20131002

ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.


ඡායාරූපයක
පසුබිමත් අරමුණත් අතර
කිසියම් රංගනයක්,  ඉඟි නළුවක් තියනවා.
මේ රංගනයෙහි යෙදෙන නර්තන ශිල්පියාත්
ඉඟි නළුවෙහි පාත්‍ර වර්ගයාත් වන්නේ
ඔබ රාමුව තුළ සම්පිණ්ඩණය කර පෙන්වන
රිද්ම රටා නර්තනයයි..

බාහිර ලෝකය දකින
හැමකෙනෙක්ම රූප සහ වස්තූන්
හිතා මතා නොබැලුවත්
අවිඥාණිකව දකින්නෙ
හැඩ හා හැඩතල විදියට තමයි.

ඇපල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්
සැබෑ ලෝකෙදි ගෝලාකාරයි.
ඡායාරූපයකදි වෘතාකාරයි.

වර්ණය කොළපාට නම් අමු බව දන්නවා.
ඉදුණාම ඒ වෙනස දන්නවා.

ඡායාරූපයකදි අපිට මේ වෘත්ත,
චතුරස්‍ර හා ත්‍රිකෝණ
සම්පිණ්ඩණය කරන්න වෙනවා.

පොඩ්ඩක් එහා මෙහා වෙන විට
අපේ හිත දකින රූපයෙ
ලොකු වෙනසක් වෙනවා.

කලක් නොදැකපු කෙනෙක්
අලුතෙන් කණ්ණාඩි දැම්මොත්
ඔහුගෙ මුහුණට චතුරස්‍ර දෙකක්
එක්වුණා විතරයි.

ඔහු එක් වරම වයසට ගිය ස්වභාවයක්...
තලත්තෑනි බවක්...
බැරෑරුම් බවක් අපිට දැනෙනවා.
පොඩි දරුවෙක් කණ්ණාඩි දැම්මත්
ඒ වෙනස අපට දැනෙනවා.

කණ්ණාඩි දාන්නෙ වයසක අය කියන
අපේ හිතේ ඇඳුණ විඤ්ඤාණික ආකල්පය
අපේ දැක්මට වර්ණයක් හැඩයක් එක් කරනවා.

රීති කියන්නෙ
මිනිස් සිතට නැගෙන අරමුණුවලින්
සිත වෙනස් කරවන
මෙවැනි බලපෑම් පිළිබඳව
අවබෝධයටයි..

රීති ඉගෙනගන්න අකමැති හෝ
පොදුවෙ ඉගෙන ගන්න
කුසීත කෙනෙක් වුණත්
මෙවැනි ගැටලුවක් මතු වුණාම
පොඩ්ඩක් ඇසත් හිතත් මෙහෙයවනවා.

 මේ සඳහා
ඔබට ආධාර වෙන එක කුසලතාවයක් වන්නේ
වර්ණ රේඛා සහ හැඩතල වර්ගීකරණය කරගෙන
සම්පිණ්ඩණය සඳහා යොදා ගැනීමයි.
 


අපි රූපයක් දකින විට
ඉරියව්ව හා සත්ව වර්ගයා අනුවත්
වෙනත් නොයෙක් සමානතා අනුවත් සමාන දේවල්

නිරායාසයෙන්ම වර්ගීකරණය කොට කාණ්ඩ ගත කරනවා.

සමාන වර්ණ වශයෙන් හා සමාන හැඩ තල වශයෙන්
සමාන ගුණ මත රූප කාණ්ඩ අප සිතට දැනෙනවා.


ඒ රූප කාණ්ඩ එක් වී
වෙනම හැඩ තල නිර්මාණය කරනවා.

පහසුව සඳහා වර්ණ, හැඩ හා හැඩතල විමසා බලමු.

ඔබට නොදැනුණත් මේ ගුණය
ඔබ ඡායාරූප වල දැකල ඇති..
මේ ගුණය නිසාම ඡායාරූප අරගෙනත් ඇති.

ඔබ මේ පිළිබඳව
හැදෑරුවොත් ඔබේ ඡායාරූපවලට
මෙම ගුණය එක්වී ඡායාරූපයෙහි අගය වැඩි වෙයි.



සුදු පාට පසු බිමක
තැඹිලි පාට වස්තුවක් තැබූ විට
වස්තුවත් රාමුවෙහි දාරත් අතර
ආතතීන් හට ගනියි.


