20130710

එක් ඡායාරූප ශිල්පියෙකුගේ ආත්ම අභිමානය හා ආත්ම ශක්තිය.





බෞද්ධ කමට නිගා කරන්න ගත්ත ඡායාරූපයක් කියලා දිගට හරහට ගහයිද මන්ද ?


මේ ඡායාරූපය
Facebook සමූහයක පළ වුණා.
ප්‍රබල සංවාදයක් ඇති වුණා.

"පැවිදි පාර්ශවයේ වැරද්දක් ඉස්මතු කිරීමට ගත් චායාරූපයක් මිස
කිසිම කලාත්මක බවකින් යුක්ත චායාරූපයක් නොවෙයි."

"උදේ නැගිට්ට ගමන්ම මං මේක දැක්කෙ..
හරිම කලකිරීමක් ආව හිතට..
මේ හාමුදුරුවන් වහන්සෙ මෙහෙම ඉන්න මොන හේතුව බලපැවද කියන 1
අපි කවුරුත් දැන්නෙ නැහැ උන් වහන්සෙ ඇරෙන්න.
නමුත් කැමරාව අතෙ තිබුනු පලියට, ෆොටෝ 1ක් ගත්තු පලියට
මෙහෙම ප්‍රචාරය කරන 1 නං කොහොමවත්ම
මගේ හිතට එකඟව නං නොකලයුතු වැඩක්."

"ඕනම මනුස්සයකුට නිදිමත දැනෙන එක
තැනක් නොතැනක් නැතුව නින්ද යන එක සාමාන්‍ය දෙයක්......
ඒත් ඒ දේවල් ඡායාරූපයකට නගලා පලකරනඑකේ
සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා"

බොහෝ දෙනෙක් තරංගට දොස් කිව්වෙ
මෙය ප්‍රසිද්ධියෙ පළ නොවිය යුතුයි කියල.
තරංග නොසැලී තම අදහස් ප්‍රකාශ කළා.

"මේ හිමිනමකට අපහාස කිරිමේ හෝ ආගමකට නිගා කිරිමේ  හෝ අදහසකින් පලවුවක් නොවේ. මෙහි යටි කතාව කියවා තේරැම් ගැනිමට නොහැකි වු සියලු දෙනාට මාගේ ශෝකය ප්‍රකාශ කරමි. විඩාව, මහලු බව, මහන්සිය නිසා තමාගේ අරමුණ (නිවන) කරා යන හිමිනමකගේ ජිවිතය පිළිබද කතාවයි මේ. මා හට උපදෙස් දුන්, බැණ වැදුණු, මෝඩයෙක්‍ , මී හරකෙක් තත්ත්වයෙන් මා හැඳින්වූ සියලුම දෙනාහට මා කාරැණික වෙමි. මක් නිසාද බුදුන්ගේ දහමේ ඇත්තේ සැමට මෛත්‍රී කරන ලෙසටයි."

තමන්ගෙ ඡායාරූපය විවේචනය වෙද්දි
මැරයෙක් වගේ කඩා පනින්නෙත් නැතුව
නිවටයෙක් වගේ
එහෙයි, එහෙයි කියන්නෙත් නැතුව
දෙපයින් හිටගෙන කෙළින් පිළිතුරු දෙන්න
තරංග සතු ශක්තිය
අද ඡායාරූප ශිල්පීන් ළඟ
කලාතුරකින් දක්නට ඇති ශක්තියක්.

ඒ ශක්තියට හිස නමා ආචාර කළ යුතුයි.
-----------------------------------------------------------------------------


ඡායාරූපයක් විදියටත්
රිද්මයානුකූලව ඡායාරූප ගත කිරීම තුළ
එහි අගය කළ යුතු ලක්ෂණ මා දකිනවා.


ඡායාරූපයක් විදියට බැලුවොත්
මේතරම් රේඛා රැසක්
මේ තරම් ලස්සණට සම්පිණ්ඩනය වුණ
රිද්මයානුකූල ඡායාරූප
ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන්ගෙ
ඡායාරූප අතර දකින්න ලැබෙන්නෙ
කලාතුරකින්.

