20130912

එක් ඡායාරූපයක් හොඳයි. අනික බොඳයි.



https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/1272457_10200574972283480_1834473664_o.jpg
එක් ඡායාරූපයක් හොඳයි.
අනික බොඳයි.

ස්ටීව් මැක්කරි මේ ඡායාරූපය ගත්ත
කැමරාව හොඳ නිසා
තාක්ෂණික බවෙන් ඉහළ ඡායාරූපය ගත්තා.

ස්ටීව් මැක්කරිට
මේ "රාමුව තීරණය කරන්නට "
ඔහුගේ හොඳ කැමරාවෙන් ලැබුණ
සහාය කුමක්ද?

කිසිම සහායක් නෑ.

ලෝකයේ තියන හොඳම කැමරාවටවත්
ඡායාරූපයක් තීරණය කරගත නොහැකියි.

කැමරාව කියන්නේ
බුද්ධියත් හදවතත් දෙකම නැති
මෙවලමක්.

ඡායාරූප ශිල්පියෙක් බිහි කරන්නට
අජීවී කැමරාවකට පුළුවනි නම්
පෑනකට ලේඛකයෙක් බිහිකරන්නටත් පුලුවන්.

------------------------------------------------------
අප ඡායාරූප ගන්නේ කැමරාවෙන් නොවේ.
අපේ මනසින් සහ හදවතිනි.
Arnold Newman
-----------------------------------------------------

ඡායාරූප ශිල්පියා තීරණය කරන රාමුව
හොඳින් සටහන් කරගන්නට
හොඳ කැමරාවකට පුලුවන්.

බොඳවීම තක්ෂණික ගැටලුවක්.
කැමරාවේ දුර්වල කමක්.

සැබැවින්ම
හොඳ ඡායාරූපයක අගය කළයුතු දේ,
නවකයෙක් අගය කරන්නට හුරුවිය යුතුදේ
හොඳ වුණත්, බොඳ වුණත්
මේ ඡායාරූප දෙකේම තියනවා.
මේ ඡායාරූප දෙකේම
හොඳ සහ බොඳදෙකටම
වගකිවයුත්තේ කැමරාවයි.
ඡායාරූප ශිල්පියා ඔහුගේ වගකීම මැනවින් ඉටු කර තිබෙනවා.
ඡායාරූප ශිල්පියාට
ඡායාරූපය තෝරාගන්නට නොහැකි නම්
කැමරාව කොයිතරම් වටිනා එකක් වුණත්
සිහිනයක් නොදුටු ගොලුවෙක් වෙනවා.

සුන්දර සිහින දකින්න.. ඡායාරූප භාෂාවත් ඉගෙන ගන්න

මා කතා කරන්නේ
රාමුව තුළට ගන්නට සුදුසු දේ
තෝරා ගැනීම දක්වා පමණයි.

කැමරාව තෝරාගැනීම සහ
කැමරාව මනාව හසුරුවා ගැනීම
ඔබට සහ
ඔබේ තාක්ෂණික ගුරුවරුන්ට බාරයි.

හොඳ කැමරාවක්
කොහොමත්
බාල කැමරාවකට වඩා හොඳයි.
ඒක අවිවාදිතයි.

මම කියන්නෙ
කැමරාවක් අතේ නැතුවම වුණත්
කාඩ්බෝඩ් කෑල්ලක
හතරැස් කොටුවක් කපල බැලුවත්
හොඳ ඡායාරූපශිල්පියා
ඒ කොටුව තුලින් දකින දේ තමයි
ඡායාරූපයෙ අගය තීරණය කරන්නෙ.
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/857487_10201053333162203_1105788310_o.jpg
කැමරාව කියන්නෙ
ඔහු ඒ දකින සුවිශේෂී දේ
අපට පෙන්වන තත්වයට පත් කරගන්න
ඔහු භාවිතා කරන
උපකරණයයි.

කැමරාව නැතත් ඔහු දකිනවා.
ඔහු දැක්ක දේ
කැමරාව නැතුව අපිට බලන්න බැහැ.

අපි ඔහුට ගරු කරන්නෙ
ඔහුගෙ දැක්මටයි.
ඔහුගෙ කැමරාවට නෙමෙයි.

හොඳ දැක්මක් නැති කෙනෙක්
ලෝකෙ තියන
හොඳම සහ වටිනාම කැමරාවෙන්
ඡායරූප අරන් පෙන්නුවත්
අපිට දැනෙන්නෙ නැහැ.
හොඳ දැක්මක් ඇති ඡායාරූප ශිල්පියෙක්
බාල මොබයිල් ෆෝන් එකකින් ගන්න
සාමාන්‍ය තත්වයේ ඡායාරූපයක්
ගෞරවයට පාත්‍ර වෙනවා.
  Original Photo by Steve McCurry==========================================
ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූපයේ
ආලෝකය හා අඳුරද වෙන් වශයෙන්
රිද්මයානුකූලව සම්පිණ්ඩණය වී ඇති අයුරු
අධ්‍යයනය කරන්න.

ඡායාරූප ශිල්පියා අරමුණු කළත් නැතත්
ඔහු කැමතිවුණත් නැතත්
ඡායාරූපයක මොනවා හෝ රීති භාවිතා වෙනවා.
අපිට කරන්න පුලුවන් ඒ රීති පාලනය කිරීම විතරයි.

සුන්දරත්වයෙන් තොර මනාලියකට
වේශ නිරූපණය අත්‍යාවශ්‍යයි.
රිද්මයකින් තොර ඡායාරූපයකට
තාක්ෂණික ප්‍රමිතිය අත්‍යාවශ්‍යයි.
Old Train in USA © Matthew Malkiewicz
තාක්ෂණික ප්‍රමිතිය
මේ ඡායාරූපයෙ ඉහළින්ම තියන නිසා
මේ දුම් රොටුව ඉතා ලස්සණට
අපිට පෙනෙනවා.

ඒත් ඒ දුම් රොටුව සුදුවෙලා ගියොත්
අපිට රස විඳින්න දෙයක්
ඉතිරි වෙන්නෙ නෑ.

මෙහි සම්පිණ්ඩණයෙ අමුතු සුන්දරත්වයක් නැහැ.



ඒත් මේ වගේ ඡායාරූපයක
හැඩතල අතරෙ තියන රිද්මය නිසා
විස්තර කොතරම් අඩුකළත්
සුන්දරත්වය ඉතුරුවෙනවා.

===============================================================



2 comments:

  1. ඔබ, මගේ කැමරාව සුපිරි එකක් නොවීම ගැන මා සතු හීනමානය බිඳ දැමුවා.. ස්තූතියි .සර්.

    ReplyDelete
  2. thanks sir..............

    ReplyDelete