
විලාසිතා නිරූපණයත්
නර්තනය හා රංගනය මෙන්ම
ඡායාරූපකරණයෙන් වෙනස් වූ
රිද්මය හා සෞන්දර්යය මූලිකවූ
වෙනමම කලාවක්.
විලාසිතාවක් කියන්නෙ
ආයාසයෙන් සකස් කළ
ආයාසය නොපෙනෙන සුන්දර රිද්මයක්.
ඡායාරූප ශිල්පියා ගෙ සාර්ථකත්වය
විලාසිතා නිරූපණ ශිල්පීන් සහ
ඔවුන් හැඩගන්වන්නන් මත රඳා පවතිනවා.
ඔහු කරන්නෙ හැඩගන්වන්නන් විසින්
සුන්දරත්වය ඉස්මතුකළ
නිරූපණ ශිල්පියා හෝ ශිල්පිනියගෙ
සිත් කළු ඉරියව්වක් රූගත කිරීමයි.

ඉරියව්ව දැක්වෙන රංගනය
තනිකරම රඳා පවතින්නෙ
නිරූපණ ශිල්පියා හෝ ශිල්පිනිය මතයි.

සෞන්දර්යය පවතින්නෙ ලස්සණ මතම නෙමෙයි.

රළු දරදඬු වියලි ලීයක,
ගරා වැටුණු බිත්තියක පවා
සෞන්දර්යය පවතිනවා.

සෞන්දර්යය කියන්නෙ ලස්සණ නෙමෙයි.

නිර්මාණකරුවා කරන්නෙ සෞන්දර්යය මතුකර ගැනීමයි..
තව කෙනෙකුට රස විඳින්න හැකි ආකාරයට
ඉදිරිපත් කිරීමයි .

සංකල්පය රළු මුරණ්ඩු චරිතයක් වුවත්
සිත්ගන්නා සුලු විකල්ප ඉරියව් රැසක් මවන්න
දක්ෂ නිරූපන ශිල්පිනියක් සමත් වෙනවා.

ඒ රළු මුරණ්ඩු චරිත ස්වභාවය මතුවෙන ඉරියව්වත්
කෝණයත් තෝරාගැනීම ඡායාරූප ශිල්පියාගේ
දක්ෂකම මත තීරණය වෙනවා.

ඉරියව්වක් සිත් කළු වෙන්නෙ කෙසේද?

සිත් කළු ඉරියව්වක්
සිත් කළු අන්දමින් සටහන් කරගන්නෙ කොහොමද කියන එකඡායාරූප ශිල්පියා සොයාගත යුතුයි.

විලාසිතා ලෝකයේ නමක් රැන්දූ
දක්ෂ විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන් බහුතරයක්
සැබෑ ලෝකයේ සුරූපී හෝ කඩවසම් අය නෙමෙයි.

එදිනෙදා සාමාන්‍ය ස්වරූපයෙන් මිදී
විලාසිනියක් ලෙස කැමරාව ඉදිරියේ
ඔවුන් දක්වන සොඳුරු රංගනය
විලාසිතා නිරූපණයේ පදනමයි.

යම් ඡායාරූප ශිල්පියෙක්
කවුරු හරි ලස්සන කෙල්ලෙක් හොයාගෙන
විලාසිතා ඡායාරූප ගන්න හිතුවට
සාර්ථක නොවෙන්න එක හේතුවක්..
මේ පියවර තියන්න
ඒ කෙල්ලට නොහැකි වීම.
කවුරු හරි ලස්සන කෙල්ලෙක් හොයාගෙන
විලාසිතා ඡායාරූප ගන්න හිතුවට
සාර්ථක නොවෙන්න එක හේතුවක්..
මේ පියවර තියන්න
ඒ කෙල්ලට නොහැකි වීම.

සැබෑ දිවියේ
සුරූපී හෝ කඩවසම් නොවන
විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන්
විලාසිතා ලෝකය හැඩගන්වන්නේ කෙසේද?


විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන්ගෙ
සුන්දරත්වය මතු කරන්න
කලා අධ්‍යක්ෂක
ඇඳුම් නිර්මාණ ශිල්පියා
වේශ නිරූපන ශිල්පියා ආදීන්
විශාල දායකත්වයක් සපයනවා.

