20130528

කාචය, කාච විවරය, කාච ද්වාරය, ISO අගය, ක්ෂේත්‍ර ගැඹුර-සරලව


  

ඇසින් යමක් දෙස බලද්දී
අපට ආලෝකය අවශ්‍ය වෙයි.

ආලෝකය නැත්නම් අපට දැකිය නොහැක.
එහෙත් මිනිසාට ඇසින් දකින්නට
අඳුර අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ.

ඇස් දෙකෙන් දකින රූපය මොළයෙන් කියවා
වෙනත් බොහෝ තොරතුරු සමග ත්‍රිමාණ බවද පෙන්වයි.

එක් ඇසකින් මේ කාර්යය කරන්නට අපට සිදු වුවහොත්
ආලෝකය සමග තවත් මූලික සාධක තුනක් ඇවැසි වෙයි.
1, අඳුර,
2, වර්ණ,
3,  තාන,

මෙම සාධක නැතිව
ආලෝකයෙන් පමණක් කැමරාවක් තුළ
ඡායාරූපයක් ඇඳිය නොහැක.
  
ඡායාරූප ආලෝකයෙන් ඇන්දත්
අඳුර, වර්ණ, හෝ තාන අවැසි වෙයි.

 ආලෝකය හා අඳුර පමණක් භාවිතා කොට ඇඳි චිත්‍රයක්

 වර්ණ පමණක් භාවිතා කොට ඇඳි චිත්‍රයක්
http://supercolortuts.com/wp-content/uploads/2013/05/Geometric_Color_Shapes_Wallpaper_Preview-290x166.jpg

තාන පමණක් භාවිතා කරන ලද ඡායාරූපයක්


සෑම වර්ණ ඡායාරූපයක්ම
අඳුර, වර්ණ, හෝ තාන ආලෝකයත්
විවිධ ප්‍රමාණයෙන් සංකලනය වී නිමැවේ.
River Leaves Fall



කළු සුදු ඡායාරූපයක් නම්
වර්ණ හැර  අඳුර,   තාන සමග ආලෝකය ඇසුරෙන් නිමැවේ.
Cat Old Man


ඡායාරූප ශිල්පියාගේ කාර්යය වන්නේ
තමන් ඇසින් දකින රිද්ම රටාව හෝ කතන්දරය
1, අඳුර, 2, වර්ණ, 3,  තාන, සමග ආලෝකය ඇසුරෙන්
ප්‍රතිනිර්මාණය කිරීමයි.

එහිදී 1, අඳුර, 2, වර්ණ, 3,  තාන,
සමග ආලෝකය වස්තූන් මත හා විවිධ පෘෂ්ඨ මත
ක්‍රියා කරන ආකාරය පිළිබඳව සිහියත්
ඒ හැසිරීම් වෙනස් වෙන ආකාරය පිළිබඳ
සමීප අත්දැකීමත් ඡායාරූප ශිල්පියෙකුට අවශ්‍යය.

ඡායාරූපයේ කලාත්මක අංශය සඳහා
ආලෝකය හා අඳුර අතර රිද්ම රටාවන් හඳුනා ගැනීමත්
රාමුව තුළ එම රටා මෙහෙයවීමත් ඔහු අධ්යයනය කළ යුතුය.

ඡායාරූපයේ තාක්ෂණික අංශය ලෙස
කැමරාව තුළට ඇතුල්වන ආලෝකය පාලනය කරමින්
ISO අගය, කාච විවරය, කාචයේ නාභි දුර, ක්ෂේත්‍ර දුර හා
 කෘතීම ආලෝකය ආදිය මනාව හසුරුවා ගැනීම
ඔහු හැදෑරිය යුතුය.

ඡායාරූප ශිල්පයේදී
රූපයක් කැමරාවක් තුළ සටහන් වන්නේ 
වර්ණ සහ එළිය අඳුර භාවිතයෙනි.

එම සටහන මනා අනාවරණයකින් යුක්තව
මනාව නාභිගත වුවහොත් 
ඡායාරූපය පැහැදිළිය.



