20121129

ඡායාරූපයක් උණත් කෑමක් වගේ



 
ඡායාරූපයක් උණත්
කෑමක් වගේ
රස නැතිවෙන්න හේතු දෙකයි තියෙන්නෙ.

1, ශිල්පියාට රසඥතාවයක් නැති කම.
2, රසිකයාට රසඥතාවයක් නැති කම.
මම කියන්නෙ ශිල්පියා සහ රසිකයා ගැනයි
සාමාන්‍ය මිනිස්සු ගැන නෙමෙයි.

කෝකියා සහ කෑම කන්නා වගේ.

උයන විදිය නොදන්න කෙනා
කෝකියෙක් නෙවෙයි..
ඒකෙ ඉගෙන ගන්න දේවල් තියනවා..
සැබෑ රසඥතාවය තියන අය
ඒ අඩුපාඩු හදා ගන්නවා.

හෝටලේක යෝගට් එකක් කන
යෝගට් රසිකයාත්
සාමාන්‍ය මිනිහෙක්.
මුදලාලිත් සමාන්‍ය මිනිහෙක්.
මුදලාලි යෝගට් කන්නෙ නැත්නම්
යෝගට් රසිකයෙක් කියන්න බැහැ. .

ෆෝන් එකේ කැමරාව තියන
ඒත් එක ෆොටෝ එකක්වත්
නොගන්න අය ඉන්නවා.
ඪ්Sළ්ර්‍ කැමරාවක් තියාගෙන
ෆොටෝ එකක්වත්
නොගන්න අයත් ඉන්නවා
ඔවුන්ට රසඥතාවයක් තියනවද?

ඒත් බොහෝ වෘත්තීය ඡායාරූප ශිල්පීන්ට වඩා
හොඳ ඡායාරූප කැමරා ෆෝන් එකෙන් ගන්න
නවකයො ඉන්න පුලුවන්..

තවත් එහාට ගියොත්
හොඳ ෆොටො ගන්න
පුලුවන් කෙනෙක් වුණත්
ශිල්පය රස විඳින කෙනෙක් නෙමෙයි නම්
ඔහු රසඥතාවයක් තියන  කෙනෙක් නෙමෙයි.

රසඥතාවය ඇත්තා කියන්නෙ
දක්ෂකම විතරක් තියන කෙනෙක් නෙමෙයි.
ශිල්පය රස විඳින කෙනෙක්.

ස්ටීව් මැක්කරි හොඳ උදාහරණයක්.

ස්ටීව් මැක්කරිගෙ වෙබ් අඩවියෙ
ඡායාරූප 1500-2000 අතරෙ
ප්‍රමාණයක් තියනවා.

ඔහු ඡායාරූප කී දාහක් අරන් ඇත්ද?

ඒ අතරෙ කිසිම ආදායමක් නොලැබුණ
ඒත් ඔහු තෘප්තිමත් වුණ ඡායාරූප
කී දාහක් ඇත්ද?

20121128

ඡායාරූපයක තිතක් වුණත් වැදගත්..


Janaka Wijekoonගේ  මේ ලස්සණ ඡායාරූපය
විවිධ වෙනස්කම් කරමින් විමසා බලමු.

සමස්ත ඡායාරූපය සැබෑ දර්ශනයක් සේ විඳින විට
සිදුකළ සංස්කරණ
මත ඔබට ඇතිවෙන හැඟීම් වල වෙනස කුමක්ද?.


වෙනස හොයාගන්න බැරි වුණත්
වෙනස දැනෙනවා නම් වටිනවා.

සමස්ත ඡායාරූපය සැබෑ දර්ශනයක් සේ විඳින්න.
මොකක්ද වෙනස කියල පෙනෙවි...
ඇතිවෙන හැඟීම් දෙක සසඳලා බලන්න.

හොයල බලද්දි
වෙනස ‌පෙනෙනවා නම්  හොඳයි..

වෙනස අපිට බලපාන හේතුත් ‌පෙනෙනවා නම්
ඉතාම හොඳයි

මේ පිළිබඳ Facebook සංවාදයක කොටස් කිහිපයක්.
------------------------------------------------------------------------
  • Janaka Wijekoon මට මගේ පින්තූරයම ඇහැට හුරු නිසාද මන් දන්නෙ නැහැ.. මට කිසිම වෙනසක් පෙන්නෙ නැහැනෙ.

