20121230

නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම


ස්වභාව ධර්මයත් මිනිසාත්
අන්‍යෝන්‍ය වශයෙන්
ඉතා ප්‍රබල ලෙස
බැඳී පවතිනවා.
මිනිසා සහ
සමාජය අතර ඇති බැඳීමත්
ඒ වගේමයි.

මෙ සනාතන බැඳීම්
නිසියාකාරව, මනා තුලනයකින්,

මනා පාලනයකින් ක්‍රියාත්මක වෙන
සුවිශේෂී අවස්ථාවන්හිදී
ඒ සමාජය, ඒ පරිසරය සංවරයි.
සන්සුන්. සැනසිලි දායකයි.
එය ස්වර්ණමය රීතියක්.

සමාජයත්,
ස්වභාව ධර්මයත් සමග
මිනිසා පවත්වන බැඳීම්
අවුල් සහගත වීම නිසා
ඔහු වෙසෙන සමාජයත් පරිසරයත්
අවුල් සහගත වෙනවා,
දුක්ඛිත වෙනවා.
පිරිහෙනවා.

මේ සත්‍යය පිළිබඳ
මිනිසා දක්වන සංවේදී තාවය
එම සබඳතා මනාව පවත්වාගන්නට
නිරතුරුව උත්සාහ කරන අතළොස්සකට
අඳුරට පහනක් මෙන්,
අඳුරට පහන් කන්දක් මෙන්
ආලෝකය සැපයුවත්,
ඒ බැමි නොසලකා ක්‍රියා කරන
විසංවේදී බහුතරයට දැනෙන්නෙ
ගින්නක් මෙන් පීඩාකාරී බලපෑමක් විදියටයි.

මේ දෙපිරිස දෙපැත්තට බෙදී
සමාජය සහ පරිසරයත් මිනිසාත් අතර
සම්බන්ධයට බලපාන නීති සහ රීති
රකින්නට හෝ බිඳින්නට
එකිනෙකාට බලපෑම් කරමින්
තමා යහපත් යැයි සිතන ආකාරය
අනුව ජීවත් වෙනවා.

මෙම ගැටුම
අනාදිමත් කාලයක සිට පැවත එන,
එසේම සදාකාලිකව පවතින
සනාතන රටාවක්.

ඉහත කී බැඳීම මනාව පවත්වා ගන්නා අයුරු
බුදුන් වහන්සේ දේශනා කරන විට
බුදු සසුනෙහිම පැවිදි වූ දෙව්දත්
බුදුන් වහසේගේ හිසට ගල් පෙරළනවා.
ක්‍රිස්තුන් වහන්සේ තම ප්‍රදේශයට,
තම ජනතාවට එම නීති සහ රීති උගන්වනවිට
ඔහුගේම ගෝලයෙක් වූ ජුදාස්
උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන්නට
පාවා දෙනවා.
උදාර මිනිසෙකු වූ ලින්කන්
මිලියන ගණනාවක් වහල් ජනතාව
වහල් බැම්මෙන් මුදා ගනිද්දී,
ම්ලේච්ඡ පාලකයෙකු වූ හිට්ලර්
මිලියන ගණනාවක් යුදෙව්වන් මරා දමනවා.

නීති සහ රීති ගරු කරන්නන් සහ බිඳින්නන්
පැහැදිලිව දෙපිරිසක්.
නීති සහ රීති රැකීම අමාරුයි.
උත්සාහයෙන් කළ යුතු දෙයක්.
ඇතුළාන්තයෙන් එන පෙළඹවීම්
පාලනය කරගෙන කළ යුතු දෙයක්.
නීති සහ රීති
බිඳෙන්නට ඉඩ හැරීම පහසුයි.
ඒ සඳහා කෙනෙකු කළ යුත්තේ
ඇතුළාන්තයෙන් එන
වැරදි පෙළඹවීම්වලට ඉඩ දීමයි.