                  අරමුණ                       කාචය                        කාච විවරය      කාච ද්වාරය සංවේදක තලය

දර්ශනය කැමරාව තුලට ලබාගෙන 
සටහන් කරගැනීමේදී
කාචය, කාච විවරය, කාච ද්වාරය සමග 
සංවේදක තලය උපයෝගී වෙයි.

මෙම අංග වල මනා කළමනාකරණය 
ඡායාරූපකරණයේදී අවශ්‍ය වෙයි.
ස්වයංක්‍රීය ක්‍රමයට ඡායාරූප ගන්නා ශිල්පියාට
මෙම කාර්යය සම්පූර්ණයෙන් හෝ 
ඔහුට අවශ්‍ය ප්‍රමාණයට
කැමරාව විසින් ඉටුකර දෙන නමුත්
ඡායාරූපය ඔහුගේ සිතැඟි අනුව ගන්නට නම්
මෙම ක්‍රියාවලිය අවබෝධ කරගත යුතුය.


ඡායාරූප ශිල්පියා තෝරාගන්නා රාමුව
සංවේදක තලය මතට 
නාභි ගත කර දෙන්නේ කාචයයි.

http://mgitecetech.files.wordpress.com/2011/06/camera-diagram21.gif

කාචයක නාභි දුර

http://static.trustedreviews.com/94/e550c3/b43c/3973-FocalLength-diag.gif
කාචයක නාභි දුර වශයෙන් හැඳින්වෙන්නේ
කාචයත් රූපය නාභිගතවන තලයත් අතර දුරයි

නාභි දුර ප්‍රධාන වශයෙන් දෙවිදියකට ඡායාරූපයකට බලපානවා.
.
http://www.takefoto.ru/userfiles/image/Dlya%20Statey/30.01.2013/portrait_lenses/Focal_Length_Diag.png

1, නාභි දුර අනුව රාමුව තුළ සටහන් වෙන ක්ෂේතරයේ ප්‍රමාණය සහ
පර්යාලෝකය ඇසට පෙනෙනවාට වඩා අඩු වැඩි වෙයි.

මෙම ඡායාරූප හතර එකිනෙකින් වෙනස් වන්නේ
එම ටින් අතර කිසිදු වෙනස් කිරීමකින් තොරවය.
වෙනස් කර ඇත්තේ කාච පමණි.

 
24mm අඩු නාභි දුරක් ඇති Wide Angle කාචයක 
අංශක 60කට වඩා පුළුල් කෝණය නිසා 
පුළුල් ක්ෂේත්‍රයක් ඡායාරූපයට ඇතුළත් වෙයි.

300mm වැඩි නාභි දුරක් ඇති Telephoto කාචයක 
අංශක 60කට වඩා පටු කෝණය නිසා 
පටු ක්ෂේත්‍රයක් ඡායාරූපයට ඇතුළත් වෙයි.


http://improvephotography.com/wp-content/uploads/2011/02/iStock_000006730090Large.jpg

 අඩු නාභි දුරක් ඇති Wide Angle කාචයකින් ක්ෂේත්‍රයේ ඇති වස්තූන් අතර 
ගැඹුරු අතට ඇති දුර ඇසට පෙනෙනවාට වඩා වැඩිවී සටහන් වෙයි.
වැඩි නාභි දුරක් ඇති Telephoto කාචයකින්  ක්ෂේත්‍රයේ ඇති වස්තූන් අතර 
ගැඹුරු අතට ඇති දුර ඇසට පෙනෙනවාට වඩා අඩුවී සටහන් වෙයි.


 කැමරාව අතේ තබාගෙන ගන්නා ඡායාරූප වලට
කාචයක නාභි දුර වැඩි වීම බලපාන්නේ
කැමරාවේ සෙලවීම දුර රූප බොඳවීමට
හේතුවන බැවිනි.
http://nikond7100-review.com/wp-content/uploads/2013/04/Sunwayfoto-Telephoto-Lens-Support-TLS-01.jpg
http://2.bp.blogspot.com/_zCSvTOAN82c/Sw9cgfvn4UI/AAAAAAAAAg0/hTHMTo6L1tg/s1600/001.JPG
මිනිස් ඇසට සමාන ස්වරූපයෙන්
ඡායාරූප සටහන් කරගන්නා කාචයෙහි
කෝණය අංශක 60කි.
නාභි දුර මිලි මීටර් 50ක් වේ.

