20121107

නවක ඡායාරූප ශිල්පීන්ට ස්වයං අධ්‍යයනයක්

නවක ඡායාරූප ශිල්පීන්ට ස්වයං අධ්‍යයනයක් සඳහා
දළ ප්‍රශ්න මාලාවක්...

01, ඡායාරූපයක් යනු කුමක්ද?

02, ඔබ ඡායාරූප ගැනීම ප්‍රිය කරන්නේ මන්ද?

03, ඔබ දකින්නට වඩාත් ප්‍රිය කරන ඡායාරූප මොනවාද?

04, ඔබ ගන්නට වඩාත්ම ප්‍රිය කරන ඡායාරූප මොනවාද?

05, හොඳ ඡායාරූපයක ඔබ අගය කරන ලක්ෂණ මොනවාද?

06, ඔබ ඡායාරූපයක් ඉවත ලන සාධක මොනවාද?

07, ඡායාරූප ශිල්පය ඔබේ වෘත්තියද, විනෝදාංශයද?

08, ඡායාරූපයක් ගැනීමට ඔබ පොළඹවන සාධක මොනවාද?

09, ඡායාරූපකරණයේදී ඔබ අධෛර්ය කරවන සාධක මොනවාද?

10, ඡායාරූපකරණයට ඔබ යොමුවූ මුල්ම උත්තේජනය ලැබුණේ කෙසේද?

11, ඔබ වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් නම්
මීට වඩා ආදායම් ලැබෙන වෘත්තියක්  සඳහා ඡායාරූපකරණය අත් හරිනවාද?

12, ඔබ වෙනත් වෘත්තියක යෙදෙන්නෙකු නම්
අඩු ආදායමක් මත වුවත් වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන්නට කැමතිද?

13, ඡායාරූප පසු සංස්කරණයට බඳුන් කළ යුතුද? ඒ මන්ද?

14, ඔබ ඡායාරූප සංස්කරණයේ යෙදෙනවාද?

15, ඡායාරූපකරණයේදී උපයෝගී වන සිද්ධාන්ත, මූලධර්ම හා රීති මොනවාද?

16, ඡායාරූපකරණයේදී ආලෝකය හා අඳුර වැදගත්වන්නේ කෙසේද?

17, ඔබට ඡායාරූපකරණයේදී ආලෝකය හා අඳුර  කොතරම් පාලනය කළ හැකිද.?

18, පවතින ආලෝකය හා ආලෝකකරණ වල වාසි අවාසි මොනවාද?

119, ඡායාරූපකරණයේදී ආලෝකය අඳුර හා තානමය ගුණ (High lights, Shadows and Mid tones) අතර රිද්මය කොතරම් වැදගත්ද?

20, ඡායාරූපකරණයේදී වර්ණ වල එකිනෙකට ඇති බලපෑම කෙබඳුද?

21, වර්ණ වර්ගීකරණය වන්නේ කෙසේද?

22, වර්ණ එකිනෙක හා සංගත වීම හා එකිනෙක අතර සංඝටනය ඡායාරූපයට බලපාන්නේ කෙසේද?

23, ඡායාරූපයකට වැදගත්වන  මූලික හැඩ හා හැඩතල මොනවාද?

24, සම්පිණ්ඩණය යනු කුමක්ද?

25, ඡායාරූප සම්පිණ්ඩණයේදී බලපාන  ඔබ දන්නා සිද්ධාන්ත, මූලධර්ම හා රීති මොනවාද?

26, ඡායාරූප සම්පිණ්ඩණයේදී බලපාන සාධක මොනවාද?

27, ඒ සාධක අතර රිද්මය ඡායාරූපයට බලපාන්නේ කෙසේද?

28, රිද්මයට බලපාන සාධක මොනවාද?

මේ ලැයිස්තුවට එක්කළ හැකි ප්‍රශ්න ඇත්නම් ඉදිරිපත් කරන්න.

මීට තවත් ගැටළු එක් කළයුතුයි.
මේ ගැටළු බොහෝදුරට සංස්කරණය කල යුතුයි.
අමුවෙන්ම ඉදිරිපත් කරන්නේ
ප්‍රතිචාර අනුව අවශ්‍ය වුණොත්
පසුව සංස්කරණය කිරීමේ
බලාපොරොත්තුවෙනුයි.
----------------------------Athula Siriwardhane

2 comments:

  1. mama nawakayek me visthra beluwama kohoma thanks karannada kiyala hitha ganna be.

    ReplyDelete