Janaka Wijekoonගේ මේ ලස්සණ ඡායාරූපය
විවිධ වෙනස්කම් කරමින් විමසා බලමු.
සමස්ත ඡායාරූපය සැබෑ දර්ශනයක් සේ විඳින විට
සිදුකළ සංස්කරණ මත ඔබට ඇතිවෙන හැඟීම් වල වෙනස කුමක්ද?.
වෙනස හොයාගන්න බැරි වුණත්
වෙනස දැනෙනවා නම් වටිනවා.
සමස්ත ඡායාරූපය සැබෑ දර්ශනයක් සේ විඳින්න.
මොකක්ද වෙනස කියල පෙනෙවි...
ඇතිවෙන හැඟීම් දෙක සසඳලා බලන්න.
හොයල බලද්දි
වෙනස පෙනෙනවා නම් හොඳයි..
වෙනස අපිට බලපාන හේතුත් පෙනෙනවා නම්
ඉතාම හොඳයි
මේ පිළිබඳ Facebook සංවාදයක කොටස් කිහිපයක්.
------------------------------------------------------------------------
- Athula Siriwardhane .මම කරපු වෙනස හොයන්න එපා..
හිතට දැනෙන වෙනස හොයන්න.
------වෙනසක් තියනවා. - Shiroz S Manawadu mata penune ehemai...mona hethuwak nisada manda...---------------------------------------------------------------------------------------------------
- Janaka Wijekoon වර්ණ වල වෙනසක් නං මට දැනෙන්නෙ නැහැ... ඒත අර ලයිට් 1 අරන් දාල තියන නිසා සහ තනි ලයිට් කනුව පින්තූරය මැද්දෙ තියන නිසාවෙන් තනි වුන ගතියක් සහ අඳුරු මූසල ගතියක් නං දැනෙනව මට.
මං ඒ ලයිට් 1 තියන්න හේතුව , නිසොල්මනේ ගලා බසින ගඟයි, රූපයේ මැද තනිවුන ලයිට් කනුවයි, ඒ ගොඩනැගිල්ලෙ තනිවම තියන ලයිට් 1 සමබර වුන වගෙ කියල හිතුන.
මාත් මුලින්ම ඔය පින්තුරය LR වලට ඇඩ් කළ ගමන් කළේ ඔය ටික කලු කරන්න උත්සහ කළ දේ තමයි.. නමුත් මට ඊට වඩා මගේ 1 දැනෙනව - Athula Siriwardhane .
ජනකගෙ තීරණය සහ දැක්ම
ඉතාම නිවැරදියි.
ඒ එක පුංචි ලයිට් එක
මුළු ඡායාරූපයම
යම් පමණකට ආලෝකවත් කරනවා.
මමත් මේ මොහොතෙ
පුද්ගලිකව වඩා ප්‍රිය කරන්නෙ
පළමුවැන්න තමයි.
හිත දුක්මුසු වුණ වෙලාවක
අපි දෙවැන්නට කැමති වෙන්නත් පුලුවන්.
ජනකට දුක හිතුණ වෙලාවක
නැවත බලන්න.
ඒක තියනවාද නැද්ද කියල
ගන්න තීරණය කුමක් වුවත්
ඡායාරූප ශිල්පියෙකුට
ඡායාරූපයක තිතක් වුණත් වැදගත්.
ඡායාරූපයක් ගනිද්දිත්
සංස්කරණය කරද්දිත්
මේ වෙනස දකින්න තරම්
සියුම් ඇහැක් ඔහුට තිබිය යුතුයි.
ඒ වගේම මේ විදියටම
ඡයාරූපයට ඍජුව බලපාන අංග
සිතින් දකින්නත්
කරල බලන්න කලින්
සිතින්ම ඉවත් කරල
අනුමාන කරල බලන්නත්,
ඉන් පසුව තමන් නිවැරදිද කියලා
පිරික්සා බලන්නත් පුරුදු වීම
හොඳ හුරුවක්.
මා පළ කරන මෙවැනි බොහෝ දේ
මගේ අවශ්‍යතාවයට
හැදෑරීමක් විදියට
කරන සංස්කරණ.
--------------------------------------------
මම මේ ඡායාරූපයෙහි
මේ වගේ තවත් දේ ඉවත් කරමින්
පර්යේෂණය දිගටම කළා.
