20130722

ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස







හැදෑරීමත් නිර්මාණකරණයත්
වෙන වෙනම කළ යුතුයි.
බොහෝ දෙනෙක්

කෙළින්ම නිර්මාණ කරණයට බැහැලා
වරදින් තැන්වලින් තමයි
හැදෑරීම
ක් කරන්නෙ.

රාමුව තුළ රටා සම්පිණ්ඩණයෙදි
රේඛා, වර්ණ, හැඩතල,
එළිය අඳුර ආදී
සාධක ගණනාවක් පිළිබඳ
සිතිය යුතුයි.
නිර්මාණකරණයෙදි නෙවෙයි,
හැදෑරීමෙදි වත්
මේ සියල්ලම එකවර දකින්න
පුහුණුවකින් තොරව බැහැ.

හදාරන කොට එක් එක් සාධකය
තනි කරගෙන කරන්න පුලුවන්.

එහෙම වෙන වෙනම හදාරලා
දක්ෂ ශිල්පීන් මේ සාධක
භාවිතා කරන ආකාරයත් දැකලා
ඇසත් හිතත් හුරු වුණාම
ඡායාරූපය ගනිද්දි
ඉබේට පිහිටනවා...
ගණන් හදන කොට
චක්කරේ පිහිට වෙනව වගේ.

ස්වර්ණමය රීතිය හෝ වෙනත් රීති කියන්නෙ
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින පොදු රටාවන් අනුව
මිනිස් මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.

------------------------------------------------------------------
ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන
 ස්ටීව් මැක්කරිගෙ ඡායාරූප...

එහි රාමුවෙ පරිමාණය ස්වර්ණමය රාමුවට සමීපයි.
ස්ටීව්  ස්වර්ණමය රාමුව හදාගෙන ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..



රාමුවෙ පරිමාණය ස්වර්ණමය රීතියට අනුකූල රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ ස්වර්ණමය රීතියට අනුව
සමබරව සිටිය යුතු ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.
-----------------------------------------------

ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්. 

http://www.infofotografi.com/blog/wp-content/uploads/2012/07/putri-golden-spiral.jpg



ස්වර්ණමය රීතිය කියන්නෙ
දෘශ්‍ය කලාවෙ එක රීතියක් විතරයි.

අපි දකින ඕනම හැඩතලයක්
ස්වර්ණමය රීතිය යොදලා
ලස්සණට රූ ගත කරන්න පුළුවන්
කියල හිතෙන එක
වෙනත් රීති නොදන්න කෙනෙකුට
සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.


වර්ණවලට අදාළ රීති තියනවා.
හැඩතල වලට අදාළ රීති තියනවා.

ඡායාරූපයක රාමුව ඇතුළෙ තියන
අන්තර්ගතයට අනුව
අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බලපාන
රීති පද්ධතියක් තියනවා.

ඒ රීති උපයෝගී වෙන විදිය අනුව
ඇතිවෙන හැඟීම් වෙනස්.

ස්වර්ණමය රීතිය හෝ
වෙනත් රීතියක් කියන්නෙ
රෙඩිමේඩ් ඇඳුමක්.
හැමෝටම ඒක හරියන්නෙ නැහැ.
ගන්නම ඕන නම් අරගෙන
තමන්ගෙ හැඩරුවට ගැලපෙන්න
සකසා ගන්න වෙනවා.

එහෙත්,
 ස්වර්ණමය රීතිය නිවැරදිව උපයෝගී කරගන්න
ඇස පුහුණු කිරීම ප්‍රයෝජනවත් වෙනවා.

ඡායාරූපයක් ගනිද්දි
රීති අමතක කරල ඡායාරූපය ගන්න
එසේ පුහුණු අභ්‍යාස කිරීම අවශ්‍යයි.



 
ඉහත දැක්වෙන ඡායාරූපයෙ නෙලුම් මල
රාමුවක ස්වර්ණමය ලක්ෂ්‍ය හත
වරින් වර යොදා කපන්න පුලුවන්.

පළමුව
රාමුව ස්වර්ණමය අනුපාතයට සමීප වන ලෙස
අනුමානයෙන් සිතා...
නෙලුම් මල ඔබට සිතෙන පරිදි
ස්වර්ණමය ලක්ෂ්‍යයට යොදා කපන්න.

