20130831

නවක ඡායාරූප ශිල්පියාට....




https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/q72/s720x720/1185013_10200519388693925_408850689_n.jpg
ඡායාරූප ශිල්පියෙක්
විශාල දර්ශනයකින්
අනවශ්‍යදේ ඉවත් කරලා
තමන්ට අවශ්‍යදේ තෝරා ගන්නවා වගේ
නවකයෙක් තමන්ගෙ වපසරිය
සරු කරගත යුතුයි.
දැක්ම සකස් කරගත යුතුයි.

තමන්ගෙ වපසරිය
සරු කර ගත් ඡායාරූප ශිල්පියා
යම් තරමකට පරිණත වීමෙන් පසු
තෝරා බේරාගෙන ඉවසීමෙන්
කටයුතු කළ යුතුයි.

ඒත් ඒ සංයමය ගොඩ නගා ගන්නට නම්
තමාට ඉඩ දීල,
තමන්ගෙ හිතට ඉඩ දීල..
නිදහසේ නිදැල්ලේ හැසිරිය යුතුයි.

නවක ශිල්පියාගෙ ජීවිතය
පරිණත කෙනෙකුගෙ ජීවිතයට වඩා වෙනස්..
නොමේරූ පැලයකට
මේරූ ගසක් මෙන්
හැසිරෙන්න බැහැ.

නවක ඡායාරූප ශිල්පියා
තම සිත් ගන්නා සියල්ලම
ඡායාරූප ගත කළ යුතුයි.
ඉදිරිපත් කළ යුතුයි.

ඔහු වැරදෙනවාට,
අන් අයගෙ ගැරහුම් ලැබීමට
බිය නොවිය යුතුයි.

තමාගෙ සිත් ගන්නා සියල්ල
ඡායාරූපගත කරන නවකයා
තමා නවකයෙක් බව
අමතක නොකළ යුතුයි.
තමන් කරන සියල්ලම
වැරදිවෙන්න පුලුවන් බව
ඔහු හැමවිටම සිතිය යුතුයි.
ඔහුගෙ වයස කුමක් වුවත්,
අද ඉන්න තැන.. වෘත්තිය කුමක් වුවත්
ඡායාරූප ශිල්පයට
ඔහු සිඟිත්තෙක්.

ඔහු පරිණත ශිල්පීන් මෙන්
හැසිරෙන්නට...
පරිණත ශිල්පීන් මෙන්
ප්‍රතිචාර ලබන්නට
ඉක්මන් නොවිය යුතුයි...

ඡායාරූපයක් උණත්
කෑමක් වගේ
රස නැතිවෙන්න හේතු දෙකයි තියෙන්නෙ.
1, ශිල්පියාට රසඥතාවයක් නැති කම.
2, රසිකයාට රසඥතාවයක් නැති කම.

ඔහුගෙ සිත් ගන්නා දේ
රූපමය භාෂාවෙන් කියද්දී
තමා දුටු දේ
තමාගෙ ඡායාරූපයෙ දකින්න නැහැ කියල
ඔහුට වැටහෙනවා නම්
ඔහුට දියුණු වෙන්න පුලුවන්..
ඔහු මුලින්ම
ඒ ගැටළුව විසඳාගත යුතුයි.

තමා ඇසින් දැකපු දේ
ඡායාරූපයට කොටුකරගන්නට
ඔහු ඉගෙන ගත යුතුයි.
ඒ දේ පැහැදිලිව
අනවශ්‍ය දේ ඉවත් කරලා,
අවශ්‍ය දේ උලුප්පලා පෙන්වන ආකාරය
ඔහු මුලින්ම ඉගේනගත යුතුයි.

මිනිසුන් රූපවලට ප්‍රතිචාර දක්වන
පොදු රටාවන් තියනවා.
ඒ පිළිබඳව දැනුවත්වීම
අත්‍යාවශ්‍යයි.

දෙවනුව
ඔහු ප්‍රිය කරන දේ
අනි
ක් අයට ප්‍රිය නැත්නම්..
ඔවුන්ට දැනෙන්නෙ නැත්නම්
තමන්ගෙ
ඡායාරූපයෙ
දුර්වලතා මොනවාද කියා
සොයා ගන්නට උත්සාහ කළ යුතුයි.