තමාට ගැටළු මතු කරන
සතෙකු හෝ මිනිසෙකු මරා දැමීම පහසුයි.
එම උවමනාව පාලනය කර ගෙන
ඒ සතා හෝ මිනිසා නොමරා සිටීම අපහසුයි.
තමන්ට නොදුන් දෙයක් ගන්නට එන පෙළඹවීම
පාලනය කර ගන්නට අපහසුයි.
ඒ පෙළඹවීමට යටත් වීම පහසුයි.
පමණ ඉක්මවා පසිඳුරන් පිනවන්නට
ඇතුළාන්තයෙන් එන බලපෑම පාලනය කිරීම දුකක්.
කාට මොන ගැටළු ආවත් කමක් නැහැ කියමින්
පමණ ඉක්මවා පසිඳුරන් පිණවන්නට
ක්‍රියාකිරීම සැපක්.
සත්‍යය කීමෙන්
තමා අකමැති දෙයක් සිදුවෙන විට
ස්වාර්ථය පසෙක ලා
සත්‍යය පැවසීම වදයක්.
අනෙකා මුලා කරන්නට
හිතාමතාම බොරුවක් නිර්මාණය කිරීම
සැනසිල්ලක්.
තමන් කරන කියන දේ පිළිබඳව
එවෙලෙ කරන දේ එවෙලෙහිම දකිමින්
අප්‍රමාදීව, සිහියෙන් පසු වීම ඉතාම අපහසුයි.
මත්පැනින් සිහිවිකල්ව
හිතු මතේ හැසිරීම පහසුයි.

මිනිසාත්, සමාජයත්, පරිසරයත්
එකිනෙක හා බද්ධ කරන නීති සහ රීති අතර
සැලකිය යුතු වෙනසක් තියනවා.
ස්වභාව ධර්මයේ නීතියක් හෝ
සමාජ සම්මත නීතියක්
දැන හෝ නොදැන බිඳීම
දඬුවම් ලැබීමට හේතුවක්.
පවතින සමාජයේ ගෝත්‍රික ස්වභාවය මත
හා ඔඩු දුවනලද අක්‍රමිකතා මත
සමාජ සම්මත නීතියක් බිඳ
"මට මතක නෑ ඕයි"කියා
බේරෙන්නට හැකිවුවත්
ස්වභාව ධර්මයේ නීති බිඳින්නාට
එම මොහොතේ පටන්ම
ඊට වන්දි ගෙවන්නට සිදුවෙනවා.
ඔහුගේ දඬුවම පටන් ගන්නේ
එම මොහොතේමයි.
ඉන් පසුව
ඔහුගේ චේතනාවේ ප්‍රබලතාවය අනුව
වරින් වර ඔහු ඊට දඬුවම් ලබනවා.

රීති කියන්නෙ
ඊට වඩා ලිහිල් ධර්මතා රටාවක්.
රීති රකින්නට කෙනෙක් දැනගත යුතුයි.
පුහුණුවිය යුතුයි.
රීති රකින්නට
ඇතුළාන්තයෙන් එන පෙළඹවීම
ඉතාමත් සියුම් නිසා
හිත ඉතාම සමාහිත සහ
මනා සිහියෙන් යුතු කෙනෙකුට හැර
රීති රකින්නට එන
ඇතුළාන්ත පෙළඹවීම
හඳුනා ගත නොහැකියි.
උපතෙහිදී දරුවන්ට උරුම වෙන
මේ නිර්මල ශක්‍යතාවය
ඔහු වෙසෙන පරිසරය හා ඇසුර අනුව
ඉතා ඉක්මණින් හෝ හෙමින්
ඔහුගෙන් ගිලිහෙනවා.
පිරිහෙනවා.

නීති අනිවාර්යයෙන්ම නොබිඳිය යුතු වුවත්
රීතියක් රකින්නට කියා
අනවබෝධයෙන්,
චිම්පන්සි රටාවට අනුව,
පවතින්නන් වාලේ රැකීමෙන්
රීතියෙන් බලාපොරොත්තු වන අරමුණට
හාත්පසින්ම වෙනස් වූ දෙයක්
සිදු වන්නට පිළිවන්.
කහ ඉරෙන් පැනීම
තවමත් නීතියක් නොවන නුවරක කෙනෙක්
පාරේ පෙනෙන තෙක් මානයක
වාහනයක් නැති විටක වුවත්
කහ ඉරක් සොයමින් යාම
කහ ඉරෙන් කෙරෙන කාර්යය
අවබෝධ කර නොගැනීම මත සිදුවන්නක්.

රීති හඳුනා ගන්නටත් රකින්නටත්
කෙනෙකු වෙසෙන හා ඔහු අවට පවතින සමාජය
සාධකයක් හෝ බාධකයක් වෙන්න පුළුවන්.

