20150415

ඡායාරූපයක තිත - ලක්ෂ්‍යය හැසිරෙන ආකාරය





දෘෂ්‍ය කලාවේදී තිතක් වුවද වැදගත් වෙයි.

 
රාමුවක් තුළ ඇති තිතක් වුවද
එම රාමුවේ දාර වලට ආතතියක් දක්වයි.


තිත ස්ථානගතවන ආකාරය අනුව 
ආතතීන් වෙනස් වෙයි.
විශාල පාලු පෙදෙසක ඇති කුඩා වස්තුවකට වුවද
මෙම රීතිය බලපායි.

 =======================================================

 ලක්ෂ්‍ය දෙකක්  ඇති විට

 ලක්ෂ්‍ය දෙකක්  ඇති විට
 එම ලක්ෂ්‍ය අතර අදෘශ්‍යමාන රේඛාවක් ඇති වෙයි.
 

ලක්ෂ්‍ය දෙකක් ඇති විට
ලක්ෂ්‍ය අතර සහ රාමුවේ දාර අතර ආතතීන් ඇතිවෙයි.
 

ලක්ෂ්‍යවල පැහැය, ප්‍රමාණය සහ ස්ථානය අනුව
 ආතතීන් ප්‍රමාණ වෙනස්වෙයි.


වස්තූන් වල ස්ථානගතවීම වෙනස් වන විට
ලක්ෂ්‍ය අතර ආතතියද අදෘශ්‍යමාන රේඛාද වෙනස්  වෙයි.
 

ඒ අනුව එම වස්තූන් සමග අපට දැනෙන සබඳතාවයද වෙනස් වෙයි.
පියා සලා යන කුරුල්ලෙකු වැනි ක්‍රියාශීලී වස්තුවකට 
ලක්ෂ්‍ය අතර ආතතියද අදෘශ්‍යමාන රේඛාද වෙනස් වීම වඩාත් තදින් බලපායි.
  එම බලපෑම නිසා කුරුල්ලාගේ ක්‍රියාශීලී බවෙහි ප්‍රබලතාවය
අපට දැනෙන ආකාරය බෙහෙවින් වෙනස් වෙයි .
=======================================================

ලක්ෂ්‍ය  කිහිපයක්  ඇති විට

 

 ලක්ෂ්‍ය කිහිපයක් ඇති විට
ලක්ෂ්‍ය අතර සහ රාමුවේ දාර අතර ආතතීන් ඇතිවෙයි.
 

ලක්ෂ්‍ය  කිහිපයක්  ඇති විට
 එම ලක්ෂ්‍ය අතර අදෘශ්‍යමාන රේඛා ඇති වෙයි.

ලක්ෂ්‍ය කිහිපයක් ඇති විට
එම රේඛා ආධාරයෙන් සහ
ලක්ෂ්‍ය අතර අදෘශ්‍යමාන හැඩතල ඇති වෙයි.





ලක්ෂ්‍යයක් යනු තිතක් පමණක් නොවේ.
රේඛාවක කෙළවරද, රේඛා දෙකක් හමු වන ස්ථානද
ලක්ෂ්‍ය මෙන් ක්‍රියා කරයි..
ත්‍රිකෝණය, පංචාශ්‍රය ආදී හැඩතලයක මුල්ලක් 
ලක්ෂ්‍යයක් මෙන් ක්‍රියා කරයි.

ප්‍රමාණය අනුව කුරුල්ලෙක් හෝ අහස්යානයක් නැවක් වුව
ලක්ෂ්‍යයක් මෙන් ක්‍රියා කෙරෙයි..

 පියා සලා යන කුරුල්ලෙකුගේ 
හොට, පාද කෙළවර, තටු කෙළවර, වල්ගය කෙළවරද
ලක්ෂ්‍ය මෙන් ක්‍රියාකොට හැඩතලයක් නිර්මාණය කරයි.

 ඇස, නිය පොතු, අත්ල,
කුඩා ප්‍රමාණයේ මිනිස් රුවක නම් හිස
ආදී වශයෙන් අවස්ථානුකූලව
ඕනෑම දෙයක් ලක්ෂ්‍යයක් මෙන් ක්‍රියා කළ හැක.

