20130201

ලොව ප්‍රථම ඡායාරූපයේ කතාව




ලොව ප්‍රථම ඡායාරූපය
ඇමරිකාවේ  ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ රැන්සම් මධ්‍යස්ථානය
______________________________________________________________________


1839 දී ඡායාරූප ශිල්පය පිළිබඳව කරන ලද
නිල ප්‍රකාශයට වසර පහළොවකට පෙර
ප්‍රංශයේ Chalon-sur-Saône, නම්
පිටිසරබද පෙදෙසේ විසූ
විද්‍යාත්මක චින්තනයෙන් යුතු
Joseph Nicéphore Niépce
ඡායාරූප ශිල්පය සඳහා
ඔහුත් නොදැනුවත්ව මුල පුරමින් සිටියේය.
1793 සිට ඔහු රූප මුද්‍රණය පිළිබඳ
පර්යේෂණ පැවැත් වීය.
File:Joseph Nicéphore Niépce..jpg
Joseph Nicéphore Niépce
March 7, 1765 – July 5, 1833


1813දී ප්‍රංශය පුරා ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියවෙමින්
උමතුවක් මෙන් පැතිරගිය නවරැල්ලක් වූ
ලිතෝ මුද්‍රණශිල්පයට සිත් ඇදීගිය ජෝසෆ් නීප්ස්
ඔහුගේ මුල්ම පර්යේෂණය කළේ 1816දීය.



ලිතෝ මුද්‍රණයෙහිදී කරන්නේ
ලී හෝ ලෝහ තහඩුවක් මත
තමන්ට අවශ්‍ය නොවන කොටස් ඉවත් කළ
චිත්‍ර සටහනක තීන්ත ආලේප කොට
ඒ අනුරුව කඩදාසියක් හෝ රෙදිකඩක් මත
මුද්‍රණය කර ගැනීමයි.

File:Litography negative stone and positive paper.jpg

ලිතෝ මුද්‍රණයට ඉමහත් ආශාවක් දැක්වූ ජොසෙෆ් නීප්ස්ට
චිත්‍ර ඇඳීමෙන් සහාය වූයේ ඔහුගේ කලාකාමී පුත්‍රයාය.
1814දී නීප්ස්ගේ පුත්‍රයාට යුද හමුදාවට බැඳී
වෝටර්ලූ සටනට යන්නට සිදුවීමෙන් නීප්ස් අතරමං විය.

නීප්ස්ට  චිත්‍ර ඇඳීමට දක්ෂතාවයක් නොවූයෙන්

චිත්‍ර ශිල්පීන් කරන්නාක් මෙන් චිත්‍රය ඇඳීම වෙනුවට ඔහු කළේ 
ඔහු විසින්ම සකසාගත්,
ආලෝකයට සංවේදී රසායනික ආලේපයක්
තැවරූ තහඩුවක් මතට විනිවිද පෙනෙන චිත්‍රයක්
ආලෝකයෙහි ආධාරයෙන් දවා ගැනීමය.

ඉන් පසුව එම රසායනික ආලේපය දියවෙන
වෙනත් රසායනික ද්‍රාවණයකින් තහඩුව සේදීමෙන්
දැවුණු ප්‍රදේශ ඉතිරිව තිබියදී
නොදැවුණු ආලේපය සේදීයයි.

ඔහු ඒ සොයා ගෙන තිබුණේ පළමු දළ සේයා තහඩුවයි.

මේ ක්‍රමයට චිත්‍රය වෙනුවට
බාහිර දර්ශනයක්
එම තහඩුව මතට පතිත කරවීම
ඔහු තැබිය යුතු ඉදිරි පියවර විය.

ලිතෝ මුද්‍රණයට උපයෝගී කරගත් 
තාක්ෂණික උපක්‍රමයත්
කැමරා ඔබ්ස්කියුරාවත් ඇසුරෙන් 
නව මාධ්‍යයක් සොයා ගැනීමට නීප්ස් සමත්විය.