විලාසිතා නිරූපණයත් ශිල්පයක්.
විලාසිතා නිරූපණ ශිල්පීන් කරන්නෙ
එක විදියක රංගනයක්.
අපි ඇඳුම දකින්නෙ
ඇඳුමට ආස හිතෙන්නෙ
ඔවුන්ගෙ රංගනයෙ රිද්මය නිසයි.
නිරූපණ ශිල්පිනියගෙඑක විදියක රංගනයක්.
අපි ඇඳුම දකින්නෙ
ඇඳුමට ආස හිතෙන්නෙ
ඔවුන්ගෙ රංගනයෙ රිද්මය නිසයි.
ඉරියව්වෙ, ඇඳුමෙ ආදියෙ
අඩුපාඩු තියනවා නම්
කැමරාව අතට ගන්න කලින්
ඡායාරූප ශිල්පියා
ඒ අඩුපාඩු දකින්න
හුරු වෙන්න ඕනෙ.
අඩුපාඩු හදන්න බැරිනම්
මග හරින්නවත් ඔහුට සිදුවෙනවා
.
විලාසිතා නිරූපණ ඡායාරූපයක්
100% විශිෂ්ඨත්වයට පත් වෙන්න නම්.
ඇඳුම නිර්මාණය කරන්නා = 100%
වේශ නිරූපණ ශිල්පියා = 100%
නිරූපණ ශිල්පියා = 100%
ඡායාරූප ශිල්පියා = 100%
සංස්කරණ ශිල්පියා = 100%
බැගින් පස්දෙනාම ලකුණු 500ක් ගන්න ඕනෙ.
එක්කෙනෙක් වැටුණොත් අනික් අයට ඒ පරාජය බලපානවා.

විලාසිතා නිරූපණයෙදි දෑත හා ඇඟිලි වලින්ද
මුහුණ, හැඟීම හා ප්‍රධාන ඉරියව්ව මෙන්ම
අදහස් ප්‍රකාශනයක් සිදු කළහැක.

විලාසිතා නිරූපණයෙදි
මුහුණ, හැඟීම හා ප්‍රධාන ඉරියව්වෙහි රිද්මය
මුල් තැනක් ගන්නා අතරම
දෙඅත් ඇඟිලි පාද ආදී සියලුම අවයවයන්
ඒ හැඟීම හා ඉරියව්ව සමග
මනාව සමපාත විය යුතුයි.
ඡායාරූප ශිල්පියා
තමන් දකින්නේ කෙසේද යන්න
විලාසිතා නිරූපනය කරන අයට
මනා වැටහීමක් තිබිය යුතුය.


ඡායාරූප ශිල්පියාගේ කාර්යය පහසු කරමින්
හැකිතාක් කෝණ වලින් විකල්ප ඉරියව් සැපයීම
ඔවුන් සතු වගකීමක්.
--------------------------------------------------------------------------
ඡායාරූප ශිල්පියාත්
විලාසිතා නිරූපණ ශිල්පියාත් අතර පවතින
අන්‍යෝන්‍ය අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය
ඔවුන්ගෙ සාර්ථකත්වයට බලපානවා.
විලාසිතා නිරූපණ ශිල්පිනියක් කියන්නෙ
දක්ෂ නිළියක්..
ඡායාරූප ශිල්පියා කියන්නෙ
අධ්‍යක්ෂක කෙනෙක්..
අකිරා කුරොසාවා, සත්‍යජිත් රායි,
බර්ග්මාන් වගේ අය විතරක් නොවෙයි,
මාර්ටින් ස්කොර්සෙසෙ, ස්පීල්බර්ග්, වගේ අයත්
එකම නළු නිළි පිරිසකට හුරු වුණා.
එකක් අන්‍යෝන්‍ය අවබෝධය
සහ අන්‍යෝන්‍ය විශ්වාසය...
අනික ඔවුන් කරන දේ
ඒ මට්ටමෙන් කරන්න
වෙනත් කෙනෙක් නැති වීම.
ටොෂිරෝ මිෆුනෙ, සෞමිත්‍ර චැටෙර්ජි, ලිව් උල්මාන්
පැචිනෝ, ඩි නීරෝ, ෂෝන් කොන් රි,
හැරිසන් ෆෝඩ් ආදීන්ට විකල්ප නැහැ..
විලාසිතා නිරූපන ක්ෂේත්‍රයත් එහෙමයි..

දක්ෂ විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන්
කැමරාවට මුහුණ දෙනකොට
කැමරාවට මුහුණ දෙනකොට
නලු නිළියන් චරිතයකට ආරූඪ වෙනව වගේ
ඔවුන්ගෙ සුන්දරත්වය වශයෙන්
ලෝකයා දකින්නෙ ඒ රඟපෑමයි.

දක්ෂ නිරූපණ ශිල්පිනියකගෙ
සාමාන්‍ය ඉරියව්වක වුණත්
ඒ සුන්දරත්වය තියෙන්න පුලුවන්.
--------------------------------------------------------------------------------------------------
කැමරාවට මුහුණ දෙනකොට
නලු නිළියන් චරිතයකට ආරූඪ වෙනව වගේ
උවමනාවෙන් ඇති කරගන්න විශේෂ ඉරියව්වක් සහ හැඟීම.

