20140117

ඇඳුම, ඉරියව්ව, හැඟීම, බැල්ම ඡායාරූපයට අදාළයි



 ඡායාරූපයක පෙනී ඉන්න කෙනෙකුගෙ
ඇඳුම,  ඉරියව්ව, හැඟීම, බැල්ම ආදී
ඔහු ඒ මොහොතෙ විඳින අත්දැකීම
ඡායාරූප ශිල්පියෙකුට ඡායාරූපයට අදාළ දෙයක්..

කැමරා අතේ තියන් ඉන්න බොහෝ දෙනෙක්
ඡායාරූප ශිල්පීන් නොවෙන්නෙ
ඔවුන් ඡායාරූපය කියන්නෙ
රාමුව ඇතුලෙ තියන
ඔහු දැක්ක ටිකට විතරක් නිසයි.

සමහර විට ඔහු දකින්නෙ
මුහුණ විතරක් වෙන්න පුලුවන්.
ලස්සණ මුහුණ කියා සිතමින්
නොගැලපෙන ඉරියව්වත් සමග
ඡායාරූප ගන්නවා.
බලන අයගෙන්  ලයික් නෑ
කමෙන්ට් නෑ කියා කලකිරෙනවා.

බැටළුවෙකුගෙ ඡායාරූපයක් ගන්න කෙනෙකුට
ඔහු පොරවගෙන ඉන්නෙ බැටළු හමක් නම්
ඇතුළෙ ඉන්න වෘකයාත් දකින්න පුලුවනි නම්
ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියෙක්.

ඡායාරූප ශිල්පියා දකින තරමට
ඔහුගෙ අගය වැඩිවෙනවා.
ඔහු නොදකින ප්‍රමාණයටම
ඔහුගෙ ඡායාරූපයෙ අගය බහිනවා.

වීව් ෆයින්ඩරය තුළින් බලන
නවක ඡායාරූප ශිල්පියා
මනමාලි දිහා බලාගෙන ඡායාරූපය ගනිද්දි
හිස පිටුපස පෝච්චියෙ තිබිලා
ඇගේ හිසෙන් විහිදෙන මල්පොකුර
ඔහුට පෙනෙන්නෙ නැහැ.

ඇල්බම් එකට ඡායාරූප තෝරනකොටම
ප්‍රතික්ෂේප වෙනවා.
නැත්නම් ඡායාරූප ශිල්පියාගෙ
ඇසේ දෝෂය නිසා
සංස්කරණ ශිල්පියාගේ වේල සරිවෙනවා.

ඉරියව්වත් චරිතයක වැදගත් අංගයක්.
ඡායාරූප ශිල්පියාට
ඉරියව්වකින් පිළිබිඹුවෙන හැඟීම කියවන්න
සාක්ෂරතාවයෙන් යුත් ඇසක් අවශ්‍යයි.

ලංකාවෙ විලාසිතා නිරූපණ ශිල්පය
කණා මුට්ටිය බිඳීමක් වෙලා තියෙන්නෙ
නුපුහුණු නිරූපණ ශිල්පීන්
ව්‍යක්ත ඉරියව් පෑමට අදක්ෂ නිසා සහ
නුපුහුණු ඡායාරූප ශිල්පීන්
හොඳ ඉරියව්වක් ලැබුණත් ඉරියව්ව කියවන්න සහ
ඡායාරූපයක් ලෙස හසුකරගන්න අදක්ෂ නිසයි.


නුපුහුණු නිරූපණ ශිල්පිනියක් යා
සුන්දර මුහුණක් හදාගෙන
කැමරාවට මුහුණ දෙන කොට
නුපුහුණු ඡායාරූප ශිල්පියා
ඒ දිහා බලාගෙන ඡායාරූපය ගන්නවා.
ඔවුන් දෙන්නා එය බලා උද්දාම වෙනවා.
සමස්ත ඡායාරූපය
තනි පුද්ගලයෙක් ලෙස
ඉරියව්වත් සමග දකින රසිකයා
දුර්මුඛ වෙනවා.

ඔහු ඉරියව්වෙ අඩුපාඩුවක් කිව්වොත්
වැරදි කරු වෙන්නෙ ඔහුයි.
http://3.bp.blogspot.com/--Jw24D-RgHQ/UiCaFVEqYcI/AAAAAAAAPcE/ApKz0wvv90Y/s1600/=018.jpg
ඉරියව්වත් ඇඳුමත් ගැලපිය යුතුයි.

රජ කෙනෙක් රජ ඇඳුම ඇඳගෙන
පඩිපෙළේ වාඩිවෙලා හිටියොත්
බලන මිනිස්සුන්ගෙ අප්‍රසාදයට පත්වෙනවා.