ඒ සඳහා ඔහුට ආධාර වුණ
කැමරා ඔබ්ස්කියුරාව නමින් හැඳින්වුණ
පෙට්ටි කැමරාවෙහි මුල් අනුරුව ඒ වනවිටත්
චිත්‍ර ඇඳීමේදී අවශ්‍ය වන
දළ සටහන් ඇඳ ගැනීම සඳහා
සමහර සිත්තරුන් අතර භාවිතා වෙමින් පැවතිණ.
ලතින් භාෂාවෙන් අඳුරු කුටිය යන අරුත ඇති
කැමරා ඔබ්ස්කියුරාව
එක් පසෙක කුඩා සිදුරක් සහිත අඳුරු කාමරයක් හෝ පෙට්ටියකි.
එම සිදුරට විරුද්ධ පැත්තෙහි බිත්තිය මත
බාහිර දර්ශනය උඩු යටිකුරු වී සටහන් වෙයි.
File:Camera obscura box.jpg
කැමරා ඔබ්ස්කියුරාව
ඉදිරිපස කුඩා සිදුරකින් ඇතුල්වෙන ආලෝකයෙන්
උඩු යටිකුරු වී මැවෙන රුව දර්පණයක ආධාරයෙන්
පෙට්ටියෙහි ඉහළ තලයට නිසි අතට ප්‍රක්ෂේපණය කිරීම
එහි තාක්ෂණය විය.

කැමරා ඔබ්ස්කියුරාව සොයාගැනීමත්
ඡායාරූපය සොයා ගැනීමත් අතර
වසර 2200-2300ක් පමණ විශාල පරතරයක් ඇත.
ක්‍රිස්තු පූර්ව පස්වැනි සිය වසෙහි විසූ
චීන දාර්ශනිකයෙකු වූ මොෂිගේ ලිපිවලත් සඳහන් වූ
ඉපැරණි සොයා ගැනීමක් වූ කැමරා ඔබ්ස්කියුරාව පිළිබඳ
ක්‍රිස්තු පූර්ව හතර වැනි සිය වසෙහිදි ඇරිස්ටෝටල් විසින්ද
ක්‍රිස්තු වර්ෂ 1490දී ලියනාඩෝ ඩා වින්චි විසින්ද  විස්තර කොට ඇත.
 ඩා වින්චිගේ විශේෂත්වය වූයේ
කැමරා ඔබ්ස්කියුරාවත් ඇසත් අතර සම්බන්ධය සොයාගැනීමයි.

"ඇසට ඇතුල්වෙන ඉතාම කුඩා වස්තුවක රූපයක් හෝ
උඩු යටිකුරු නොවී ඇසට දර්ශනය නොවෙයි."
ඩා වින්චි සටහන් කළේය.
 _____________________________________________________________

 නීප්ස් ඔහුගේ සොයුරු Claudeට ලියූ ලිපියකි. 
  ---------------------------------------------
"මා මෙතෙක් භාවිතාකළ තාක්ෂණයේ දියුණුවක් කිරීමෙන්
මට අරමුණු කළ හකි මට්ටමේ හොඳ පින්තූරයක්
ලබාගැනීමේ උත්සාහය සාර්ථක වූ බව
ඔබට පවසන්නට හැකිවීමේ තෘප්තිය මා සතුය.
මා සතුව ඇති විශාලම කැමරාව සහ
විශාලම තහඩුව ආධාරයෙන්
මා එය සකස්කළේ ඔබේ කාමරයෙහිදීය.
විශ්මය ජනක තියුණු බවකින්ද
ඉතා කුඩාම විස්තර
සහ සියුම් තානමය ලක්ෂණ වලින්ද
බාහිර වස්තූන්  එහි සටහන්ව ඇත.
පින්තූරය මුළුමනින්ම පාහේ වර්ණ රහිතය.
කෙනෙකුට එය දැකිය හැක්කේ
කිසියම් කෝණයකට ඇල කිරීමෙනි.
එයින් ඇති කරන බලපෑම ඉන්ද්‍රජාලිකයි."
-Joseph Nicéphore Niépce'-
16 සැප් 1824
_____________________________________________________________