ඔවුන්ගෙ සුන්දරත්වය වශයෙන්
ලෝකයා දකින්නෙ ඒ රඟපෑමයි.
අන් සියල්ලන්ටම මෙන් විලාසිතා නිරූපණ ශිල්පීන්ටත්
ඔවුන්ගේ අධ්‍යාපනය, පවුල් පසුබිම හා චරිත ලක්ෂණ ආදිය
ඔවුන් දක්වන රංගනයට පදනම් වෙනවා.
නලු නිළියන් චරිතයකට ආරූඪ වෙනව වගේ
උවමනාවෙන් ඇති කරගන්න විශේෂ ඉරියව්වක් සහ හැඟීම.

ඔවුන්ගෙ සුන්දරත්වය වශයෙන්
ලෝකයා දකින්නෙ ඒ රඟපෑමයි.
අන් සියල්ලන්ටම මෙන් විලාසිතා නිරූපණ ශිල්පීන්ටත්
ඔවුන්ගේ අධ්‍යාපනය, පවුල් පසුබිම හා චරිත ලක්ෂණ ආදිය
ඔවුන් දක්වන රංගනයට පදනම් වෙනවා.
ඒ සියල්ලම ඇතිව රූ ගතකිරීම් අතර තුර
කතා බස් කරමින් ඉන්න ශිල්පිනියන්
ස්ටීව්ගෙ කැමරාවට මුහුණ දෙනකොට
ඊට වඩා හුඟක් වෙනස් වෙන බව
වීඩියෝකරණය කළ
පිරලි කැලැන්ඩරයේ වීඩියෝවෙ
සටහන් වෙනවා.
.
.
ස්ටීව් මැක්කරිගෙ සුවිශේෂී දක්ෂතාවය තියෙන්නෙ
සියුම් හැඟීම් සහිත තියුණු බැල්මක් ඇති
විශේෂ චරිත ප්‍රකාශණ
ඡායාරූප ගැනීමටයි.

ස්ටීව් මැක්කරි වැඩිම රුචිකත්වයක් දක්වන්නෙත්
දක්ෂතාවයක් දක්වන්නෙත්
සුවිශේෂී චරිත වල
තියුණු හැඟීම් නිරූපණය කරන්නයි.
ඔහු ඒ සඳහා තෝරාගත්තෙ
චරිත වශයෙන් සමාජයට දැනෙන යමක් කරන
විලාසිතා නිරූපණ ශිල්පිනියන්..
එක්කෙනෙක් ගැබිණියක්..
ඔහුගෙ දක්ෂතා මතු කරන්න හැකි
සුවිශෙෂී පිරිසක් ඉන්නවා.
ඔහුගේ දක්ෂතාවය පෙන්වන්න නම්
එවැනි තියුණු චරිත අවශ්‍ය වෙනවා.
ඒ නිසයි ඔහු පිරලි කැලැන්ඩරේ සඳහා
එවැනි පසුබිමක් ඇති නිරූපන ශිල්පිනියන්
තෝරාගන්නට ඇත්තේ.
එවිට කලා අධ්‍යක්ෂක
ඇඳුම් නිර්මාණ ශිල්පියා
වේශ නිරූපන ශිල්පියා ආදීන්
මතුකරන සුන්දරත්වය සමග
ඔහු ප්‍රියකරණ තීක්ෂණ චරිතයකුත්
ඡායාරූප ගතකරන්නට ඔහුට අවකාශ ලැබුණා.
----------------------------------------------------------------------------------------
විලාසිතා ඡායාරූපකරණයෙදි පසුබිමත් වැදගත් අංගයක්.
බොහෝ ඡායාරූප ශිල්පීන්
ඡායාරූපයෙ පසුබිම සලකන්නෙ නැහැ.
ඒත් පසු බිම ඡායාරූපයෙ වැදගත්ම කොටසක්.
ඡායාරූපයෙ පසුබිම සලකන්නෙ නැහැ.
ඒත් පසු බිම ඡායාරූපයෙ වැදගත්ම කොටසක්.

වෘත්තීය විලාසිතා ඡායාරූප ශිල්පියෙකුගේ
මූලික අරමුණ විලාසිතාව වුවත්
නිරූපණශිල්පීය අංශය මෙන්ම
පසුබිමත් කලාත්මකව සෞන්දර්යාත්මකව
උපයෝගී කරගත යුතුයි.

සමහර වෙලාවට පසුබිම සකසන්නට
කලා ශිල්පීන් සහය වෙනවා.

නොගැලපෙන හෝ දුර්වල පසුබිමකින්
විශාල හානියක් සිදුවිය හැකියි.
මූලික අරමුණ විලාසිතාව වුවත්
නිරූපණශිල්පීය අංශය මෙන්ම
පසුබිමත් කලාත්මකව සෞන්දර්යාත්මකව
උපයෝගී කරගත යුතුයි.

සමහර වෙලාවට පසුබිම සකසන්නට
කලා ශිල්පීන් සහය වෙනවා.

