOP වලට දක්වන අප්‍රසාදය.

ඔවුන් තමන් කැමරාවෙන් කරන දේ ගැන
තෘප්තිමත් වෙනවා වෙන්න පුලුවන්.

ස්ටීව් මැක්කරිගෙ ඇෆ්ගන් ගර්ල් පවා
නැෂනල් ගියෝග්‍රෆි සඟරාවෙ
පළකරන්න කලින්
යම් සංස්කරණයකට බඳුන් කළා.

තමන්ගෙ ඕනම ඡායාරූපයක්
තවත් දියුණු කරන්න පුලුවන් බව
සැබැවින්ම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
අනිවාර්යයෙන්ම දන්නවා.
දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
තමන්ගෙ කැමරාවෙ තාක්ෂණයට වඩා
බොහෝ ඉදිරියෙන් ඉන්න කෙනෙක්.
ඔහුට කැමරාවෙන් යන්න පුලුවන් තැනත්
සැබැවින්ම යා හැකි තැනත්  අතර
විශාල පරතරය
ඩිජිටල් සංස්කරණයෙන්
බොහෝ දුරට පියවා ගත හැකියි.


ඡායාරූපය ගත් පසු
ලී ජෙෆ්‍රීස්  මෘදුකාංගයක් ඇසුරෙන්
ඡායාරූපය වැඩි දියුණු කරන්නේ
දෑසෙන් ප්‍රකට වෙන හැඟීම
තීව්‍ර කරන්නටය.

http://ppcdn.500px.org/19646145/683948fe23f27cf3485c3c4f20ef22f120fb3b3f/4.jpg
"ඇස් වල හැඟීම මතුවෙන විදියට

ඡායාරූපය මූලික වශයෙන්ම DODGE සහ BURN මගින්
සංස්කරණය කරනවා."

 http://4.bp.blogspot.com/-4DJaykS6Hqo/UKR0OSW408I/AAAAAAAADis/jY8upNtCkBY/s1600/7159441053_7276f6a812_z.jpg

"මම ආලෝකය සහ අඳුරෙන් සංස්කරණය කරන්නෙ

හරියට ආගමික දෙයක් වගේ."

---ලී ජෙෆ්‍රීස් ---


 දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
කැමරාවෙ තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රීය දැනුම,
ශිල්පීය ඥාණය හා කලාත්මක දර්ශනය මගින්
කැමරාව හැසිරවීමෙන්
ඔහුගෙ කොටස හොඳින් ඉටු කරනවා.

එතනින් ඉදිරියට
ඔහුගෙ නිර්මාණය රැගෙන යන්න
හොඳ රසඥතාවයක් තියන
ඩිජිටල් සංස්කරණ ශිල්පියෙකුට පුලුවන්.

ඡායාරූප මුද්‍රණය කරන චිත්‍රාගාර වල
නවක සංස්කරණ ශිල්පීන් මත යැපෙන්නට
දක්ෂ ඡායාරූප ශිල්පීන්ට සිදුවී තිබෙනවා.

මෙතෙක් ඔහු ඇවිදගෙන ගිය මගේ,
සංස්කරණයෙන්
ඉදිරියට යා යුතු දුර යන්නට
ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වුණත්
ඔහුට කිහිලි කරු භාවිතා කළ යුතු වෙනවා.

ඩිජිටල් සංසකරණ හැකියාවෙන් තොරව
ඩිජිටල් සංසකරණ ක්ශේත්‍රයට ඇතුලු වෙන
දක්ෂ ඡායාරූප ශිල්පියාට හොඳ දෑසක් තිබුණාට
දෙපා නැහැ.

ඩිජිටල් සංසකරණ ක්ශේත්‍රයට ඔහු කොරෙක්.

ඔහුට ඉතිරි දුර යන්න වෙන්නෙ
තමන්ට පෙනෙන දේ එලෙසින් නොපෙනෙන
දෙපා හොඳින් තියන අන්ධයෙකුගෙ කරපිටින්.
අන්ධයාට ඔහු දකින දේ නොපෙනෙන නිසා
දෙන්නම වලක වැටෙන්න පුලුවන්.

නවක ඡායාරූප සංස්කරණ ශිල්පියා
ඩිජිටල් සංස්කරණ තාක්ෂණයත් සමග
ඡායාරූප රස වින්දනය සහ
ඡායාරූප සම්පිණ්ඩනය හුරු විය යුතුයි.

ඩිජිටල් තාක්ෂණය මගින්
ඡායාරූපයක එළිය අඳුර සකස් කිරීම ඉක්මවා
සංස්කරණය කළ හැකි දේ
අනන්තයි, අප්‍රමාණයි.

ආලෝකය, අඳුර, වර්ණ, හැඩතල, අතර රිද්මය
රිද්ම රටා මනාව සංකලනය ආදියට බලපාන
සිද්ධාන්ත හා මූලධර්ම
ඡායාරූප ශිල්පියා මෙන්ම
ඩිජිටල් ඡායාරූප සංස්කරණ ශිල්පියාත්
උපයෝගී කරගත යුතුයි.
එසේ නැතිව ඔහුට හොඳ පා යුගලක් තිබුණත්.
ඡායාරූපය ගෙන යායුතු තැනක්
ඔහුට පෙනෙන්නෙ නැහැ.
ඔහු අතපත ගාගෙන ගිහින් කරන
අනුමාන, අඩමාන සංස්කරණ තමයි
ඔහු අපට ඉදිරිපත් කරන්නෙ.
ඔහු මත යැපෙන ඡායාරූප ශිල්පියාටත්
ඔහුගෙ සීමාව තුළ රැඳෙන්න වෙනවා.

මෙහි තවත් පැත්තක් නම්
කොරා පෙනීම ලබා ගැනීම සහ
අන්ධයා දෙපා ලබා ගැනීම යන
අභියෝග දෙකෙන්
වඩාත් පහසු කුමක්ද යන්නයි

ඩිජිටල් සංස්කරණ තාක්ෂණයෙහි කෙළ පැමිණි
විශිෂ්ඨ සංස්කරණ ශිල්පියෙකුට වුණත්
ඡායාරූප ශිල්පයේ කලාත්මක අංශය සහ
තාක්ෂණික අංශය
ශාස්ත්‍රීය වශයෙන් හදාරන්න පුලුවන් වුණාට
ඒ දැනුම ශිල්පීය වශයෙන්
ඡායාරූපකරණය තුළ හැදෑරීම
එතරම් පහසු නැහැ.
ශිල්පීය පැත්තෙන් හැදෑරීම බැලුවාම
සංස්කරණයට වඩා ඡායාරූප ශිල්පය
ඉතාම අපහසු මාධ්‍යයක්.

චිත්‍රාගාරයක් තුළ
කෘතිම ආලෝකකරණයෙන්
ද්‍රව්‍ය ඡායාරූප ගත කිරීම වැනි
ඉතා සීමිත අවස්ථාවන් කිහිපයක හැර
ඡායාරූප ශිල්පියා කැමරාවෙන්
සටහන් කරගන්නා ක්ෂණය
බොහෝ විට ඔහුගේ පාලනයෙන් තොරයි.
තත්පරයකින් කොටසක් තුළ
ඔහුගේ ඡායාරූපය
ඔහුගෙන් ගිලිහෙන්න පුළුවන්.
ඉතා අසීරුවෙන්,
විවිධ අභියෝග වලට මුහුණ දී
ඔහු ගන්නා ඡායාරූපය
පරිගණකය ඉදිරියේ හිඳ
සංස්කරණය කරන්නාට තියන
ප්‍රධානම අභියෝගය
ඔහුගේ තාක්ෂණික දැනුමයි.
ඒ ශාස්ත්‍රීය දැනුම සහ
ශිල්පීය දැනුම ලබා ගැනීම
සාපෙක්ෂව
ඡායාරූප ශිල්පියාට ඉතා පහසුයි.
ඡායාරූප ශිල්පය හදාරන්නට
ඔහු කළ කැපවීමෙන්
අංශු මාත්‍රයක් වැය කිරීමෙන්
ඔහුට එම දැනුම ලබා ගත හැකියි.

ඡායාරූප ශිල්පියාට සංස්කරණයත්
සංස්කරණ ශිල්පියාට ඡායාරූපකරණයත්
හොඳින් හදාරන තරමට
අද පවතින ඡායාරූපකරණයට ගැලපෙන පරිදි
කරන දේ වගකීමෙන් යුක්තව හා
සාර්ථකව ඉටු කරන්න පුලුවන්.

ඩිජිටල් ඡායාරූප සංසකරණය හරහා
පැහැදිලි ගමනක් යන
දක්ෂ ඩිජිටල් ඡායාරූප සංසකරණ ශිල්පියාට
ඡායාරූපකරණය මනාව හැදෑරීමෙන්
ඡායාරූපය ගන්නවාට එහා යන්නට නොදන්නා
දක්ෂ ඡායාරූප ශිල්පියාට
ඔහුගේ ගමන ඔහුට රිසි පරිදි යන්නට
හොඳ වාහකයෙක් වෙන්නට පුලුවන්.