1824දී ලිතෝ මුද්‍රණයට අවශ්‍ය රූප තහඩු පිටපත් කිරීමෙන්
නීප්ස් යම් සාර්ථකත්වයක ලද නමුදු එම ක්‍රියාවලිය සඳහා
පිව්ටර් තහඩුව සහායක මාධ්‍යයක් ලෙස උපයෝගී කරගන්නට
තවත් වසර දෙකක් පමණ ගතවිය.
1826 ගිම්හානය වනවිට
ඔහු සූදානම්වී සිටියේය.

Chalon-sur-Saône, නම් පිටිසරබද පෙදෙසේ පිහිටි
Le Grace නම් ඔහුගේ නිවසේ ඉහළමාලයේ වැඩකරන කාමරයේ
ඔහු කැමරා ඔබ්ස්කියුරාවක් සූදානම් කළේය.
ජුදෙයාවේ බිතුමන් නම් ලවණය තැවරූ
පිව්ටර් තහඩුවක් කැමරා ඔබ්ස්කියුරාව තුළ තැබූ
ඔහු කාච ද්වාරය විවර කළේය.
දවස තිස්සේ අවමවශයෙන් පැය අටක් පුරා කළ අනාවරණයෙන් පසු
තහඩුව ඉවත් කරගත් ඔහු ආලෝකයෙන් ඝනීභවනය නොවූ
බිතුමන් කොටස් ලැවැන්ඩර් තෙල් සහ පෙට්‍රල් මිශ්‍රණයකින්
සෝදා හැරීමෙන් පසුව අදෘශ්‍යමාන ඡායා රූපය
දෘශ්‍යමාන බවට පත් කර ගැනීමට හැකිවිය.

එහි ප්‍රතිඵලය වූයේ ඔබ මෙහි දකින
පිව්ටර් තහඩුවක සටහන් වූ යලිත් නොදැකිය හැකි ලොව එකම ඡායාරූපයයි.

  ________________________________________________________________________

ප්‍රථම ඡායාරූපයෙහි පිටපතක්

Paul Marillier බාහිර දර්ශනය ආධාරයෙන්
සකස් කරන ලද ත්‍රිමාණ ආකෘතියක්.
__________________________________________________________________________



Francis Bauer රාමුවේ පිටුපස කඩදාසියෙහි තැබූ සටහන
 

1827
Ink on paper backing of framed object.
25.8 x 29.0 cm.
නීප්ස් විසින් හීලියෝග්‍රැෆි නමින් හැඳින්වූ පළමු ඡායාරූපය
එංගලන්තයේ රාජකීය සංගමයේ අවධානයට ලක් කිරීමේ අටියෙන්
1927දී ඔහු එංගලන්තයට ආවේය.
එහෙත් නොවිසඳුනු රහසක් සහිත නිෂ්පාදනයක්
රාජකීය සංගමය විසින්  ප්‍රසිද්ධියට පත් නොකළයුතු බවට
නීතියක් වූයෙන් ඔහුගේ තැත ව්‍යර්ථ විය.
යළි ප්‍රංශයට පිටත් වෙද්දී නීප්ස් විසින්
ඔහුට එතෙක් නවාතැන් දුන් උද්භිද විද්‍යාඥයෙකු සහ
උද්භිද විද්‍යා චිත්‍රශිල්පියෙකු වූ  Francis Bauerගෙ භාරයට
සිය අගනා කෘතිය පත්කොට පැමිණියේය.

