20121118

DIGITAL සංස්කරණ ක්‍රමෝපායන්...



ගීතයක පදමාලාව රචකයාගේ අස්වැන්නය.
එහි සංගීත නිර්මාණය සංගීතඥයාගේ අස්වැන්නය.
ගීතය ගායකයාගේ අස්වැන්නය.

ඔවුහු අස්වැන්න නෙළාගනිද්දී
අවශ්‍යදේ තෝරාගෙන
අනවශ්‍ය දේ ඉවත් කරති.
පදමාලාවෙහි හැඟීම තීව්‍ර කිරීමෙන්
ගායකයා හා සංගීතඥයා සිය අස්වැන්න නෙළා ගනිති.

සංස්කරණයද ඡායාරූප ශිල්පියාගේ
අස්වැන්නට බලපාන ප්‍රධාන සාධකයකි.


Photo by Kasun Chandima

--------------------------------------------------------------------
සංස්කරණ කළ විදිය පිළිවෙලින් ...
 --------------------------------------------------------------------
මෙහි මා සෙවූ රිද්මය.
http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/548086_3832542098762_1044057912_n.jpg 
මේ රිද්මය මතු කරගන්නට එළිය-අඳුර උපයෝගී කරගත්තා.


මේ සංස්කරණය කළේ
Lee Jefreesගෙ ශෛලිය අනුසාරයෙන්.

මෙවැනි ඩිජිටල් සංස්කරණ ක්‍රම වලදී
ආරම්භයේ සිටම, අනිවාර්යයෙන්ම
මතක තබාගතයුතු කරුණක් තියනවා.

අපි වැඩ කරන්නෙ
පැතලි ද්විමාන රූපයක් සමගයි.
ඒත් අපි ඉදිරිපත් කරන්නෙ
ත්‍රිමාණ වස්තුවක ස්වරූපයෙන්.
රසිකයා එම රූපය විඳින්නෙ
ත්‍රිමාණ වස්තුවක් හෝ
ත්‍රිමාණ පුද්ගලයෙක් ලෙසයි.

සංස්කරණය කරන මුලු කාලය තුළම
එම ඡායාරූපය සමග
අපිත් ක්‍රියා කළ යුත්තෙ
හිස් අවකාශයක පෙනෙන, දැනෙන
ත්‍රිමාණ වස්තුවක් හෝ
ත්‍රිමාණ පුද්ගලයෙක් ලෙසයි.

විශේෂයෙන්ම
යම් ප්‍රදේශයක් අඳුරු කරන්නට
ඉහළ ලයෙර් එකක කලු යොදන විට
මේ ත්‍රිමාණරූපී ආකල්පය ඉතාම වැදගත්.

කලු යෙදීමෙදි එම ප්‍රදේශ වල විස්තර අඩුවෙනවා.
එම ප්‍රදේශ පැතලි වෙනවා.
උවමනාවෙන්ම පැතලි බවක් දෙනවා නම් හැර
ඕනම රූපයකට මේ ත්‍රිමාණ රූපී ආකල්පය අදාලයි.

අඳුරු කිරීම කරන්නට
Multiply, Overlay වැනි Layer Mode
යොදා ගැනීම වඩාත් සුදුසුයි.

සියුම් මතු කිරීම් සහ අඳුරු කිරීම් සඳහා
Burn සහ Dodge tools උපයෝගී කරගන්නවා.

 Photo by Yasantha Buddhika Gamage
මෙවැනි ඡායාරූපයක් සකසද්දි
ක්‍රමෝපාය දෙකකින් එකක්
තෝරාගන්න පුලුවන්.

1, ඡායාරූපයෙ ඉන්න පුද්ගලයාගේ
සැබෑ ස්වභාවය මතු කිරීම.
ඒ සඳහා ඔහුගේ චරිත ස්වභාවයන් පිළිබඳව
මනා අවබෝධයක් තිබිය යුතුයි.

2, ඡායාරූපයෙන් මතු කර ගත හැකි
උපරිම හැඟීම මතු කර ගැනීම.
එහිදී පුද්ගලයාගේ චරිත ස්වභාවය
වෙනස් විය හැකියි.
බොහෝ සෙයින් වෙනස් විය හැකියි.

ලී ජෙෆ්‍රීස් අනුගමනය කරන්නේ
මින් දෙවෙනි ක්‍රමය බව
මා විශ්වාස කරනවා.

මාත් ප්‍රිය කරන්නේ සහ හදාරන්නේ
දෙවැනි ක්‍රමයයි.

ශෛලියක් හදාරන කෙනෙක් කලින් කලට එම ශෛලිය
අනුකරණය කරල බලන එක හොඳ අභ්‍යාසයක්.

ඒ වගේම
කිසිම කෙනෙකුගෙ ශෛලියකට
කොටු නොවෙන්නත් ප්‍රවේශම් විය යුතුයි.

  
   මේ ලිපියත් බලන්න.


===========================================================================



PHOTOSHOP භාවිතයෙන් ඉතා පහසුවෙන්
ඉහත දැක්වෙන ආකාරයට සංස්කරණය කරන ක්‍රමෝපායන්  
පියවරෙන් පියවර දැක්වෙන 

Simple Image Retouching in Photoshop

පහසු පියවර කිහිපයක් සහිත ඉතා සරල ක්‍රමයකි.
===========================================================================
http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-prn1/68692_4095839561034_770459653_n.jpg
Photo by Sameera Weerasiri
සංස්කරණ කළ විදිය පිළිවෙලින් ...
1- Screen mode layer 72% + Masking the dark areas.. 
2- overlay + High pass Filter..
 Download PSD file
  ===========================================================================

    Adjustment layers


 Adjustment layers සාමාන්‍ය ෆොටොශොප් ලේයෙර් වගේමයි.