මහා මංගල සූත්‍රය කියන්නෙ රීති මාලාවක්.
බාලයන් ඇසුරු කිරීම පාප කර්මයක් නෙමෙයි.
එහෙත් බාලයන් ඇසුරු කරන්නා
මිනිසෙකු වශයෙන් හා ශිල්පියෙකු වශයෙන්
ඔහු සිටින තැනින් පහළට වැටෙනවා.
දෙමව්පියන් නොසලකා හැරීම පවක් නෙමෙයි.
ඒත්..දෙමව්පියන් ඉක්මවවා නොයන එක,
ඔවුන්ට අවශ්‍ය විට උපකාර කරමින්
උප ස්ථානයෙහි විසීම උතුම් කරුණක්.
දරුවන්ට, නෑදෑයින්ට සංග්‍රහ කිරීමත්
එවැනිම උතුම් රීතියක්.
බුදු දහම නොපවතින සමාජවල පවා
මේ රීති ක්‍රියාත්මක වෙනවා.
මේ රීති නොසලකා ක්‍රියා කරමින්
පිරිහුණු ජීවිත ගත කරන
බොදුනුවන්ද සිටිනවා.

නීති අනිවාර්යයෙන්ම නොබිඳිය යුතුයි.
දුර්දාන්ත, අවලම් සමාජයක
නීති බිඳීමෙන් වුණත්
කෙනෙකුට දියුණු වෙන්න
නීති විරෝධී පහසුකම් තියනවා.
ඒත් දඬුවම ඔහුට උරුම දෙයක්.
රීති අනිවාර්යයෙන්ම රැකිය යුතු නොවුණත්
රීති දන්නවා නම්, වැටහෙනවා නම්, හැකිනම් රැකීම
දියුණුවට හේතු වෙනවා.
රීති නොරැකීමෙන්
පිරිහෙන්නේ නැහැයි
කියන්නත් බැහැ.
රීති නොරකින්නාගේ
සිහිය පිරිහෙන නිසා
සමස්තයක් වශයෙන්
පිරිහීමක් සිදුවෙනවා..

රීති හොඳින් දන්න කෙනෙකුට
එම රීති වලට වහල් නොවී
එම රීති තමන්ට වහල් කරගෙන
නම්‍යශීලීව සහ
නිර්මාණශීලීව භාවිත
කරගන්නට පුළුවන්.
සරුංගලයට සුළඟ බලපාන අයුරු
හොඳින් දන්නා දරුවාට
එයට විරුද්ධව ක්‍රියා කරමින්
ඔහුට රිසිපරිදි
සරුංගලය මෙහෙයවිය හැකියි.

බැහැරින් එන බලපෑම් මත සිදුවුණත්
තමන්ගෙ නොහැකියාව මත සිදු වුවත්
නීති රීති රැකීම හෝ බිඳීම
අතිශයින් පෞද්ගලික වූ සංසිද්ධියක්.
නීති රීති රැකීම හෝ බිඳීම
ඉතාම තදින්
මිනිසාත්, සමාජයත්, පරිසරයත් අතර ඇති
සනාතනික පොදු සබඳතාවයන් කෙරෙහි බලපාන
ධර්මතා මාලාවක්.
ඒ ධර්මතා අවබෝධයෙන් හෝ අනවබෝධයෙන්,
පිළිපදීම හෝ බිඳීම මත
මිනිසාත්, සමාජයත්, පරිසරයත්
දියුණුව හෝ පිරිහීම කරා
ගමන් කරන දිශානතිය
තීරණය වෙනවා.

ඉතා තදින් එකිනෙකා මත බල පවත්වන
ස්වභාව ධර්මයත් මිනිසාත් අතර ඇති
සනාතන බැඳීම මෙන්ම
ඊට වඩා ලිහිල් වුවත් වඩාත් තීරණත්මක වන
මිනිසා සහ සමාජය අතර බැඳීම
නිසියකාරව පවත්වා ගැනීම
සියල්ලන්ගේම යහපතට හේතුවෙන ආකාරයේ
උතුම් ශක්‍යතාවයක්.
අවශ්‍යතාවයක්.
වගකීමක් මෙන්ම යුතුකමක්..
මෙ බැඳීම් නිසියාකාරව,
මනා තුලනයකින්, මනා පාලනයකින්
ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රීති
මනාව රැකෙන අවස්ථාවන්හිදී
ඒ සමාජය, ඒ පරිසරය සංවරයි.
සන්සුන්.
සැනසිලි දායකයි.