ඉන් පසුව පහත දැක්වෙන ලින්ක් එකෙන්
http://www.mediafire.com/?c415daglc8jzc53
ස්වර්ණමය වක්‍රය බාගත කරගෙන
ඔබේ ක්‍රොප් එක මතට එය යොදා
වෙනස සසඳන්න.


වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..

මෙවැනි සරල පසුබිමක කිසිවක් තබා
ස්වර්ණමය රීතියට ඡායාරූප ගන්න..

ඔබේ ඡායාරූප මතට
ස්වර්ණමය වක්‍රය යොදා වෙනස සසඳන්න.



වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..

අභ්‍යාසයෙන් බැහැරව
වෙනත් ඡායාරූප ගන්නා විට
රීතියට වහල් නොවී නිදහසේ රාමුව සකසන්න.

==============================================================
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  11. රීතිවලට යටත්වන්න එපා
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure



20130720

සජීවී ඡායාරූප අංග විකල කරනවාද?






මේ ස්ටීව් මැක්කරිගෙ ඡායාරූපයක්.


 ලංකාවෙ ඡායාරූප ශිල්පීන් බහුතරයක්ම
මේ  විදියෙ ක්‍රොප් එකක්
තමයි කරන්නෙ. 
ඔවුන් ඡායාරූපයෙ අනන්‍යතාවය බිලිදීලා
සන්සුන් ඡායාරූප පෙන්වනවා.



.
ලංකාවෙ ඡායාරූප ශිල්පීන් බහුතරයක්ම
පහළ තියන විදියෙ ක්‍රොප් එකක්
තමයි කරන්නෙ.

මුල් ඡායාරූපයෙන් එන
යාතිකාවක ස්වරූපය
මෙහි නැහැ.

මේ මිනිසා ඇයට පහර දෙන්න හදනවා
කියාත් හිතෙන්න ඉඩ තියනවා.


මුල් ඡායාරූපයෙ පසෙක සිටින්නේ
ඇයගේ සැමියා විය හැකියි.

ඔහු බටහිර ජාතිකයෙක් වුවත්
මේ කාන්තාවට ඉඩ දුන්නා විය හැකියි.

ඔහු කවරෙක් වුවත්
ඔහු ඉන්නා ඉරියව්ව නිසා
ඔහු සාවධානව හිඳීම නිසා
ඔහු මේ සිදුවෙන දේට
අප්‍රසාදයක් නැති බව පෙනෙනවා.

ස්ටීව් රූප ගත කරන්නේ
ප්‍රධාන සිදුවීම විතරක් නෙමෙයි..
ඔහු අපට අවට සිදුවෙන දේත්
වාර්තා කරනවා.

ඔහු මධ්‍යස්ත වාර්තාවක් දෙනවා.
අපිට නිදහස දෙනවා.
ඔහු අපට බලපෑම් කරන්නේ නැහැ.

ඒත් ඔහුගෙ ප්‍රකාශයක් තියනවා.
අනිත්‍යය ඔහු දකිනවා.

ඔහු අපිට අනිත්‍යය පෙන්වනවා..


https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-frc3/q80/s720x720/1011408_10200307329432576_1981984366_n.jpg

ස්ටීව්ගෙ ඡායාරූප වල
සැබෑ අත්දකීමක් තියනවා.

 
 ඔහු ගල් පිළිමයක් ඡායාරූප ගත කරලා
ඒක කිරිගරුඬ පිළිමයක් වගේ
මවා පෙන්වන්න උත්සාහ කරන්නෙ නැහැ.

ඔහු කරන්නෙ
පවතින සියල්ල
ඒ තියන විදියට
පුලුවන් තරම් දුරට
සමබරව තියා ගැනීමයි..

ඔහු විලාසිතා නිරූපන ශිල්පිනියක් සේයාරූ ගත කළත්
විලාසිතා නිරූපන ශිල්පිනියන් තුළ දකින
කෘතිම වේශ නිරූපනය ඔහුගෙ සේයාරුවේ නැහැ.

http://www.kourdistoportocali.com/UsersFiles/admin/2012/11/Pirelli-calendar-2013_1.jpg


ස්ටීව් මැක්කරි
මගේ ප්‍රියතම ඡායාරූප ශිල්පියා වෙන්නෙත්
ඒ නිසයි..