ඒ අතරම
ඔහු ප්‍රිය කරන දේ
අනි
ක් අයට ප්‍රිය නැත්නම්..
ඔවුන්ට දැනෙන්නෙ නැත්නම්,
ඒ අනික් කෙනාගෙ සංවේදීභාවයෙ
දුර්වල කමක් වෙන්නත් පුලුවන්.
ඒ වගේ වෙලාවට
තමන්ගෙ ප්‍රේක්ෂකයා ප්‍රියකරන්නෙ,
ඒ සමූහය ප්‍රිය කරන්නෙ
මොන විදියෙ ඡායාරූපද කියල
සෙවිල්ලෙන් ඉන්නවිට
ඇත්ත තේරුම් ගන්න පුලුවන්..
හොඳ ඡායාරූප අගය කරන..
හොඳ ඡායාරූප ශිල්පීන් ගැවසෙන
ඉගෙන ගන්න හොඳ වාතාවරණයක් තියන
සරුබිම්වල ගැවසීමත් අත්‍යාවශ්‍යයි..

ලෝකයේ ඉන්න ඉහළම පෙළේ
ඡායාරූප ශිල්පීන්ගෙ කෘති සමග
තමන්ගෙ ඡායාරූප සසඳන්න.
තමන් ඉන්න තැන කොයි තරම් පහළ වුණත්
එතන ගැන හීන මානයෙන් නොසිතා,
මානයෙන් දුර්වලතා වහගන්නෙත් නැතුව...
ඊළඟ පියවරට ඇතුළතින් මෝරන
උද්‍යෝගිමත් ජීවිතයක් ගත කරන්න.

ඔබ තුළ ඉන්න ඡායාරූප ශිල්පියාට වඩා
ඔබ තුළ ඉන්න ශිෂ්‍යයාට හිතවත්වෙන්න..
ඔහුට සලකන්න..
ඔහුට අවස්ථා ලබා දෙන්න.

ඔබ තුළ ඉන්න ඡායාරූප ශිල්පියාට
ජීවිතය දෙන්නෙ,
පෝෂණය කරන්නෙ
ඔබ තුළ ඉන්න ශිෂ්‍යයා විසින්.
ඔබ මවත් ඔහුයි.. පියාත් ඔහුයි...

ඔබ තුළ ඉන්න
නවක ශිෂ්‍යයා මරා දමන්නට
ඔබ තුළ ඉන්න ඡායාරූප ශිල්පියාට ඉඩ නොදෙන්න.
එය ඡායාරූප ශිල්පියා සිය දිවි නසා ගැනීමක්..

ප්‍රවීණයන් කියන්නෙ
තමන්ගෙ ගමන හමාර කළ ඡායාරූප ශිල්පීන්...
ඔවුන් මියගිය අය වුණත්...
ජීවත් වෙන අය වුණත්...
සත්‍යය එයයි..
ලෝකයේ බිහිවූ
හොඳම ඡායාරූප ශිල්පීන්
සදාකාලික නවකයන්...
සදාකාලික ශිෂ්‍යයන්...


නිකොන්ද? කැනන්ද? Mobileද?
ඡායාරූප ශිල්පියා යනු කැමරාව නොවේ..
තාක්ෂණික ශක්‍යතාවය - කලාත්මක කුසලතාවය
ඡායාරූපයක ආලෝකය සහ අඳුර....
කාචය, කාච විවරය, කාච ද්වාරය, ISO අගය -සරලව
රාමුව තුළ හැම දෙයක්ම ඡායාරූප ශිල්පියාගෙ වගකීමක්
ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?

20130828

නිකොන්ද? කැනන්ද? Mobileද?


විශිෂ්ඨ ඡායාරූපයක
තාක්ෂණික ගුණයට එහා
 
වටිනාකමක් තියනවා.
 තාක්ෂණික දුර්වලතාවය හෝ තාක්ෂණික දක්ෂතාවය
ඒ වටිනාකම දකින්න බලපාන්නෙ නැහැ.

නාභිගත නොවුණා කියා
මේ ඡායාරූපය අපේ හැඟීමට දැඩි ලෙස බලපාන්නේ නැහැ.