නොගැලපෙන හෝ දුර්වල පසුබිමකින්
විශාල හානියක් සිදුවිය හැකියි.
වීදි ඡායාරූප වලදි පවා
පසුබිම සුන්දර අයුරින් යොදා ගැනීම
ස්ටීව් මැක්කරිගේ සාමාන්‍ය ස්වභාවයක්.
ස්ටීව් මැක්කරිගෙ බොහෝ ඡායාරූපවල
අරමුණ අයින් කළත් පසුබිම ලස්සණයි.

ස්ටීව් මැක්කරි කියනවා,
හොඳ පසුබිමක් ලැබුණාම
ඔහු අරමුණක් ලැබෙන තුරු
බලා ඉන්නවා කියලා.
කිසියම් තැනක වර්ණ වලට
ඒ අවට රටාවට ඔහු කැමති වුණාම
ඔහුට අවශ්‍ය වෙන්නෙ
කිසියම් වැදගත් මොහොතක්.
ඒ මොහොත එනතුරු ඔහු බලා ඉන්නවා.
To watch video CLICK this photo.
පිරලි කැලැන්ඩරය සඳහා
රියෝ ද ජැනෙයිරෝ නගරය තෝරාගත්තේ ඔහුයි.

රියෝ ද ජැනෙයිරෝ නගරය තෝරාගත්තේ ඔහුයි.


පිරලි කැලැන්ඩරය සඳහා
පසුබිම් වුණ රියෝ ද ජැනෙයිරෝ නගරයේ
අනන්‍යතාවයත් පවත්වාගනිමින්
අවශ්‍ය විටෙක පසුබිම සැකසීමට චිත්‍ර ශිල්පිනියක්ද
ස්ටීව් උපයෝගී කරගත් බව දැකිය හැකියි.
පසුබිම් වුණ රියෝ ද ජැනෙයිරෝ නගරයේ
අනන්‍යතාවයත් පවත්වාගනිමින්
අවශ්‍ය විටෙක පසුබිම සැකසීමට චිත්‍ර ශිල්පිනියක්ද
ස්ටීව් උපයෝගී කරගත් බව දැකිය හැකියි.

===========================================================

කළු සුදු ඡායාරූපයක
කලු හා සුදු අතර ඇති අළුපැහැති තාන
එහි ගුණාත්මක අගයට බලපායි.

කළු සුදු තාන මෙන්ම වර්ණ භාවිතයද
සරල වීම හා සුගම වීමද
එහි සිත් කළු බව වැඩි කෙරෙයි.

සියල්ලම නිසි පරිදි සකස් වී ඇත්නම්
එම සංසිද්ධිය සමාජයට සම්ප්‍රේශණය කරන
ප්‍රධානම නාලිකාව ඡායාරූප ශිල්පියායි.

ඔහු තමන්ගේ කාර්යය නිසි ලෙස ඉටු නොකළ හොත්
ඔහුට පරිසරය සකස් කළ අයටත්
ඔහුගෙ ඡායාරූපය නරඹන අයටත්
ඔහුගෙන් සිදුවන්නේ විශාල අසාධාරණයක්.
වෘත්තීය විලාසිතා ඡායාරූප ශිල්පියෙක්
කැමරා ආම්පන්න වලිනුත්, තාක්ෂණයෙනුත්
කලාත්මක සිව්වැනි ඇසෙනුත් සන්නද්ධ විය යුතුයි.
මේ අංශය සඳහා
සෞන්දර්ය කලාවේ රීති වැදගත් වෙනවා.

සෞන්දර්යයම පදනම් කරගත් විලාසිතා නිරූපණය
නිසි අයුරින් ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පියාට
ඡායාරූප කලාවෙ අන් සියලුම අංශ වල
ඡායාරූප ශිල්පීන්ට වඩා
වර්ණ සිද්ධාන්ත, රේඛා, හැඩතල ආදිය
සොඳුරු ලෙස පෙන්වන්නට සහාය වෙන
සෞන්දර්යමය රීතිවලට
ඇස හුරු විය යුතුයි.
ඡායාරූපයෙහි රේඛා
සහ හැඩතල හැසිරෙන ආකාරය
විලාසිතා ඡායාරූප ශිල්පියාට ඉතා වැදගත්.
ඔහුට වෙනත් බොහෝ අංශවල ඡායාරූප ශිල්පීන්ට වඩා
පෙර සූදානම සඳහා
අවශ්‍ය තරම් කාලයත්, අවස්ථාවත්, අවසරයත් ඇති බැවින්
ඡායාරූපයෙහි සෞන්දර්යය අඩුවීම පිළිබඳව
ඡායාරූප ශිල්පියාගේ නොහැකියාව හෝ විසංවේදීභාවය හැර
වෙනත් නිදහසට කරුණක් නැහැ.
කැමරාවෙන් ඡායාරූපයක් ගන්න වෙලාවටත්, පසු සංස්කරණයෙදිත්
නවක නිරූපණ ශිල්පිනියකගෙ වුණත් අඩුපාඩු අඩු කරගන්නට
සම්පිණ්ඩණය පිළිබඳ අවබෝධය උපකාරී වෙනවා.