අපේ ඡයාරූප ශිල්පීන් බහුතරයක්
වර්ධනයක් නොවෙන්න
ප්‍රධාන හේතුව ඔවුන්ගෙ සජීවී ඡායාරූප
ඔවුන් ක්‍රොප් කිරීමෙදි සහ සංස්කරණයෙදි
විකෘති අංගවිකල ඡායාරූප කරන නිසයි.

ඇත්ත ඇති සැටියෙන් දැකීමත්
ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීමත්
මොන ක්ෂේත්‍රයක කෙනෙකුට වුණත්
වැඩ කරන කොට පහසුයි.

අපි අපෙන් යමක් එකතු කිරීම
දෙවැනි කාරණයක්.

කලාත්මක නිර්මාණයකදි වුණත්
පදනම ඇත්ත නෙමෙයි නම්
නිර්මාණය බොල් නිර්මාණයක්..


-------------------------------------------------------------------------------------------------
Photos by Steve McCurry

20130719

ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?


ඡායාරූපයක් ගන්න කලින්
වීව් ෆයින්ඩරය තුළින් ඔබ දකින දේම තමයි
මම බැලුව නම් මම දකින්නෙත්.
ඒත් අපි වෙන වෙනම
අපි කැමති රාමුවකට ඡායාරූප ගනිද්දි
ඒ ඡායාරූප වෙනස් වෙනවා
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn1/q71/s720x720/74723_10200299932007645_1225752980_n.jpg

අපේ රුචිකත්වය, රස වින්දනය සහ
රීති පිළිබඳව ඇති ඉවට අනුව
ඡායාරූප වෙනස් වෙනවා.

කාච, කාච විවරය, අනාවරණය ආලෝකය
ආදිය පිළිබඳ ශිල්පීය දැනුම
රාමුවට අදාළ නැහැ.
ශිල්පීය දැනුමෙන් තීරණය වෙන්නෙ
ඡායාරූපයේ ගුණාත්මක අගයයි.

ශිල්පීය දැනුම වුණත් හරියට ක්‍රියා කරන්නෙ
කලක් තිස්සෙ හැදෑරීමෙන් පස්සෙ
ඉවක් බවට පත්වුණාමයි.
අපි කැමති රාමුවකට ඡායාරූප ගනිද්දි
ශිල්පීය දැනුම අදාළ නැහැ.

අපේ පුද්ගලික රුචිකත්වයට,
සහ රස වින්දනයට අදාළ පුද්ගලික හේතු මත
අපි අහන දකින විඳින දේ ප්‍රිය කරනවා.

ඔබ විඳින දේත් මම විඳින දේත්
අපි ප්‍රිය කරන විදිය අපටම ආවේණිකයි.
පොදුවෙ රස විඳින්න ඡායාරූපයක් ගනිද්දි
අපට ආවේණික මේ රස වින්දන හැකියාව
බාධා පමුණුවනවා.

අපට ආවේණික රස වින්දන හැකියාව ඉක්මවා
පොදු මිනිසුන් ලෙස අහන දකින විඳින දේ පිළිබඳ පොදු රීති තියනවා.

http://www.encroach.net/images/sacred_geometry/sacred_geometry_nature/nautilus_spiral.jpg

දැඩි උණුසුමක් දැනෙන වෙලාවට
සිසිලස ප්‍රිය කිරීම පොදු රීතියක්..

රෑ නිල්පාට අහසෙ  දිලෙන පිරුණු හඳ අපි කාටත් ප්‍රියයි.

ඒත් අපට ආවේණික රාමුවකට ගනිද්දි ඡායාරූප වෙනස් වෙනවා.

අපේ රුචිකත්වය, රස වින්දනය සහ
රීති පිළිබඳව ඇති ඉවට අනුව
ඡායාරූප වෙනස් වෙනවා.