==================================================================
මෙහි එක ආලෝක පුංජයක් රත් පැහැ කළා.
සමස්ත ඡායාරූපය සැබෑ දර්ශනයක් සේ විඳින්න.
මොකක්ද වෙනස කියල පෙනෙවි...
ඇතිවෙන හැඟීම් දෙක සසඳලා බලන්න.
මොකක්ද වෙනස කියල හිතන්න..හැඟීම් දෙක සසඳලා බලන්න.
ඉතිරි වළාකුළ ගුවන් යානයක් වගේ..
මුලු ඡායාරූපයම දකුණට බරයි.
දෘශ්‍ය කලා කරුවෙකුට
ඉතාම හොඳ අභ්‍යාසයක්.
මේ ලබන පුහුණුව
ඡයාරූප ගනිද්දිත්
සංස්කරණය කරද්දිත්
ක්‍රියාත්මක වෙන්න පටන් ගනීවි.
ඡායාරූප සිය ගණනක් ගත්තත් නොලැබෙන
පුහුණුවක් මෙයින් ලැබෙනවා.
රාමුවකට කොටු කරගන්න හැම දෙයක්ම
වැඩියෙන් හරි අඩුවෙන් හරි
ඒ රාමුවෙන් කියන කතාවට වැදගත්.
ඡායාරූපය විශිෂ්ඨ නම්
එහෙම කළාම සිදුවෙන වෙනසත්
ඉතාම පැහැදිලියි.
කලාවෙදි කියන දෙයක් තමයි,
හොඳ කලාකෘතියකට
යමක් අලුතෙන් එකතු කරන්නවත්
එයින් යමක් අයින් කරන්නවත් බැහැ
කියන දේ.
Frank Frazetta කියන
චිත්‍රශිල්පියා කියල තියනවා
පුලුවන් කෙනෙක් ඉන්නවනම්
එයාගෙ චිත්‍ර දියුණු කරල පෙන්නන්න කියල.
අවුරුදු පණහක් විතර කාලයක් තිස්සෙ
කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ.
======================================================
ඉතාම හොඳ ඡායාරූපයක්.ආලෝක රටාව හරිම ප්‍රියයි.
ක්රොප් එක සහ සම්පිණ්ඩනයත් විශිෂ්ඨයි.
වම් කණ අසල තියන
පුංචි පදාස දෙක නිසා
හැදෙන හැඩතලය නිසා
මෙහි අගය ඉතාම ඉහළ ගිහින්..
ඒ පදාස දෙක ඉවත් කිරීමෙන්
ඡායාරූපයේ පෙනුමත්
අගයත් වෙනස් වෙනවා.
වම් කණ අසල තියන පුංචි පදාස දෙක ඉවත් කිරීමෙන්
ඡායාරූපයේ පෙනුමත් අගයත් වෙනස් වෙනවා.
===================================================================
සත්‍යජිත් රායි චිත්‍රශිල්පියෙක්.
කුරොසාවාත් චිත්‍රශිල්පියෙක්.
ඔවුන් දෙදෙනාම
කතාවේ රිද්මය පිළිබඳව වගේම
රූප රාමුවල සුන්දරත්වය සහ
අවස්ථානුරූප ගැලපීම
ගැන සැලකිලිමත් වුණා.
අපරාජිතෝ චිත්‍රපටයේ
මේ රූප රාමුවෙහි බැතිමතුන් කණඩායම අසල
එල්ලා ඇති සුදු රෙද්ද සහ අසල වේදිකාව මත ඇති අට්ටාලය
රූප රාමුවේ රිද්මය පවත්වාගෙන රසිකයා පහසුවෙන්
රායිට අවශ්‍ය සීමාවේ රඳවාගන්න සිතා මතා සකස් කළ උපක්‍රම විය යුතුයි
සමස්ත ඡායාරූපය සැබෑ දර්ශනයක් සේ විඳින්න.
මොකක්ද වෙනස කියල පෙනෙවි...
ඇතිවෙන හැඟීම් දෙක සසඳලා බලන්න.
---------------------------------------------------------------------------------------------------
මෙහි එක වළාකුලක් ඉවත් කළා.මොකක්ද වෙනස කියල හිතන්න..හැඟීම් දෙක සසඳලා බලන්න.
ඉතිරි වළාකුළ ගුවන් යානයක් වගේ..