===============================================================


Aperture

කාච විවරය


කාච විවරය කැමරාව තුළට ඇතුලුවන
ආලෝක ප්‍රමාණය පාලනය කරන
මෙවලම් දෙකෙන් එකක්.

කාච විවරයේ ප්‍රමාණය
ඒකකයකින් අඩු වැඩි කිරීමෙන්
ඇතුල්වෙන ආලෝක ප්‍රමාණය
දෙගුණයකින් අඩු හෝ වැඩි කළ හැකියි.


කුඩා අංක වලින් විශාල කාච විවර
හැඳින්වෙන්වෙන අතර විශාල අංක වලින්
කුඩා කාච විවර හැඳින්වේ.




විශාල කාච විවර යොදා
ගනු ලබන ඡායාරූප වල
අරමුණු නාභි ගතවන ගැඹුර අඩුය.




 කුඩා කාච විවර යොදා
ගනු ලබන ඡායාරූප වල
අරමුණු නාභි ගතවන ගැඹුර වැඩිය.
හොඳ ආලෝක තත්වයන් යටතේ
ඉතාම කුඩා කාච විවර යෙදීමෙන්
අනන්තය දක්වා වස්තූන් මනාව නාභිගත වේ.
අරමුණ පැහැදිලිව තබාගෙන
පෙරබිම හා පසුබිම බොඳවන්නට ඉඩහැරීමෙන්
ඡායාරූපයක අරමුණට පහසුවෙන්
අවධානය ලැබෙනවා.

http://blog.martinbaileyphotography.com/wp-content/uploads/2009/11/MBP_Shuzenji_20090705-9.jpg


චරිත ප්‍රකාශන ඡායාරූප,
වෙළඳ ප්‍රචාරණය සඳහා ගන්නා භාණ්ඩ ඡායාරූප ආදියට
කාච විවරය ලොකු කොට
ක්ශේත්‍ර ගැඹුර අඩුකර ගැනීම
නිතර උපයෝගි වෙන ක්‍රමයක්.

____________________________________________

Depth of Field 

 ක්ෂේත්‍ර ගැඹුර කියන්නෙ
ඡායාරූපය නාභි ගත කරද්දි
හොඳින් නාභි ගත වෙන ක්ෂේත්‍රයයි.
මේ පාට පැන්සල් පේලියෙ මැද 
රතු පැන්සල පමණක්
හොඳින් නාභිගත වෙලා තියනවා.
ක්ෂේත්‍ර ගැඹුර අඩු වැඩි වීමට
බලපාන සාධක වෙනස් වෙනකොට
නාභිගත වෙන පැන්සල් ප්‍රමාණය
ත්
අඩු වැඩි වෙනවා.
පැන්සල් 2, 3, 5, 7, ආදී වශයෙන්
නාභිග
වෙන පැන්සල් ප්‍රමාණය වැඩි කරන්න 
ක්ෂේත්‍ර ගැඹුරට බලපාන සාධක භාවිතා කළ හැකියි.

 
ක්ෂේත්‍ර ගැඹුරට බලපාන සාධක තුනක් තියෙනවා.
 
1. කාච විවරය - 

විවරය විශාල වන තරමට ක්ශේත්‍ර ගැඹුර අඩු වෙයි.


 
2. කාචයේ නාභි දුර - ( Telephoto lens )
http://www.takefoto.ru/userfiles/image/Dlya%20Statey/30.01.2013/portrait_lenses/Focal_Length_Diag.png

නාභි දුර වැඩි වන තරමට
ක්ශේත්‍ර ගැඹුර අඩු වෙයි.

 http://www.bz2-img.com/images_customers/03/75/17715523_129188_full.jpg

 
3. කාචය හා ප්‍රධාන නාභිගත වස්තුව අතර වන දුර - 

වස්තු දුර අඩු වන තරමට 
 ක්ශේත්‍ර ගැඹුර අඩු වෙයි.