පොදු මිනිසුන් ලෙස අහන දකින විඳින දේ පිළිබඳ පොදු රීති වලට
අපේ පුද්ගලික රුචිකත්වය, හා රස වින්දනය විසින්
බාධා පැමිණෙනවා.

පුද්ගලික රුචිකත්වය විසින්
වෙනස් කරන ස්වභාවය වැඩි නම්
අපි ගන්න ඡායාරූපය ඉතාම හොඳයි
කියල අපිට හිතෙන නමුත් වෙන කවුරුවත් කැමති නැහැ.
බොහෝ දෙනෙකුට ආස හිතෙන
බොහෝ දෙනෙකුට  රස විඳින්න පුලුවන් පොදු ගුණයක් එහි නැහැ.

පුද්ගලික රුචිකත්වය විසින් කරන බාධාවන් අවම කර ගෙන
බොහෝ දෙනෙකුට පුළුල්ව රස විඳින්න පුළුවන්
හොඳ ඡායාරූප ගන්න නම් පොදු රීති දැනගන්න ඕනෙ.


http://returningcatholics.net/wp-content/uploads/2011/05/boiling_water_fire.jpg
වතුර උණු කරන්න
රීති ඉගෙන ගන්න අවශ්‍ය නැහැ.
වතුර බඳුනක් ලිප උඩ තියලා
යටින් ගින්දර දැම්මාම රත්වෙනවා.

එක අවස්ථාවක නටලා වාශ්ප වෙනවා.

නටන වතුර වලින් කිසිම ප්‍රයෝජනයක් නැති
නිකං වාශ්ප කරන්න වතුර නටවන අයට
වතුර නටන එක හදාරන්න දෙයක් නැහැ.

නටන වතුරෙන්
යම් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්
ඊට වඩා සැලකිලිමත් විය යුතුයි.

http://www.all-about-potatoes.com/image-files/boiled-potatoes.jpg
අල ටිකක් තම්බන්න ගියාම
වතුර වැඩි වුණොත් අල බෙරි වෙනවා.
වතුර අඩු උණොත් අල අමුයි.

හොඳට උයන්න දන්න කෙනෙක්
වතුර බඳුනට අල දාල
කිසියම් වතුර ප්‍රමාණයක් දාල
වතුර රත්කළාම අල තැම්බෙනවා.

ඒක රීතියක්.

http://pad3.whstatic.com/images/thumb/f/f3/Boil-Potatoes-Step-5.jpg/550px-Boil-Potatoes-Step-5.jpg
අල තැම්බෙද්දි
වතුර නටන්න බලපාන රීති
අල තැම්බෙන්න බලපාන රීති
තැම්බෙන අල වලට බලපානවා.

අලවල ප්‍රමාණයත්
අල තැම්බෙද්දි බලපානවා.
http://pad3.whstatic.com/images/thumb/9/95/Boil-Potatoes-Step-1.jpg/550px-Boil-Potatoes-Step-1.jpg
ලොකු අල පොඩි අලත් එක්ක එකට දාල
තැම්බුවාම කොටසක් අමුවෙනවා..
කොටසක්  බෙරි වෙනවා.

ඒක රීතියක්.

බොහෝ ගෘහණියන් මේ රීති ඉගෙන ගන්නෙ
රීතියක් කියල දැනගෙන නෙමෙයි.
අත්දැකීමෙන්.

ඔවුන් හොඳට තැම්බුව අල රස විඳල
තැම්බුණ අල මේ වගෙයි
කියල දන්නවා..

අල තම්බන්න රීති එකින් එක
දැනගන්න ඕන නැහැ.

රීති දැනගත්තත් නැතත්
 අල තැම්බෙන්නෙ නම් රීති අනුවයි.

හරියට අල තම්බන්න
ඒ රීති ඉවෙන් හෝ අත්දැකීමෙන් දැනගන්න ඕන.

අල තම්බගෙන කාලා
සාමාන්‍ය ජීවිත ගත කරන අයට
සාමාන්‍ය අල තම්බන දැනුම හොඳටම ඇති.

