20130915

ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.


රීතියක් කියන්නෙ
සූප ශාස්ත්‍ර පොතක තියන
වට්ටෝරුවක් වගෙයි.

වට්ටෝරුව අකුරටම උපයෝගී කරගෙන හදන ආහාර
හරියට එන්නෙ නැහැ.
මේ ඡායාරූපයට ස්වර්ණමය රීතිය යෙදීම
හොඳයි කියල මට හිතෙන්නෙ නෑ.

 ඔවුන් දකුණට බර වූ ස්වභාවයක් තියනවා.
ඒත් එයින් දර්ශනය විවෘතවෙනවා.

ස්වර්ණමය රීතිය
අන්ධයන් මෙන් - වහලුන් මෙන්
උපයෝගී කරගත යුතු නෑ.

කිසිම රීතියක් එසේ උපයෝගී කරගත යුතු නෑ.

රීතියක් කියන්නෙ ඒදණ්ඩෙ යන්න බැරි අයට
හුරු වෙන්න තියන අත්වැලක්.

සමබර වෙන්න හුරු වෙනකොට
අත්වැල අතහැරල බලන්න ඕනෙ.

අත්වැල නැතුව
ඒ දණ්ඩෙ යන්න පුලුවන් වුණ කෙනෙකුට
අත්වැල අල්ලගෙන යන එක වදයක්.. කරදරයක්..
ඔහුගෙ ගමන හරියට කරගන්න බැහැ.

රීතිය පිළිබඳව හැඟීමෙන් යුතුව...
රීතිය හරියටම බලන්නෙ නැතිව...
මෙහි ඇති අනිත් හැඩ තල ගැනත්
සිහියෙන් යුතුව.

ඒ විදියට ක්‍රොප් කිරීම
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
කෘතියකට අනන්‍යතාවයක් ලැබෙන්නෙ එයින්.

එහෙම නැතුව
හරියටම රීති පිළිපදින්න ගියොත්
මොන්ගල් ලමයි වගේ
ලෝකෙ කොහේ උනත් කරන නිර්මාණ වලට
එකම හැඩයක් තියේවි.

ස්වර්ණමය වක්‍රය නැතුව ක්‍රොප් කරගන්න බැරි නම්
ඔබ වක්‍රය දන්නෙ නෑ කියල පිළිගන්න.

පළමුව ස්වර්ණමය වක්‍රය නැතුව
වක්‍රයට කපන්න.

ඉන් පසුව වක්‍රය යොදල බලන්න.
ඔබේ ක්‍රොප් එක වක්‍රය සමීපයට ආවොත් ඒ ඇති.

ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස 

  

ස්වර්ණමය වක්‍රය ආදේශ කරන්න නම්
යුවල ඇතුලට ගන්නට
සුලු සංස්කරණයකින්
දර්ශනය දකුණෙන් පලල් කරන්න වෙනවා..





අරමුණ මේ යුවල නම්
ඔවුන් ස්වර්ණමය ලක්ෂ්‍යය දිසාවට
ගෙන ආයුතු බව ඇත්ත.

රාමුව ස්වර්ණමය අනුපාතයට කැපුවාම
රාමුව සිත්ගන්නා සුලු බවත් ඇත්ත.

ඒත් දර්ශනයෙ පුළුල් බව නැති වෙනවා.

දර්ශනයෙ පුළුල් බව  රැකගන්න කළයුත්තේ
රාමුව මෙලෙසම තබා ගනිමින්
යුවළ වමට ගෙන ඒමයි




==================================================================


තවත් උදාහරණයක්.

Photo by Sisitha Weerasekara
ස්වර්ණමය රීතිය ඉක්මවා ගිය
ඡායාරූපයක සුන්දරත්වය.

අති විශිෂ්ඨ සම්පිණ්ඩණයක්
වර්ණ අතින් සහ හැඩතල අතින්,,

1 ඡායාරූපය මත ස්වර්ණමය වක්‍රය   2, වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු.   3,  මුල් ඡායාරූපය

ස්වර්ණමය වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු
මුහුදෙ මහිමය දැනෙන්නෙ නැහැ.

සිසිතගෙ ඡායාරූපයෙ
මුහුදෙ විශාලත්වය නිසා දැනෙන මිනිසා තනිවුණ ගතිය
ස්වර්ණමය වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු
නැති වෙලා තියනවා.

රීතියට ගරු කරන නමුත්
රීතියට අනුවම
ඡායාරූප ගතයුතු නැහැ

රීතිය දැනගෙන
රීතිය හිතේ තියාගෙන
තමන්ට දැනෙන හැඟීම මතුවෙන්න
රාමුව සකස් කරගත යුතුයි.

සමහර වෙලාවට
ඒ ටික කරන්න වෙන්නෙ ක්‍රොප් එකෙන්..

සිසිතගෙ ඡායාරූපයෙන්
ඒ දේ හොඳින් සිදුවෙලා තියනවා.
මිනිසා පසුබිමත් සමග සමබර වුණා නම්
සිසිත කියන හුදකලාව දැනෙන්නෙ නැහැ.

