20130920

පළමුව සදාචාරවත්, හොඳ මිනිහෙක්, මහත්මයෙක් වෙන්න.



http://th08.deviantart.net/fs70/PRE/f/2011/162/a/a/ying_yang_by_rdjpn-d3im20v.jpg
හරියට මේ කලාව හදාරන්න.
විෂයය හදාරන්න.
පළමුව තමන් සදාචාරවත් වෙන්න.
ඉස්සෙල්ලාම හොඳ මිනිහෙක් වෙන්න.
ඊට පස්සෙ මහත්මයෙක් වෙන්න.
ඊටත් පස්සෙ ඡායාරූප ශිල්පියෙක් වෙන්න.
අන්න එදාට ඔයාව අනෙක් අයට උවමනා,
වැදගත් මනුස්සයෙක් වේවි.
අන්න එදාට ලෝකය වෙනස් කළ හැකි
වෙනස් දේවල් කරන්න.
ඔයාගෙ පිටිපස්සෙන් ලොකු පිරිසක් ඉඳීවි.
- Indranatha Thenuwara -

-------------------------------------------------------------------------

1,පළමුව තමන් සදාචාරවත් වෙන්න.
2,ඉස්සෙල්ලාම හොඳ මිනිහෙක් වෙන්න.
3,ඊට පස්සෙ මහත්මයෙක් වෙන්න.

අද දිවයිනේ ඡායාරූප ශිල්පීන් අතර
ඉහළින්ම පිළිගත් දැවැන්තයෙකු වන
ඉන්ද්‍රනාථ තේනුවරයන්ගෙන්
නවකයන්ට පිදෙන මේ ඔවදන
නවක, ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්ට පමණක් නොව
හැම ක්ෂේත්‍රයකම අයට අගනා ඔවදනකි.

මේ පිළිබඳ
බොදුනු අපට සපයාගත හැකි
ඉතාම පැහැදිලි නිර්ණායකය
බුදුන් වහන්සේ ලබා දී තිබෙනවා.

ඵරුෂ වචන කීම්, කේලාම් කීම්,
හිස් බස් දෙඩීම් ආදිය නොසලකා හැරියත්
අවම වශයෙන්
පන්සිල් වලින් එකක් හෝ බිඳින
දුසිල්වත් පුද්ගලයා
සදාචාරවත්, හොඳ මිනිහෙක්, මහත්මයෙක් නොවන බව
බොදුනුවන් වන අප සැවොම
අවිවාදයෙන් පිළි ගන්නවා.

සිල්වත් බවට වෙනත් ස්වරූපයන් හෝ
විවිධ තල නැත.
සිල් බිඳින්නා දුසිල්ය.
එක සිල්පදයක් හෝ බිඳින්නා දුසිල්ය.

වගකීමෙන් මිදෙන අටියෙන්
කිසිවෙකු ආගම ප්‍රතික්ෂේප කළත්
බොදුනු අපට ඔහු දුසිල්වතෙකි.
පව්කාරයෙකි.

තේනුවරයන් දෙන මේ අගනා ඔවදන
අද කාලයට ඉතාම වටින්නේ
අන් හැම ක්ෂේත්‍රයකම මෙන්
ඡායාරූප ශිල්පීන් අතරද
දුසිල්ව, දුරාචාරයේ හැසිරෙන
"මහත්වරුන්" බහුල හෙයිනි.
ඔවුන් වැනිම දුසිල්වතුන්ට
ඔවුන් වීරයන් වන හෙයිනි.

දුරාචාරය සදාචාරය කරගත්
බහුතර පිරිස අතර
ඔවුන් සදාචාරවත් මහත්වරුන් ලෙස
පිළිගන්නා අතරම
ඔවුන් පසු පස බොහෝ පිරිසක්
රැස්කන බවද අපට දැකිය හැක.

මගේ පිළි ගැනීම නම්
සදාචාරවත් හොඳ මහත්වරුන් අසල
නිරන්තරයෙන් ගැවසෙන පිරිසද
සදාචාරවත් හොඳ මහත්වරුන් බවය.

දුරාචාරියෙකු පැමිණියද
ඔහුට කෙමෙන් කෙමෙන් හෝ
සදාචාරවත් වීමට සිදුවේ.
එසේ වෙනස් නොවී
ඔහුට එහි රැඳිය නොහැක.
දුරාචරීන් අතර ගැවසෙන
සිල්වතුන් සිල් බිඳගන්නේද
ඒ අයුරින්මය.

ඔබ පසුපස අන් අය ආවත්
ඔබ අන් අය පසුපස ගියත්
ඔබ සදාචාරවත් හොඳ මහත්මයෙක් නම්
ඔබ ඇසුරට ලැබෙන්නේdha
සදාචාරවත් හොඳ මහත්වරුන්ය.

අනික් අතට
ඔබ ඇසුරට ලැබෙන අය
සදාචාරවත් හොඳ මහත්වරුන් නම්
ඔබද ඔබ ඇසුරට ලැබෙන අය මෙන්ම
සදාචාරවත් හොඳ මහත්මයෙකි.

ඔබත් ඔබ අවට ගැවසෙන අයත්
බුදුන් වහන්සේගේ නිර්ණායකයට අනුව
මැන බැලීමෙන් ඔබ ඉන්නා තැනත්
යා යුතු තැනත් පැහැදිලිවනු ඇත.

No comments:

Post a Comment