 තාක්ෂණයෙන් කරන්නෙ ඒ වටිනාකම තීව්ර කිරීමයි.


හොඳ ඇසක් තියන කෙනෙකුට
හොඳ තෙවෙනි ඇස ශක්තියක්.

 තියන ඇස අන්ධ නම්
තෙවෙනි ඇස මොකක් වුණත්
වෙනසක් වෙන්නෙ නැහැ. 


කැමරාව කියන්නෙ ඡායාරූප ශිල්පියාගෙ කුලී වැඩකරුවා.
ඡායාරූප ශිල්පියාගෙ කම්කරුවා..

කම්කරුවාගෙ දක්ෂකම නිශ්චිතයි..

ඔහු මෙහෙයවීම ශිල්පියාගෙ වගකීමයි.

ඡායාරූප ශිල්පියාගෙ දැක්මට සීමාවල් නැහැ.

කැමරා අතරෙ පරතරයට වඩා
සිය දහස් ලක්ෂ වාරයක පරතරයක්
එකම කැමරාව පාවිච්චි කරන
ඡායාරූප ශිල්පීන් දෙන්නෙක් අතර තියනවා.

සැබෑ සීමාවල් තියෙන්නෙ
ශිල්පියාගෙ දක්ෂකමේ..
ඔහුගෙ නිර්මාණ ශීලි බවේ..
ඔහුගෙ ප්‍රතිභාවෙ...

ඔහුගෙ ඇසෙ දුර්වලතාවය
කැමරාවෙන් වැහෙන්නෙ නැහැ...
නිකොන් වුණත් කැනන් වුණත් ඔහුට එකයි..

http://www.hometone.com/wp-content/uploads/2012/07/stretchable-electric-torch_UjkvY_24431.jpg

විදුලි පන්දමකින් මගක් සොයාගෙන
ඉදිරියට යන කෙනෙක් එක්ක
අපි යනවා නම්
මොන විදුලි පන්දම අරන් ගියත් ඔහු යන්නෙ
ඔහු දන්න පාරෙම තමයි..
අපි දකින්නෙත් ඔහු
දකින දේම තමයි..

https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/1272457_10200574972283480_1834473664_o.jpg
ස්ටීව් මැක්කරි මේ ඡායාරූපය ගත්ත
කැමරාව හොඳ නිසා
තාක්ෂණික බවෙන් ඉහළ ඡායාරූපය ගත්තා.

ස්ටීව් මැක්කරිට
මේ "රාමුව තීරණය කරන්නට "
ඔහුගේ හොඳ කැමරාවෙන් ලැබුණ
සහාය කුමක්ද?

කිසිම සහායක් නෑ.

ලෝකයේ තියන හොඳම කැමරාවටවත්
ඡායාරූපයක රාමුව තීරණය කරගත නොහැකියි.
 කැමරාව හොඳ නම්
අපිට වඩා හොඳට පෙනේවි..
ඒත් පෙනෙන්නෙ එකම දේවල්..
එකම කෝණයෙන්..


කැමරාව අනුව ඔහුගෙ දැක්ම පුළුල් වෙන්නෙ නැහැ.

වෙනස් කැමරාවක් අතට ගත්තා කියල
ඔහු දකි
කෝණ
ඔහු තෝරන රාමු වෙනස් වෙන්නෙ නැහැ.
පැහැදිලි බව විතරක් වෙනස් වෙයි..

කැමරා අතර වෙනස වැදගත් වෙන්නෙ
වෘත්තීය ඡායාරූප ශිල්පීන්ටයි.
නවකයෙකුට මොබයිල් ෆෝන් එකත් ඇති.

ඡායාරූප ගනිද්දි දෙකක් වෙනවා
එකක් ඡායාරූපයක් ලැබීම.
දෙක ශිල්පියා පුහුණු වීම.

තාක්ෂණය බලපාන්නෙ පළවැන්නටයි..
වඩාත් වැදගත් වෙන්නෙ දෙවැන්නයි..
දෙවැන්නට කාඩ්බෝඩ් කැබැල්ලකින් කපාගත්ත
හතරැස් කොටුවක් තිබුණාම ඇති.