ආතතියක් වටහා ගැනීමට
ත්‍රිමාණව සිතීම පහසුවක් වෙයි.

පාලු කාමරයක හිස් අවකාශයෙහි
වස්තුවක් රඳවා තබන්නට අවශ්‍ය නම්
ඔබ එම වස්තුව තන්තු වලින්
කාමරයේ මුලුවලට ගැට ගැසිය යුතුය.
ආතති සමබර වී
එම වස්තුව නිශ්චලව පවතී.

දෘෂ්‍ය ආතතියද මීට බෙහෙවින් සමාන වේ.





සුදු පාට පසු බිමක
තැඹිලි පාට වස්තුවක් තබා
තවත් වස්තුවක් එක් කළ විට...

එම වස්තූන් දෙක අතරද ආතතියක් ඇතිවී
ඒ දෙක තනි වස්තුවක් මෙන් හැඟෙයි.



තවත් වස්තුවක් එක් කළ විට
ආතතීන් ප්‍රමාණය වැඩි වෙයි.
එම හැඩයටද ආතතීන් ඇතිවෙයි.



ආතතීන් ජාලය තවත් සංකීර්ණ වෙයි.

මෙම වස්තූන් අතර
ඔබට දැනෙන සමබරතාවයට හෝ
ක්‍රියාකාරිත්වයට හේතුව
ආතති අතර ඇති
සමතාවය හෝ විෂමතාවයයි.

වස්තුවේ ප්‍රමාණය මත
හැඩයෙන්, වර්ණයෙන් හෝ දෙකෙන්ම
සමාන වස්තු අතර
ආතති වල දුබල තාවය හෝ
ප්‍රබලතාවය තීරණය වෙයි..

වස්තුවේ හැඩය, ප්‍රමාණය හා වර්ණය අනුව
ආතතීන් වෙනස් වෙයි.
ප්‍රමාණය අනුව වස්තූන් අතර අපට දැනෙන දුරද
අඩු වැඩි වෙයි.


තවත් වස්තුවක් එක් කළ විට...

 


ආතතීන් ප්‍රමාණය වැඩි වෙයි.
එම හැඩයටද ආතතීන් ඇතිවෙයි.



තෙවැනි වස්තුව අතර ඇති වන ආතතිද
වර්ණය හා ප්‍රමාණය මත තීරණය වේ.

 ඔබට එම ආතති සිතින් දැකිය හැකිද?

--------------------------------------------------------------------------------------------
 


මෙම ආතතීන් අනුව
එම වස්තු අතර හැඩතල එක්වී
අදෘෂ්‍ය හැඩතල සිතට දැනෙයි.


සමාන වර්ණ හා හැඩ ඇති වස්තු අතර ආකර්ෂණය වැඩි වෙයි.



 විශාල වස්තු වල වර්ණය හා හැඩය
පතුරුවන බලය වැඩිය..


සමාන වර්ණ හා හැඩ ඇති වස්තු අතර ආකර්ෂණය වැඩියි.



මෙම ආතතීන් අනුව
එම වස්තු අතර හැඩතල එක්වී
අදෘෂ්‍ය හැඩතල සිතට දැනෙයි.




 වස්තු අතර හැඩතල එක්වී සිතට දැනෙන අදෘෂ්‍ය හැඩතලත්
රාමුවෙහි දාරත් අතරද ආතතීන් හට ගනියි.



මෙම වස්තූන් අතර
ඔබට දැනෙන සමබරතාවයට හෝ ක්‍රියාකාරිත්වයට හේතුව
ආතති අතර ඇති සමතාවය හෝ විෂමතාවයයි.
------------------------------------------------------------------------

මෙම රූපය තුළ මඳ වෙලාවක් රැඳී
ඔබ මෙතෙක් පසක් කළ දේ දකින්නට හැකිදැයි විමසන්න.
ඔබට එම සබඳතා සිතින් දැකිය හැකිද?



අපි රූපයක් දකින විට
සමාන වර්ණ වශයෙන් හා සමාන හැඩ තල වශයෙන්
කාණ්ඩ කොට සලකන්නට සිත පෙළඹෙන නිසා
සමාන වර්ණ, සමාන හැඩ හා සමාන හැඩතල අතර
විශේෂ ආකර්ෂණ ඇති බවක් සිතට දැනෙයි..