ෆ්‍රැන්සිස් එම සුවිශේෂී තහඩුව සහිත රාමුවේ පිටුපස කඩදාසියෙහි
එය නිපදවූ තැනැත්තාගේ නම සහ අමතර තොරතුරු
ඉතා සැලකිල්ලෙන් ලියා තැබුවේය.

L'Heliographie.
Les premiers résultats
obtenus Spontanément
par l'action de la lumiere.
Par Monsieur Niepce
De Chalon sur Saone.
1827.

Monsieur Niépce's first successful
experiment of fixing permanently
the Image from Nature. 



1929දී ප්‍රංශ චිත්‍රශිල්පියෙකු වූ
Louis Daguerre සමග
නීප්ස් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළද
තවත් කෘති කිහිපයකින් පසුව
ඔහු ලොවට කළ තිළිණ කළ අගනා දායාදයනට
කිසිදු ගරු බුහුමනක් නොලබාම
1833දී මිය ගියේය.

එක්දහස් නවසිය ගණන් වන තෙක් ප්‍රථම ඡායාරූපය
Bauerගේ උරුමයෙන් බිඳී අතින් අතට මාරු වෙමින් පැවතිණ.

1898 පැවති අවසාන ප්‍රදර්ශනයෙන් පසුව
යටපත්ව ගිය ඡායාරූපය
තවත් අඩ සියවසකුත් ඉක්ම යනතුරු
මතුවූයේ නැත.
__________________________________________________________________________


Helmut Gernsheim




1898න් පසු ආගිය අතක් නැතිව තිබුණ ප්‍රථම ඡායාරූපය සෙවීම 1947 දී ඇරඹූ ඡායාරූප ඉතිහාසඥයෙකු වූ Helmut Gernsheimට ඔහු මතුකරගත් සලකුණු ඔස්සේ යන විට ඡායාරූපය හිමිවූ අයගෙන් අවසාන තැනැත්තාට එය ගබඩා කළ බව අමතකව තිබී 1952දී සොයාගන්නට ලැබිණ. ඔහු එහි නිරවද්‍යතාවය තහවුරුකොට ඔහුගේ ඡායාරූප එකතුවට එක් කරගෙන Joseph Nicéphore Niépce ඔහුට හිමි සැබෑ තත්වයට ඔසවා තැබුවේය. 

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ ටෙක්සාස් විශ්ව විද්‍යාලය සඳහා හැරී රැන්සම් විසින් ගර්න්ශේම් ගේ ඡායාරූප එකතුව මිළදී ගන්නා අවස්ථාවේදී ගර්න්ශේම් විසින් මෙම ඡායාරූපය එම විශ්වවිද්‍යාලයටම පරිත්‍යාග කෙරිණ.
1826 ගිම්හානයේදී විසින් නිපදවන ලද මෙම හීලියෝග්‍රාෆය - ලොව ප්‍රථම වාර්තාගත ස්ථාවර ඡායාරූපය- ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙහි ඡායාරූප එකතුවෙහි පමණක් නොව ශතවර්ශ දෙකකට ආසන්න කාලයක් පුරා ලෝකයෙහි විප්ලවීය වෙනසක් ඇතිකළ ඡායාරූප කලාවෙහිම මුදුන් මල්කඩ ලෙස සැළකිය හැකිය. ලෝකයේ සියුම් කලාවන්ට සහ පොදුවේ මනුෂ්‍යත්වයට ඇති වැදගත් කම සලකනවිට ඉතා දුර්ලභ ගණයේ නිධානයක් ලෙස සැලකිය හැකිය.
__________________________________________________________________________
 Harry Ransom Center
The University of Texas at Austin
ප්‍රථම ඡායාරූපය එහි මුල්ම රාමුව තුළ
අක්‍රිය වායුවක් පුරවා මුද්‍රා තබා ඇත.
ප්‍රථම ඡායාරූපය දැකීමට
අඳුරු වාතාවරණයක අමතර ආලෝක වලින් තොරව
පාලනය කරන ලද ආලෝක තත්වයන් යටතේ නැරඹිය යුතුය.
Heliograph, in original frame.
25.8 x 29.0 cm.