දෘෂ්‍ය කලාවේදී භාවිතා වෙන රීතිත්
අනිවාර්යයෙන්ම රැකිය යුතු නොවුණත්
දන්නවා නම්, වැටහෙනවා නම්, හැකිනම් රැකීම
කලාවේ හා ශිල්පයේ දියුණුවට හේතු වෙනවා.
නොරැකීමෙන් පිරිහෙන්නේ නැහැයි කියන්නත් බැහැ.
රීති නොරකින්නාගේ සිහිය පිරිහෙන නිසා
සමස්තයක් වශයෙන් පිරිහීමක් සිදුවෙනවා..

මිනිසාත් ස්වභාව ධර්මයත්
ඉතා තදින් එකිනෙකා මත බැඳී පවතිනවා.
මෙ බැඳීම නිසියාකාරව, මනා තුලනයකින්,
මනා පාලනයකින් ක්‍රියාත්මක වෙන අවස්ථාවන්හිදී
කරන කියන දේ පහසුයි.

දෘශ්‍ය කලාවේදී
රාමුවකට කොටු කරන දෘෂ්‍ය රූප
කිහිපයකට හෝ සමූහයකටත්
අදාල නීති රීති පවතිනවා.

දෘෂ්‍ය කලාවෙදී
බොහෝ දෘෂ්‍ය කලා නිර්මාණ වල
රසිකයාගේ සිත මුලින්ම යොමු කර ගන්නා
නිශ්චිත අරමුණක් තියනවා.
එම අරමුණ
එය පවතින පරිසරයත් සමග පවත්වන බැඳීම අනුව
අපිට පහළ වෙන හැඟීම් වෙනස් වෙනවා.

එක් අවස්ථාවක
අරමුණ පරිසරය ඉක්මවා ඉස්මතු වෙනවා.
තවත් අවස්ථාවක
පරිසරය අර්මුණ ඉක්මවා බලය පතුරුවනවා.

මුහුණක සමීප රූපයක් පෙන්වන ශිල්පියෙකුට
පරිසරයට වඩා ඒ මුහුණෙහි තියන හැඟීම,
ආලෝකය අඳුර ආදිය වැදගත්.
ලී ජෙෆ්‍රීස් වැන්නන්
පරිසරයේ බලපෑම
ඉතාම අවම කිරීමට කටයුතු කරනවා.

ඈත අහසේ පියා සලන කුරුල්ලෙක්,
ඈත දියඹේ පාවෙන රුවල් ඔරුවක් පෙන්වන විට
පරිසරය වැදගත් වෙනවා.
මුහුදු රළ, අහසේ වළාකුළු, බැස යන හිරු ආදී
පරිසර සාධක ඉතා තදින්
අරමුණ කෙරෙහි බල පවත්වනවා.

මේ අවස්ථා දෙකේදීම
අරමුණ අපිට අවශ්‍ය ආකාරයෙන් දැකීමට
රසිකයාගේ දිශානතිය සකස් කරන්නට
අපි දෘශ්‍ය කලා රීති උපයෝගී කර ගන්නවා.

ස්වර්ණමය රීතියත් එවැන්නක්.
ස්වර්ණමය රීතිය කියන්නෙ
මිනිසා ඇසෙන් ලබා ගන්න තොරතුරු
ඔහු කියවන ආකාරය මත
එම කියවීමට පදනම් වන
ස්වභාව ධර්ම නීති ඇසුරෙන් සකස් වුණ
ඉතා පැරණි සම්මතයක්.

එමෙන්ම ස්වර්ණමය රීතිය
නිර්මාණ ශීලීව බිඳින අයුරුත්
අපි ඉගෙනගත යුතුයි
============================
Original Photo by Steve McCurry

_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure



20121217

සම්මාන දිනූ ඡායාරූප.

National Geography සම්මාන දිනූ ඡායාරූප.

Link to Gallery
Army Rifles

Award Winning Lake photos


Sunset

High Speed Droplets
| See more High Speed Photographs

Bolivia Border

 

PixCetera සම්මාන දිනූ ඡායාරූප.

Link to Gallery
Aurora Photos
 
Dragon Fly Photos
 
Lion Hunting Zebra
 
Polar Bear Greeting
 
Penguin on Shore
 
Frozen Lake
 
Mountain Lion Photo



සම්මාන දිනූ ජනසන්නිවේදන ඡායාරූප.