----------------------------------------------------------------------------------

Shutter Speed
කාච ද්වාරයේ වේගය
http://www.photographymad.com/files/images/shutter-speed-blurred.jpg
කාච ද්වාරයේ ප්‍රමාණයට අමතරව,
කැමරාවට ඇතුල්වෙන ආලෝකය පාලනය කෙරෙන
අනෙක් ක්‍රම වේදය නම්
කැමරාවට ආලෝකය ඇතුල් කරගන්නට
කාච ද්වාරය විවෘත කරන අවස්ථාවේදී
කාච ද්වාරය හැර තබන කාලය පාලනය කිරීමයි.

වෙනත් ආකාරයකින් කියනවා නම්
දළ සේයාපටය හෝ සංවේදක තලය මත
ආලෝකය පතිත වෙන කාලය තීරණය වන්නේ
කාච ද්වාර වේගය මතයි.

http://www.sessions.edu/images/for-students/photography-exposure-wheel.jpg
කැමරාවක කාච ද්වාර වේගය සටහන් වන්නේ
තත්පරයකින් කොටස් වශයෙනි.
 තත්පරයකින් 1/1000 s
    තත්පරයකින් 1/500 s
    තත්පරයකින් 1/250 s
    තත්පරයකින් 1/125 s
    තත්පරයකින් 1/60 s
    තත්පරයකින් 1/30 s
    තත්පරයකින් 1/15 s
    තත්පරයකින් 1/8 s
    තත්පරයකින් 1/4 s
    තත්පරයකින් 1/2 s
   තත්පර 1 s

කාච ද්වාර වේගය
ඡායාරූපයක චලනය වන වස්තූන් සටහන් වෙන ආකාරය මත
ඍජුවම බලපාන සාධකයයි.

http://1x.com/images/user/53ceacba89a61c7114ff0668117be699-ld.jpg


කාච ද්වාර වේගය අඩු වූ විට
චලනය වන වස්තූන්
ඡායාරූපයෙහි බොඳ වී  සටහන් වෙයි.


http://1.bp.blogspot.com/-nPGTlVagE4c/T7_xrfpaXgI/AAAAAAAAADs/1f-jHpNp0sk/s1600/fast-shutter.jpg
 කාච ද්වාර වේගය වැඩි වූ විට චලනය වන වස්තූන්
ඡායාරූපයෙහි ඇසින් දැකිය නොහැකි අයුරින් පැහැදිලිව  සටහන් වෙයි.
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b2/Fosbury.jpg/300px-Fosbury.jpg
ක්‍රීඩකයන් වැනි වේගයෙන් චලන වෙන පුද්ගලයන් හෝ
වාහන වැනි වේගයෙන් චලනය වෙන වස්තූන් ඡායාරූප ගත කිරීමේදී
කාච ද්වාර වේගය වැඩි
ආලෝක අනුපාත භාවිතා වේ.


කාච ද්වාර වේගය අඩු කිරීමෙන්
නර්තනයකට, දිය පහරකට
මායාවී සුන්දරත්වයක් ලබා දිය හැක..
http://1.bp.blogspot.com/_bVtGlUaW-tA/THS-ODgeCiI/AAAAAAAANSM/19dnOHTDYOg/s1600/8.jpg


 රාත්‍රී දර්ශනවලදී ප්‍රායෝගිකව අවශ්‍ය වන
මඳ කාච ද්වාර වේගය නිසා
ඉතා සිත් කළු රාත්‍රී දර්ශන
ඡායාරූප ගත කරගැනීමට ලැබේ..

-------------------------------------------------------------------------------------------

කාච ද්වාරය මෙන් කාච ද්වාර වේගයද
එක් ඒකකයකින් අඩු හෝ වැඩි කරන විට
ඇතුල්වන ආලෝක ප්‍රමාණය දෙගුණයකින් අඩු හෝ වැඩි වේ.

කාච ද්වාර වේගය හා කාච ද්වාරයේ ප්‍රමාණය
නිවැරදි ආලෝක අනුපාතයට සකසා ගැනීමෙන් පසුව
එක් සාධකයක් අඩු හෝ වැඩි කිරීමට අවශ්‍ය වූ විට
අනික් සාධකය ඊට ප්‍රතිලෝමව
අඩු හෝ වැඩි කිරීමෙන්
කැමරාවට ඇතුල්වන ආලෝකය නිශ්චිතව තබා ගැනීම
පහසුවෙන් කළ හැක.