එසේම ඇඳුම් මෝස්තර නිර්මාණය
ඇඳුම් නිර්මාණය ආදිය පිළිබඳව
පතපොතින් හෝ මූලික දැනුමක්
ඡායාරූප ශිල්පියා ලැබිය යුතුයි.
මේ සියල්ලටම වඩා
විලාසිතාකරණයෙන් තෘප්තිමත් වන අයගෙ
මනස ක්‍රියා කරන ආකාරයත් දැන ගතයුතුයි.
නිසි අයුරින් ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පියාට
ඡායාරූප කලාවෙ අන් සියලුම අංශ වල
ඡායාරූප ශිල්පීන්ට වඩා
වර්ණ සිද්ධාන්ත, රේඛා, හැඩතල ආදිය
සොඳුරු ලෙස පෙන්වන්නට සහාය වෙන
සෞන්දර්යමය රීතිවලට
ඇස හුරු විය යුතුයි.

ඡායාරූපයෙහි රේඛා
සහ හැඩතල හැසිරෙන ආකාරය
විලාසිතා ඡායාරූප ශිල්පියාට ඉතා වැදගත්.
ඔහුට වෙනත් බොහෝ අංශවල ඡායාරූප ශිල්පීන්ට වඩා
පෙර සූදානම සඳහා
අවශ්‍ය තරම් කාලයත්, අවස්ථාවත්, අවසරයත් ඇති බැවින්
ඡායාරූපයෙහි සෞන්දර්යය අඩුවීම පිළිබඳව
ඡායාරූප ශිල්පියාගේ නොහැකියාව හෝ විසංවේදීභාවය හැර
වෙනත් නිදහසට කරුණක් නැහැ.
වෙළඳ ප්‍රචාරණයෙදිවත්
විලාසිතා නිරූපණයෙදි තරම්
සෞන්දර්යය වැදගත් වෙන්නෙ නැහැ.
විලාසිතා නිරූපණයෙදි තරම්
සෞන්දර්යය වැදගත් වෙන්නෙ නැහැ.

කැමරාවෙන් ඡායාරූපයක් ගන්න වෙලාවටත්, පසු සංස්කරණයෙදිත්
නවක නිරූපණ ශිල්පිනියකගෙ වුණත් අඩුපාඩු අඩු කරගන්නට
සම්පිණ්ඩණය පිළිබඳ අවබෝධය උපකාරී වෙනවා.
![]() |
Photo by Malshan Gunawardane |

ඇඳුම් නිර්මාණය ආදිය පිළිබඳව
පතපොතින් හෝ මූලික දැනුමක්
ඡායාරූප ශිල්පියා ලැබිය යුතුයි.
මේ සියල්ලටම වඩා
විලාසිතාකරණයෙන් තෘප්තිමත් වන අයගෙ
මනස ක්‍රියා කරන ආකාරයත් දැන ගතයුතුයි.
_____________________________________________________________________
විලාසිතා ඡායාරූපයක ඉරියව්ව මෙන්ම
බොහෝ විට හැඟීමත්
උවමනාවෙන් සකස් කරගත් හැඟීමක්.
විලාසිතා ඡායාරූපයට
රසිකයා සම්බන්ධ කරන
සියුම් වරපට නිරූපනය කරන්නාගේ
මුහුණෙන් සහ ඉරියව්වෙන් ප්‍රකට වෙන හැඟීමයි.
විලාසිතා ඡායාරූපයක හැඟීම
විවෘත නැහැ,
උගුලක් අටවගෙන
අනිකා අහුවෙන තුරු බලා ඉන්න...
පොළඹවන සුළු හැඟීමක් තියෙන්නෙ.