Link to Gallery
Kenya Protest

Army Photo

Afghanistan

Metro Crash Honor

 

Sony DigiCam සම්මාන දිනූ ඡායාරූප.

Link to Gallery
Strawberry Splash

Cat Old Man

River Leaves Fall

 

BBC සම්මාන දිනූ ඡායාරූප.

Link to Gallery
Snow Leopard

Trouble Maker

Dead Lock

 

Nikon සම්මාන දිනූ ඡායාරූප.

Link to Gallery
Eagle Fight

Owned by Army

Sleep with Sheep

Tattoo plus Dog

Storm

Myanmar Cave

Forest Core Poland

 

වෙනත් සම්මාන දිනූ ඡායාරූප.

Girl in Blue Photo


White Birds Sharing



Indian Train

Ahmadinaja Iran

Missile on Back




20121212

රිද්ම සංකලන අරමුණ

 රසවත් ආහාරයක් තැනීම ඉතා භාරදූර කාර්යයක්.

ආහාරයක රස ගුණ ගැන,
තනාගන්නා ක්‍රමය ගැන අවබෝධයක් නැති
රස විඳීමෙන්ම රස වින්දනය හුරු නැති
ආහාරයක රස ගුණ නොහඳුනන
නාමික කෝකියෙකුට
මොනවා තිබුණත්
රසවත් ආහාරයක් තනාගත නොහැකියි.

රසවත් ආහාරයක් හදන්න යන
දක්ෂ කෝකියෙක්,
සියල්ලටම පළමුව
ආහාරය රස විඳින්න බලා ඉන්න
රසිකයා පිළිබඳවත්
ඔහුගෙ රුචිය පිළිබඳවත් දන්නවා.
ඔහු රසිකයාට ගරු කරනවා.

ඒ සඳහා
අවශ්‍ය දේවල් කරන්නෙ
ඉතාම තෘප්තියකින්, සතුටකින්...විනෝදයෙන්.
සහ සැහැල්ලුවෙන්.

තමන් හදන්න යන්නෙ
මොන විදියෙ ආහාරයක්ද කියල
ඔහු හොඳින්ම දන්නවා.
එහි ගුණාගුණ දන්නවා.

ඒ සඳහා ඔහු ගත යුතු
මූලික ආහාර ද්‍රව්‍ය දන්නවා.
ගතයුතු ප්‍රමාණයන් නිවැරදිව දන්නවා.
අවශ්‍ය රසකාරක දන්නවා.
අනුපානය නිවැරදිව දන්නවා.
අහාරය තනාගන්නා ආකාරය
නිවැරදිව දන්නවා.
ආහාරය මේසයට ගෙනයන්නට
බඳුන සකසන විදිය දන්නවා.
මේසයට ඉදිරිපත් කරන ආකාරය දන්නවා.

ඔහු කිසි තැනක හිර වෙන්නෙ නැහැ.
ඔහු නිදහසේ තීරණ ගනිමින්,
තීරණ ක්‍රියාත්මක කරමින්
පියවරෙන් පියවරට රස බලමින්
ආහාරය රසවත්ව සකස් කරගන්නවා.

ඒ ආහාරය ඔහු තනාගන්නේ
දර ලිපකද, භූමිතෙල් ලිපකද,
ගෑස් ලිපකද යන්න බලපාන නමුත්
ඔහුගේ ආහාරයෙහි රස ගුණ
රඳා පවතින්නෙ කලින් කී කරුණු මත මිස
තනා ගන්නට උපයෝගී වෙන
ගෘහ උපකරණ මත නෙමෙයි.

කලාකෘතියක වුණත් රසගුණ රඳා පවතින්නෙ
තම කෘතිය ගැන නිර්මාණ කරුවාට ඇති
මනා අවබෝධය මතයි.

රවි ශංකර්ගේ සිතාරය,
බිතෝවන්ගේ පියානෝව,
ටොල්ස්ටෝයි, අකුතගාවා, ශේක්ස්පියර් වැන්නන්
පාවිච්චි කළ කඩදාසි හා තීන්ත වර්ග,
ඩා වින්චි, වැන් ගෝ, පිකාසෝ, ෆ්‍රැzසෙට්ටා වැන්නන්
පාවිච්චි කල කැන්වස් වර්ග හෝ සායම්වර්ග,
රායි, කුරොසාවා, බර්ග්මාන්, ස්පීල්බර්ග් වැන්නන්
පාවිච්චි කළ කැමරාව හෝ දළ සේයා පටය
රසිකයාට වැදගත් නැහැ.