ඔවුන් නිහඬව ඉන්න පුලුවන්.
ඒත් අප්‍රසාදය තියනවා.

ඉරියව්ව අනුවත්
බලන කෙනෙකුගෙ ගෞරවය හෝ අගෞරවය හිමිවෙනවා.

එවැනි ඉරියව්වක් ඡායාරූපයට නැගුවොත්
දාමරික නායකයෙක් නිසා
ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න වෙන්න පුලුවන්.

ශ්‍රේෂ්ඨ නායකයෙක් නම්
ජීවිත කාලය පුරාම
ගෞරවයට පාත්‍ර වෙන්නත් පුලුවන්.

යූසුෆ් කර්ශ් ඡායාරූපයට නැගූ
චර්චිල්ගෙ මේ ඉරියව්ව එවැන්නක්.

මෙහි සාර්ථකත්වයට චර්චිල් හවුල් කරුවෙක්...
ඔහු මේ ඡායාරූපය අනුමත කළා.

ගෞරවණීය කෙනෙකුගෙ
ඡායාරූපයක් ගන්නකොට
දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
ඒ ගෞරවය ඔහුට ලැබෙන විදියට
ඡායාරූප ගත යුතුයි.

තත්වයට ඇඳුමට නිගරු වෙන විදියට
අවසිහියෙන් හැසිරෙන අඳබාලයෙක්
ඡායාරූප ගත කිරීමේදී
ඡායාරූපශිල්පියාගේ අරමුණ
අගෞරවය හෙළි කිරීම හෝ
ඒ පිළිබඳව කතිකාවක් ඇති කිරීම නම්
අගෞරවණීය බව මතු වෙන ආකාරයටම
ඡායාරූපය ගැනීම
එවැනිම සුවිශේෂ දස්කමක්...

හොඳ ඡායාරූප ශිල්පියෙක්
අවස්ථාව ලැබෙන ආකාරයට
ඒ දෙවිදියටම ගන්නවා .

ගෞරවණීය නම් ඒ හැඟීම මතු වෙන්න.


අගෞරවණීය නම් ඒ බව මතුවෙන්න.

 දක්ෂ ඡායාරූප ශිල්පියෙක් 
ඒ දෙකම අපූර්ව අවස්ථා ලෙස දකිනවා.

කිසියම් සුහුඹුල් නවකයෙක්
කැමරාව තිබුණ නිසා
කෙනෙක් හිටගෙන හිටපු නිසා
ගන්නන් වාලේ
ඡායාරූපයක් අරන් පළකළොත්
ලැබෙන ප්‍රතිචාර බාරගන්න වෙනවා.

දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති විය යුතු.


20140115

නෙතට කඳුළු ඉනූ සංවේදී මොහොතක්....




නුඹට පිහිට වුනේ මම නෙමෙයි.
මුස්ලිම් ජාතිකයෙක්,
මුස්ලිම් ජාතිකයා පිහිටට ගත්තෙ ලඟම තිබුනු බෝ කොලයක්.
 Sajith Danushka Akmeemana
Photo by Sajith Akmeemana
 ඡායාරූපයක් කියන්නෙ ආත්ම ප්‍රකාශනයක්.

මේ ඡායාරූපය තුළින්
මිනිස්කම පිළිබඳව කතා දෙකක් කියවෙනවා.

එකක් සත්ව කරුණාවෙන් යුතු මිනිසෙකුගේ කාරුණික බව.

දෙවැන්න වඩාත් උදාරයි.
මේ ඡායාරූප ශිල්පියා
ඔහුගේ කාර්යය උපරිමයෙන් ඉටු කරමින්
ඔහුගේ ප්‍රකාශන මාධ්‍යය ඉහළම ශක්‍යතාවයෙන් භාවිතා කරමින්
ඒ සංසිද්ධිය අප වෙත වාර්තා කළා.

මගේ නෙතට කඳුළු ඉනුවේ
එක් ජාතියක විශ්වාස හා ඇදහිලි
ඉත්තා කරගනිමින්
ඔවුන්ට හිංසා කරන ජාතියක සාමාජිකයෙක්
පළමු ජාතියේ මිනිසෙකුගේ කාරුණික බව දැක
ඔහු වෙත හෙළූ ළයාන්විත, දයාබර බැල්මයි.

ක්‍රියාව අතින්, කරුණාව අතින් මුස්ලිම් මිනිසා උතුම්..

ප්‍රඥාව අතින්, පස්සද්ධිය අතින්
ඡායාරූප ශිල්පියා උතුම්..
ඔහු නැත්නම් අපිට මේ මොහොත විඳින්නෙ ලැබෙන්නෙ නෑ.