ඡායාරූපකරණය හරහා
පැහැදිලි ගමනක් යන
දක්ෂ ඡායාරූප ශිල්පියා
ඩිජිටල් සංස්කරණයට හුරු වීමෙන්
තවත් අයෙකු මත යැපෙන්නේ නැතිව
තමන්ගේ ගමන
තමන්ගේ ම දෙපයින් යන්නට පුලුවන්.


http://yourshot.nationalgeographic.com/about/

ජාත්‍යන්තර ඡායාරූප තරඟ වලදී සහ විදේශීය පුවත්පත්, සඟරා ආදියෙහි
පළකරන්නට ඡායාරූප ඉදිරිපත් කරන විට ඔවුන් නියම කරන සීමාවන් තුළ රැඳී
සංස්කරණයෙහි යෙදෙන්නට සිදු වෙනවා.

National Geographic සඟරාවේ ඡායාරූප අධ්‍යක්ෂකගේ සටහන.

සැබෑ ඡායාරූප ඉදිරිපත් කරන්නට මම ඔබට යෝජනා කරමි. 
ලොව දැනටමත් දෘෂ්ඨි මායාවන්ගෙන් පිරී ඇත.
අපි ඔබේ ඡායාරූපය ඒ අතරට එක් කිරීමට ක්‍රියා නොකරමු.
අපි ඔබේ Photoshop ඡායාරූප සංස්කරණ මෙවලම් තුළින් නොව
ඔබේම දෑසින් දුටු අයුරින් දකින්නට කැමැත්තෙමු.
( සැබෑ වර්ණ සමබරතාවය සහ තියුණු බව පිළිබඳ මූලික අවශ්‍යතාවයන් ඉක්මවා.. ) 
ඩිජිටල් සංස්කරණය මගින් ඡායාරූප වෙනස් කිරීමෙන් කරුණාකර වළකින්න.
ඔබ ඩිජිටල් සංස්කරණය මගින්
ඡායාරූපයට කිසිවක් එක් කළෙහි නම් හෝ
ඉවත් කළෙහි නම් එම ඡායාරූපය ඉදිරිපත් නොකරන්න.

අපි සෑම ඡායාරූපයකම සත්‍යභාවය මැනවින් පිරික්සා බලන අතර
ඔබේ ඡායාරූපය වංචනික බව හෙළිවුවහොත් එය නුසුදුසු ලෙස සලකමු.

DODGING AND BURNING:  අඳුරු ප්‍රදේශ ආලෝකකරණයට DODGING සහ අලෝකය අධික ස්ථාන අඳුරු කිරීමට BURNING යොදා ගැනීම අනුමත නමුත් යෙදීම අවම වියයුතුයි.

SOLARIZATION, MEZZOTINT, DUOTONE, ETC.: එපා. ඔබ සතුව ඇති පරිගණක මෘදුකාංග වල අනන්ත ඩිජිටල් සංස්කරණ පෙරනයන් භාවිතා කරන්නේ නම් කරුණාකර නතර කරන්න.

BLACK-AND-WHITE IMAGES: කළු සුදු ඡායාරූප අනුමතයි.

HAND-TINTED IMAGES: අනුමතයි. අතින් වර්ණගත කළ ඡායාරූප අනුමත නමුත් ඔබට එහි මනා අත්දැකීම් ඇත්නම් පමණක් ඉදිරිපත් කරන්න.

CROPPING: අනුමතයි. ඡායාරූපය වඩාත් හොඳ වන්නේ නම් පමණි..

STITCHED PANORAMAS: අනුමතයි. සංගත පැනෝරාමා ඡායාරූප. එකම කාල පරාසයක් තුළ ගත් ඡායාරූප නම් අනුමතයි. පෙරබිම උදෑසන ගත්  සහ පසුබිම ඉර බසින අවස්ථාවේ ගත් ඡායාරූපයක් අපට අවශ්‍ය නැත. සංගත පැනෝරාමා සෑදීමේදී නාභිදුර වෙනස් නොකරන්න. ඔබ දුටු අයුරින් අංග එක් කරන්නට ක්‍රියා කිරීමෙන් පැනෝරාමාවක අරුත විකෘති නොකරන්න. ඔබේ ඡායාරූපය සංගත පැනෝරාමාවක් නම් හැඳින්වීමෙහි ඒ බව සඳහන් කරන්න.