තියන කැමරාවකින් හෝ
මොබයිල් ෆෝන් එකෙන්
පුහුණුවෙන්න හිතාගෙන
ඡායාරූප සීයක් ගන්න කෙනෙක්
හොඳ කැමරාවක් නැහැ කියල
ඒ ඡායාරූප සීය නොගත්තා නම්
ඡායාරූප සීයත් නැහැ..පුහුණුවත් නැහැ.

තාක්ෂණික හේතු මත
ඒ සීයම වීසි කළත්
ඔහු ඉන්නෙ ඡායාරූප සීයක් ඉදිරියෙන්.
ඔහු ඒ අවස්ථා දෙසීය මග හැරියා නම්
ජීවිතයටම ආයෙ ලැබෙන්නෙ නැහැ.

තව කෙනෙකුට විකුණන්නෙත් නැත්නම්
වෘත්තීය මට්ටමෙන්
ප්‍රතිරූපයක් හදන්නෙත් නැත්නම්
තාක්ෂණයට වඩා
ඔබේ දැක්ම පුහුණුවට මුල්තැන දෙන්න.


කැමරාව සල්ලි වලට ගන්න පුලුවන්.


ඒ පුහුණුව වෙන මොන විදියකින්වත් ගන්න බැහැ.



ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූපයේ
ආලෝකය හා අඳුරද වෙන් වශයෙන්
රිද්මයානුකූලව සම්පිණ්ඩණය වී ඇති අයුරු
අධ්‍යයනය කරන්න.


Old Train in USA © Matthew Malkiewicz
ඡායාරූප ශිල්පියා අරමුණු කළත් නැතත්
ඔහු කැමතිවුණත් නැතත්
ඡායාරූපයක මොනවා හෝ රීති භාවිතා වෙනවා.
අපිට කරන්න පුලුවන් ඒ රීති පාලනය කිරීම විතරයි.

සුන්දරත්වයෙන් තොර මනාලියකට
වේශ නිරූපණය අත්‍යාවශ්‍යයි.
රිද්මයකින් තොර ඡායාරූපයකට
තාක්ෂණික ප්‍රමිතිය අත්‍යාවශ්‍යයි.


තාක්ෂණික ප්‍රමිතිය
මේ ඡායාරූපයෙ ඉහළින්ම තියන නිසා
මේ දුම් රොටුව ඉතා ලස්සණට
අපිට පෙනෙනවා.

ඒත් ඒ දුම් රොටුව සුදුවෙලා ගියොත්
අපිට රස විඳින්න දෙයක්
ඉතිරි වෙන්නෙ නෑ.
මෙහි සම්පිණ්ඩණයෙ
අමුතු සුන්දරත්වයක් නැහැ.

ඒත් මේ වගේ ඡායාරූපයක
හැඩතල අතරෙ තියන රිද්මය නිසා
විස්තර කොතරම් අඩුකළත්
සුන්දරත්වය ඉතුරුවෙනවා.

20130827

Portrait Photography



Portrait ඡායාරූපයක
චරිතය සහ හැඟීම ප්‍රධානයි.
Portrait ඡායාරූපයක අරමුණ
කෙනෙකුගේ පෙනුම, චරිතය, පෞරුෂත්වය
සහ හැඟීම ප්‍රකාශනයයි.
එහෙයින් චරිත ප්‍රකාශන ඡායාරූපයක්
සාමාන්‍ය ඡායාරූපයක් නොව
නිසල ඉරියව්වක සිටින කෙනෙකුගේ
සංවිධිත ඡායාරූපයකි.

......................by Arnold Newman
Arnold Newman
ඔහුගෙ කැමරා ආම්පන්න සමග
ඡායාරූපයට පෙනී සිටින්නා සොයා ගොස්
ඔහු වෙසෙන පරිසරයේම
ඔහු ඡායාරූප ගත කළා.

"පසුබිමේ මොනව හරි දෙවල් ටිකක් තියල
ඡායාරූප ගත කරන්න මම කැමති නැහැ.
ඒ තියන දේවල් ඡායාරූපයට පෙනී සිටින්නා සමගත්
ඔහුගේ ජීවිතය සමගත්, ඡායාරූපයක් ලෙසත්
මනාව සංවිධිතව, සුසංගත විය යුතුයි.
අරමුණ කුමක් වුවත් ඡායාරූපය
සිත් ඇදගන්නා සුළු වියයුතුයි.