__________________________________________________________________________
..
Kodak Research Laboratory, Harrow, England.
Gelatin silver print reproduction
March 1952.
Gelatin silver print.
20.3 x 25.4 cm. 

එංගලන්තයෙහි හැරෝහි ඊස්ට්මන් කොඩැක් සමාගම විසින් Helmut Gernsheimගේ ඉල්ලීමට අනුව 1952දී ලොව ප්‍රථම ඡායාරූපයෙහි පිටපතක් නිර්මාණය කිරීමට දැරූ පළමු තැතෙහි ප්‍රතිඵලයයි මේ.

කාචයෙහි විශිෂ්ඨත්වය නිසාම
මතුපිට කඩතොලු ආදියත් සහිතව
සියලුම විස්තර පැහැදිලිව සටහන් වීමෙන්
අතෘප්තියට පත්වූ Gernsheim
"එය මුල් ඡායාරූපයෙහි රළු විකෘතියක්"යැයි කියමින්
1977 වනතුරු යළිත් පිටපතක් තැනීම ප්‍රතික්ෂේප කළේය.

__________________________________________________________________________
.
Helmut Gernsheim & Kodak Research Laboratory, Harrow, England.
March 20-21, 1952.
Gelatin silver print and watercolor.
20.3 x 25.4 cm.

ලොව ප්‍රථම ඡායාරූපයෙහි
වඩාත්ම ලොව පතළ වූ පිටපත වන මෙය 
එංගලන්තයෙහි හැරෝහි ඊස්ට්මන් කොඩැක් සමාගම විසින්
1952දී  කළ පිටපත පදනම් කරගෙන
Helmut Gernsheim විසින්  නිර්මාණය කරන ලද්දකි.
මෙහි පෙනෙන තිත් ස්වභාවය පිටපත් කිරීමෙන් සිදුවූ දෙයක් විනා
මුල් ඡායාරූපයෙහි දක්නට ලැබෙන්නක් නොවේ.

Gernsheim 1952 මාර්තු 20 වෙනිදා පැය එකොළහත් පුරා
දිය සායමින් ඡායාරූපය සැකැස්මෙහි යෙදී සිටියේය.
ඔහුගේ වෑයමෙහි පරමාර්ථය වූයේ තම පිටපත
නීප්ස්ගේ මුල් හීලියෝග්‍රාඵය තුළ නීප්ස් අරමුණු කළ තත්වය යැයි
Gernsheim අදහස් කළ ගුණාත්මක භාවය සමීපයට ගෙන ඒමයි.

ලොව ප්‍රථම ඡායාරූපයෙහි මෙම පිටපත
ඉදිරි පණස් වසර පුරාවට ලොව පිළිගත් පිටපත බවට පත්විය.
නීප්ස්ගේ  ඡායාරූපයෙහි විස්තර ඉතා නොපැහැදිලිව ඇත්තේ
කාලයත් සමග මැකීයාම නිසා නොවේ.
පැය අටක් පුරා වුවත් නීප්ස් දුන් අනාවරණය
ප්‍රමාණවත් නොවීම නිසාය.
.
. __________________________________________________________________________

Harry Ransom Center and J. Paul Getty Museum.
Color digital print reproduction
June 2002.
20.3 x 25.4 cm.

 1952දී Helmut Gernsheim විසින් නීප්ස්ගෙ ප්‍රථම ඡයාරූපය යළි සොයාගැනීමෙන් වසර 50කට පසුව 2002දී කැලිෆෝනියාවේ ගෙටි සංරක්ෂණ ආයතනයට ගෙනගිය අවස්ථාවේදී එය ගැඹුරු විචාරාත්මක හා විද්‍යාත්මක විශ්ලේෂණයකට බඳුන් විය. 
 
