20130130

සිරීපාදෙ හෙවනැල්ල ත්‍රිකෝණාකාර ඇයි.?


මීදුම මතට වැටෙන
කන්දක හෙවනැල්ල
කඳු මුදුනේ සිට බලන විට
ත්‍රිකෝණාකාරව පෙනෙන්නේ ඇයි.?

මේ පිළිබඳ මිථ්‍යාමත රැසක් පැවතුණත්
මේ සංසිද්ධිය ලෝකෙ කොහේවත් සිදු නොවෙන
අපූර්ව සිදුවීමක් නෙමෙයි.
කන්ද පහල මීදුම මතට
කන්දක සෙවනැල්ල වැටුණාම දක්නට ලැබෙන
අතිශය ස්වාභාවික සිදුවීමක්.

පර්යාලෝක සිද්ධාන්තයට අනුව
කඳු මුදුනෙහි සිට බලන්නෙකුට
කදම්බය කෙළවර රේඛා දෙක
ඔහුගේ ඇස් මට්ටමේ උසින්
සිතිජයෙහිදී
එක්වෙන්නාක් මෙන් පෙනෙනවා.

හිමාල කඳුවැටියේ එවරස්ට් කඳු මුදුනේ සිට එවරස්ට් කන්දේ ත්‍රිමාණ හෙවනැල්ල
 
කන්ද කුමක් වුවත්
කන්දෙ හැඩය කුමක් වුවත්
ඒ පෙනෙන හැඩය
අනිවාර්යයෙන්ම
ත්‍රිකෝණාකාරයි.

මේ හෙවනැල්ල හැදෙන්නට
හිරු එළිය වැටෙන විට
මීදුම තිබිය යුතුයි.
මෙවැනි හෙවනැල්ලක් හැදෙන්නේ
කන්ද නිසා මීදුමට එළිය නොවැටීමෙනුයි.

හෙවනැල්ල මෙසේ පෙනෙන්නට
කන්ද ත්‍රිකෝණාකාර විය යුතු නැහැ.
සීගිරිය මෙන්
හතරැස් කන්දක් වුණත්
අපට පෙනෙන
සෙවනැල්ල ත්‍රිකෝණාකාරයි.

මේ සිදුවීම සීගිරියෙ සිට
නරඹන්න පුලුවන් කියල
සිතිය නොහැකියි..

මේ රූපය හැදෙන්නට
සීගිරියට හිරු එළිය වැටෙන විට
මීදුම තිබිය යුතුයි.
සීගිරියෙ සිට
සිරීපාදයේ මෙන්
සැතපුම් සීයක විතර දුර
ප්‍රදේශයක මීදුමට
අඳුර වැටිය යුතුයි.
 

හිරුත් සීගිරියත් අතර බාධක නැතිව
අප පසුපසින් නැගෙන හිරු සීගිරිය මුදුනේ සිටින
අපේ ඇස් මට්ටමට වඩා
පහතින් තිබිය යුතුයි.



හිමාල කඳුවැටියේ එවරස්ට් කඳු මුදුනේ සිට
එවරස්ට් කන්දේ ත්‍රිමාණ හෙවනැල්ල



කඳු මුදුනේ සිට මීදුම මත අප දකින සෙවනැල්ල
වස්තුවක් මතට හෝ
වළාකුලු මතට වැටෙන විදියෙ
ද්විමාන හෙවනැල්ලක් නෙමෙයි.


 ද්විමාන හෙවනැල්ලක
වස්තුවේ බාහිර හැඩයම
දකින්න ලැබෙනවා


කඳු මුදුනේ සිට මීදුම මත අප දකින සෙවනැල්ල ත්‍රිමාණ හෙවනැල්ලක්.
අපට පෙනෙන්නෙ
ආලෝකය නොවැටුණ අඳුරු මීදුම නිසා හැදෙන
ඝනත්වයක් ඇති ත්‍රිමාණ හැඩයක්.

 
 .

කන්දෙ හැඩයෙ
විවිධ කඩතොළු තිබුණත්
එයින් අඳුරු මීදුමේ
හැදෙන ඝන හැඩයට
එළියක් අඳුරක් නැති නිසා
ඒ කඩතොළු පෙනෙන්නෙ නැහැ.
කදම්බයක් පමණයි.