FISH-EYE LENSES: අනුමතයි. එහෙත් අවදානම ඔබ සතුය. එවැනි දෘෂ්ඨි මායාවන්ට අප්‍රසාදය දැක්වීමේ නැඹුරුවක් සංස්කාරකවරුන් තුළ ඇත.

HIGH DYNAMIC RANGE IMAGES (HDRI): අනුමතයි. සංගත පැනෝරාමා ඡායාරූප මෙන් එකම කාල පරාසයක් තුළ ගත් ඡායාරූප නම් අනුමතයි. පෙරබිම උදෑසන ගත්  සහ පසුබිම ඉර බසින අවස්ථාවේ ගත් ඡායාරූපයක් අපට අවශ්‍ය නැත.  ඔබේ ඡායාරූපය HDRI ඡායාරූපයක් නම් හැඳින්වීමෙහි ඒ බව සඳහන් කරන්න.

20140705

ඡායාරූපයක ධන ඍණ අවකාශ



හොඳ රූපයක
ධන ඍණ අවකාශ දෙක අතර
ප්‍රිය ජනක අනුපාතයක් සහ රිද්මයානුකූල රටාවක් තිබිය යුතුය..
 
 

එම අනුපාතය ප්‍රිය ජනක වීමට
පහත දැක්වෙන යින් යැන්ග් රූපයෙහි මෙන්
සියයට පණහ බැගින් විය යුතු නැත.


 අවකාශයක් ධන හෝ ඍණ ලෙස
වෙන්කර හඳුනා ගන්නේ කෙසේද.?

කිසියම් ඡායාරූපයක
ඔබේ අවධානය දිනාගන්නා ප්‍රදේශය
ධන අවකාශය ලෙස හැඳින්වේ.
ඉතිරි කොටස ඍණ අවකාශයයි.

මෙහි ඔබ දකින්නේ මල් බඳුනද?
නැත්නම් මුහුණු දෙකද?

ඔබ දකින්නේ මල් බඳුන නම් ඒ ධන අවකාශයයි.
මුහුණු දෙක ඍණ අවකාශයයි.

ඔබ දකින්නේ මුහුණු දෙක නම් ඒ ධන අවකාශයයි.
මල් බඳුන ඍණ අවකාශයයි.


 දෘශ්‍ය කලාවේදී මනා සම්පිණ්ඩණයක් සඳහා
 මේ හැඩතල දෙකම වැදගත් වෙයි.






 මේ සමස්ත මෝස්තරයෙ හොඳ තැනක් බලල
Henri Cartier-Bressan
අරමුණ තනි කරගෙන තියන ආකාරය..

By  Henri Cartier-Bressan
ධන ඍණ අවකාශ  ලෙස සැලකූ විට
කවුලු රැසත් ධන අවකාශයට අයිති බව වැටහෙයි

පසුබිමේ තියන කවුලු එක බැගින් මකල බලන්න.
සමස්ත ඡායාරූපයට ඒ අඩුව බලපාන්නෙ කොහොමද?
වම් කෙළවරේ ඉහළ තියන කොටස ඉවත් කරන්න පුලුවන්ද?
ඉවත් කළොත් ඒ අඩුව බලපාන්නෙ කොහොමද?
 

 Arnold Newman

  Arnold Newman

  Arnold Newman


විලාසිතා නිරූපන ඡායාරූප ශිල්පීන්ට මේ හැකියාව අත්‍යාවශ්‍යයි.








චීන දෘශ්‍ය කලාකරුවන්
අවකාශයත්, ඝන වස්තුවත් දෙකම
නිර්මාණයක අංග වශයෙන් සලකා
 
නිර්මාණය සමබර කරනවා.


චීන චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් ඇතුළු කලා කරුවන්
අවකාශය සහ ඝන හැඩය ඉතා නිර්මාණ ශීලීව භාවිතා කරනවා.


 
================================================
වෙනස් අවස්ථාවන්හි ගත්
දළ සේයාපට මිශ්‍ර කරමින්
Don Hong-Oai විසින්
මේ ඡායාරූප නිමවා තියෙන්නෙ
ප්‍රබල සංයමයක් දිස්වෙන
පැරණි චීන චිත්‍ර ශෛලිය
අනුගමනය කරමිනුයි.
.

 

 
 
 -------------------------------------------------------------------------------------

ඡායාරූපයක ධන ඍණ අවකාශ 
අලුත් රිද්ම සංකලන බ්ලොග් පිටුවක්
මූලික සංස්කරණ අවදියෙ තවම තියෙන්නෙ.
පැහැදිලිද කියා බලා අදහස් පළ කරන්න.