2002 ගිම්හානකාලයේදී, විද්‍යාඥයන් හා සංරක්ෂකයන් සංරක්ෂණ ආයතනයට රැස්වී සති දෙකක් තිස්සේ මෙම පිළිගත් ආයතනයෙහි සුවිශේෂී පහසුකම් සහිතව ඡායාරූපය, ද්‍රව්‍ය හා රාමුව ඉතා ප්‍රබල, දැඩි හා හානිකර නොවන පරීක්ෂණවලට බඳුන් කළෝය. ඡායාරූප තාක්ෂණික විද්‍යඥයින් ඉතා දැඩි අවධනයකින් යුතුව දින එකහමාරක් ඔවුන්ගේ ඡායාරූපාගාරවල ගත කරමින් තහඩුව පිලිබඳ විස්තර සෑම ආකාරයෙන්ම වාර්තාගත කළෝය. අධෝරක්ත සහ පාරජම්බූල කිරණ ඇතුලු සියලුම ආකාරයේ විද්‍යාත්මක ආලෝක කිරණ භාවිතයෙන් රූ තහඩුව ලේඛනගත කෙරිණ.

එහි ප්‍රතිඵලය වූයේ ඡායාරූප තහඩුව පිළිබඳව අංගසම්පූර්ණ, විද්‍යාත්මක හා තාක්ෂණික විශ්ලේෂණය ආධාරයෙන් එම තහඩුව ප්‍රදර්ශනයට තබා ඇති ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ රැන්සම් මධ්‍යස්ථානයෙහි වඩාත් ආරක්ෂිතව තැබිය හැකි ප්‍රදර්ශන කවුලුවක්
 අභිනවයෙන් නිමවාගන්නට අවකාශ සැලසීමයි.
 
ඇමරිකාවේ  ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ රැන්සම් මධ්‍යස්ථානයෙහි 
ආරක්ෂිත ප්‍රදර්ශන කවුලුව.

__________________________________________________________________________

 __________________________________________________________________________
__________________________________________________________________________
__________________________________________________________________________ 

 වසර දෙසියයකට ආසන්න කෙටි කලක් තුළ 
ඡායාරූප තාක්ෂණයේ දියුණුව සනිටුහන් කරන
පහත දැක්වෙන ඡායාරූපය සැකසී ඇත්තේ
සාමාන්‍ය ආලෝකය ඇසුරෙන් නොව
විශේෂ ඉලෙක්ට්‍රෝන කිරණ ඇසුරෙනි.
SEM image of a Eupelmus vuilleti wasp
Photograph by Christopher Jackson, National Geographic
__________________________________________________________________________

නිශ්චල ඡායාරූප ශිල්පය 
ලංකාවට හඳුන්වල දීලා තියෙන්නේ කවුද?
  
සුනිල් මිහිඳුකුල
සිළුමිණ පුවත්පතට ලියූ ලිපියකි මේ

 -----------------------------2012 06 14----------------------------

ලෝකයේ මුල්ම ඡායාරූපය ගත්තේ කවුදැයි කියලා කියන්න මං හරියට දන්නේ නැහැ. 
එසේ වුවත් අගෝස්තු 19, ලෝක ඡායාරූප දිනය ලෙස පිළිගැනෙන බව නම් මා අසා, කියවා තිබෙනවා. 1820 දී ප්‍රංශ ජාතික නිප්සේ මුල් වරට කැමරා කාචයක් යෙදීමෙන් ඡායාරූපයක් ගන්නා ලදැයි පැවසෙනවා. කෙසේ වෙතත් ප්‍රංශ ජාතික එල්.ජේ.එම්.ඩැගියුරේ ඡායාරූප ශිල්පය සම්බන්ධ මුල්ම විද්‍යාත්මක නිල ප්‍රකාශනය 1839 අගෝස්තු 19 වැනි දින ප්‍රංශයේ පැවති විද්‍යාත්මක සමුළුවකදී එළිදක්වා තිබෙනවා. ඒ අනුව තමයි අගෝස්තු 19 ලෝක ඡායාරූප දිනය ලෙස සැලකෙන්නේ.

