20130504

රීති බිඳින, අපූර්ව ඡායාරූප..

https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/1476410_10200980215414305_1146790587_n.jpg
රීතියට අභියෝග කිරීමක්


Photo by Indika Madhushanka
 මේ ඡායාරූපයෙ
අපූර්ව සුන්දරත්වයක් තියනවා.
ජල තලය අහසක් සේ දිස්වීම
ඒ අපූර්වත්වයට
එක හේතුවක් විය හැකියි.


රීති දෙකක් බිඳිලා තිබීමත්
ඒ අපූර්ව සුන්දරත්වයට
තවත් හේතුවක් විය හැකියි.

රීතිය 1,
ඡායාරූපයක් සිතිජය වැනි
ප්‍රබල රඛාවකින් දෙකට නොබෙදීම
-ජලයෙ තියන පුංචි ගොඩැල්ල
තණකොළ බිස්සෙ කොටසක් වීම නිසා
දෙකට නොබෙදීමෙ රීතිය බිඳීමෙ හානිය
අවම කරලා තියනවා.

රීතිය 2,
සිතිජය වැනි රෙඛාවන් සමග
අරමුණ ස්පර්ෂ නොකිරීම.
-ගොඩැල්ලෙන් පෙරබිම සමබර වුණා වගේම
ඔරුකඳේ ආලෝකය වැටුණ පෙදෙසෙ තියන
ළා නිල් වර්ණයෙන් ජල තලය
පහළ කොටස සමග සම්බන්ධ වෙනවා.

දෙවැනි සහ තුන්වැනි ඡායාරූප
-ප්‍රබල රඛාවකින් දෙකට නොබෙදීම- රීතියට අනුව
එක විදියකට සංස්කරණය කළා.

-සිතිජය වැනි රෙඛාවන් සමග
අරමුණ ස්පර්ෂ නොකිරීම- රීතියට අනුව
දෙවිදියකට සංස්කරණය කළා.

සංස්කරණය කළාට පසුව
අරමුණට අවධානය වැඩි වෙලා තියනවා.
පළමුවැන්නෙ අපූර්වත්වය
නැති වෙලා තියනවා.

ඡායාරූප ශිල්පියාම
මේ රීති අනුව
කැමරාවෙන්ම ඡායාරූපය ගත්තා නම්
ප්‍රතිඵලය කුමක් විය හැකිද?

2013 05 04
-------------------------------------------------------------------------------------------------------------

රීති අහම්බෙන් බිඳීම
අඩුපාඩුවක් වෙන්නෙ
ශිල්පියාගෙ අවධානය නොමැති වීම නිසයි.
නැත්නම් ඡායාරූපයක්
කැමති විදියට ගැනීමට
ශිල්පියාට අයිතියක් තියනවා.

සහජ හැකියාවෙන් යුතු
රසඥතාවයෙන් ඉහළ
සංවේදී රසිකයින් අතින්
රීතිය නොදැන බිඳීමෙන්
අපූර්ව නිර්මාණ
අහම්බෙන් බිහි වෙනවා.

අහම්බෙන් සිදු වෙන දෙයින්
ඔහු තෘප්තිමත් වෙනවා නම්
එයත් වරදක් නැහැ.
ඔහු නිර්මාණ කරණයෙන්
තෘප්තිමත් වෙනවා නම්
රීති පිළිබඳව අවබෝධයෙන් යුතුව
අවශ්‍ය විට රීති ඉක්මවා යන්නට
ශිල්පියා එඩිතර විය යුතුයි.

-------------------------------------------------------------------------------------------------------------


http://4.bp.blogspot.com/-bxXNPWhMabA/UYAU2aKUBwI/AAAAAAAAMBs/j_SWo-0N6kU/s1600/image-6.php_.jpeg

 ලෝක පූජිත Candid ඡායාරූප ශිල්පියෙකු වන
Henri Cartier-Bressonගේ ඡායාරූපයක්.

මෙහි අරමුණු දෙකක් තියනවා.
පිළිමයට මුල්තැන ලැබෙන්නේ
මිනිසාගේ හිස
මල්වැටේ රේඛාව සමග
ස්පර්ශ වීම නිසයි.

එසේ වීම සම්මතයට පටහැණියි.

----------------------------------------------------------------------------------------------
මිනිසාගේ හිස මල් වැටේ රේඛාව
ස්පර්ෂ නොවුණා නම් ඇති වෙන ප්‍රතිඵලය.
එවිට පිළිමයත් මිනිසාත් අතර
තරඟයක් ඇති වීමෙන්
ඡායාරූපයෙ සරල සන්සුන් බව
බිඳ වැටෙනවා.

---------------------------------------------------------------------------------------------

රීති කියන්නෙ
ඡායාරූප ගත යුතු ආකාර නෙමෙයි.

ඡායාරූපයක් රස විඳින අයගෙ
මනස හැසිරෙන ආකාරය අනුව
ගොඩ නැගුණ සිද්ධාන්ත...

ගුරුත්වාකර්ෂණය
ස්වභාව ධර්මය ක්‍රියා කරන
එක් ආකාරයක්.

ගුරුත්වාකර්ෂණය තේරුම් ගැනීමෙන් සහ
තවත් නීති අධ්‍යයනයෙන්
ගුරුත්වාකර්ෂණය බිඳගෙන යන
අහස් යානය නිපදවීම සිදු වුණා.


රීතිත් ඒ ආකාරයටයි
උපයෝගී වියයුත්තෙ..

රීති රැකීමටත්
රීති බිඳීමටත්
රීති දැනගත යුතුයි.

_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure

No comments:

Post a Comment