20190908

කාව්‍යමය MINIMALISTIC ඡායාරූප

   
අවමය උපරිමයි.


 

කවියක් කියන්නෙ රූපයක්.
පැරණි පොකුණ
මැඩියෙක් පනියි-
දිය විසිරේ.

රූපයක් කවියක් වෙන්නත් පුලුවන්.



කවිය වාර්තාවක් නෙවෙයි.

කවිය හැඟීම් උත්තේජකයක්.


කවිය විවිධ රස කාරකයක්.


"මං හිතන්නෙ ඕනම කලාවක කවියක් තියනව.
ඒ වගේම හොඳ
ඡායාරූපයක කවියක් තියනව.
කවිය සංක්ෂිප්තයි.
ඡායාරූපය කියන්නෙ සංක්ෂිප්ත දෙයක්.
සංක්ෂිප්ත වුණාම යම් කලාවක අගය වැඩියි.
ඒ අතින් ගත්තම මේ දෙකම එක සමානයි."
ලාල් හෑගොඩ.


කවිය සරලයි.
කවි ලියන කවියාගෙ චින්තනය සරලයි.

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ.
සුනිල් ආරියරත්න


කවියක් කියන්න අවශ්‍ය වචන දෙක තුනයි.
ඒත් හොඳ කවියෙක් ඒ වචන දෙක තුන තෝරාගන්නෙ
මහා වචන සම්භාරයකින්.

කාව්‍යමය ඡායාරූපයක් කියන්නෙ
විශ්වයෙන් කපාගන්න රාමුවක්.
ඔබ විශ්වය ක්‍රොප් කරලා
කාව්‍යමය රූපයක් ලබා ගන්නවා.

කුණුහරුපෙන් බණින කෙනෙක්
කවියකින් ඇති කරන්න බැරි හැඟීමක්
අසභ්‍ය වචන දෙක තුනකින් ඇති කරනවා.
ඒ අවකල් ක්‍රියාව ඔහු රස විඳිනවා.
අපි දුක් විඳිනවා.

කවියා විඳින රසය
ඔහු අපි
මග බෙදා ගන්නවා.

කවියා
දක්ෂ සම්පිණ්ඩකයෙක්,
විශිෂ්ඨ කළමනාකරුවෙක්.

රීති

කාව්‍ය රීති
කවියක සැඟවුණ සංස්කාරකයායි.

කවියාට රීති අවශ්‍ය නැහැ.
කවියෙක් වෙන්න රීති අවශ්‍යයි.


කවි ලියන්න රීති දැනගන්න අවශ්‍ය නෑ.
ඒත් කවි රසවත් වෙන රීති තියනවා.

කාව්‍යමය ඡායාරූපකරණයෙන්
ඔබට ලැබෙන අගනාම සම්පත
ඔබේ සම්පිණ්ඩණ හැකියාවට ගිනි ඇවිලීමයි.

කාව්‍යමය ඡායාරූපයක් කියන්නෙ
කැමරාවෙන් කරන සම්පිණ්ඩනයක්.
Minimalistic ඡායාරූප ශිල්පියා
සම්පිණ්ඩණයට අති දක්ෂයෙක්.

කාව‍යමය ඡායාරූප කරණය
භාවිතා වන ජනප්‍රිය ක්ෂේත්‍ර කිහිපයක්.
විලාසිතා ඡායාරූපකරණය.
වෙළඳ ප්‍රචාරණ ඡායාරූපකරණය
මංගල ඡායාරූපකරණය
කැන්ඩිඩ් ඡායාරූපකරණය

ෆෝන් එකක් ගන්නවා නම්
කැමරාවක් නොමිලේම ලැබෙන මේ කාලෙ
කැමරාව සාමාන්‍ය උපකරණයක්.

ඡායාරූපකරණයේ තාක්ෂණය
මනාව දැනගෙන හුරුවීමත්
අමතර ආලෝකයක්.

ලොව මෙතෙක් බිහිවූ
විශිෂ්ඨම ඡායාරූප ශිල්පීන්
ස්වභාවයෙන්ම කාව්‍යමයයි.


 




















 























.

 


 











































































































































.






























































































.


































































































==============================

කාව්‍යමය ඡායාරූපකරණයේදී
ඔබට අවශ්‍ය විය හැකි යොමු කිහිපයක්.












...