මේ තරම් දැනෙන විදියට
කෙනෙක් නිදාගන්න ඡායාරූපයක්
මම දැකල නැහැ කියන්න පුලුවන්.
ථින මිද්ධ නීවරණයට මුහුණ දෙමින්
සිහිය පවත්වගන්න උත්සාහ නොකළ කෙනෙකුට
මේක තේරුම් ගන්න අමාරුයි..

ඒ අවස්ථාව ඉතාම සුන්දර අයුරින්
නිරූපනය වෙලා තියනවා.
මේ තරම් බාධක මැද
මේ තරම් අභියෝග මැද
මේතරම් සුව නින්දක්
මම කවදාවත් දැකළා නැහැ.

මේ ඉරියව්ව පුරාමත්
හැම රඛාවකින්මත්
හැම අවයවයකින්මත්
නින්ද නිරූපනය වෙනවා


මෙවැන්නක් දැකීමෙන්
ශ්‍රද්ධාව නැතිවෙනවා කීම වැරදියි.

http://i1087.photobucket.com/albums/j461/pivithurunet/0%20pivithuru/1_zpsfa323a0f.png
ඉන්ද්‍රරතන හාමුදුරුවො
ප්‍රසිද්ධියෙ ගිනිතියාගත්ත එකනම්

ඒ හාමුදුරුවන්ටත් බුදු සසුනටත් අපහාසයක්.

ඒ වුණත් මේ දෙකම මිනිස්සු දැකිය යුතුයි.


සැබෑ ශ්‍රද්ධාව මේ දෙකෙන්ම වෙනස් වෙන්නෙ නෑ.

බෞද්ධයාගෙ ශ්‍රද්ධාව පැවතිය යුත්තෙ
පවිත්‍ර නිර්මල තෙරුවන් ගුණ මත විනා
පුහුදුන් භික්ෂූන්ගෙ චපල චර්යාව මත නොවෙයි..


පුහුදුන් භික්ෂූන් මොනවා කළත්
තෙරුවන් ගුණ  ගැන සැබෑ ශ්‍රද්ධාවට
ඒ දේවල් බලපාන්නෙ නෑ.

පුහුදුන් භික්ෂූන්  සංඝරත්නය නොවෙයි.
ඔවුන් සංඝරත්නය සංකේතවත් කරනවා පමණයි.

තෙරුවන් ගුණ  ගැන ශ්‍රද්ධාව හිත රවට්ටගෙන
රැකිය යුතු බොරු හැඟීමක් නොවිය යුතුයි.

 
භික්ෂූන්ට එහා දකින්න බැරි අයට
භික්ෂූන් තරම් බුදුන් වහන්සෙවත් වටින්නෙ නෑ.
ඔවුන් බෞද්ධයන් නෙමෙයි.


පැවිදි වී සිටි මව සහ පුතා රමණයේ යෙදීම පවා
සාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.
එයින් තෙරුවනට සිදු වෙන අපහාසයක් නැහැ.
කවුරු හරි ඒක ඡායාරූප ගත කරලා
නෙට් එකේ දැම්මත් තෙරුවනට අපහාසයක් සිදු වෙන්නෙ නැහැ.
දෙව්දත් බුදුන් වහන්සේ මරන්න පවා තැත් කළා.
කවුරු හරි ඒක ඡායාරූප ගත කරලා නෙට් එකේ දැම්මත්
වෙසක් එකට තොරණ් ඇඳලා පෙන්නුවත්...
තෙරුවනට අපහාසයක් සිදු වෙන්නෙ නැහැ.
දෙව්දත්  බෞද්ධ භික්ෂුවක්.
ඔහු නිසා තෙරුවනට සිදු වූ අපහාසයක් නැහැ.

මේ අහිංසක හිමි නමට ප්‍රසිද්ධ තැනක නින්ද යාමෙන්
උන් වහන්සේටවත් සසුනටවත් සිදු වෙන හානියක් නැහැ.
මේ අවස්ථාව අපූර්වයි.
ඉතාම සිත්ගන්නා සුළු රටාවකින්
මේ හාමුදුරුවන්ට පුද්ගලික අපහාසයක් නොවෙන්න
ඡායාරූප ගත කරලා තියනවා.