  • Athula Siriwardhane .
    මම කරපු වෙනස හොයන්න එපා..
    හිතට දැනෙන වෙනස හොයන්න.
    ------වෙනසක් තියනවා. 
    :)
  • Rishitha Nuwan ඒ ගැන හිතල බලද්දිනම් ඒ වෙනස ‌පේනවා..
    ඒ ඇරෙන්න ලොකු වෙනසක් නැහැ.
    හැබැයි
    ඔබගෙ සංස්කරණයේ නිදි ගතියකුත්
    ජනකගේ පින්තූරෙ ක්රියාශීලී ගතියකුත් තියෙනවා.. එච්චරයි..

    නැහැ... කණුවෙ කිසිම වෙනසක් නැහැ.. :)

  • Nimesh Nishara Indimagedara කලර්ස් ඇහැට ප්‍රියයි වගෙ සර් :)

  • Athula Siriwardhane Koyi ekeadha Nimesh.

  • Nimesh Nishara Indimagedara ඔබ එඩිට් කරපු එකනම් දන්නෑ කොයි එකද කියල.
    අර ලයිට් එක නැති එකෙ කලර්ස් ලස්සනයි ඈත ඉදන් බලද්දි.
    නිකම් ඩීටේල්ස් වැඩී වගෙ පේනව :D

  • Shiroz S Manawadu R>L more details...and pleasant to eye...soothing ...

  • Athula Siriwardhane . වම් පැත්තෙ වෙනස එකම තිතයි Shiroz
  • Shiroz S Manawadu Nimesh ge comment eka molyata waduna wage neda.... :)

  • Shiroz S Manawadu mata penune ehemai...mona hethuwak nisada manda... 
    ---------------------------------------------------------------------------------------------------
    • Janaka Wijekoon වර්ණ වල වෙනසක් නං මට දැනෙන්නෙ නැහැ... ඒත අර යිට් 1 අරන් දාල තියන නිසා සහ තනි ලයිට් කනුව පින්තූරය මැද්දෙ තියන නිසාවෙන් තනි වුන ගතියක් සහ අඳුරු මූසල ගතියක් නං දැනෙනව මට.

      මං ඒ ලයිට් 1 තියන්න හේතුව , නිසොල්මනේ ගලා බසින ගඟයි, රූපයේ මැද තනිව
      ුන ලයිට් කනුවයි, ඒ ගොඩනැගිල්ලෙ තනිවම තියන ලයිට් 1 සමබර වුන වගෙ කියල හිතුන.

      මාත් මුලින්ම ඔය පින්තුරය LR වලට ඇඩ් කළ ගමන් කළේ ඔය ටික කලු කරන්න උත්සහ කළ දේ තමයි.. නමුත් මට ඊට වඩා මගේ 1 දැනෙනව 
    • Athula Siriwardhane .
      ජනකගෙ තීරණය සහ දැක්ම
      ඉතාම නිවැරදියි.
      ඒ එක පුංචි ලයිට් එක
      මුළු ඡායාරූපයම

      යම් පමණකට ආලෝකවත් කරනවා.

      මමත් මේ මොහොතෙ
      පුද්ගලිකව වඩා ප්‍රිය කරන්නෙ
      පළමුවැන්න තමයි.
      හිත දුක්මුසු වුණ වෙලාවක
      අපි දෙවැන්නට කැමති වෙන්නත් පුලුවන්.
      ජනකට දුක හිතුණ වෙලාවක
      නැවත බලන්න. :)

      ඒක තියනවාද නැද්ද කියල
      ගන්න තීරණය කුමක් වුවත්
      ඡායාරූප ශිල්පියෙකුට
      ඡායාරූපයක තිතක් වුණත් වැදගත්.

      ඡායාරූපයක් ගනිද්දිත්
      සංස්කරණය කරද්දිත්
      මේ වෙනස දකින්න තරම්
      සියුම් ඇහැක් ඔහුට තිබිය යුතුයි.

      ඒ වගේම මේ විදියටම
      ඡයාරූපයට ඍජුව බලපාන අංග
      සිතින් දකින්නත්
      කරල බලන්න කලින්
      සිතින්ම ඉවත් කරල
      අනුමාන කරල බලන්නත්,
      ඉන් පසුව තමන් නිවැරදිද කියලා
      පිරික්සා බලන්නත් පුරුදු වීම
      හොඳ හුරුවක්.

      මා පළ කරන මෙවැනි බොහෝ දේ
      මගේ අවශ්‍යතාවයට
      හැදෑරීමක් විදියට
      කරන සංස්කරණ.

