20150325

රිද්ම සංකලන රීති - කෙටි සටහන්




ෆේස්බුක් ඡායාරූප සමූහයන්හි
සංවාද වලදී මතුවන කරුණු සහ
ඡායාරූපවලට අදාළ දෘෂ්‍ය කලා රීති පිළිබඳව
කෙටි සටහන් සඳහා මේ පිටුව වෙන් වෙයි.
මෙහි සඳහන් සබැඳි ක්ලික් කිරීමෙන්
වැඩි විස්තර ලබාගත හැක.
===================================

ස්වර්ණමය වක්‍රය දම් පාට
හා රූල් ඔෆ් තර්ඩ් එක කොළ පාට අතර සම්බන්දය
බොහෝ දුරට සමීපයි..
ඒත් ඒ ලක්ෂ්‍ය ලක්ෂ්‍ය දෙකම එකක් නෙවෙයි.

රූල් ඔෆ් තර්ඩ් වල පොඩ්ඩක් මැදට වෙන්නයි
ලක්ෂ්‍යය තියෙන්නෙ.

ඡායාරූප ශිල්පියෙකුට වැදගත් වෙන්නෙ.
මේ ලක්ෂ්‍යය නොවෙයි...
මේ ප්‍රදේශයයි
 
ඡායාරූප ශිල්පීන් සහ
චිත්‍ර ශිල්පීන්ට මේ ලක්ෂ්‍ය අදාළ වෙන්නේ
ඉතාම දළ වශයෙන්.
අපි ස්ථානගත කරන්නේ
කළු පසුබිමක තිතක් නම්
මේ ලක්ෂ්‍ය යොදාගන්න පුලුවන්..

තව තැනක තව තිතක් යොදා ගත් ගමන්ම
මේ තිත අසමතුලිත වෙනවා.
අපිට ඒ තිත් දෙකම ගැන හිතන්න වෙනවා.

 ඒ තිත් දෙක අතර
අදෘශ්‍යමාන රේඛාවක් හැඟෙනවා.
 
 ඉන් පසුව අරමුණ වන්නේ ඒ අදෘශ්‍යමාන රේඛාවයි.
ඉන්පසුව සම්පිණ්ඩණය කළ යුත්තේ ඒ රේඛාවයි..
 
මේ ආකාරයට
මුලු රූපය පුරාම ඇති වස්තූන් වල
හැඩ තල, රේඛා, වර්ණ ආදිය
එකිනෙකට සුසංගතව, රිද්මයානුකූලව සකස් කරගන්නට
ශිල්පියා කටයුතු කළ යුතුයි..
 

අරමුණක ප්‍රධාන කොටස මේ ප්‍රදේශයට යොමු කරන ගමන්
අරමුණෙහි මුළු හැඩය සමග පසු බිමත් යම් රිද්මයකට
සකස් කර ගන්න වෙනවා.

සමහරවිට අරමුණට අවධානය අරන් දෙන්න
මේ ප්‍රදේශය ඉක්මවන්න වෙන
වෙලාවල් තියනවා.

 ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
===================================================


අත්තෙ පහලින් ඉඩ වැඩියි. ඉහළින් අඩුයි..
අත්ත රාමුවෙන් එලියට යනවා වගෙයි.
Photo by Asanka Udayanga
ඡායාරූපය ස්ථානගත කරනකොට
වීව් ෆයින්ඩරයෙ දකින රූපය බලන්න.

ඔබේ අරමුණත් පසුබිමත් අතර
රිද්මයක් සකස් කරගන්න.
අපි අවසානයට දකින්නෙ
කැමරාවෙ ලෙන්ස් එකෙන් එහා පැත්තෙ
ඔබ ඇසින් දකින ත්‍රිමාණ දර්ශනය නොවෙයි.
ඔබේ වීව් ෆයින්ඩරයෙ දකින්නට තියෙන
පැතලි ඡායාරූපයයි.

වීව් ෆයින්ඩරය තුළින් අත්ත දෙස නොබලා
වීව් ෆයින්ඩරයෙ දකින ඡායාරූපය බලන්න.

තාක්ෂණික අඩුපාඩුත් තියනවා.
තාක්ෂණික අඩුපාඩු නිවැරදි කරගන්නා ආකාරය
ඕනම දක්ෂ ඡායාරූප ශිල්පියෙකුගෙන් ඉගෙන ගන්න පුලුවන්.
ඒත්
ඡායාරූපයෙ හැඩතල, වර්ණ, රේඛා ආදිය
නිසි පරිදි රිද්මයානුකූලව සකස්කරගැනීම ඉගෙන ගන්න
ඔබට තනියම උත්සාහ කරන්න වෙනවා.

ලොව පතළ විශිෂ්ඨ නිර්මාණ ඇසුරු කිරීමත්
සතත අභ්‍යාසයත් විමර්ශනයත්
කිසිදිනක ප්‍රවීණයෙකු බව නොපිළිගැනීමත් අවශ්‍යයි.