උදාහරණයක් ලෙස,
කාච ද්වාර වේගය තත්පරයකින් 1/125 ද
කාච විවරය F8ද විය යුතු විටක
ක්ශේත්‍ර ගැඹුර අඩු කරගන්නට අවශ්‍ය නම්
F5.6 ඉක්මවා F4 දක්වා කාච විවරය ලොකු කළොත්
කාච ද්වාර වේගයද 1/250 ඉක්මවා 1/500 දක්වා
වැඩි කිරීමෙන් ඇතුල්වෙන ආලෝක ප්‍රමාණය
නිශ්චිතව පෙර ප්‍රමාණයෙන්ම පවත්වා ගත හැක.




-------------------------------------------------------------------------------------------------

ISO අගය
ඡායාරූපයක ආලෝකය පාලනය වන තුන්වෙනි ක්‍රමයයි.
http://www.channelingcontessa.com/wp-content/uploads/2012/06/iso-100-200.jpg
ISO අගයෙන් දැක්වෙන්නේ දළ සෙයා පටය හෝ සංවේදක තලය
ආලෝකයට දක්වන සංවේදීභාවයයි.

ආලෝකයට දක්වන සංවේදී බව අවම වන විට
එනම් ISO අගය අවම වන විට
ඡායාරූපයෙහි පැහැදිලිබව අධික වන අතර
ISO අගය ඉහළ යන විට අඳුරු ආලෝක තත්වයන් යටතේ වුවද 
නිවැරදි අනාවරණයක් ලබා ගත හැකිවේ.
එහෙත් ඡායාරූපයෙහි තිත් ස්වභාවය අධික වේ.
 http://www.exposureguide.com/images/iso-sensitivity/image-quality-and-iso-sensitivity.jpg
 ------------------------------------------------------------------------------------------------
.ISO  අගය පිළිබඳව
ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවරගෙන් පුළුල් විස්තරයක්.


පටල නිෂ්පාදයේදි
හැම පටලයකම එකම සංවේදීතාවය පවත්වාගෙන යායුතු නිසා
මුලින් ම DIN අංශක කියන සම්මතය හැදුවෙ ජර්මනියෙන්.
පසුව ඇමරිකානු ප්‍රමිති ආයතනයේ පැරාමිතීන්ට අනුව
ASA - American Standard Association කියන ප්‍රමිතිය අනුව
එක් අංකයකට එක් සම්මතයක් වන ලෙසින්
සංවේදීතාවය ප්‍රමිති ගත කෙරුවා.

ASA පටන් ගන්නෙ 25න්
ඊට පස්සෙ 50, 100,200, 400, 800, 1600, සහ 3200 ලෙසින්
පටල අඳුනේ සංවේදීතාව ප්‍රමිති ගත උනා.

මේ සෑම අගයන් දෙකක් අතර ම
අ‍ාලෝක සංවේදීතාව දෙගුණයක්.

ASA 25, 50, මඳ වේගී Sloe Speed පටල වන අතර,
එහි රසායනික හේලයිඩ අණු ප්‍රමාණය ඝණකම් වැඩියි.
ඒ නිසා ඒ විශාල අනු ප්‍රමාණය අනාවරණය කරන්න
ලොකු ආලෝක තත්ත්වයක් අවශ්‍ය වෙනව.
අධික ආලෝක ත්ත්වයකදි භාවිතා වන්නෙ මේ මඳවේගී පටල.

එහි වර්ණ තත්ත්වය Colour Quality උපරිම වන අතර,
වර්ණ පැහැ අන්තරයත් Colour Contrast වැඩියි.
කණිකාමය ගතිය Grain හොඳටම අඩුයි.