ලංකාවට නිශ්චල ඡායාරූප ශිල්පය හඳුන්වල දීලා තියෙන්නේ කවුද? බොහෝ දෙනෙක් කියන්නේ ජේම්ස් පාර්ටින් බවයි. ඔහු 1858 දී මරදාන දුම්රිය කර්මාන්ත වැඩපොළ පිහිටුවීම සඳහා ආණ්ඩුකාර හෙන්රි වෝඩ් මංගල පස්පිඩැල්ල කැපීමේ අවස්ථාව ඡායාරූපයට නඟා තිබෙනවා.

එහෙත් සමහර වාර්තාවල සඳහන් වෙන්නේ 1853 දී ඇමෙරිකානු මිෂනාරීන් විසින් යාපනයේදී ඡායාරූප ශිල්පය මෙරටට හඳුන්වා දෙනු ලැබූ බවයි. ප්‍රථම ශ්‍රී ලාංකේය ඡායාරූප ශිල්පියා යාපනයේ හෙන්රි මාටින් නමැත්තකු බව ද තවදුරටත් කියැවෙනවා.

මේ විදියට අතීතය හොයාගෙන යද්දී ඊටත් කලින් (1844 දී) බැරෝ නමැත්තෙක් ඡායාරූප ශිල්පය මෙරටට හඳුන්වා දුන් බව ද සඳහන් වෙනවා. ඔහු කොළඹ සහ මහනුවර ඡායාරූප ශාලා දෙකක් විවෘත කර තිබෙනවා.

හිපොලයිට් සිල්වා, ෆෙඩ්රික් ෆ‍්‍රීබර්ග්, විලියම් ස්කීන්, චාල්ස් ස්කවන්, එච්.ඩබ්ලිව්.කේව් මෙරට ඡායාරූප කලාවේ තවත් පුරෝගාමීන් කීපදෙනෙක්.

මෙරට ඡායාරූප ශිල්පය ගැන කතා කරද්දී ආනෝල්ඩ් රයිට් අපට කිසිසේත්ම අමතක කරන්න බැහැ. විසිවැනි සියවසේ මුල් යුගයට අයත් බොහෝ ශ්‍රී ලාංකේය ඡායාරූප ඔහුගේ නිර්මාණ.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjByZjTqBK4i482C2FoHjPXlA4Q1_bp8PGKhYXLmy9IFjj6l9aohhAkdN11l6TFT-OSNJyT4eyZ6RKVQ6sTqed-0UBvLy2Qx4emyjHWGoDoH3iYHAJ8WoHd7T0d7iyVXbolygOKxOEZbYI/s1600/220px-Lionel_Wendt.jpgලයනල් වෙන්ඩ්ට්  
මං හිතන්නේ ලංකාවේ එදා මෙදාතුර පහළ වූ විශිෂ්ටතම ඡායාරූප ශිල්පියා. 
http://sinhayareader.com/sites/default/files/article_media/162028.jpg 
 ඔහුගේ ‘ලයනල් වෙන්ඩ්ට් සිලෝන්’ නම් වූ 
අති සුවිශේෂ ඡායාරූප ග්‍රන්ථය මං දැකලා තියෙනවා.
 http://sinhayareader.com/sites/default/files/article_media/lionel-wendt.jpg

 මේ පොත පළවෙලා තියෙන්නේ 1950 දී. 
ආලේඛ්‍ය, භූමි ලක්ෂණ, නිරුවත්, මනඞකල්පිත යනාදී වශයෙන් 
වර්ග කළ හැකි ඡායාරූප රැසක් මේ පොතට ඇතුළත්.

 http://sinhayareader.com/sites/default/files/article_media/lionel-wendt-ceylon-male-torso.jpg

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාගේ 
සුප්‍රසිද්ධ ආලේඛ්‍ය ඡායාරූපයත් ලයනල් වෙන්ඩ්ට් ගත්තු එකක්.