      --------------------------------------------
      මම මේ ඡායාරූපයෙහි
      මේ වගේ තවත් දේ ඉවත් කරමින්
      පර්යේෂණය දිගටම කළා.

    ==================================================================
    :o
මෙහි එක ආලෝක පුංජයක් රත් පැහැ කළා.
සමස්ත ඡායාරූපය සැබෑ දර්ශනයක් සේ විඳින්න.
මොකක්ද වෙනස කියල පෙනෙවි...
ඇතිවෙන හැඟීම් දෙක සසඳලා බලන්න.



---------------------------------------------------------------------------------------------------
මෙහි එක වළාකුලක් ඉවත් කළා.
 මොකක්ද වෙනස කියල හිතන්න..හැඟීම් දෙක සසඳලා බලන්න.
 ඉතිරි වළාකුළ ගුවන් යානයක් වගේ..
මුලු ඡායාරූපයම දකුණට බරයි.


 




දෘශ්‍ය කලා කරුවෙකුට
ඉතාම හොඳ අභ්‍යාසයක්.

මේ ලබන පුහුණුව
ඡයාරූප ගනිද්දිත්
සංස්කරණය කරද්දිත්
ක්‍රියාත්මක වෙන්න පටන් ගනීවි.

ඡායාරූප සිය ගණනක් ගත්තත් නොලැබෙන
පුහුණුවක් මෙයින් ලැබෙනවා.
රාමුවකට කොටු කරගන්න හැම දෙයක්ම
වැඩියෙන් හරි අඩුවෙන් හරි
ඒ රාමුවෙන් කියන කතාවට වැදගත්.

ඡායාරූපය විශිෂ්ඨ නම්
එහෙම කළාම සිදුවෙන වෙනසත්
ඉතාම පැහැදිලියි.

කලාවෙදි කියන දෙයක් තමයි,
හොඳ කලාකෘතියකට
යමක් අලුතෙන් එකතු කරන්නවත්
එයින් යමක් අයින් කරන්නවත් බැහැ
කියන දේ.

Frank Frazetta කියන
චිත්‍රශිල්පියා කියල තියනවා
පුලුවන් කෙනෙක් ඉන්නවනම්
එයාගෙ චිත්‍ර දියුණු කරල පෙන්නන්න කියල.
අවුරුදු පණහක් විතර කාලයක් තිස්සෙ
කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ.
======================================================

Photo by Nilantha Gamage
ඉතාම හොඳ ඡායාරූපයක්.ආලෝක රටාව හරිම ප්‍රියයි.
ක්රොප් එක සහ සම්පිණ්ඩනයත් විශිෂ්ඨයි.
වම් කණ අසල තියන
පුංචි පදාස දෙක නිසා

හැදෙන හැඩතලය නිසා
මෙහි අගය ඉතාම ඉහළ ගිහින්..
ඒ පදාස දෙක ඉවත් කිරීමෙන්
ඡායාරූපයේ පෙනුමත්
අගයත් වෙනස් වෙනවා.


 වම් කණ අසල තියන පුංචි පදාස දෙක  ඉවත් කිරීමෙන්
ඡායාරූපයේ පෙනුමත් අගයත් වෙනස් වෙනවා.


===================================================================
සත්‍යජිත් රායි චිත්‍රශිල්පියෙක්.
කුරොසාවාත් චිත්‍රශිල්පියෙක්.

ඔවුන් දෙදෙනාම
කතාවේ රිද්මය පිළිබඳව වගේම
රූප රාමුවල සුන්දරත්වය සහ
අවස්ථානුරූප ගැලපීම
ගැන සැලකිලිමත් වුණා.
http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/703563_4097692767363_1079411040_o.jpg

අපරාජිතෝ චිත්‍රපටයේ
මේ රූප රාමුවෙහි බැතිමතුන් කණඩායම අසල
එල්ලා ඇති සුදු රෙද්ද සහ අසල වේදිකාව මත ඇති අට්ටාලය
රූප රාමුවේ රිද්මය පවත්වාගෙන රසිකයා පහසුවෙන්
රායිට අවශ්‍ය සීමාවේ රඳවාගන්න සිතා මතා සකස් කළ උපක්‍රම විය යුතුයි
බැතිමතුන් කණ්ඩායම සහ
හරිහර මතු කරල පෙන්වන්න
රායි යෙදූ උපක්‍රම නැත්නම් මේ රූප රාමුවෙන්
ඇතිකරන ප්‍රතිඵලය දුර්වල වෙනවා.

මේ රෙද්ද නැති වුණාම
කණ්ඩායම ගඟ දිසාවට
ගලා යාමක් දැනෙනවා..