ASA 100, 200 කියන්නෙ Normal Speed සාමාන්‍ය වේග පටල.
සාමාන්‍ය ඡායාරූපකරණයේදි භාවිතා වන්නෙ ඒව.
එහි පටල අඳුනේ හේලයිඩ සාන්ද්‍රනය මඳ වේග පටලවලට වඩා අඩුයි.
ඒ නිසා ඊට වඩා අඩු ආලෝකයකින්
ඒ හේලයිඩ අණු අනාවරණය කර ගන්න පුලුවනි.
මේ පටලවල වර්ණ තත්ත්වයත්,
පැහැ අන්තරයත්, කණිකාමය ගතියත්
සාමාන්‍ය මට්ටමේ තියෙන්නෙ.

ASA 400න් ඉහළ පටල අධිවේගී පටල High Speed වන අතර,
ඉතා අඩු ආලෝක තත්ත්ව යටතේදියි ඒවා භාවිතා උනේ.
මේ අධි වේගී පටලවල රසායනික අඳුනේ ශණත්වය අඩු නිසා
ඒ අඩු අනු අනාවරණය කරන්න අවශය වන්නේ අඩු ආලෝක ප්‍රමාණයක්.
නමුත් මේ පටලවල වර්ණ පැහැ අන්තරය අඩු වන අතර ම,
කණිකාමය ගතියත් ඉතා වැඩියි.

3200 වගේ පටලවල ග්‍රේන් එක ඇහැට පේන තරම්.

මෙන්න මේ ASA අගයන් ම තමයි
ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය මගින්
ISO - International Standard of Organization නමින්
ප්‍රමිති ගත කරල තියෙන්නේ.
-------------------------------------------------------


ඩිජිටල් සෙන්සරයේදි වෙන්නෙත් මේ කතන්දරේමයි.

සෙන්සර‍යේ ආලෝක සංවේදීතාව තමයි ISO වේගයෙන් සඳහන් වන්නෙ.
ඉතාම අඩු ISO අගයකදි මුලු සෙන්සරයේම තිබෙන ෆොටෝ සෙල් අනාවරණය වෙන නිසා
ඒ සඳහා වැඩි ආලෝක ප්‍රමාණයක් අවශ්‍ය වෙනව.

ISO වේගය වැඩි වෙද්දි
සෙන්සරයේ තිබෙන ෆොටෝ සෙල්
යොදන වේගයට අනුපාතික ව අක්‍රය වෙනව.
ඒක සිද්ධවෙන්නෙ භෞතික ව නොව, ඉලෙක්ට්‍රෝනිකවයි.
මේ ඕෆ් වෙච්ච සෙල්වලින් නොලැබෙන දත්ත
යළිත් ඉලෙක්ට්‍රෝනික ව බල ගන්වන නිසා amplify සහ මෘදුකාංගය මගින්
ඉමේජයේ පික්සල් Dithering හෙවත්
අඩු තැන් පිරවීමේ සංකීර්ණ ක්‍රියාවලිය නිසා
ISO වේගය වැඩි වන තරමට ම
ඉමේජය මත නොයිස් Noice
හෙවත් ඝෝෂාවක් ඇති වෙනව.

මේ ඝෝෂාව අපට ඇහෙන්නෙ නැති උනාට,
වෙනත් වර්ණ තිත් ආකාරයෙන් පෙනෙනව.

සරලම වාක්‍යයකින් කියනවානම්
ISO කියන්නෙ සෙන්සරයේ ආලෝක සංවේදීතාව මනින ප්‍රමිති අගයයි.


 ------------------------------------------------------------------------------

ඉතාම ආධුනික මට්ටමේ නවකයන් වෙනුවෙන් සැකසුන
මෙම සටහන අංග සම්පූර්ණ නැත.
සංවාදයට සහ විස්තාරණයට විවෘතයි.
මෙම සටහනට එක් කළ හැකි වෙනත් විස්තර යෝජනා කරන්න.

20130527

ඡායාරූපයක ආලෝකය සහ අඳුර....




ඡායාරූප ශිල්පියා
අඳුර මත අඳින්නට
තෝරාගන්නා රටාව
අපි දකින්නේ ආලෝකය නිසයි.

ඔහුගේ සංගීත රටාවෙ නාදය
ආලෝකය නම් නිහඬතාවය අඳුරයි.


ඇසින් යමක් දෙස බලද්දී
අපට ආලෝකය අවශ්‍ය වෙයි.