කවදාවත්
හොඳට තම්බපු අල කාල නැති,
නියම අල රස නාඳුනන,
අමු අලත්, තැම්බුණ අලත්,
බෙරිවුණ අලත් අතර වෙනස
දන්නෙ නැති අයට නම්
මොන අලෙත් එකයි..
පට්ට, මැක්සා කියමින් කාවි.
ඔවුන් වෙනුවෙන් අල තම්බන අයටත්

රීති අදාල නැහැ.

හරියට තම්බපු අල කාල පුරුදු
අල හොඳින් රස විඳින අය
අල කෑල්ලක් කාල
"මේකට වතුර මදි..
මේ අලවල ප්‍රමාන වෙනස්" කිව්වාම
අල තම්බන සමහර අය
හොයල බලල අඩුපාඩු හදාගන්නවා.
සමහරු කියනවා
"මේ තමයි මම අල තම්බන හැටි..
උඹට ඕන නම් කාපන්.
නැත්නම් පලයන් යන්න" කියල.
ඔවුන්ටත් රීති අදාල නැහැ.

රීති වැදගත් වෙන්නෙ
හරියට තම්බපු අල රස දන්න
ඒ වගේ අල තම්බන්න කැමති අයටයි.
රසඥතාවයක් නැත්නම්
රීති අවශ්‍ය නැහැ.

රීති වලින්ම අල තම්බන්න
රීති හොයන අයටත්
නූලටම රීති පිළිපදින්න බැහැ.
රීති නූලටම ඇත්තෙ නැහැ.
දෙයක් කරනකොට
රීති ගණනාවක්
සාධක ගණනාවකට බලපාල
ඒ වැඩේ කෙරෙනවා.
එක රීතියක්... එක සාධකයක් නිසා
වැඩේ වරදින්න පුළුවන්.

අල තම්බද්දිත්
රීති ගණනාවක්
සාධක ගණනාවක් බලපානවා.

වතුර අපිරිසිදු නම් නටන්න වෙලා යනවා.
කන්දක් උඩදි වේලාසනම වතුර නටනවා.
ඒ වුණාට අල ටික තැම්බෙන්නෙ නැහැ.

අල ලොකු නම් වෙලාව යනවා.
අල වර්ගය අනුව වෙලාව වෙනස් වෙනවා.

තම්බන තැන මුහුදු මට්ටමේ නම්
ගතවෙන වෙලාවට වඩා
කන්දක් උඩදි අල තැම්බෙන්න වෙලාව ගත වෙනවා.

අල තම්බද්දි
වතුරෙ පිරිසිදු බවත්,
වායුගෝලීය පීඩනයත්,
අලවල ප්‍රමාණත්
අල වර්ගයත් බලපානවා.
මෙයින් එක රීතියක් අල්ලගෙන
ඒ රීතිය හරියටම ක්‍රියාත්මක කළත්
අනික් රීති බිඳෙනවා නම්
අල තම්බගන්න බෑ.

අල තම්බන කෙනෙක් මේ රීති සියල්ලම
දැනගෙන හෝ නොදැන
ඒ රීතිවලට අනුකූලව නොගියොත්
අල රස දන්න කෙනෙකුට නම්
කන්න බැරි වෙනවා.

රීති හරියටම දන්න අය
රීති තමන්ට අවශ්‍ය විදියට
පාලනය කර ගන්නවා.

වතුර නටන උෂණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් වෙන්නෙ
මුහුදු මට්ටමේදි.
ඉහළට යනවිට
වායුගෝලීය පීඩනය අඩු වීම නිසා
ජල වාශ්ප ලෙහෙසියෙන්
වායුගෝලයට එක්වෙනවා.
ඒ නිසා අඩු උෂ්ණත්වයකදි
වතුර නටනවා.
මේ රීතිය දන්න අය
පියන හොඳට තද කරල වහල අල තම්බගන්නවා.

ඒ රීතිය ඊටත් වඩා
එහාට අරන් ගිය කෙනෙක්
වැඩි උෂ්ණත්වයකදී වතුර නටවන්න
නටන වතුර වාෂ්ප නොවී තියාගන්න
පීඩන උදුන හැදුවා.

පොතෙන් හරි අත්දැකීමෙන් හරි
රීති දන්නෙ නැති අයට
පීඩන උදුනක් හදනවා තියා
හරියට අල තම්බන්නවත් බෑ.