නින්ද යන එක සිල් බිඳීමක් නෙමෙයි. පාපයක් නෙමෙයි.

බුදුන් වහන්සෙත් ශාරීරික ආබාධ නිසා
වෙනත් රහතන් වහන්සෙලාට දම් දෙසුම භාර දීල විවේක ගන්න වැඩියා.
හාමුදුරු කෙනෙකුට නින්ද යෑම අපහාසයක් වෙන්නෙ කොහොමද??

දෙශපාලන පක්ෂ වල හෙන්චයියො වගේ සුදු හුණු බාල්දියත් පින්සලත් අරගෙන
පාක්ෂිකව බුදු සසුන ගැන හිතනවා නම් ඔහු බෞද්ධයෙක් නෙමෙයි.

තමන් බෞද්ධ කියල හිතන අය
බුදුන් වහන්සෙ ජීවකගෙ ප්‍රශ්න වලට
පිළිතුරු දෙමින් දේශනා කරන
මේ බෞද්ධ ගුණාංග වලින් කොතරම්
තමා සතුව තියනවාද කියා
හිතා බලන්න..
http://htmlimg4.scribdassets.com/pkrkb2ccg1fohz4/images/1-46ec76950f.jpg

බුද්ධ ශ්‍රාවක උවසු කවර අංග වලින් සමන්විතදැයි විමසූ ජීවකට
බුදුන් වහන්සේ දුන් පිළිතුර මෙහි සඳහන්වේ.
---------------------------------------------------------------------

මේ අනුව මම දකින විදියට තරංග ඉන්ද්‍රජිත් නිවැරදියි.
ඔහුට ඒ වෙනුවෙන් නැගී සිටීමට තිබුණ හැකියාව අගය කළ යුතුයි.
----------------------------------------------------------------------------------

 පළවෙනි ඡායාරූපය Tharanga Indrajithගේයි..දෙවැන්න Steve McCurryගේයි.
 https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/q71/969344_10200253872176178_1764304565_n.jpg
මේ මොහොතේ එක් අයෙක් අනෙකා හා සැසඳිය හැකිද.?
මේ පුද්ගලයන්ගේ වෙනස කෙතරම් වුවත්
ඔවුන් දෙදෙනා අතර ඇති වෙනස්කම් අනුව නින්ද වෙනස් වේද?
------------------------------------------------------------------------------------------------

ඡායාරූප ශිල්පියා තම ශාස්ත්‍රීය දැනුමට අනුව
නිතර කැමරාව  හසුරුවමින් සිය දැනුම හැකි හැම විටම
උරගා බැලිය යුතුය. 
නොබියව එහි ප්‍රතිඵල සමාජයට ඉදිරිපත් කළ යුතුය.
රසිකයාගේ අදහස් වලට ගරුකළ යුතුය.
ලැබෙන සාධාරණ ගුණ දොස් විවේචන මෙන්ම
පදනම් විරහිත කුහක නින්දා අපහාසද
නිහතමානීව හා සාවධානව ඉවසා දරාගෙන
එමගින් සිය දැනුම හා ආත්ම ශක්තිය
පෝෂණය කර ගත යුතුය.
අඩු ලුහුඬු තැන් සකසා ගත යුතුය.

විවේචන වලට එකඟ වියනොහැකි තැන
කුපිත වූ වෘකයෙක් මෙන් කඩා නොපැන
නැත් නම්
පැස්බරෙකු මෙන් හිස වැල්ලේ ඔබා නොගෙන
ශීලාචාරව, සංවරව හා ඍජුව
සිය අදහස් පළ කළ යුතුය.
සංවාදයේ යෙදිය යුතුය.

සිය නිර්මාණ සමාජයට ඉදිරිපත් කරන්නට මෙන්ම
 ඒවා අභියෝගයට ලක්වූ විට
වෙනුවෙන් නිහතමානීව හා ශීලාචාරව
නැගී සිටින්නටද ශක්තිය
නිර්මාණකරුවෙකුට තිබිය යුතුය.
 ------------------------------------------------------------------------------







No comments:

Post a Comment