මුලු ඡායාරූපයම දකුණට බරයි.
දෘශ්‍ය කලා කරුවෙකුට
ඉතාම හොඳ අභ්‍යාසයක්.
මේ ලබන පුහුණුව
ඡයාරූප ගනිද්දිත්
සංස්කරණය කරද්දිත්
ක්‍රියාත්මක වෙන්න පටන් ගනීවි.
ඡායාරූප සිය ගණනක් ගත්තත් නොලැබෙන
පුහුණුවක් මෙයින් ලැබෙනවා.
රාමුවකට කොටු කරගන්න හැම දෙයක්ම
වැඩියෙන් හරි අඩුවෙන් හරි
ඒ රාමුවෙන් කියන කතාවට වැදගත්.
ඡායාරූපය විශිෂ්ඨ නම්
එහෙම කළාම සිදුවෙන වෙනසත්
ඉතාම පැහැදිලියි.
කලාවෙදි කියන දෙයක් තමයි,
හොඳ කලාකෘතියකට
යමක් අලුතෙන් එකතු කරන්නවත්
එයින් යමක් අයින් කරන්නවත් බැහැ
කියන දේ.
Frank Frazetta කියන
චිත්‍රශිල්පියා කියල තියනවා
පුලුවන් කෙනෙක් ඉන්නවනම්
එයාගෙ චිත්‍ර දියුණු කරල පෙන්නන්න කියල.
අවුරුදු පණහක් විතර කාලයක් තිස්සෙ
කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ.
======================================================
Photo by Nilantha Gamage |
ක්රොප් එක සහ සම්පිණ්ඩනයත් විශිෂ්ඨයි.
වම් කණ අසල තියන
පුංචි පදාස දෙක නිසා
හැදෙන හැඩතලය නිසා
මෙහි අගය ඉතාම ඉහළ ගිහින්..
ඒ පදාස දෙක ඉවත් කිරීමෙන්
ඡායාරූපයේ පෙනුමත්
අගයත් වෙනස් වෙනවා.
වම් කණ අසල තියන පුංචි පදාස දෙක ඉවත් කිරීමෙන්
ඡායාරූපයේ පෙනුමත් අගයත් වෙනස් වෙනවා.
===================================================================
සත්‍යජිත් රායි චිත්‍රශිල්පියෙක්.
කුරොසාවාත් චිත්‍රශිල්පියෙක්.
ඔවුන් දෙදෙනාම
කතාවේ රිද්මය පිළිබඳව වගේම
රූප රාමුවල සුන්දරත්වය සහ
අවස්ථානුරූප ගැලපීම
ගැන සැලකිලිමත් වුණා.
අපරාජිතෝ චිත්‍රපටයේ
මේ රූප රාමුවෙහි බැතිමතුන් කණඩායම අසල
එල්ලා ඇති සුදු රෙද්ද සහ අසල වේදිකාව මත ඇති අට්ටාලය
රූප රාමුවේ රිද්මය පවත්වාගෙන රසිකයා පහසුවෙන්
රායිට අවශ්‍ය සීමාවේ රඳවාගන්න සිතා මතා සකස් කළ උපක්‍රම විය යුතුයි
බැතිමතුන් කණ්ඩායම සහ
හරිහර මතු කරල පෙන්වන්න
රායි යෙදූ උපක්‍රම නැත්නම් මේ රූප රාමුවෙන්
ඇතිකරන ප්‍රතිඵලය දුර්වල වෙනවා.
මේ රෙද්ද නැති වුණාම
කණ්ඩායම ගඟ දිසාවට
ගලා යාමක් දැනෙනවා..
සුදු රෙද්ද නිසා
හැදෙන හැඩයෙන් ඒක වළකිනවා.
සුදු රෙද්දක් එතන එල්ලන්න
වෙනත් ප්‍රායෝගික හේතුවක් නැහැ.
ඒ වගේම අට්ටාලය නැති වුණාම
ඇපේ ඇස දුවන්නෙ ඈත දියඹටයි..
අට්ටාලය නැති වුණාම
රෙද්ද මතුවෙලා පෙනෙනවා.
රෙද්ද නැති වුණාම
අට්ටාලයත් මතුවෙනවා.
ඒ දෙකම නැති වුණාම
වේදිකාව සහ
මුහුද මතුවෙනවා.