පීඩන උදුනක් හැදුවත් අල තැම්බුවත්
රීති දැන ගන්න ඕන.

කවුරු හරි
රීති නොදැන හෝ
හරියට අල තම්බනවා නම්
ඔහු අල තම්බන්නෙ රීති වලට අනුවයි.

කවුරු හරි
අල ටික හරියට තම්බනවා නම්
රීති දන්නෙ නැති එක
අඩුවක් නෙවෙයි..
රීති දන්න අය
ඔහු සමග වාද කරන්නෙ නෑ.
වාද කරන්න වැඩක් නෑ.

කවුරු හරි කෙනෙක්
බාගෙට තැම්බුන අල ටිකක් බෙදලා දීලා
"මම රීති දන්නේ නෑ
ඒත් මගේ අල රසයි" කියල
තමන්ම කියා ගන්නවා නම්
රීති දන්න අය
ඔහු සමග වාද කරන්නෙ නෑ.
වාද කරල වැඩක් නෑ
==========================================================
රීති කියන්නෙ ඡායාරූප ගන්න ක්‍රමවලට නෙමෙයි.
 රීති කියන්නෙ
ඡායාරූපයක් බලන කෙනෙකුගෙ
හිත ක්‍රියා කරන ආකාරයයි.
ඔබ ඉදිරිපත් කරන දේ අනුව
බලන කෙනාගෙ හිත ක්‍රියා කරාවි.

ස්පර්ශක දෝෂයකින් වෙන්නෙ
මූලික වශයෙන්ම ගැඹුර පිළිබඳ
බලන්නාගෙ අවබෝධය අවුල් වීමයි.
අවුල් කරන එක ශිල්පියාට අවශ්‍ය නම්
ඔහුට ඒකට නිදහස තියනවා.
රීති නොදැන
හිතුමතේට ගන්න ඡායාරූපයක් කියන්නෙ...
කරුවලේ ගහන කණා ෂොට් එකක්..

කණා ෂොට් එකක්
කණ පැලෙන්න වැදෙන අවස්ථා තියනවා..
ඒත් ඒක කණා ෂොට් එකක්.

එවැනි කණා ෂොට් ඡායාරූප ශිල්පීන්
මේ සමූහවල අපිට නිතර හමු වෙනවා.
අද ජාත්‍යන්තර මට්ටමේ ඡායාරූපයක් පළ කරල
සම්මාන ලබන ඡායාරූප ශිල්පියෙක්
ඉන් පස්සෙ සදහටම අතුරුදහන් වෙන්නෙ
ඒ ඡායාරූපය සාර්ථකවෙන්න හේතු නොසොයා
එහි සාර්ථකත්වයෙන් උද්දාම වූ නිසයි.

රීති ඉගෙන ගන්නවා කියන්නෙ
ඡායාරූපයක් බලන කෙනෙකුගෙ
හිත ක්‍රියා කරන ආකාරය
ඉගෙන ගැනීමයි.

_____________________________________________________

  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  22. රීතියද, ඡායාරූපයද?
  23. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  24. වර්ණ රටා මනසට බලපානවා.
  25. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  26. වර්ණ සිද්ධාන්ත
  27. වර්ණ රිද්ම සංකලන
  28. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  29. රතට රතේ රතු..
  30. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  31. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..

20130717

Candid මංගල ඡායාරූප රැසක්











මම මුලින්ම
Candid ඡායාරූප තියන
වෙඩින් ඇල්බම් එකක් දැක්කෙ
ගාල්ලෙ යාලුවෙකුගෙ වෙඩින් එකකදි.
ඒක ප්‍රසාද් සමරසේකර විසින්
යාලුකමට කරල දුන්න වෙඩින් ඇල්බම් එකක්.

ඔහු මල්පෝච්චි අස්සෙන්,
ගස් අස්සෙන් ඉතාම ලස්සණට
ඡායාරූප අරන් තිබුණා.

මංගල ඡායාරූප ශිල්පීන්
වෙඩින් එකක් එනතුරු ඉන්නෙ නැතුව
පාරෙ යන වෙලාවට
Candid ඡායාරූප අරන් හුරු වුණා නම්
මංගල සාදයෙදි ඉබේටම ක්ලික් වෙයි.