ඒ මොහොතට මුස්ලිම් ජාතිකයා උතුම්..
ඔහ්ගේ ඇදහීම කුමක් වුවත් කරුණාව කුසලයක්.

වෙනත් කෙනෙකු කරන පිනක් දැකල පැහැදීමත් කුසලයක්..

ඡායාරූප ශිල්පියා මුස්ලිම් ජාතිකයාගෙ පින
අපි සිය ගාණකට අනුමෝදන් කරනවා.

ඒ සියල්ලටම වඩා
මිනිස්සුන්ගෙ හිත්වලට
හොඳ දේවල්වල නාමයෙන්
විස පොවන සර්පයන් අතරෙ
මිනිසෙක් විදියට
සතෙක් දිහා බලන මිනිසෙක් ගැන
මිනිසෙක් විදියට වාර්තා කළ
ඡායාරූප ශිල්පියාට
මිනිසුන් ලෙස අපිදු තුති පිදිය යුතුයි..

ඇත්ත වශයෙන්ම
මගේ නෙතට කඳුළු ඉනුවේ
ඡායාරූප ශිල්පියාගේ ක්‍රියාවෙන්..
සැබැවින්ම ඡායාරූප ශිල්පියාගේ කාර්යය කුමක්ද.?

ඔහු කළ යුත්තේ කැමරාව පසෙක තබා ජීවියා බේරීමද?

මේ අවස්ථාවේදී නම්
ඡායාරූප ශිල්පියාගේ  ක්‍රියාව වඩාත් නිවැරදියි.

මුස්ලිම් ජාතිකයාගේ ක්‍රියාව ඔහුටත්  ඒ ජීවියාටත් අදාළයි.

ඡායාරූප ශිල්පියාගේ ක්‍රියාව සහ ප්‍රකාශය
මුලු ලංකාවටම අදාලයි.

--------------------------------------------------------------
ස්ටීව් මැක්කරිගේ මේ ප්‍රකාශය ඡායාරූපයට හොඳ විවරණයක්.
විශිෂ්ඨ ඡායාරූප කියල මම හිතන්නෙ
ඔබට අමතක කළ නොහැකි ඡායාරූප .


ඔබ සමග රැඳෙන ඡායාරූප.
ඔබට ඉගෙන ගත හැකි ඡායාරූප..
ඔබ වෙනස් කරන ඡායාරූප.
හැඟීම්බර කතාවක් කියන ඡායාරූප.

හොඳ සම්පිණ්ඩණයක්, හොඳ රටාවක්...
මනාව යෙදුණු වර්ණ, වැදගත්..

ඒත් මම හිතනවා
ප්‍රධාන වශයෙන්
එහි වැදගත් කතාවක්..
සිත්ගන්නාසුළු කතාවක්
තිබිය යුතුයි.

මගේ දර්ශනපථය වෙනස් කරවන
මා යමක් ඉගෙන ගන්නා දෙයක්..


20140109

ජූරිය ඔබයි




ඔබේ ඇස කොතරම් කලාත්මකද කියා
මැන බලන්න හොඳ අවස්ථාවක්.

පොළොන්නරුව ගල් විහාරයේ පිළිම වහන්සේලා නැරඹූ
විවිධ තලවල ඡායාරූප ශිල්පීන් රැසක් විසින් ගත්
මේ ඡායාරූප සියල්ලම මා සොයාගත්තේ අන්තර්ජාලයෙන්.

පහත දැක්වෙන  ඡායාරූප වලින්
ඔබ තෝරන හොඳම ඡායාරූපය කුමක්ද?

















































 






මේ වෙබ් පිටුවේ ඇති ඡායාරූප වලින්
හොඳම ඡායාරූපය ලෙස ඔබ තෝරන ඡායාරූපය
පහත දැක්වෙන ත්‍රෙඩ් එකේ පළ කරන්න.
https://www.facebook.com/photo.php?fbid=10201247489936001






ඉහළ රූපයෙ රේඛා රිද්මය මතු කරන්න
බොහෝ ඡායාරූප ශිල්පීන් ක්‍රියා කරල තියනවා.
ඔවුන්ගෙන් කවුද වඩාත් සාර්ථක වෙලා තියෙන්නෙ.

-------------------------------------------------------------------------------------------
එකම ස්ථානයක්
විවිධ ඡායාරූප ශිල්පීන්ගේ ඇසින් ඡායාරූප ගත කොට
මෙවැනි ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුවහොත්
එය කොතරම් ජනප්‍රිය වේද?