ඇස,

 නිය පොතු,

 අත්ල,
 

මේ සම්බන්ධතා පිළිබඳව හැඟීමෙන් යුතුව
රටාවකට, රිද්මයකට එම සම්බන්ධතා පෙළගස්වා
රසිකයා තුළ
තමා කැමති ආකාරයේ හැඟීමක් ජනිත කරන්නට
දක්ෂ කලාකරුවා සමත් වෙයි.
ඔහු පළමුව හැදෑරීමෙන් හා
දෙවනුව ඉන් ජනිතවූ නිසර්ග හැකියාවෙන්
සම්පිණ්ඩණය උපයෝගී කරගනියි.

සම්පිණ්ඩණයෙහි මූලිකම අංගය වන ලක්ෂ්‍ය 
හැසිරෙන ආකාරය පිළිබඳ දෘෂ්‍ය කලා රීති වල
ඉතාම මූලික හා ලුහුඬු හැඳින්වීමක් පමණි, මේ.

ඉදිරියේදී හැඩතල පිළිබඳව හදාරන රීති
මේ රීති මත ගොඩ නැගෙනු ඇත.
 







 ========================================================
උදාහරණ සහිත තවත් ලිපියක්


20150407

ඔබත් ඡායාරූපය ක්‍රොප් කරන්නෙ කැමරාවෙන්ද?



"මම ඡායාරූපය ක්‍රොප් කරන්නෙ කැමරාවෙන්මයි.."
කියලා සමහර නවක ශිල්පීන් මෙන්ම
පළපුරුදු ශිල්පීන්ද උදම් අනනවා.

ඒ ක්‍රමය සාර්ථකද.?

ඩිජිටල් පහසුකම් එන්නට බෝ කලකට පෙර
ආර්නෝල්ඩ් නිව්මන් නම් සුපතළ ශිල්පියා
ක්‍රොප් කළ ඡායාරූප දෙකක් අපට දකින්න පුලුවන්.

මේ ඡායාරූප 
කැමරාවෙන් ක්‍රොප් කරන්නට ඔහු උත්සාහ කළා නම්
ඒ වෑයම අනවශ්‍ය වෙහෙසක් නොවන්නේද?

http://classicphotocircle.blogspot.com/2013/09/arnold-newman.html

මේ ඡායාරූපයෙ ඉරියව්ව අප්‍රසන්නයි..
http://classicphotocircle.blogspot.com/2013/09/arnold-newman.html

ක්‍රොප් කළාට පස්සෙ පෙනෙන ටික ලස්සණයි..
මේ අපූර්ව සම්පිණ්ඩණය ඔහු දකින්නට ඇත්තේ පසුවයි.



මම ඡායාරූපය ක්‍රොප් කරන්නෙ කැමරාවෙන්මයි..
කියන ප්‍රතිපත්තියෙහි ඔහු පිහිටා සිටියා නම්
මේ ඡායාරූපය ලොවට අහිමි වෙනවා.
 ----------------------------------------------------------------------

මේ ඔහුගේම තවත් ක්‍රොප් එකක්.


 


http://classicphotocircle.blogspot.com/2013/09/arnold-newman.html.

එක ඡායාරූපයක් ක්‍රොප් කරන්නට ඇත්තේ
එකම ආකාරයක් නොවේ..



 ක්‍රොප් කිරීම අනුව හැඟීම වෙනස් විය හැක.

 
 

 ======================================================

CROP පුහුණුව 

 CROP : ඡායාරූප ශිල්පියාගේ අස්වැන්න


 












20150405

Facebook ඡායාරූප සමූහවල සංවාද වලින්



Facebook ඡායාරූප සමූහවල 
ප්‍රයෝජනවත් කරුණු සහිත සංවාද වලින් 
උපුටාගත් කොටස්

======================================================
Photo by Isira Udayanga
 
 
 
 

 ================================================================










20150325

රිද්ම සංකලන රීති - කෙටි සටහන්




ෆේස්බුක් ඡායාරූප සමූහයන්හි
සංවාද වලදී මතුවන කරුණු සහ
ඡායාරූපවලට අදාළ දෘෂ්‍ය කලා රීති පිළිබඳව
කෙටි සටහන් සඳහා මේ පිටුව වෙන් වෙයි.
මෙහි සඳහන් සබැඳි ක්ලික් කිරීමෙන්
වැඩි විස්තර ලබාගත හැක.
===================================

ස්වර්ණමය වක්‍රය දම් පාට
හා රූල් ඔෆ් තර්ඩ් එක කොළ පාට අතර සම්බන්දය
බොහෝ දුරට සමීපයි..
ඒත් ඒ ලක්ෂ්‍ය ලක්ෂ්‍ය දෙකම එකක් නෙවෙයි.