ඇදල තද කරපු දුන්නක් වගෙයි..
ඒ මොහොත තීරණාත්මකයි.
----------------------------------------------------------------
විලාසිතා නිරූපණ ඡායාරූපයක්
100% විශිෂ්ඨත්වයට පත් වෙන්න නම්.
ඇඳුම නිර්මාණය කරන්නා = 100%
වේශ නිරූපණ ශිල්පියා = 100%
නිරූපණ ශිල්පියා = 100%
ඡායාරූප ශිල්පියා = 100%
සංස්කරණ ශිල්පියා = 100%
බැගින් පස්දෙනාම ලකුණු 500ක් ගන්න ඕනෙ.
එක්කෙනෙක් වැටුණොත් අනික් අයට ඒ පරාජය බලපානවා.
--------------------------------------------------------------------------
නිරූපණ ශිල්පිනිය මොන පැත්තකට හැරී සිටියත්
මනසින් කැමරාවට ප්‍රතිචාර දැක්විය යුතුයි.
ඒ ප්‍රතිචාරය සුන්දර වුවත්
ඇල්මැරුණු හිස් බැල්මක් වුණොත්
ඡායාරූපය නිවුණ තේකෝප්පයක් මෙන් වෙනවා.
මුහුණෙ වරලසේ වේශ නිරූපණයත් හැඟීමත් හැරෙන්නට
අනික් සියල්ලම හොඳයි..
බොල් හැඟීම විසින් සියල්ලම යටපත් කරලා.
මුහුණෙ හැඟීම, වරලස හොඳට හෝ නරකට
ඡායාරූපයට බලපාන අයුරු බලන්න.
වටපිටාව මොන තරම් සැකසුවත්,
ඡායාරූප ශිල්පියා
කොයිතරම් දක්ෂ වුණත්
නිරූපණ ශිල්පිනිය හිස් බැල්මෙන් හිටියොත්..
ඡායාරූපයෙන් වැඩක් නැහැ.
ඔවුන් එක විදියක
රංගන ශිල්පිනියන් බව
ඔවුන් තේරුම් ගත යුතුයි..
උවමනාවෙන් සකස් කරගත් ඉරියව්වක්.
විලාසිතා ඡායාරූපයට
රසිකයා සම්බන්ධ කරන
සියුම් වරපට නිරූපනය කරන්නාගේ
මුහුණෙන් සහ ඉරියව්වෙන් ප්‍රකට වෙන හැඟීමයි.
සමමිතික බව
විලාසිතාවක් වෙන්නෙ කලාතුරකින්..

විලාසිතාවක් නම්
හිතා මතාම සකස් කිරීම අවශ්‍යයි.
නිරායාසයක් පෙනිය යුතුයි..
විලාසිතාවක් කියන්නෙ
ආයාසයෙන් සකස් කළ
ආයාසය නොපෙනෙන රිද්මයක්.

ඉබේට එන සමමිතික ඉරියව්වට
රිද්මයක් ලබාදෙන්න.
සමමිතික ඉරියව්ව බිඳින්න..

අපහසු අසමතුලිත අවස්ථාවකට සිරුර පත්වී...
අපහසුවෙන් සිටීම අප්‍රියජනකයි..
-------------------------------------------------------------------------------

අපහසු අසමතුලිත අවස්ථාවකට සිරුර
උවමනාවෙන් පත්කොට...
සමබර හා සැහැල්ලු ඉරියව්වකින් සිටීම අපූර්වයි.
පුටුවෙහි කෙළවරකට වී වාඩිවීම
විලාසිතා නිරූපණයේදී නිතර භාවිතා වෙන
සාර්ථක උපක්‍රමයක්

මේ කෘතිම ආවේශය ඉරියව්වේ සුන්දරත්වයට හොඳ ප්‍රවේශයක්.
-------------------------------------------------------------------------
ඉරියව්වක සිත්ගන්නා සුලුබව
විශේශයෙන්ම රඳා පවතින්නේ
නිරූපනය කරන්නාගේ ශරීරය හා අවයව අතර
ගලා යන අතරම ඇදල තද කරපු දුන්නක් වැනි
රිද්මයානුකූල සුන්දරත්වයයි.

උවමනාවෙන් සකස් කරගත් හැඟීමක්.
විලාසිතා ඡායාරූපයට
රසිකයා සම්බන්ධ කරන
සියුම් වරපට නිරූපනය කරන්නාගේ
මුහුණෙන් සහ ඉරියව්වෙන් ප්‍රකට වෙන හැඟීමයි.
විලාසිතා ඡායාරූපයක හැඟීම
විවෘත නැහැ,
උගුලක් අටවගෙන
අනිකා අහුවෙන තුරු බලා ඉන්න...
පොළඹවන සුළු හැඟීමක් තියෙන්නෙ.