Photos found from Internet.










 

 
 

































http://blget.murakamiphotography.co.uk/blog/2009/et-candid-wedding-photography-hampshire.jpg

 http://www.inforats.com/wp-content/uploads/2011/04/candid-wedding-photography.png
------------------------------------------------------------------------
බටහිර වෙසෙන ශ්‍රී ලාංකික මංගල සාද ඡායාරූප ශිල්පි කොලින් 
මිරර් ආර්ට්ස් සමග කරණ ලද සාකච්ජාව ප‍්‍රධාන වශයෙන් 
මංගල ජායාරූප කරණය සහ වර්තමාන ජායාරූප කලාව පිළිබඳව කරණු ලැබූවකි. 
මේ ඔහු සමග කරණ ලද සාකච්ජාවෙන් කොටසකි.

2004 දී තමයි මගේ විභාගයේ අවසන් අදියර සඳහා 
කොටස් තුනකින් යුක්ත ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන වුණේ.
එහි එක් කොටසක් සඳහා මට වුවමනා වුණා 
නැචුරල් වෙඩින් එකක පින්තුර ගන්න. 
ඒ කියන්නෙ අපි මොඞ්ල් කෙනෙකුට අන්ඳවන්නෙ නැතුව 
ඇත්තටම විවාහ වෙන යුවළකගේ ෆොටෝ ගන්න.
ඊට පසු මම එහි තිබුණ රූපලාවන්‍ය ගාරයක් සමග කතා කළාම 
ඒ අය කිව්වා වෙඩින් එකක් තියෙනවා 
හැබැයි මනාලියගෙන් අහලා කැමති නම් කියන්නම් කියලා. 
කොහොම හරි මට ඒ අවස්ථාව ලැබුණා. 
එහි ප‍්‍රධාන ඡයාරූප ශිල්පියාට බාධාවක් නොවන විදිහට ෆොටෝ ගන්න. 
මම එයට සහභාගි වෙලා තුන්වන පාර්ශවයක් හැටියට 
හොරෙන් ෆොටෝ ගත්තා. 
ඒ ගත්ත ඡයාරූප ඩිවෙලාප් කරලා බැලූවහම
 මටම එහි වෙනසක් තේරුණා . 
මොකද අපි තියලා ගන්න ජායාරූප වලට වඩා එහි වෙනසක් තිබුණා. 
ඊට පස්සේ මම මගේ වෙඩින් ජායාරූප සඳහා
 එය මගේ ක‍්‍රමයක් විදිහට භාවිතා කළා. 
ඒ කියන්නෙ උත්සවය ගලා ගෙන යන්න ඉඩදිලා 
හැංගිලා ෆොටෝ ගන්න එක. 
ඊට පස්සෙ ලංකාවට එන්න ලෑස්ති වෙලා 
මගේ යාඵවන්ට එවා පෙන්නුවහම 
මට තේරුණා එය ගොඩක් හොඳයි කියලා.

මම ලංකාවෙදි බොහෝ වෙලාවට දැකලා තියෙන්නෙ 
අපේ අය අනුගමනය කරන එකම ක‍්‍රමවේදයක් 
කපල් එක අපට අව්‍යශ විදිහට තියලා ෆොටෝ ගන්න එක. 
මම ඒක හරි කියලා දකින්නෙ නැහැ. හැබැයි එහෙම කියලා මම කියන්නෙ නැහැ 
මම ඒ වගේ ෆොටෝ කරන්නෙ නැහැ කියලා. මම ඒ වගේ ජායාරූප කරනවා 
හැබැයි එක්කො වෙඩින් එකට ඉස්සෙල්ලා, 
නැත්නම් පස්සේ .කපල් එකට අවශය නම් පමණයි. 
මොකද පෙළ පෙළපාලියක් යන කොට 
අපිට ෆොටෝ ගන්න බැරි වුනොත් 
අපි ආයේ පෙළපාලිය ට එන්න කියන්නෙ නැහැනේ. 
-කොලින්
http://mirrorarts.lk/media/k2/items/cache/358873fad4914931314b94f2036b503a_S.jpg
From http://mirrorarts.lk/interviews/item/94