දෙපැත්තෙන් පෙනෙන
සරල රේඛා දෙක
ඒ ඝන ත්‍රිමාණ හැඩයෙ
කෙළවර රේඛා දෙකයි.
ඒ සරල රේඛා දෙක
සැබැවින්ම සමාන්තරයි.
සිතිජය දක්වාම හෝ
මීදුම ඇතිතාක් දුර
සැතපුම් ගණනාවක් දුරට
තනිපාටකින් යුත් සෙවනැලි නැති
දීර්ඝ ගොඩනැගිල්ලක් මෙන්
එම ඝන හැඩය දිස්වෙනවා.


මෙම හැඩයට බලපාන
පර්යාලෝක සිද්ධාන්තයක් තියනවා.
 

අපේ ඇස් මට්ටමට පහළින්
ඉදිරියට යන සමාන්තර රේඛා
සිතිජයේදී හමුවෙන්නාක් මෙන් දිස්වීම
පර්යාවලෝකනයේ ස්වභාවයයි.
සමාන්තර රේඛා දෙකක් සහිත දර්ශනයක පර්යාවලෝක නිරූපනයේ අද්‍රෘෂ්‍යමාන ලක්‍ෂ එකක් හෝ දෙකක් පවතී. මින් එකක් නරඹන්නාගේ ඇසට ඍජුවම ප‍්‍රතිවිරුද්ධ පැත්තේ ක්‍ෂිතිජ රේඛාව මත පිහිටයි. මෙය ‘ඈතට යන රේල් පාරක්’ දර්ශනය වන ආකාරයට සමාන සංසිද්ධියකි.



කන්ද ත්‍රිකෝණාකාර, කවාකාර හෝ
ඍජු කෝණාශ්‍රාකාර වුවත්
අපට කඳු මුදුනට පෙනෙන්නෙ
එම ඝන හැඩයෙ
අඳුරු කදම්බයෙහි
අපට පෙනෙන කෙළවර දෙකෙහි
සරල රේඛීය දාරයයි.
අතරමග ද්විමාන තලයකට වැටුණොත්
කන්දෙ හැඩය බලාගන්න පුලුවන්.
පර්යාලෝක සිද්ධාන්තයට අනුව
කඳු මුදුනෙහි සිට බලන්නෙකුට
කදම්බය කෙළවර රේඛා දෙක
ඔහුගේ ඇස් මට්ටමේ උසින්
සිතිජයෙහිදී
එක්වෙන්නාක් මෙන් පෙනෙනවා.

කන්ද කුමක් වුවත්
කන්දෙ හැඩය කුමක් වුවත්
ඒ පෙනෙන හැඩය
අනිවාර්යයෙන්ම
ත්‍රිකෝණාකාරයි.
---------------------------------------------------------------------------------------



20130122

භෝපාල් ඛේදවාචකය රඝු රායිගේ ඇසින්



Bhopal: Raghu Rai
ඉන්දියාවේ සිදුවූ භෝපාල් ඛේදවාචකය
ලෝකයේ කර්මාන්තශාලාවල සිදුවූ විනාශයන් අතුරෙන්
ඉතා ප්‍රබල ඛේදවාචකයකි.



1984 දෙසැම්බර් මස 2වෙනිදා රාත්‍රියේ
භෝපාල්හි පිහිටි සීමාසහිත යූනියන් කාබයිඩ් සමාගමේ
කෘමිනාශක නිශ්පාදනාගාරයකින් කාන්දු වූ
මීතයිල් අයිසොසයනේට් සහ වෙනත් රසායනික ද්‍රව්ය වලට
කර්මාන්තශාලාව අවට පැල්පත් වල සිටි ජනතාව
ලක්ෂ පහක් පමණ අනාවරණය වූහ.


එසැණින් ලැබුණ නිල මරණ සංඛ්‍යාව 2,259ක් විය.
2006 නිකුත්වූ රජයේ සංඛ්‍යා ලේඛන වලට අනුව
සිදුවූ අනතුරු සංඛ්‍යාව 558,125කි.

ඉන් 38,478ක් සුළු හා තාවකාලික ඒවා වූ අතර
3,900කට ආසන්න සංඛ්‍යාවක්
බරපතල සහ සුවකළ නොහැකි විකලාංග තුවාලය.