Brightness, contrast වගේ වෙනස්කම් 
විනිවිද දක්නා සුළු Adjustment ලේයෙර් එකකට
එක් කරන්න පුලුවන්.
එම ලේයර් එක තවත් ලේයර් එකක් හෝ
කිහිපයක් මත යොදන්න පුලුවන්.
එයින් මුල් ලේයර් වල තියෙන දේ
වෙනස් වෙන්නෙ නැහැ.
ඒත් Adjustment ලේයර් එක  හරහා බලද්දි
අපි යොදන වෙනස සමග අර ලේයර් එක හෝ
කිහිපය දකින්න පුලුවන්.
Adjustment ලේයර් 
ඕනම අවස්ථාවක වෙනස් කරන්න පුලුවන්.
මුල් ලේයර් වල තියෙන දේ වෙනස් වෙන්නෙ නැහැ.

12 Ways to Create an Adjustment layer:
1) Go to Layer > New Adjustment Layer >

2) Click on the icon for adjustment layers > ඔබට අවශ්‍ය වෙනස තෝරාගන්න.
    Larger version

http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-snc7/579587_3826065816859_465089628_n.jpg


ඔබට වෙනස්කම් එකතු කළ හැකි Adjustment Layer වර්ග 12ක් මෙහි දක්වමු.


    Solid Color
    යම් වර්ණයක් පදාසයක් මෙන් ලේයර් එකක් යෙදීම

    Gradient
    Gradient ලේයර් එකක් යෙදීම

    Pattern
    කලින් සකස් කොට Save කොට තබා ගත් ලේයර් එකක් යෙදීම

    Levels
    ආලෝකය, අඳුර සහ මධ්‍යම තානමය ගුණ වෙනස් කරන ලේයර් එකක් යෙදීම.

    Curves
    උපරිම ආලෝකය සහ උපරිම අඳුර වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම.

    Color Balance
    Adjust the colors of highlights, mid tones and shadows
වෙන වෙනම වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම..

    Brightness/Contrast
    Brightness සහ contrast වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම

    Black and White

     කළු සුදු රූපයක් බවට වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම

    Hue/Saturation
    The saturation and lightness or darkness  පාලනය කරන ලේයර් එකක් යෙදීම

    Selective Color
    වර්ණ වල ප්‍රතිශතය  වෙනස් කරන වර්ණයක් තද හෝ ළා පාට කරන ලේයර් එකක් යෙදීම

    Channel Mixer
    රතු නිල් සහ කොළ චැනල් වෙන වෙනම වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම.

    Gradient Map
    තෝරාගත් වර්ණ පදාස මත වෙන වෙනම එක බැගින් යෙදීම..

    Invert
    වර්ණ සියල්ල ඒවායේ ප්‍රති විරුද්ධ වරණයට වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම....

    Threshold
    තනි කළු හා සුදු බවට වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම..ඔබට Tones පාලනය කළ හැක.

    Posterize
    වර්ණ සීමාසහිත කිරීමට සඳහා ලේයර් එකක් යෙදීම.

 මෙම වෙනස්කම් කෙළින්ම ලේයර් එකකට යෙදීමෙන් නැවත එය වෙනස් කිරීමේ අවස්ථාව නැතිවන නමුදු Adjustment ලේයර් එකක් යෙදීමෙන් ඕනෑම අවස්ථාවක එම වෙනස සංස්කරණය කළ හැක.

7 comments:

  1. apita mehema danuma dena ekata obata thuthi.

    ReplyDelete
  2. Photoshop padamakuth thibba nam maru

    ReplyDelete
  3. .
    බොහෝ විට
    සංස්කරණය ප්‍රතික්ෂේප කරන්නෙ
    සංස්කරණය නොදන්නා
    ඡායාරූප ශිල්පීන්..
    ඔවුන් කළ යුතු හොඳම දේ
    හැකි ඉක්මණින්
    සංස්කරණය ඉගෙනීමයි.

    ඩිජිටල් එන්නත් කලින්
    ඡායාරූප ශිල්පීන්
    ඡායාරූප මුද්‍රණයේදී
    සිදුරු සහිත කාඩ්බෝඩ්,
    පුලුන් ගුලි ආදිය ආධාරයෙන්
    ස්ංස්කරණය කළා.

    ඒත් බොහෝ නවකයන්
    සංස්කරණය තුලින්
    හොඳ ඡායාරූප බාල කිරීම
    සංවේගජනකයි.

    ශිල්පියා එක්කෙනෙක් නම්
    කැමරාවෙන් ක්‍රොප් කළත්
    පරිගණකයෙන් ක්‍රොප් කළත්
    තීරණ ගැනීමෙ වෙනසක් නැහැ.

    අවස්ථාව වෙනස්.

    එකක් ත්‍රිමාණ දර්ශනයක් හරහා
    ගලා යන කාලයෙන්
    මොහොතක්.
    අනික එසේ නතර කරගත්
    ද්විමාන මොහොතක්..

    ReplyDelete
  4. මෙය ඇත්තෙන්ම වටිනා ලිපියක් සර්

    ReplyDelete