රූල් ඔෆ් තර්ඩ් වල පොඩ්ඩක් මැදට වෙන්නයි
ලක්ෂ්‍යය තියෙන්නෙ.

ඡායාරූප ශිල්පියෙකුට වැදගත් වෙන්නෙ.
මේ ලක්ෂ්‍යය නොවෙයි...
මේ ප්‍රදේශයයි
 
ඡායාරූප ශිල්පීන් සහ
චිත්‍ර ශිල්පීන්ට මේ ලක්ෂ්‍ය අදාළ වෙන්නේ
ඉතාම දළ වශයෙන්.
අපි ස්ථානගත කරන්නේ
කළු පසුබිමක තිතක් නම්
මේ ලක්ෂ්‍ය යොදාගන්න පුලුවන්..

තව තැනක තව තිතක් යොදා ගත් ගමන්ම
මේ තිත අසමතුලිත වෙනවා.
අපිට ඒ තිත් දෙකම ගැන හිතන්න වෙනවා.

 ඒ තිත් දෙක අතර
අදෘශ්‍යමාන රේඛාවක් හැඟෙනවා.
 
 ඉන් පසුව අරමුණ වන්නේ ඒ අදෘශ්‍යමාන රේඛාවයි.
ඉන්පසුව සම්පිණ්ඩණය කළ යුත්තේ ඒ රේඛාවයි..
 
මේ ආකාරයට
මුලු රූපය පුරාම ඇති වස්තූන් වල
හැඩ තල, රේඛා, වර්ණ ආදිය
එකිනෙකට සුසංගතව, රිද්මයානුකූලව සකස් කරගන්නට
ශිල්පියා කටයුතු කළ යුතුයි..
 

අරමුණක ප්‍රධාන කොටස මේ ප්‍රදේශයට යොමු කරන ගමන්
අරමුණෙහි මුළු හැඩය සමග පසු බිමත් යම් රිද්මයකට
සකස් කර ගන්න වෙනවා.

සමහරවිට අරමුණට අවධානය අරන් දෙන්න
මේ ප්‍රදේශය ඉක්මවන්න වෙන
වෙලාවල් තියනවා.

 ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
===================================================


අත්තෙ පහලින් ඉඩ වැඩියි. ඉහළින් අඩුයි..
අත්ත රාමුවෙන් එලියට යනවා වගෙයි.
Photo by Asanka Udayanga
ඡායාරූපය ස්ථානගත කරනකොට
වීව් ෆයින්ඩරයෙ දකින රූපය බලන්න.

ඔබේ අරමුණත් පසුබිමත් අතර
රිද්මයක් සකස් කරගන්න.
අපි අවසානයට දකින්නෙ
කැමරාවෙ ලෙන්ස් එකෙන් එහා පැත්තෙ
ඔබ ඇසින් දකින ත්‍රිමාණ දර්ශනය නොවෙයි.
ඔබේ වීව් ෆයින්ඩරයෙ දකින්නට තියෙන
පැතලි ඡායාරූපයයි.

වීව් ෆයින්ඩරය තුළින් අත්ත දෙස නොබලා
වීව් ෆයින්ඩරයෙ දකින ඡායාරූපය බලන්න.

තාක්ෂණික අඩුපාඩුත් තියනවා.
තාක්ෂණික අඩුපාඩු නිවැරදි කරගන්නා ආකාරය
ඕනම දක්ෂ ඡායාරූප ශිල්පියෙකුගෙන් ඉගෙන ගන්න පුලුවන්.
ඒත්
ඡායාරූපයෙ හැඩතල, වර්ණ, රේඛා ආදිය
නිසි පරිදි රිද්මයානුකූලව සකස්කරගැනීම ඉගෙන ගන්න
ඔබට තනියම උත්සාහ කරන්න වෙනවා.

ලොව පතළ විශිෂ්ඨ නිර්මාණ ඇසුරු කිරීමත්
සතත අභ්‍යාසයත් විමර්ශනයත්
කිසිදිනක ප්‍රවීණයෙකු බව නොපිළිගැනීමත් අවශ්‍යයි.