20130504

ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම


http://3.bp.blogspot.com/-WW44fxUszH0/UK5zz_mPZxI/AAAAAAAAE-w/cmR7ku8laro/s1600/209951_3864258971664_112956588_o.jpg
  • මෙහි වම්පස පළමු රූපය
    ස්ටීව් මැක්කරිගෙ මුල් ඡායාරූපයයි...
    එහි රාමුවෙ පරිමාණය
    ස්වර්ණමය රීතියට අනුකූල
    රාමුවට සමීපයි.

    කෙටි පාදය එකක් නම්
    දිග පාදය
    එකයි දශම හයක් පමණ වුණාම
    ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයක් හැදෙනවා.


    වතුර බෝතල් ළා නිල් පාට වුණාම
    වතුර පිරිසිදුයි කියල
    හිතට දැනෙනවා වගේ
    ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයත් ඇහැට සනීපයි.



    රාමුවෙ පරිමාණය
    ස්වර්ණමය රීතියට අනුකූල
    රාමුවට සමීප වුණත්
    කාන්තාව පෙනෙන්නෙ
    ස්වර්ණමය රීතියට අනුව
    සමබරව සිටිය යුතු
    ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
    පහළට බැස්ස වගෙයි.

    ඒ විදියට
    සමබර බව බිඳීම නිසා
    ඇගේ ගමන හොඳින් දැනෙනව.
    ස්ටීව් රීතිය රැක්කා නම්
    ප්‍රතිඵලය වෙනස්.

    වමේ තියන ඡායාරූප වල
    කාන්තාව හරියටම
    ස්වර්ණමය රීතියට අනුව
    ස්ථානගත කරල තියනවා.

    ඇය අහසෙ පාවෙන ගතියකුයි පෙනෙන්නෙ.
    රාමුවත් හැඩතලත් සමබරයි..
    ඒත් අපිට දැනෙන දෙයක් නැහැ.

    ස්ටීව්  ස්වර්ණමය රාමුව හදාගෙන
    ස්වර්ණමය රීතිය
    නිර්මාණ ශීලී ලෙස බිඳෙන
    ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..

     ==================================================

    Degasගෙ මේ පැස්ටල් චිත්‍රයත්
    ස්වර්ණමය රාමු අනුපාතය භාවිතා කරමින්
    ස්වර්ණමය රීතිය ඉතාම නිර්මාණ ශීලී ලෙස නමා ගනිමින් කළ
    විශිෂ්ඨ නිර්මාණයක්.

    ==================================================

    රීතියද, ඡායාරූපයද?

    රීති කියන්නෙ
    ඡායාරූප ගත යුතු ආකාර නෙමෙයි.

    ඡායාරූපයක් රස විඳින අයගෙ
    මනස හැසිරෙන ආකාරය අනුව
    ගොඩ නැගුණ සිද්ධාන්ත...

    ගුරුත්වාකර්ෂණය
    ස්වභාව ධර්මය ක්‍රියා කරන
    එක් ආකාරයක්.

    ගුරුත්වාකර්ෂණය තේරුම් ගැනීමෙන් සහ
    තවත් නීති අධ්‍යයනයෙන්
    අහස් යානය නිපදවීම සිදු වුණා.

    රීතිත් ඒ ආකාරයටයි
    උපයෝගී වියයුත්තෙ..

    රීති රැකීමටත්
    රීති බිඳීමටත්
    රීති දැනගත යුතුයි. 


==========================================================


Photo by Sisitha Weerasekara
ස්වර්ණමය රීතිය ඉක්මවා ගිය
ඡායාරූපයක සුන්දරත්වය.

අති විශිෂ්ඨ සම්පිණ්ඩණයක්
වර්ණ අතින් සහ හැඩතල අතින්,,

1 ඡායාරූපය මත ස්වර්ණමය වක්‍රය   2, වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු.   3,  මුල් ඡායාරූපය

ස්වර්ණමය වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු
මුහුදෙ මහිමය දැනෙන්නෙ නැහැ.

සිසිතගෙ ඡායාරූපයෙ
මුහුදෙ විශාලත්වය නිසා දැනෙන මිනිසා තනිවුණ ගතිය
ස්වර්ණමය වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු
නැති වෙලා තියනවා.

රීතියට ගරු කරන නමුත්
රීතියට අනුවම ගතයුතු නැහැ


රීතිය දැනගෙන
රීතිය හිතේ තියාගෙන
තමන්ට දැනෙන හැඟීම මතුවෙන්න
රාමුව සකස් කරගත යුතුයි.

සමහර වෙලාවට
ඒ ටික කරන්න වෙන්නෙ ක්‍රොප් එකෙන්..

සිසිතගෙ ඡායාරූපයෙන්
ඒ දේ හොඳින් සිදුවෙලා තියනවා.
මිනිසා පසුබිමත් සමග සමබර වුණා නම්
සිසිත කියන හුදකලාව දැනෙන්නෙ නැහැ.

 
මෙහි විශාල අවකාශය
ඒ මිනිසා සාපේක්ෂව කුඩා කිරීම නිසා
ඔහුගෙ තනිකම වැඩිවෙලා.
-------------------------------------------------------------------------------

දුවන කෙනෙක් පෙන්නද්දි
රීතිය හරියටම යෙදුවොත්
ඔහු දුවන ගතිය දැනෙ
න්නෙ අඩුවෙන්...


ඔහු ස්වර්ණමය ක්ෂේත්‍රය
ඉක්මවා යායුතුයි.

-------------------------------------------------------------------------------


සිසිතගෙ ඡායාරූපයෙ මිනිසා
ස්වර්ණමය වක්‍රය ආශ්‍රිතව
ඡායාරූපය තුළ ස්ථානගත කිරීම
මෙහි සුන්දරත්වයට ප්‍රධානම හේතුවක්.


විකර්ණය දිගේ සටහන් වෙන
මුහුදු රැල්ල
මිනිසා අසල සම්පූර්ණයෙනුත්
අනික් හරිය රිද්මයකට
දියවෙලා කැඩිලා බිඳිලා තිබීම
තවත් ලස්සණක්

මිනිසාගේ කැප් තොප්පියේ වර්ණය
මෙහි වැඩි පුර ඇති
කොළ පැහැයට ප්‍රතිවිරුද්ධ
රතු වර්ණය වීම
තවත් ප්‍රබල හේතුවක්..

වර්ණ චක්‍රයෙහි එක් පසෙක වර්ණ සංගත වර්ණ වන අතර
චක්‍රයෙහි එකිනෙකට මුහුණ ලා ඇත්තේ
ප්‍රති විරුද්ධ වර්ණයන්ය.

වර්ණ චක්‍රය සහ වර්ණ පිළිබඳව 
වැඩි විස්තර සඳහා වර්ණ සිද්ධාන්ත  ලිපිය බලන්න
===============================================================

  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  10. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  11. රීතිවලට යටත්වන්න එපා
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..

No comments:

Post a Comment