 
මෙහි විශාල අවකාශය
ඒ මිනිසා සාපේක්ෂව කුඩා කිරීම නිසා
ඔහුගෙ තනිකම වැඩිවෙලා.

https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/970436_511013762279962_1890708568_n.jpg
විකර්ණය දිගේ සටහන් වෙන
මුහුදු රැල්ල
මිනිසා අසල සම්පූර්ණයෙනුත්
අනික් හරිය රිද්මයකට
දියවෙලා කැඩිලා බිඳිලා තිබීම
තවත් ලස්සණක්

මිනිසාගේ කැප් තොප්පියේ වර්ණය
මෙහි වැඩි පුර ඇති
කොළ පැහැයට ප්‍රතිවිරුද්ධ
රතු වර්ණය වීම
තවත් ප්‍රබල හේතුවක්..

සිසිතගෙ ඡායාරූපයෙ මිනිසා
ස්වර්ණමය වක්‍රය ආශ්‍රිතව
ඡායාරූපය තුළ ස්ථානගත කිරීම
මෙහි සුන්දරත්වයට ප්‍රධානම හේතුවක්.
--------------------------------------------------------------------------------------

රීතියක් කියන්නෙ මූලික සැකිල්ලක් විතරයි..

රීතියක් කියන්නෙ
නිශ්චිත හැඩයක් ඇති
නම්‍යශීලී මැටි පිඩක්.

ඒත් රීතියකින් නිර්මාණයක් කරද්දි
ඉන් සාදාගත හැකි හැඩ ප්‍රමාණය
අවිනිශ්චිතයි. අසීමිතයි.

නිර්මාණ ශීලී කලාකරුවා එයින් මූර්තියක් අඹනවා.
ඔහුගේ නිර්මාණය තුළ මැටි පිඩ සොයාගන්නට
රසිකයෙකුට නොහැකි වෙන්න පුලුවන්.

ඒත් ආධුනික ශිල්පියා
සම්භාව්‍ය නිර්මාණ තුළ
රීති සෙවිය යුතුයි.

ඔහුට රීතියක ප්‍රායෝගික භාවිතය
තමන්ගේ නිර්මාණවලට
නිසි පරිදි එක් කරගත හැක්කේ එවිටයි.

අවස්ථාවෙන් අවස්ථාවට රීති වෙනස්වෙනවා. 
ශිල්පීන්ගෙ රසඥතාවය අනුව රීති වෙනස්වෙනවා.
ඡායාරූපයක වර්ණ, හැඩතල, රේඛා, අනුව රීති වෙනස්වෙනවා.
ඇතිකරන්න අවශ්‍ය හැඟීම අනුව රීති වෙනස්වෙනවා.


රාමුවෙ පරිමාණය
ස්වර්ණමය රීතියට අනුකූල
රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ
ස්වර්ණමය රීතියට අනුව
සමබරව සිටිය යුතු
ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.

ඒ විදියට
සමබර බව බිඳීම නිසා
ඇගේ ගමන හොඳින් දැනෙනව.
ස්ටීව් රීතිය රැක්කා නම්
ප්‍රතිඵලය වෙනස්.

වමේ තියන ඡායාරූප වල
කාන්තාව හරියටම
ස්වර්ණමය රීතියට අනුව
ස්ථානගත කරල තියනවා.

ඇය අහසෙ පාවෙන ගතියකුයි පෙනෙන්නෙ.
රාමුවත් හැඩතලත් සමබරයි..
ඒත් අපිට දැනෙන දෙයක් නැහැ.

ස්ටීව්  ස්වර්ණමය රාමුව හදාගෙන
ස්වර්ණමය රීතිය
නිර්මාණ ශීලී ලෙස බිඳෙන
ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..

---------------------------------------------------------------------------------

රීතියක් කියන්නෙ
නිශ්චිත හැඩයක් ඇති
නම්‍යශීලී මැටි පිඩක්.

ඒත් රීතියකින් නිර්මාණයක් කරද්දි
ඉන් සාදාගත හැකි හැඩ ප්‍රමාණය
අවිනිශ්චිතයි. අසීමිතයි.

නිර්මාණ ශීලී කලාකරුවා ගේ නිර්මාණය තුළ මැටි පිඩ සොයාගන්නට
රසිකයෙකුට නොහැකි වෙන්න පුලුවන්.

ඒත් ආධුනික ශිල්පියා
සම්භාව්‍ය නිර්මාණ තුළ
රීති සෙවිය යුතුයි.

ඔහුට රීතියක ප්‍රායෝගික භාවිතය
තමන්ගේ නිර්මාණවලට
නිසි පරිදි එක් කරගත හැක්කේ එවිටයි.

.
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/q71/1234115_10200540573143523_2075307329_n.jpg.
=================================================================

 https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/q80/s720x720/1457617_457882897663162_52658333_n.jpg
 Photo by Binara Sampath

මේ ඡායාරූපයටත් ස්වර්ණමය රීතිය යෙදීම
හොඳයි කියල මට හිතෙන්නෙ නෑ.

 දෙවෙනි මනමාලි මතුවෙනවා.