මේ හතර එකිනෙක සසඳා බැලීමෙන්
එම වස්තූන් වල වටිනාකම
පැහැදිලිවෙනවා.
==========================================================
ඇසේ පාට විතරක් වෙනස් කළා..
ඇස විතරක් නෙමෙයි වෙනස් වෙලා පෙනෙන්නෙ...
මුළු ඡායාරූපයම කළු සුදු වෙලා..
ඇස් දෙක ඇඟිලි දෙකකින් වැහුවාම
දෙක සමානව පෙනෙනවා.
මෙයින් එකක් හොඳයි කියල හිතෙන්නෙ
එකිනෙකාගෙ රුචිකත්වය අනුවයි..
රුප ගත කොට ඇත්තේ Brad Wilson.
ඔක්කොම පින්තුර මෙතනින් බලන්න
http://www.seyaru.tk/2013/01/brad-wilson.html
ඇසේ Highlight එක නැති අඩුව.........
==========================================================
කවුලුව විතරක් කළු කළා..
හරිහර මතු කරල පෙන්වන්න
රායි යෙදූ උපක්‍රම නැත්නම් මේ රූප රාමුවෙන්
ඇතිකරන ප්‍රතිඵලය දුර්වල වෙනවා.
මේ රෙද්ද නැති වුණාම
කණ්ඩායම ගඟ දිසාවට
ගලා යාමක් දැනෙනවා..
සුදු රෙද්ද නිසා
හැදෙන හැඩයෙන් ඒක වළකිනවා.
සුදු රෙද්දක් එතන එල්ලන්න
වෙනත් ප්‍රායෝගික හේතුවක් නැහැ.
ඒ වගේම අට්ටාලය නැති වුණාම
ඇපේ ඇස දුවන්නෙ ඈත දියඹටයි..
අට්ටාලය නැති වුණාම
රෙද්ද මතුවෙලා පෙනෙනවා.
රෙද්ද නැති වුණාම
අට්ටාලයත් මතුවෙනවා.
ඒ දෙකම නැති වුණාම
වේදිකාව සහ
මුහුද මතුවෙනවා.
මේ හතර එකිනෙක සසඳා බැලීමෙන්
එම වස්තූන් වල වටිනාකම
පැහැදිලිවෙනවා.
========================
මේ අට්ටාලය මීට කලින්
ගං ඉවුරෙ දර්ශන පෙන්වද්දි
ඒ රූප රාමු වල නැහැ.
ගං ඉවුරෙ දර්ශන පෙන්වද්දි
ඒ රූප රාමු වල නැහැ.
ඇසේ පාට විතරක් වෙනස් කළා..
ඇස විතරක් නෙමෙයි වෙනස් වෙලා පෙනෙන්නෙ...
මුළු ඡායාරූපයම කළු සුදු වෙලා..
ඇස් දෙක ඇඟිලි දෙකකින් වැහුවාම
දෙක සමානව පෙනෙනවා.
මෙයින් එකක් හොඳයි කියල හිතෙන්නෙ
එකිනෙකාගෙ රුචිකත්වය අනුවයි..
රුප ගත කොට ඇත්තේ Brad Wilson.
ඔක්කොම පින්තුර මෙතනින් බලන්න
http://www.seyaru.tk/2013/01/brad-wilson.html
==================================================
වම් ඇසේ Highlight එකක් නැති එක අඩුවක්..
ඇසේ ත්‍රිමාණ බව අඩු වෙලා.
දකුණු පැත්තෙ ඡායාරූපයට ඇහේ සුදු තිත එක් කළා.
වෙන කිසිම වෙනසක් කරලා නැහැ..
වම් ඇසේ Highlight එකක් නැති එක අඩුවක්..
ඇසේ ත්‍රිමාණ බව අඩු වෙලා.
දකුණු පැත්තෙ ඡායාරූපයට ඇහේ සුදු තිත එක් කළා.
වෙන කිසිම වෙනසක් කරලා නැහැ..
ඇසේ Highlight එක නැති අඩුව.........
==========================================================
==========================================================
ඉසුරු කියන නමත් සයිකලයත් අතර
අදෘශ්‍යමාන ත්‍රිකෝණයක් හැදෙනවා.
මොහොතක් බලා ඉන්න..