ලෝකය මොන තරම් තාක්ෂණික අති දියුණු වූවත්
රවි ශංකර්, බිතෝවන් වැනි සංගීතඥයින්
යළි බිහිවුනේ නැහැ.
ටොල්ස්ටෝයි, අකුතගාවා, ශේක්ස්පියර් වැනි ලේඛකයින්
ඩා වින්චි, වැන් ගෝ, පිකාසෝ, ෆ්‍රැzසෙට්ටා වැනි සිත්තරුන්
රායි, කුරොසාවා, බර්ග්මාන්, වැනි සිනමා අධ්‍යක්ෂක වරුන්
යළි බිහිවූයේ නැහැ.

එහෙත් සියවසෙන් සිය වසට
ඔවුන් රස විඳිය හැකි පිරිසක්
හැමදාම ලෝකයේ බිහි වෙනවා.

එහෙම වෙන්නෙ ඔවුන්ගේ සම කාලීන
අනෙක් කලාකරුවන්ට වඩා
ඔවුන් රසඥතාවයෙන් සහ
මාධ්‍යය පිළිබඳ දැනුමෙන්
පෝෂිත වූ නිසායි.

සියවස් ගණන් ලොව පවතින කලාකෘති නිමැවූ
විශිශ්ඨ කලාකරුවන්ගේ කෘතීන් හරහා
අපි ඔවුන් හා සම්බන්ධ වෙනවා.
ඔවුන්ගේ රස වින්දන ශක්තියෙන්,
පරිකල්පන ශක්තියෙන්, චරිත ලක්ෂණ වලින්
අපේ ජීවිත පෝෂණය වෙනවා.

සියුම් රස නාඳුනන කෙනෙකුට
කෘතියක රසයෙන් කුල්මත් වීම තබා
කෘතියක් රස විඳින්නටවත් බැහැ.
ඔහුට කළ හැක්කේ කෝකියාට සහ
ආහාරයට දොස් නගමින්
තමාගේ පමණට ගොරෝසු රසඥතාවයක් ඇති
බාල කෝකියෙකුගේ ආහාරයක් සොයා යෑමයි.

රස දන්නා රසිකයින්
රස ගුණ ඇති කලා කෘතීන්
සිය වසෙන් සිය වසට
අතින් අත ගෙන යනවා.

කිසියම් කලා මාධ්‍යයක නිරත වෙන
එහි ඕනෑම තලයක ඉන්න කලා කරුවෙකුට
කලාකෘතියක් නිමැවීමේදී
මූලිකවම බලපාන්නේ
එම කෘතියේ රිද්මයයි.

කලා කරුවාත්, කලාකෘතියත්, සහෘද රසිකයාත්
එකතු කරගෙන ගලා යන
රස වින්දනයේ පොදු ධාරාව රිද්මයයි.

සාහිත‍ය කෘතියක වචන, ආකෘතිය, උපමා, රූපක ආදියත්
ගීතයක පදමාලාව, සංගීතය, තනුව, ගායනය ආදියත්
සිත්තමක, ඡායාරූපයක  වර්ණ හැඩතල ආදියත්,
සිනමා පටයක රංගනය, නාද රූපමාලාව, අධ්‍යක්ෂණය ආදියත්
එකිනෙක වෙලා බැඳ තබන්නේත්,
කෘතිය මගින් රස භාව මතු කරන්නේත්
එම කෘතියේ සමස්ත රිද්මයයි.

රසවත් කලාකෘතියක රිද්මය
සකස්කරන රසිකයා කලාකරුවාය.
එවන් කලාකෘතියක රිද්මය
රස විඳින සහෘදයා රසිකයාය.

මේ දෙදෙන මුහු කරන රිද්මය
දෘෂ්‍ය කලාකෘති තුළ සැකසී ඇති අයුරු
ශක්ති පමණින් අපිත් විමසා බලමු.

රිද්මයත්...
 දූවිලි අංශු හෝ ඇති තැනක හිරු එළිය මෙන්
වැටී ඇති අයුරු දකිනවා මිස තනිව දැකිය හැකි නොවේ.