සුදු රෙද්ද නිසා
හැදෙන හැඩයෙන් ඒක වළකිනවා.
සුදු රෙද්දක් එතන එල්ලන්න
වෙනත් ප්‍රායෝගික හේතුවක් නැහැ.

ඒ වගේම අට්ටාලය නැති වුණාම
ඇපේ ඇස දුවන්නෙ ඈත දියඹටයි..

අට්ටාලය නැති වුණාම
රෙද්ද මතුවෙලා පෙනෙනවා.
රෙද්ද නැති වුණාම
අට්ටාලයත් මතුවෙනවා.

ඒ දෙකම නැති වුණාම
වේදිකාව සහ
මුහුද මතුවෙනවා.

මේ හතර එකිනෙක සසඳා බැලීමෙන්
එම වස්තූන් වල වටිනාකම
පැහැදිලිවෙනවා.
========================
මේ අට්ටාලය මීට කලින්
ගං ඉවුරෙ දර්ශන පෙන්වද්දි
ඒ රූප රාමු වල නැහැ.
http://2.bp.blogspot.com/-O4D5O2NOwnY/UMFo4XZ3AsI/AAAAAAAAGlE/IjNym2_Nbes/s1600/Aparajitho017.png 
==========================================================
ඇසේ පාට විතරක් වෙනස් කළා..
ඇස විතරක් නෙමෙයි වෙනස් වෙලා පෙනෙන්නෙ...
මුළු ඡායාරූපයම  කළු සුදු වෙලා..
ඇස් දෙක ඇඟිලි දෙකකින් වැහුවාම
දෙක සමානව පෙනෙනවා.



මෙයින් එකක් හොඳයි කියල හිතෙන්නෙ
එකිනෙකාගෙ රුචිකත්වය අනුවයි..

රුප ගත කොට ඇත්තේ Brad Wilson.
ඔක්කොම පින්තුර මෙතනින් බලන්න
http://www.seyaru.tk/2013/01/brad-wilson.html
==================================================

වම් ඇසේ Highlight එකක් නැති එක අඩුවක්..

ඇසේ ත්‍රිමාණ බව අඩු වෙලා.

දකුණු පැත්තෙ ඡායාරූපයට ඇහේ සුදු තිත එක් කළා.
වෙන කිසිම වෙනසක් කරලා නැහැ..

ඇසේ Highlight එක නැති අඩුව.........


  ==========================================================

 කවුලුව විතරක් කළු කළා..
මුළු ඡායාරූපයම කළු සුදු වෙලා පෙනෙන්නෙ..
අනික් ඡායාරූපයෙ
වර්ණවත් බවට
කවුලුවෙ වර්ණය බලපානවා.
කවුලුවෙ එළිය හැමතැනම විහිදිලා වගේ.

කවුලු දෙක ඇඟිලි දෙකකින් වැහුවාම
දෙක සමානව පෙනෙනවා.

මෙයින් එකක් හොඳයි කියල හිතෙන්නෙ
එකිනෙකාගෙ රුචිකත්වය අනුවයි..

වඩා අවධානය යොමු කළ යුත්තෙ
කවුලුව තියනකොට
ඒ වර්ණය නිසා ඒ ඡායාරූපයෙ
අනික් එකට වඩා
වර්ණවත් ගතියක් පෙනීමයි..

වෙනස් කම් ඉතා සියුම්..

ඒත් එවැනි සියුම් වෙනස්කම් සෙවීමෙන්
ශිල්පියාගෙ දැක්ම තියුණු වෙනවා.
 
  ==========================================================







ඉසුරු කියන නමත් සයිකලයත් අතර
අදෘශ්‍යමාන ත්‍රිකෝණයක් හැදෙනවා.
මොහොතක් බලා ඉන්න..
Photo by Isuru Rajapakshaඅත්සන නැති ඡායාරූපය තමයි
ඉසුරුගෙ සැබෑ දැක්ම.

එහි තියන හුදකලාව
ඉසුරුගෙන්ම බිඳිලා..

======================================================================
Photo by Roland Lasantha

 ඡායාරූපයක තිතක් වුණත් වැදගත්..

     Roland Lasantha
Light එක ඇසට බාධාවක් ද ?

      Athula Siriwardhane 
නැහැ...Roland...
    ඒ තිත ප්‍රධාන චරිතයක්..
    ඒක ඔවුන්ගෙ අරමුණ වගෙයි..