කතෝලිකයකු වූ තමා තුළ බෞද්ධාගමික හැඟීම් පහළවීමට කරුණු තුනක් බලපෑ බවත් ඉන් එක් කරුණක් වන්නේ ලයනල් වෙන්ඩ්ට්ගේ ඉහත සඳහන් ඡායාරූප එකතුව බවත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාත් එක්ක කියා තිබෙනවා. තමා ජීවිතයේ පළමු වතාවට පොලොන්නරුව, ගල් විහාරය, නුවර පෙරහර, ඉසුරුමුනිය, ලංකාතිලකය, කන්ථක චෛත්‍යය දැක්කේ මේ පොතෙන් බව ආචාර්ය පීරිස් තවදුරටත් මා හා කියා සිටියා.

මෙරට නිශ්චල ඡායාරූප ශිල්පය පොදු ජනයා අතරට ගෙන ගිය පුරෝගාමී ඡායාරූප ශිල්පියා ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැක්කේ විල්සන් හෑගොඩ. ඔහු කොළඹ යුගයේ කවියකු ලෙස ප්‍රකටව සිටියා. ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය පටන් ගැනීම, ඒ යටතේ ඡායාරූප පාඨමාලා පැවැත්වීම, ‘කැමරා’ නමින් සිංහලෙන් ඡායාරූප සඟරාවක් ආරම්භ කිරීම යනාදී අංශවලින් ඔහු කළ සේවය අමරණීයයි.

1981 දී මම ‘දෙසතිය’ පුවත් සඟරාව වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් කරන්න හෑගොඩ මහත්තයා මුණගැහෙන්න රාජගිරියේ මාදින්නාගොඩ පිහිටි ඔහුගේ නිවෙසට ගිය අයුරු මට තවමත් මතකයි. එතෙක් ඉංග්‍රීසි කතාකරන පන්තිය සතු ප්‍රභූ මෙවලමක්ව තිබූ කැමරාව සාමාන්‍ය ජනයා අතට පත්කරන්නට තමා ගත් වෙහෙස හෑගොඩ මහත්තයා මට එහිදී කරුණු සහිතව පෙන්වා දුන්නා.

ලංකාවේ නිශ්චල වර්ණ ඡායාරූප කලාවේ පුරෝගාමියා තේමිස් වික්‍රමසේකර (කවුරුත් ඔහුව හැඳින්වූයේ ‘කලර් අන්කල්’ කියායි).

බී.පී. වීරවර්ධන, එල්.ඊ.සමරරත්න, රැලෙක්ස් රණසිංහ, ඩී.බී.සුරනිමල, එම්.එස්.වීරකෝන්, නිහාල් ප්‍රනාන්දු, ලාල් හෑගොඩ, ගාමිණී ජයසිංහ, මෙරට නිශ්චල ඡායාරූප කලාවේ නිර්මාණශීලී විශිෂ්ටයෝ. ඔවුන්ගේ හොඳම ඡායාරූප අවම තාක්ෂණික පහසුකම් යටතේ ගත් ඒවා බව හිතද්දි අපට පුදුමත් හිතෙනවා.

 __________________________________________________________________________

http://www.imagesofceylon.com/architecture/a79-full.jpg

 http://www.imagesofceylon.com/ruins/r8-full.jpg
 රුවන්වැලි සෑය

ශ්‍රී ලංකාවේ නගර වල, සිද්ධස්ථාන වල
ඉතා පැරණි ඡායාරූප රැසක්.






__________________________________________________________________________ 

2 comments:

  1. Many thanks Mr. Athula for the valuble post!!

    ReplyDelete
  2. ඉතාම වටිනා රසබර ලිපියක්..

    ReplyDelete