එහෙයින්ම
රිද්මය ඉගැන්වීම නොව රිද්මය ඇති තැන් සොයාගෙන
රිද්මය සංකලනය වෙන අයුරු ලුහුඬින් හඳුනාගැනීම
මෙහි අරමුණයි.






20121209

SM01 - ස්ටීව් මැක්කරිගේ ඡායාරූපයක රිද්ම රටා


බැලූ බැල්මට සාමාන්‍ය ඡායාරූපයක්.


 විශ්ලේෂණය කරල බැලුවාම
අතින් එහාට මෙහාට කරල හදාගත්තා වගේ
සමබර රාමුවක්


 වර්ණ, හැඩතල, රේඛා, වගේම
හැඩ ආතරෙ ත්‍රිමාණ රිද්ම රටාවත්
ඉතාම වැදගත්.

රසිකයෙක් මනසින් මවා ගන්නෙ
ත්‍රිමාණ රූපී රිද්ම රටාවක්.

මේ විදියට හුරුවෙන මනස
ඡායාරූපය ගැනීමෙදි විතරක් නෙමෙයි,
සංස්කරණයෙදිත් ප්‍රයෝජනවත් වෙනවා.

මේ හුරුව නැති ඡායාරූප ශිල්පියා
කිසියම් ප්‍රදේශයක් මතු කරන්න හිතාගෙන
ඡායාරූපය මතට කලු දුමක් පතිත කරලා
ඡයාරූපයේ අගය බාල කරගන්නවා.
 එම කලු දුමාරය තියෙන්නෙ
ඡායාරූපය මතුපිට විතරයි.


නියම විදියට අඳුරු කරන්න නම්
Multiply Mode එක, Masking  සහ  Burn Tool ආදිය භාවිතා කළ යුතුයි.


සිනමා පටයක් නොව වේදිකා නාට්‍යයක් මෙන්
සිතිය යුතුයි. විඳිය යුතුයි.
 

Photo by Steve McCurry
===========================================================






.

20121208

විසිතුරු රටා සේයාරූ - PATTERN Photogaphy




විසිතුරු රටාවන් හැමතැනකම ඇත.
ස්වභාව ධර්මයෙහි මෙන්ම මිනිසුන් තනන දේවල් වලද
විසිතුරු රටාවන් අසීමිතය.
http://api.ning.com/files/5hy6*hRNeAdBFPnbE05hYpDRcSFXqjlm8SOjXD6QMvuGsTLi8Cnmoo0f0NfeIHCLkRgzg03hlALovN9zyDEdBgdnWOyp6kRz/163629493.jpeg?width=500&height=314
වස්තූන්, හැඩතල, වර්ණ, රේඛා ආදියරිද්මයකට හෝ අතරින් පතර හෝ
පිළිවෙලකට සමග සකස් වීමෙන්නෙත් සිත් පිනවන ව්සිතුරු රටා නිමැවෙයි.


ඔබට කිසියම් නාභිත ලක්ෂ්‍යයක්, නැංගුරම් ලක්ෂ්‍යයක් සමග
රටාව මූලික කරගෙන හෝ, රටාව පසුබිමක් කරගෙන සේයා රූ මැවිය හැක.





බොහෝ විට නාභිත ලක්ෂ්‍යය වන්නේ රටාව බිඳෙන තැනකි.


මේ අවස්ථාවේදී තුනෙන් එකේ නීතිය අමතක නොකරන්න.

බැලූ බැල්මට රටා නොපෙනෙන වස්තූන්ට සමීප වී බලද්දී
නොසිතන තැනවල රටා මතුවනු ඇත.

කුතුහලයෙන් යුතු දෑසට විසිතුරු රූ රටා හිඟ නැත.







http://digital-photography-school.com/wp-content/uploads/2007/03/images/break-pattern.jpg

 
 
 
 
 
 "Red Like Your Mother's Eyes" captured by Thomas Hawk
 
http://madison22e.files.wordpress.com/2011/09/slowshutter_2.jpg
 
 
විචිත්‍ර සමණල තටුවක්. Photo by Dusan Beno



 

 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
  Mural photography picture
 
 BarkPattern photography picture
 http://eggwhiteblog.files.wordpress.com/2012/11/alexmaclean7.jpg?w=549&h=366
 pattern photography picture
 Pattern photography picture
 Loom pattern photography picture

Pattern photography picture
 Pattern photography picture

====================================================================