හේතු කීපයක් මත මේ තිත වැදගත්..
    1, සිතිජය මත ස්ථානගත වීම
    2, 1ට 2 අනුපාතයට ස්ථානගත වීම
    3, මේ මිනිසුන්ගෙ අවධානය යොමුවූ දිසාව වීම..
    4, මුළු රූපයේම එකම සුදු පැල්ලම වීම.
    5, අනික් හැඩතල හා රේඛා ඒ දෙසට යොමු වීම.
Roland Lasantha 
මට ඇති උන ප්‍රශ්නය තමයි ඔබ ෆොටෝ දෙක තිත ඇති සහ තිත නැති රූප දෙකක් කලානෙ ,
ඊට පස්සෙ කෝණ දෙකක් එක්ක ෆොටෝ දෙක දැම්ම නෙ ,
මට එතකොට හිතුනෙ
තිත ඇති රූපය දිගු කතාවක් සහ තිත නැති රූපය කෙටි කතාවක් බව.
=
Athula Siriwardhane .
ඔව්.. එහෙම කියන්නත් පුලුවන්.

තිත ඇති රූපයෙ දෙන්නාට
අනාගතයක් තියනවා.

අනික් රූපයෙ දෙන්නාට එහෙම නැහැ..

 ======================================

 ප්‍රධාන ඡායාරූපය ගැන මම කිව්ව බොහෝ දේ
දෙවැන්නටත් අදාළයි...
 
    ඒත් දෙවැන්නෙ තිත ස්ථාන ගත වීම
    ටිකක් දකුණට බර වැඩියි..
========================================================

තිත - ලක්ෂ්‍යය හැසිරෙන ආකාරය

=======================================================================

20121123

සත්‍යජිත් රායිගෙ අපුර් සංසාර්.... හොඳ අභ්‍යාසයක්.

http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash3/527557_3915708617873_799285841_n.jpg
සත්‍යජිත් රායිගෙ අපුර් සංසාර්


අලුත් වැඩක් කළා.
කළා නෙමෙයි වුණා.

 සත්‍යජිත් රායිගෙ
අපුර් සංසාර් බැලුවා.


බලද්දි මට හිතුණා
හොඳ රාමු ටිකක් අරන්
FB දාන්න ඕන කියල.

චිත්‍රපටයක සිදුවෙන තත්පරයක චලනයක්
අවම වශයෙන් රූප රාමු 24ක සටහන් වෙනවා.
කොයිතරම් හොඳ සිනමාරූප ශිල්පියෙකුගෙ වුණත්
මේ රූප රාමු  සියල්ලම හොඳ ඡායාරූප කියන්න බැහැ.

ඒ රූප රාමු ගලා යද්දි
එයින් අපේ සිත්ගන්නා රූප රාමු තෝරාගෙන
ඡායාරූප විදියට පිටපත් කරගන්න අපට පුලුවන්.

අරමුණ සමස්ත ඡායාරූපයත් සමග දකින්නත්
අරමුණ ඡායාරූපයේ රිද්ම රටා සමග
හොඳින් සැසඳෙන අවස්ථා වලදි
ක්ලික් කරන්නත් හුරු වීමෙන්
ඒ හුරුව සාමාන්‍ය ජීවිතේ
ඡායාරූප ගන්නා විටත්
උපයෝගී වෙනවා.

VLC player එකේ Shift + S ගැහුවාම
රාමුව Folder එකකට කොපි වෙනවා.

නවක ඡායාරූප ශිල්පීන්ට
හොඳ අභ්‍යාසයක්..
ඒක හරියට හොඳට හදපු පසුබිමක
නිදහසේ ඡායාරූප ගන්නවා වගෙයි.

අනාවරණය ආදිය ගැන
කරදර වෙන්න ඕනත් නෑ.

රාමුව දිහා බලන් ඉඳල
හොඳට ස්ථාන ගතවෙන තුරු බලා ඉඳල,
හොඳ හැඟීමක් එනතුරු බලා ඉඳලා
ගන්න පුලුවන්.

පසුබිමට අදාලව ස්ථානගත කිරීමත්,
තීරණාත්මක මොහොතෙදි ක්‍රියාත්මක වෙන්නත්
ඉබේම හුරුවෙන්න හොඳ අභ්‍යාසයක්.

රායි, කුරොසාවා,බර්ග්මාන් වගේ
විශිෂ්ඨ සිනමා කරුවන්ගෙ
චිත්‍රපටි තෝරා ගැනීමෙන්
ඇසටත් හිතටත් ලැබෙන
පුහුණුවත් හොඳයි.