2010 ජුනි මස සමාගමේ නිලධාරීන් 7 දෙනෙකුට
නොසැලකිලිමත් කම නිසා මරණ සිදුවීමට ඉඩ හැරීම
චෝදනාව මත
ඉන්දියානු නීතියෙන් දිය හැකි උපරිම දඬුවම වන
වසර දෙකක සිර දඬුවමක් සහ
ඩොලර් දෙදහසක දඩයක් නියම විය.

එහි පාලකයා වූ වොරන් ඇන්ඩර්සන්ට සහ
යූනියන් කාබයිඩ් සමාගමට විරුද්ධව
භෝපාල් උසාවියෙහි ඇසීමට නියමිත
සිවිල් සහ අපරාධ නඩු කිහිපයක්
ඇසීමට නොහැකිව ඇත්තේ
සිද්ධියෙන් පසු ඇමරිකාවට පලා ගිය 
ඇන්ඩර්සන් සොයාගැනීමට
ජාත්‍යන්තර පොලීසියට නොහැකි වීම නිසාය.


Magnam ඡායාරූප ශිල්පියෙකු ලෙස
1977 සිට කටයුතු කරන  රඝු රායි මැග්නම් සඳහානම් කරනු ලැබ ඇත්තේ
ලොව ඉහළම පෙළේ ඡායාරූප ශිල්පියෙකු වූ Henri Cartier- Bresson විසිනි.
ඉන්දියාවේ මහිමය හා ඉපැරණි ශ්‍රී විභූතියෙහි ලකුණ
සිය තෙවෙනි ඇසෙන් දුටු ප්‍රතිභාපූර්ණ ඡායාරූප ශිල්පී රඝු රායි
භෝපාල් ඛේදවාචකයට පසු දින භෝපාල් වෙත ළඟා වන විට
එම අඳුරු, දූෂිත, මූසල පරිසරයෙහි ඔහු නෙත ගැටුණේ
අසරණ ව අනාථව වේදනාවෙන් පීඩිත වූ ජනතාවකි.
ඉන් දැඩි ලෙස කම්පාවට පත්වූ ඔහු
සිතින් විඳි කම්පනය මුදු හැඟීමකින් තොරව
කැමරාවෙන් වාර්තා ගත කළේය.


පෙරළා දිල්ලියට පැමිණි ඔහු "නන්නාඳුනන ළදැරියක මිහිදන් කිරීම" නමින්
පසුව ලොව පුරා පතළ වූ මේ ඡායාරූපය ප්‍රකාශයට පත් කළේය.




.

 

 

 

මියගිය බිරිඳගේ මෘතදේහය කරේ තියාගෙන යන සැමියෙක්.




 

 

 

 

 













 

ගෑස් දේවී නම් මේ යුවතියට ඒ නම ලැබුණේ ඇය එදින උපන් නිසාය.












 



 





 
 

 

 

 

 




 

 



 



=======================================================================

අති විශිෂ්ඨ ඉන්දියානු ඡායාරූප ශිල්පී රඝු රායි
Time, The New York Times, Paris Match,
National Geographic, GEO සහ
තවත් ලෝ පතළ ප්‍රකාශන වල
ඡායාරූප ශිල්පියෙකු ලෙස
කටයුතු කොට ඇත.

ඔහුගේ ඡායාරූප 25ක්
Bibliotheque Nationale, Parisහි
නිත්‍ය ප්‍රදර්ශනය කෙරේ.

The Sikhs (1984), Taj Mahal (1986),
Calcutta (1989), Raghu Rai’s Delhi (1991),
Tibet in Exile (1991), Mother Teresa (1996, 2004)
සහ Indira Gandhi: A Living Legacy (2004).
ඔහු මෙතෙක් පළ කර ඇති
ඡායාරූප එකතු වලින් කිහිපයකි

Magnam ඡායාරූප ශිල්පියෙකු ලෙස
1977 සිට කටයුතුකරන
රඝු රායි මැග්නම් සඳහා
නම් කරනු ලැබ ඇත්තේ
ලොව ඉහළම පෙළේ ඡායාරූප ශිල්පියෙකු වූ
Henri Cartier- Bresson විසිනි.
----------------------------------------------------
දක්ෂතා ඉගැන්විය නොහැක.
දක්ෂතා වගා කරගත යුතුය.
ඔබට කැමරාවක් දීමට මට පුලුවන්.
ඒත් ඔබේ දැක්ම
මට පෝෂණය කරන්න බැහැ.
___රඝු රායි