සමාන වර්ණ අතර විශේෂ ආකර්ෂණයක් සිතට දැනෙයි..
 


 සමාන හැඩ අතර විශේෂ ආකර්ෂණයක් සිතට දැනෙයි..


සමාන වර්ණ හා සමාන හැඩතල අතර විශේෂ ආකර්ෂණයක් සිතට දැනෙයි..


මාධ්‍යය කුමක් වුවත්
දෘෂ්‍ය කලා ශිල්පීන්ට
දැනුවත්ව හෝ නොදැනුවත්ව
මෙම ආතතීන් සමග ක්‍රියා කරන්නට සිදුවෙයි.

රසිකයාගේ හැඟීමට
මෙම ආතති ජාලය බලපායි.



රූපයක වස්තූන් අතර
ඔබට දැනෙන සමබරතාවයට හෝ ක්‍රියාකාරිත්වයට හේතුව
ආතති අතර ඇති සමතාවය හෝ විෂමතාවයයි.

 රූපයක වස්තූන් සමබරව සිතට දැනෙන්නේ
දෘෂ්‍ය කලා ශිල්පියා විසින් සමතා හෝ විෂමතා  ආතතීන්
සමබර කරගැනීම නිසාය.


මෙවන් ඉඟියක් හැර
ඉගෙනගතයුතු සියල්ල ඉගෙන ගන්නට
නිමි විධික්‍රම නැත.

ඔබේ සාර්ථකත්වය ඇත්තේ
නිරායාසයෙන් සිතට දැනෙන ආතතීන්
ආයාසයෙන් විඳිමින් අභ්‍යාස කිරීමෙනි.

පළමුව ඔබ ආයාසයෙන් දකින ආතති රටා,
වර්ණ හා හැඩ තල රටා
පසුව ඔබට බැලූ බැලූ අත පෙනෙන්නට වෙයි.

සැබෑ ලෝකය නිරීක්ෂණයෙන්,
සම්භාව‍ය ශිල්පීන්ගේ ඡයාරූප  නිරීක්ෂණයෙන් හා
අධ්‍යයනය සඳහාම
මෙවැනි ඡායාරූප ගැනීමෙන්
මෙම සත්‍යතාවයන් හඳුනා ගැනීම
ඉවක් මෙන් වර්ධනය වූ විට
මෙම ගුණ ඔබේ සහයෝගයට එන්නේ
නිරායාසයෙනි.
---------------------------------------------------------------------------
මේ ඡායාරූප කිහිපයක කොටස් එකතුවකි
සමාන වර්ණ වශයෙන් හා සමාන හැඩ තල අනුව
ඡායාරූප හඳුනා ගන්න.
මෙහි ඡායාරූප කීයක් තිබේද?
එක් වර්ගයක ඡායාරූප කොටස් සියල්ල එකවර දකින්න.


 මේ ඡායාරූප වර්ග කිහිපයක කොටස් එකතුවකි
සමාන ඡායාරූප හඳුනා ගන්න.
මෙහි ඡායාරූප වර්ග කීයක් තිබේද?
එක් වර්ගයක ඡායාරූප සියල්ල එකවර දකින්න.



මේ ඡායාරූප වල
සමාන වර්ණ වශයෙන් හා සමාන හැඩ තල වශයෙන්
දක්නට ලැබෙන කාණ්ඩ හඳුනා ගන්න.







වර්ණය සහ ගත කරන ජීවිතය අනුව...


වර්ණය සහ ගත කරන ජීවිතය අනුව සමාන කාණ්ඩයක්...
ඉරියව්ව අනුව වෙනස්...




වර්ණය සහ ගත කරන ජීවිතය අනුව සමාන කාණ්ඩයක්...
ඉරියව්ව අනුව වෙනස්...
සමාන වර්ණය අනුව වෙනස් දෙයක් කාණ්ඩයට ඇතුල් වෙන අයුරු.

වර්ගයා අනුව වෙනස්....
ඉරියව්ව අනුව සමාන කාණ්ඩයක්

ඉරියව්ව හා වර්ගයා අනුව සමාන කාණ්ඩ.
By  Akila Bibile



-------------------------------------------------------------------
All photos from
http://stevemccurry.com/
http://stevemccurry.wordpress.com/

_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  22. රීතියද, ඡායාරූපයද?
  23.  වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure

3 comments: