20130109

ඡායාරූපයක වැරදි හැදීම - හරිද?


 ඡායාරූපයක ඇද කුද එහි හැඟීමට
ආධාරකයක් වෙන අවස්ථාත් තියනවා.

මෙයින් ඇති කරන හැඟීමට බාධා නොකර
මෙකෙ ඇද ඉරි කෙළින් කරන්න පුලුවන්ද?
Photo by Steve McCurry
   -------------------------------------------------------------------------------------------------------------------------------

අප ඇස ගැටෙන පින්තූරයක ඇති රේඛා රූප රචනයන් සුළු වශයෙන් ඇල ව ඇති විට, එය අපට පෙනෙන්නේ ඇද වීමක් ලෙසිනැයි මම සිතමි.
ඇවැසිනම් ඒවා ඇද කොට අපගේ ප්‍රකාශනය කුලු ගන්වන්නට හැකි ය. එසේ ඇල කරන්නට නම් එම රේඛා රටාවන් අංශක 10ක් හෝ 15ක් හෝ අතර ප්‍රමාණයකින් පමණක් ඇල විය යුතු ය. ඊට වඩා ඇල කළ විට ද එය අපට පෙනෙන්නේ ශිල්පියාගේ දුර්වලකමක් නිසා වූ ඇද වීමක් ලෙසිනි.

Photo by Steve McCurry                                                               Edited by Indranatha Thenuwara
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
 ස්තූතියි තේනුවර.
දැන් වෙනස හුඟක් පැහැදිලියි..

ශිල්පියාගේ දුර්වලකමක් නිසා වූ

ඇද වීමක් ලෙසින් පෙනිය යුත්තෙ
නවක ඡායාරූප ශිල්පීන් විසිනුයි.
පුහුණු ගුරුවරුන් එසේ
අර්ථ දැක්වියයුතුයි.
ඔවුන් දෙකොටසම
ඒ පිළිබඳව සැලකිය යුතුයි.

ඉබේට වැරැද්දක් නොවෙන තැනට
ශික්ෂණය ඇති කරගත යුතුයි.
නැත්නම් කලාත්මක වෙනසක් වෙනුවට
වැරැද්දක් වෙන්න ඉඩ තියනවා.

ඒත් පළපුරුද්ද වැඩි වෙලා
නිදහස් වෙන කොට
හැඟීමෙන් ඡායාරූප ගන්න තරමට
සැහැල්ලු වෙන කොට
ඇලවෙන්න ඕන තැන
ඉබේට ඇල වෙනවා.

මේ සාමණේරයන් වහන්සෙ
දොරට හේත්තු වුණ ගතිය වැඩිවෙන්න
සාමණේරයන් වහන්සෙගෙ බරට
ඒ පැත්ත තල්ලු වෙලා වගේ
පෙනෙන ගතිය බලපානවා.

ඒක හැදුවාම
ඉරියව්වෙ සැහැල්ලුවත් නැති වෙනවා.
හේත්තු වෙන එකට
බාධාවක් වෙලා වගෙයි.
 
 
 
---------------------------------------------------------------------------------------------------------
පළපුරුදු ඡායාරූප ශිල්පීන් හිතාමතා කරන ඇල කිරීමත් 
ගැලපෙන අවස්ථාවන්හි අදාල හැඟීමට අනුව 
ඔවුන් අතින් නිරායාසයෙන් සිදු වෙන ඇල වීමත් 
වෙනම අවස්ථා දෙකක්.
නවක ශිල්පීන් මේ වෙනස හඳුනා ගත යුතුයි.
---------------------------------------------------------------------------------------------------------

බොහෝ අය ඡායාරූප ගන්නා විට ඇල කර ගනිති. සමහරු ඇද කර ගනිති. 
මේ ඒ ඇල කිරීමේ න්‍යාය සඳහා පාදක කර ගන්නා සරල රීතියයි.


===============================================================



Photo by Buddika Wijesekara

Edited by Sanjeewa Weerasinghe
 සංජීව ඇදය හදන්නට කලින්
ඒ ඇදය නිසා
දකුණු පසට වූ ගලා යාම
මල්පොකුර සහ අතට ජීවයක්.
ඇදය හදන විට
එයත් ඉවත් වෙනවා.

මල් පොකුර දෙන ගතිය වෙනුවට
මල් පොකුර ආපස්සට ගන්න ගතියක් තියනවා.


 

හිතාමතා කරන ඇල කිරීම

-----------------------------------------------------------------------------------
අදාල හැඟීමට අනුව 
නිරායාසයෙන් සිදු වෙන ඇල වීම
Photo by Raghu Rai
මෙහි සිතිජය ඇලවී ඇත.
එය බෝට්ටුවේ පැද්දීම දැනෙන්නටත්
පදින්නාගේ ගැම්මටත් අනුකූලයි.
 එය හැදුවොත්.......

අපි බෝට්ටුවේ නොව
ගොඩබිම ඉන්නවාක් මෙන් හැඟෙන අතර
සියලු ක්‍රියාකාරිත්වයන් ලොප් වෙයි..

රවිශංකර්ගේ කතාව සහ
හමන සුළඟ පවා නැවතී ඇත..

Photo by Steve McCurry

 මේ ඡායාරූපයෙ දොර හැදුවොත්
ඔය ස්වාභාවික ලස්සණ යනවා.
ඒ දොරේ හැඩයත් එක්ක ඉතිරි ටික
එකට ගලායන ගතියක් තියනවා.

http://oi49.tinypic.com/2rwxgy9.jpg 
හිඟන ගැහැණියක ගැලපෙන පසුබිමක්... 
 පරිසරයත් අරමුණත් ගැලපෙන වෙලාවට
ඇද හදන්න බැහැ.


===================================================================
තවත් මේ හා සබැඳෙන සටහනක්
ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
======================================================================================
ඉන්දියානු ඡායාරූප ශිල්පී රඝු රායිගේ  ඡායාරූපයක්
 Nuwan Eranga Perera [[ ගොඩනැගිල්ලේ මුදුනත් ස්ත්‍රියගේ කකුලත් රාමුවෙන් කැපී තිබීම වරදක් නෙමේද?..]]]
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කාන්තාවගෙ කකුල
එඩිට් කරන්න අමාරු වුණාට
බිල්ඩිම එඩිට් කරන්න පුලුවන්..
එහෙම එඩිට් කළොත්
මේ ඇදිලා යන ගතිය බිඳෙනවා.
ඡායාරූප ශිල්පියෙක්
රීති ඉක්මවා යන තැනට
දියුණුවුණාට පස්සෙ
විඳිනවා ඇරෙන්න
හිතන්න දෙයක්
ඔහුගෙ ඡායාරූපවල
හොයාගන්න අමාරු වෙනවා.

මෙවැනි ඡායාරූපවල
වැරදි නෙමෙයි අපි හොයන්න ඕන.
අපිට ගන්න තියෙන්නෙ මොනවද කියලා.

අපි දකින වරද හැදුවොත්
ඡායාරූපයෙ අපූර්වත්වයත්
හැඟීමත් දෙකම
නැති වෙන්න පුලුවන්.. .
රඝු රායිගෙ මුල් ඡායාරූපයෙ
අපිට දැනෙන්නෙ
මේ කාන්තාව පෙට්ටි කරත්තෙ සමග
බිල්ඩිමත් තල්ලු කරනවා වගේ ගැම්මක්..

සංස්කරණය කරපු දෙවෙනි රූපයෙ
ඒ ගතිය හුඟක් දුර්වල වෙලා.
සමහර වෙලාවට
නිකං අත ගහගෙන
ඉන්නවා වගෙත් දැනෙනවා...

කකුල හැදුවොත් මේ හැඟීම
තවත් පහළට වැටෙන්න පුලුවන්..

ඡායාරූපයක් ගැන තීරණ ගන්න කොට
මුළු ඡායාරූපයම
"සමස්තයක් විදියට" දැකලා
තීරණ ගත යුතුයි.
 ====================================================================================
 මේ සටහන මාතෘකාවට කෙළින්ම අදාළ නැහැ.
ඒත් ඇදකුද වශයෙන් පෙනෙන සමහර දේවල්
සුන්දරත්වයට බලපාන ආකාරය පැහැදි
ලි වෙයි.
සත්‍යජිත් රායි චිත්‍රශිල්පියෙක්.
කුරොසාවාත් චිත්‍රශිල්පියෙක්.

ඔවුන් දෙදෙනාම
කතාවේ රිද්මය පිළිබඳව වගේම
රූප රාමුවල සුන්දරත්වය සහ
අවස්ථානුරූප ගැලපීම
ගැන සැලකිලිමත් වුණා.

http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/703563_4097692767363_1079411040_o.jpg
අපරාජිතෝ චිත්‍රපටයේ
මේ රූප රාමුවෙහි බැතිමතුන් කණඩායම අසල
එල්ලා ඇති සුදු රෙද්ද සහ අසල වේදිකාව මත ඇති අට්ටාලය
රූප රාමුවේ රිද්මය පවත්වාගෙන රසිකයා පහසුවෙන්
රායිට අවශ්‍ය සීමාවේ රඳවාගන්න සිතා මතා සකස් කළ උපක්‍රම විය යුතුයි.

බැතිමතුන් කණ්ඩායම සහ
හරිහර මතු කරල පෙන්වන්න
රායි යෙදූ උපක්‍රම නැත්නම් මේ රූප රාමුවෙන්
ඇතිකරන ප්‍රතිඵලය දුර්වල වෙනවා.

මේ රෙද්ද නැති වුණාම
කණ්ඩායම ගඟ දිසාවට
ගලා යාමක් දැනෙනවා..

සුදු රෙද්ද නිසා
හැදෙන හැඩයෙන් ඒක වළකිනවා.
සුදු රෙද්දක් එතන එල්ලන්න
වෙනත් ප්‍රායෝගික හේතුවක් නැහැ.

ඒ වගේම අට්ටාලය නැති වුණාම
ඇපේ ඇස දුවන්නෙ ඈත දියඹටයි..

අට්ටාලය නැති වුණාම
රෙද්ද මතුවෙලා පෙනෙනවා.
රෙද්ද නැති වුණාම
අට්ටාලයත් මතුවෙනවා.

ඒ දෙකම නැති වුණාම
වේදිකාව සහ
මුහුද මතුවෙනවා.

මේ හතර එකිනෙක සසඳා බැලීමෙන්
එම වස්තූන් වල වටිනාකම
පැහැදිලිවෙනවා.
========================
මේ අට්ටාලය මීට කලින්
ගං ඉවුරෙ දර්ශන පෙන්වද්දි
ඒ රූප රාමු වල නැහැ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMu89SYWGpVU0OddzXB5Ks_88QuXfKXRxH87gjAArrvuVz889ZknCwr0A5jHn1l9skfNTIvX1lH1YVnXyRuMlru3sds2-SA8ukUxSQbnTHjq961hUha3ziu2wq29OErxNvCXPQYyTYq3e2/s1600/Aparajitho017.png
  _____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure



3 comments:

  1. Athishayinma apooru lipiyak...

    ReplyDelete
  2. Vishishita parikalpanayak.... ...

    ReplyDelete
  3. ගොඩක් වැදගත් ලිපියක් " ස්තූතියි!

    ReplyDelete