කහපාට මලට ඇහැ යනවා.
කටුස්සගෙ ඇහැට රීතිය යෙදුවට
කටුස්සට ඇහැ යන්නෙ නැත්නම්
අරමුණ ඉටුවෙන්නෙ නැහැ.

ස්වර්ණමය රීතිය යොදන්න නම්
අනිත් ප්‍රදේශ වල
වෙනත් ප්‍රධාන දේවල්
නැති වෙන්න ඕන.
තිය නවා නම්
එයින් අරමුණට
යොමු කිරීමක් වත් වෙන්න ඕනෙ.

 
ස්වර්ණමය ලක්ෂ්‍ය හතරත්
අපේ අවධානය ගන්න විදිය
සමාන නැහැ.

බිනරගෙ ඡායාරූපයෙ
මල තියන තැන
මට බලන්න පහසුම තැන.
කටුස්සා ඉන්නෙ බලන්න අපහසුම තැන.
අනිත් පැත්ත හැරෙව්වම
ප්‍රශ්නෙත් කණපිට ගැහෙනවා.

මේ අරමුණු දෙකටම
මෙහි තියන අනික් හැඩතලත්
රේඛාත් බලපානවා.
දකුණට සහ ඉහලට ගමන් කරන
රේඛා, හැඩතල ආදිය
අපට දැනෙනවා වැඩියි.
අනිත් පැත්ත හැරෙව්වම
ඒ දේවල් අනිත්පැත්තට
ක්‍රියා කරනවා.

කලින් මල දිසාවට ගමන් කළ
රේඛා  හැඩතල ආදිය
දැන් යන්නෙ කටුස්සා දෙසට.






ස්වර්ණමය ලක්ෂ්‍ය හතර
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn2/q71/1471772_10200943854465304_1236389427_n.jpg
 දකුණට සහ ඉහලට ගමන් කරන
රේඛා, හැඩතල ආදිය
අපට දැනෙනවා වැඩියි.

ස්වර්ණමය ලක්ෂ්‍ය හතර අනුවත්
කටුස්සා සහ මල
අපේ අවධානය ගන්න විදිය
වෙනස් වෙනවා.




-------------------------------------------------------------
සමස්තයක් විදියට බැලුවාම
අවධානය වැඩියෙන්ම යන්නෙ කොතනටද කියල
මේ ඡායාරූපයෙන් පෙනෙනවා.
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/q71/1476491_10200943834744811_1993229356_n.jpg

සමස්තයක් විදියට බැලුවාම
අවධානය වැඩියෙන්ම යන්නෙ කොතනටද?

https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/q71/1463940_10200943840304950_801912400_n.jpg

ස්වර්ණමය රීතිය කියන්නෙ
ඡායාරූපයක තියන දේවල්වලට
බලපෑමක් ඇති කළ හැකි
තවත් එක් රීතියක් විතරයි.


 ============================================



 සමස්ත රාමුව බැලුවාම රාමුව දකුණට බරයි..
වම් පස විවෘත වැඩියි..

By   Kasun Nanayakkara
ස්වර්ණමය ලක්ෂ්‍යය හරියටම ඇසට යොදලයි
කසුන් ක්‍රොප් කරල තියෙන්නෙ.

අභ්‍යාස කරන කාලෙ
රීතියට යටත් වෙන එක හොඳයි..
නැත්නම් රීතිය අහුවෙන්නෙ නෑ.
ඒත් රීති නම්‍ය ශීලීව උපයෝගී කරගන්නත්
ඒ අතරෙම පුහුණු වෙන්න.

යාන්ත්‍රිකව රීති වලට කොටු වුණොත්
සිහිය දුර්වල වෙනවා.
නිර්මාණකරණය පිරිහෙනවා.

මෙහි අරමුණ ඇස වුණාට
හැඟීම බලාගෙන
සම්පිණ්ඩණය සකසන්න..

 
 අරමුණ ස්වර්ණමය ලක්ෂ්‍යයම විය යුතු නෑ..
ඒ ප්‍රදේශයෙ තැනක ඇස පිහිටද්දි
හැඟීම දැනෙන විදියට රාමුව සකසන්න..


 මේ ක්‍රොප් එක පහත දැක්වෙන මුල් ඡායාරූපය සමග සසඳන්න..

 


මුල් ඡායාරූපය
 

හැම ඡායාරූපයකටම
ආවේණික ක්‍රොප් එකක් තියනවා.
ඒ ක්‍රොප් එක සොයන්න..
රීතිය ඒදණ්ඩ නෙමෙයි..
අත්වැල පමණයි..
ඒදණ්ඩ ඔබේ ස්වාධීන ඇසයි..
ඒ දණ්ඩ හුරු වෙනකොට අත්වැල හෙමිහිට අත් හරින්න..

රීතිය සාමාන්‍ය පෙළ.
රීතිය ඉක්මවා යාම උසස් පෙළ.

ඒ පියවරත් හරියට තිව්වොත් විශ්වීය නිර්මාණයක්..

ඔබටම ආවේණික රීති ඔබට හමුවෙයි..

============================================
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. රීතිවලට යටත්වන්න එපා
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure



 



No comments:

Post a Comment