Photo by Isuru Rajapakshaඅත්සන නැති ඡායාරූපය තමයි
ඉසුරුගෙ සැබෑ දැක්ම.
එහි තියන හුදකලාව
ඉසුරුගෙන්ම බිඳිලා..
======================================================================
Photo by Roland Lasantha
ඡායාරූපයක තිතක් වුණත් වැදගත්..
Roland Lasantha
Light එක ඇසට බාධාවක් ද ?
Athula Siriwardhane
නැහැ...Roland...
ඒ තිත ප්‍රධාන චරිතයක්..
ඒක ඔවුන්ගෙ අරමුණ වගෙයි..
ඒ තිත ප්‍රධාන චරිතයක්..
ඒක ඔවුන්ගෙ අරමුණ වගෙයි..
හේතු කීපයක් මත මේ තිත වැදගත්..
1, සිතිජය මත ස්ථානගත වීම
2, 1ට 2 අනුපාතයට ස්ථානගත වීම
3, මේ මිනිසුන්ගෙ අවධානය යොමුවූ දිසාව වීම..
4, මුළු රූපයේම එකම සුදු පැල්ලම වීම.
5, අනික් හැඩතල හා රේඛා ඒ දෙසට යොමු වීම.
මට ඇති උන ප්‍රශ්නය තමයි ඔබ ෆොටෝ දෙක තිත ඇති සහ තිත නැති රූප දෙකක් කලානෙ ,
ඊට පස්සෙ කෝණ දෙකක් එක්ක ෆොටෝ දෙක දැම්ම නෙ ,
මට එතකොට හිතුනෙ
තිත ඇති රූපය දිගු කතාවක් සහ තිත නැති රූපය කෙටි කතාවක් බව.
=
Athula Siriwardhane .
ඔව්.. එහෙම කියන්නත් පුලුවන්.
තිත ඇති රූපයෙ දෙන්නාට
අනාගතයක් තියනවා.
අනික් රූපයෙ දෙන්නාට එහෙම නැහැ..
======================================
ප්‍රධාන ඡායාරූපය ගැන මම කිව්ව බොහෝ දේ
දෙවැන්නටත් අදාළයි...
ඒත් දෙවැන්නෙ තිත ස්ථාන ගත වීම
ටිකක් දකුණට බර වැඩියි..
========================================================
සංගීතය විවිධ හැඟීම් ජනනය කරන බව දැනිලා තිබුනා... නමුත් චිත්‍ර සහ ඡායාරූප නැඟීම් ජනනය කරන බව ඉගෙන ගත්තෙ ඔබෙන්.. ඒ පාර පෙන්නුවාට ඔබට පින්...
ReplyDeleteගොඩක් දේවල් ඉගෙනගත්තා . තව ගොඩක් දුර යායුතු බව වැටහුනා. ස්තුත්යි ..!!
ReplyDeleteයම් කිසි චරිතයක් හෝ සිද්ධියක් ඉවත් කළ විට හෝ වෙනස් කළ විට ඉන් සමස්ත කෘතියෙහි ඒකීය ධාරණාවට මදකුදු හෝ හානි පැමිණේ නම් එකී සිද්ධිය හෝ චරිතය අදාළ කෘතියේ ඓන්ද්‍රීය කොටසක් වන්නේ ය. යම් කිසි චරිතයක් හෝ සිදුවීමක් ඉවත් කළ විට හෝ වෙනස් කළ විට ඉන් කෘතියෙහි ඒකීය ධාරණාවට මදකුදු හානි නොවන්නේනම් එකී සිද්ධිය හෝ චරිතය අදාළ කෘතියෙහි ඓන්ද්‍රිය කොටසක් නොවේ.
ReplyDelete- ඇරිස්ටෝටල්
photo eakak edit karadi rasawidinakota koi tharam sanwedi wenna oneda kiyala hithnakota wena mukuth hithaganna be
ReplyDeleteතිතක් උනත් පින්තූරයකට කොච්චර වැදගත්ද කියල පැහැදිලි කරල දුන්නට ගොඩක් ස්තුතියි අතුල මහත්මයා. පියවරෙන් පියවර සරලව පැහැදිලි උදාහරන පෙන්වමින් කියා දුන් මේ පාඩම ගොඩක් වැදගත් අපි වගේ ආදුනික අයට.
ReplyDelete