ප්‍රසිද්ධ පුද්ගලයෙකු
ඔහේ ඡායාරූප ගත කිරීම
තේරුමක් නැහැ."
ඔහු පවසනවා

-----------------------------------------------------------------------------------------------

http://1.bp.blogspot.com/-bij5jmgHQAY/UKSBShU7NGI/AAAAAAAADnQ/YmxGeVeKvDA/s640/LJ.jpg

නියම ස්වරූපය..
චරිතය සහ හැඟීම වෙනස් නොකර
තීව්‍ර කළ යුතුයි..
-----------------------------------------------


 Lee Jefrees ඡායාරූපය ගත් පසු
ඔහු මෘදුකාංගයක් ඇසුරෙන්
ඡායාරූපය වැඩි දියුණු කරන්නේ
දෑසෙන් ප්‍රකට වෙන හැඟීම
තීව්‍ර කරන්නටය.

 

"ඇස් වල හැඟීම මතුවෙන විදියට
ඡායාරූපය මූලික වශයෙන්ම
DODGE සහ BURN මගින්
සංස්කරණය කරනවා.
මුලින්ම ඡායාරූපයක් ගන්න
මාව පෙළඹෙන්නෙ
කෙනෙකුගෙ දෑස නිසයි.
පින්තූරයක හැඟීම් පිළිබඳ
සාධකය ත් එයයි.."
ඔහු වෙබ් අඩවියට පැවසීය.

"මම ආලෝකය සහ අඳුරෙන් සංස්කරණය කරන්නෙ
හරියට ආගමික දෙයක් වගේ."


"මුලින්ම ඡායාරූපයක් ගන්න මම පෙළඹෙන්නෙ කෙනෙකුගෙ දෑස නිසයි.
පින්තූරයක හැඟීම් පිළිබඳ සාධකය ත් එයයි.."
- Lee Jefrees -

 ---------------------------------------------------------------------------------------------

 පෝට්‍රේට් ඡායාරූප ශිල්පීන්ට
තමන් විෂය කරගන්නා අය
චරිතයක් වශයෙන් දැනෙන්න ඕනෙ..
හැඟීම
ක් වශයෙන් විඳින්න ඕනෙ.

මේ දේවල් වලට
හුරුවෙන්න
කැමරාව අතේ තියෙන්න ඕනෙ නැහැ.

රුසියානු සාහිත්‍යය
චරිත විඳින්න හුරුවෙන්න හොඳ මාධ්‍යයක්..


කතාව කියන්නාගෙත්
ඔහු පෙම්කළ යුවතියගේත්
ඇගේ පියාගෙත් Portrait තුනක්
ඡායාරූප ගත කරන්නට
ඔබට සිදු වුවහොත්
ඔබ ඒ Portrait තුනම ඡායාරූප ගත කරන්නේ
එකම ආකාරයකටද?

පියාගේ ආචාරශීලී බව යට සැඟවුණ
කෘර චරිතය ඔබ ඉස්මතු කරන්නේ කොහොමද?

යුවතියගේ ඔබ ඉස්මතු කරන්නට කැමති
චරිත ලක්ෂණ මොනවාද?

කතාව කියන්නා කෙබඳුද?
ඔහුට පෙම්වතිය එපා වුණේ ඇයි?

මෙ තිදෙනා නිරූපනය වන
Portrait  තුනක් රුසියානු පින්තාරු චිත්‍ර වලින්
සොයාගන්නට ඔබට හැකිද?

http://enzieshahmiri.com/wp-content/uploads/2013/03/Ilya-Repin.png

මා සොයාගත් මේ චිත්‍ර කොතෙක් දුරට
ඔවුන් නිරූපණය කරනවාද?

http://24.media.tumblr.com/tumblr_lxqbpjJoRT1qzh3vxo1_500.jpg

 http://antonk.com/wp-content/uploads/2012/05/Pyotr-Ilyich-Tchaikovsky-by-Nikolay-Kuznetsov-1893-Portr%C3%A4t-Pjotr-I.-Tschaikowski-born-7-May-1840-died-1893-oil-painting-portrait-Russian-composer-symphonies-concertos-opera-ballet-chamber-classical-music-concert-by-Nikolai-Dimitri.jpg

 Portrait ඡායාරූපයක චරිතය සහ හැඟීම ප්‍රධානයි.