ඇදල තද කරපු දුන්නක් වගෙයි..
ඒ මොහොත තීරණාත්මකයි.
----------------------------------------------------------------
විලාසිතා නිරූපණ ඡායාරූපයක්
100% විශිෂ්ඨත්වයට පත් වෙන්න නම්.
ඇඳුම නිර්මාණය කරන්නා = 100%
වේශ නිරූපණ ශිල්පියා = 100%
නිරූපණ ශිල්පියා = 100%
ඡායාරූප ශිල්පියා = 100%
සංස්කරණ ශිල්පියා = 100%
බැගින් පස්දෙනාම ලකුණු 500ක් ගන්න ඕනෙ.
එක්කෙනෙක් වැටුණොත් අනික් අයට ඒ පරාජය බලපානවා.
--------------------------------------------------------------------------
නිරූපණ ශිල්පිනිය මොන පැත්තකට හැරී සිටියත්
මනසින් කැමරාවට ප්‍රතිචාර දැක්විය යුතුයි.
ඒ ප්‍රතිචාරය සුන්දර වුවත්
ඇල්මැරුණු හිස් බැල්මක් වුණොත්
ඡායාරූපය නිවුණ තේකෝප්පයක් මෙන් වෙනවා.
![]() |
Photo by Sajith Fernando |
අනික් සියල්ලම හොඳයි..
බොල් හැඟීම විසින් සියල්ලම යටපත් කරලා.
මුහුණෙ හැඟීම, වරලස හොඳට හෝ නරකට
ඡායාරූපයට බලපාන අයුරු බලන්න.
වටපිටාව මොන තරම් සැකසුවත්,
ඡායාරූප ශිල්පියා
කොයිතරම් දක්ෂ වුණත්
නිරූපණ ශිල්පිනිය හිස් බැල්මෙන් හිටියොත්..
ඡායාරූපයෙන් වැඩක් නැහැ.
ඔවුන් එක විදියක
රංගන ශිල්පිනියන් බව
ඔවුන් තේරුම් ගත යුතුයි..
විලාසිතා ඡායාරූපයක හැඟීම මෙන්ම
බොහෝ විට ඉරියව්වත්උවමනාවෙන් සකස් කරගත් ඉරියව්වක්.
විලාසිතා ඡායාරූපයට
රසිකයා සම්බන්ධ කරන
සියුම් වරපට නිරූපනය කරන්නාගේ
මුහුණෙන් සහ ඉරියව්වෙන් ප්‍රකට වෙන හැඟීමයි.
සමමිතික බව
විලාසිතාවක් වෙන්නෙ කලාතුරකින්..

විලාසිතාවක් නම්
හිතා මතාම සකස් කිරීම අවශ්‍යයි.
නිරායාසයක් පෙනිය යුතුයි..
විලාසිතාවක් කියන්නෙ
ආයාසයෙන් සකස් කළ
ආයාසය නොපෙනෙන රිද්මයක්.

ඉබේට එන සමමිතික ඉරියව්වට
රිද්මයක් ලබාදෙන්න.
සමමිතික ඉරියව්ව බිඳින්න..

අපහසු අසමතුලිත අවස්ථාවකට සිරුර පත්වී...
අපහසුවෙන් සිටීම අප්‍රියජනකයි..
-------------------------------------------------------------------------------

අපහසු අසමතුලිත අවස්ථාවකට සිරුර
උවමනාවෙන් පත්කොට...
සමබර හා සැහැල්ලු ඉරියව්වකින් සිටීම අපූර්වයි.
පුටුවෙහි කෙළවරකට වී වාඩිවීම
විලාසිතා නිරූපණයේදී නිතර භාවිතා වෙන
සාර්ථක උපක්‍රමයක්

මේ කෘතිම ආවේශය ඉරියව්වේ සුන්දරත්වයට හොඳ ප්‍රවේශයක්.
-------------------------------------------------------------------------
ඉරියව්වක සිත්ගන්නා සුලුබව
විශේශයෙන්ම රඳා පවතින්නේ
නිරූපනය කරන්නාගේ ශරීරය හා අවයව අතර
ගලා යන අතරම ඇදල තද කරපු දුන්නක් වැනි
රිද්මයානුකූල සුන්දරත්වයයි.

ශරීරය හා අවයව අතර රිද්මය නිසා
නිරූපනය කරන්නාගේ ඇඳුමත් එහි රැලිත්
එල්ලා වැටෙන ආභරණ ආදියත් යන සියල්ල
අර මූලික රිද්මයෙහි අනු රිද්මයන් ලෙස
නිරූපනය කරන්නාගේ ඇඳුමත් එහි රැලිත්
එල්ලා වැටෙන ආභරණ ආදියත් යන සියල්ල
අර මූලික රිද්මයෙහි අනු රිද්මයන් ලෙස

රිද්මය යනු පුනරුක්තියයි.
ඉතිහාසයද පුනරුක්තියකි.
ලොවේ වරක් සිදුවූ සිද්ධියක්
කිසියම් රිද්මයකට අනුව නැවතත් සිදුවෙයි.
සංගීත හා නර්තන කලාවන්හිදී මෙන්ම
ස්වභාව ධර්මයන්හිදී
රිද්මය චක්‍රයක් මෙන් අඛණ්ඩව ගලා යයි.
රෑ දාවල
ඍතු බේදය
වඩදිය බා දිය
වර්ෂාව......
වළාකුලු සිහිල් වී වැස්ස වසී.
වැසිදිය ගං හෝ දියේ ගලා ගොස්
වැව් හා මුහුදු වල පිරෙයි.
ඒ දිය වාෂ්ප වී අහසට නැග
වළාකුළු සේ කැටි ගැසෙයි.
වළාකුලු සිහිල් වී යළිත් වැසි වසී.
මුහුදු රැල්ල වෙරළට ගලා එන්නේ චක්‍රාකාරවය.
අශ්ඨ ලෝක ධර්මය
සංසාර චක්‍රය
නාඩි වැටෙන රිද්මය ස්පර්ශයෙන් දැනේ.
කුරුලු නාද වල රිද්මය කණට ඇසේ.
ගහ කොළ ඇල දොළ ආදියෙහි රිද්මය
ඇසට පෙනේ.
ගසක අතුපතර හා මුල් විහිදී යන සැටියෙන් ද
අත්තක කොළ පිහිටා ඇති සැටියෙන්ද
කොළයක නහර හා දැත් පිහිටා ඇති සැටියෙන්ද
මේ රිද්මය වටහා ගත හැකිය.
බෝ ගසක කොළ සුළඟින් සැලෙනවිට
වායු තරංග වල ඇති රිද්මය අපට ඇසේ.
කාන්තාරයෙහි වැලි රැල්ල මෙන්ද
සමුද්‍රයෙහි දිය රැල්ල මෙන්ද
ඒ රිද්මය සටහන්වේ.
සමුද්‍රඝෝෂ වෘත්තය යනු
දිය රැල්ලේ රිද්මය සංගීතයට නැගීමකි.
තිරිඟිතලය යනු
එය චිත්‍රයට නැගීමකි.
ජීවිතය, විශ්වය හා රිද්මය යනු
එකක් ම නොවේදැයි මට සිතේ.
------------------------------------
විශ්වය ගීතයකි
-සේකර