ආලෝකය නැත්නම් අපට දැකිය නොහැක.
එහෙත් මිනිසාට ඇසින් දකින්නට
අඳුර අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ.

ඇස් දෙකෙන් දකින රූපය මොළයෙන් කියවා
වෙනත් බොහෝ තොරතුරු සමග ත්‍රිමාණ බවද පෙන්වයි.



එක් ඇසකින් මේ කාර්යය කරන්නට අපට සිදු වුවහොත්
ආලෝකය සමග තවත් මූලික සාධක තුනක් ඇවැසි වෙයි.
1, අඳුර,
2, වර්ණ,
3,  තාන,

මෙම සාධක නැතිව
ආලෝකයෙන් පමණක් කැමරාවක් තුළ
ඡායාරූපයක් ඇඳිය නොහැක.
  
ඡායාරූප ආලෝකයෙන් ඇන්දත්
අඳුර, වර්ණ, හෝ තාන අවැසි වෙයි.

 ආලෝකය හා අඳුර පමණක් භාවිතා කොට ඇඳි චිත්‍රයක්

 වර්ණ පමණක් භාවිතා කොට ඇඳි චිත්‍රයක්
http://supercolortuts.com/wp-content/uploads/2013/05/Geometric_Color_Shapes_Wallpaper_Preview-290x166.jpg

තාන පමණක් භාවිතා කරන ලද ඡායාරූපයක්


සෑම වර්ණ ඡායාරූපයක්ම
අඳුර, වර්ණ, හෝ තාන ආලෝකයත්
විවිධ ප්‍රමාණයෙන් සංකලනය වී නිමැවේ.
River Leaves Fall



කළු සුදු ඡායාරූපයක් නම්
වර්ණ හැර  අඳුර,   තාන සමග ආලෝකය ඇසුරෙන් නිමැවේ.
Cat Old Man


ඡායාරූප ශිල්පියාගේ කාර්යය වන්නේ
තමන් ඇසින් දකින රිද්ම රටාව හෝ කතන්දරය
1, අඳුර, 2, වර්ණ, 3,  තාන, සමග ආලෝකය ඇසුරෙන්
ප්‍රතිනිර්මාණය කිරීමයි.

එහිදී 1, අඳුර, 2, වර්ණ, 3,  තාන,
සමග ආලෝකය වස්තූන් මත හා විවිධ පෘෂ්ඨ මත
ක්‍රියා කරන ආකාරය පිළිබඳව සිහියත්
ඒ හැසිරීම් වෙනස් වෙන ආකාරය පිළිබඳ
සමීප අත්දැකීමත් ඡායාරූප ශිල්පියෙකුට අවශ්‍යය.

ඡයාරූපයේ කලාත්මක අංශය සඳහා
ආලෝකය හා අඳුර අතර රිද්ම රටාවන් හඳුනා ගැනීමත්
රාමුව තුළ එම රටා මෙහෙයවීමත් ඔහු අධ්යයනය කළ යුතුය.

ඡයාරූපයේ තාක්ෂණික අංශය ලෙස
කැමරාව තුළට ඇතුල්වන ආලෝකය පාලනය කරමින්
ISO අගය, කාච විවරය, කාචයේ නාභි දුර, ක්ෂේත්‍ර දුර හා
 කෘතීම ආලෝකය ආදිය මනාව හසුරුවා ගැනීම
ඔහු හැදෑරිය යුතුය.

ලොව විවිධ ඡායාරූප ශිල්පීන් රැසක් ගත් මෙම ඡායාරූප
අන්තර්ජාලයෙන් සොයා ගැණිනි.













තාන අඩුවෙන් භාවිතා කරන ලද ඡායාරූපයක්



වටෙන්ම ආලෝකය සපයමින්
අඳුර අඩුවෙන් භාවිතා කරන ලද ඡායාරූපයක්


වටෙන්ම ආලෝකය සපයන
Ring Flash Adapter

http://www.likecool.com/Gear/Camera/Ray%20Flash%20Ring%20Flash%20Adapter/Ray-Flash-Ring-Flash-Adapter.jpg

http://i00.i.aliimg.com/wsphoto/v0/345786996/Ring-Flash-F170.jpg