Portrait ඡායාරූපයක අරමුණ
කෙනෙකුගේ පෙනුම, චරිතය, පෞරුෂත්වය සහ හැඟීම ප්‍රකාශනයයි.

--------------------------------------------------------------------------------------------------










20130809

වර්ණ රටා මනසට බලපානවා.



.http://stevemccurry.files.wordpress.com/2012/09/2sm9200.jpg

 මිනිස් ඇස වර්ණ වලට සංවේදීයි..

සංගීත ස්වර වගේ වර්ණත්
විවිධ හැඟීම් ජනිත කරනවා.
ඕනෑම රූපයක වර්ණ විහිදිලා තියන රටාව
එයින් ජනිත කරන හැඟීම් වලට බලපානවා.
සමාන වර්ණත් ප්‍රතිවිරුද්ධ වර්ණත් අතර රටා
මනසට බලපානවා.


සමාන වර්ණ අතර රටා
මනසට බලපානවා.
Photo by Steve McCurry

------------------------------------------------------------



ප්‍රතිවිරුද්ධ වර්ණ අතර රටා
මනසට බලපානවා.
Photo by Steve McCurry

------------------------------------------------------------


වර්ණ වෙනස් වෙනකොට
අපේ හැඟීම් වෙනස් වෙනවා.
දවල් අහස, හැන්දෑ අහස,
වැහිබර අහස කිව්වාම
අපිට වචන වලින් දැනෙනවාටත් වඩා
ප්‍රබල හැඟීම් ඒ ඒ රූප වලින්
හිතේ ජනිත කරනවා.
http://www.mightymecreative.com/wp-content/uploads/2011/07/sw-australia-267-day-5-flinders-bay-1.jpg




 

 අපි රූපයක් දකින විට
අපේ විඥ්ඥාණයෙ තැන්පත් වී ඇති
අපේ පැරණි අත්දැකීම්වල
ප්‍රිය අප්‍රිය මතක සටහන්
උත්තේජනය වෙලා
අදාළ හැඟීම් ඇති කරනවා. 

http://stevemccurry.files.wordpress.com/2012/09/2sm9200.jpg
Photo by Steve McCurry
වර්ණ වලින් ඇති කරන උත්තේජනය ප්‍රබලයි.

-------------- අභ්‍යාසයක් ලෙස --------------
ඡායාරූපයක මූලික අරමුණ ලෙස
වර්ණ සොයන්න.
Photo by Steve McCurry  
 
සංගත වර්ණ, ප්‍රති විරෝධී වර්ණ,
දීප්තිමත් වර්ණ, අඳුරු වර්ණ,
ප්‍රාථමික වර්ණ, ද්විතීයික වර්ණ,
හැඟීම් දනවන වර්ණ,
සිත සනසන වර්ණ, අවුල් කරන වර්ණ,
එකම වර්ණයේ ප්‍රභේද........
මේ සියලු ආකාරයේ වර්ණ වල
රිද්ම සංකලන සොයන්න.

වර්ණ මුල් කරගත් රිද්ම රටාවක් දුටු විට
අන් සියල්ල නොසලකා හැර
වර්ණ රටාව රූ ගත කර ගන්න.

වර්ණ නිසාම ඔබට දැනෙන
වර්ණ සෞන්දර්යය සොයන්න

වර්ණ වලටත්
වර්ණ රටාවලටත් සංවේදී වීම
දෘෂ්‍ය කලාශිල්පීන්ට අත්‍යාවශ්‍යයි.
 -------------------------------------------------------------------------

වෙනත් අදාළ සටහන්

වර්ණ සිද්ධාන්ත 

ඡයාරූපයක තිතක් වුණත් වැදගත්..

සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ

උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
 _____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  22. රීතියද, ඡායාරූපයද?
  23. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  24. වර්ණ රිද්ම සංකලන
  25. රතට රතේ රතු..
  26. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  27. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  28.  ආවරණය -වැදගත් රීතියක් - Clossure