![]() |
Photo by Steve McCurry |
ෆැෂන් කියල හිතන්නෙ නැතුව
ඔබ දකින හැම සිත්ගන්නා ඉරියව්වක්ම
ඡායාරූපයට නගන්න.
ඔබ දකින හැම සිත්ගන්නා ඉරියව්වක්ම
ඡායාරූපයට නගන්න.
![]() |
Photo by Steve McCurry |
එය මතුවෙන ආකාරයෙන්
ඡායාරූපයට නගන්න.
මේ දෙකෙහි එකතුව
විලාසිතා ඡායාරූප කරණයෙන්
සියයට අසූවක් අනූවක්.
ඉතිරි ටික
නිරූපණ ශිල්පියාගේ
චරිතය හා පෞරුෂය.
![]() |
Photo by Lee Jefrees |
හැම කෙනෙක්ම සිත්ගන්නා සුළු විදියට
චරිතය ප්‍රකාශනය වන අයුරින්
ඡායාරූප ගතකිරීමට
පුහුණු වෙන්න.
====================================================
අද මෙවැනි ඡායාරූපයක්
මේ ගුණාංග සහිතව
යළි නිර්මාණය කළ හැකියයි
මා විශ්වාස කරන්නේ නැහැ.

මේ ඡායාරූප ශිල්පීන්ගේ දැනුම,
සංයමය, කැපවීම එකට කැටිවූ
ශක්‍යතාවය අද නැහැ.
නිරූපණ ශිල්පීන් තුළත්
මේ රිද්මය, මේ සැහැල්ලු බව
ඉතාම විරලයි.
හොඳ ඡායාරූප බැලීම
නවක ඡායාරූප ශිල්පියෙකුගේ
වේගවත් වර්ධනයට හේතුවක්.
එවැනි ඡායාරූප ශිල්පීන්ට
තමන් ප්‍රිය කරන
විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන්
කිහිප දෙනෙක් ඉන්නවා.
හොඳ ඡායාරූපයක්
හොඳ ඇයි කියා විමසා බැලීම
ඡායාරූප ශිල්පියෙකුගේ
වේගවත් වර්ධනයට
ඉතා ප්‍රබල හේතුවක්.
=====================
ක්‍රියාකාරකමක් ලෙස
ඔබ මෙහි දකින
සියලු හොඳ ගුණාංග
පහදන්න..
====================================================
විලාසිතා නිරූපණයේදී ඉරියව්ව.............
.
විලාසිතා ඡායාරූප ශිල්පීන්ට සරල අභ්‍යාසයක්... . |
Richard Avedon- විලාසිතා සහ වෙනත් ඡායාරූප============================================================== |
Most of it is retouching.............
ReplyDeleteYou may not be sensitive enough to feel it...
DeleteBut a model means a lot...
You can't change a pose or expression to a better one
with retouching.....
That's what makes a super model..
good one sir thanks a lot
ReplyDeleteඉතාමත් වටිනා ලිපි පෙළක් .....ස්තුතියි.
ReplyDelete//අකිරා කුරොසාවා, සත්‍යජිත් රායි, බර්ග්මාන් වගේ අය විතරක් නොවෙයි, මාර්ටින් ස්කොර්සෙසෙ, ස්පීල්බර්ග්, වගේ අයත් එකම නළු නිළි පිරිසකට හුරු වුණා. එකක් අන්‍යෝන්‍ය අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය...අනික ඔවුන් කරන දේ ඒ මට්ටමෙන් කරන්න වෙනත් කෙනෙක් නැති වීම.//
ReplyDeleteමෙතනට තවක් කෙනෙකු එක්කාසු කරන්න මට අවසර ඔහු තමා වූඩී ඇලන්..!
එල
ReplyDeleteGreat (y)
ReplyDelete