20130506

ඡායාරූප විකුණන්න වෙබ් අඩවියක්...





Redbubble නම් කුමක්ද?

Redbubble යනු
සහෘද නිර්මාණශීලී පුදගලයන්ට හමුවෙන්නට,
නිර්මාණ බෙදාගන්නට, දිරිගන්වන්නට සහ
නිර්මාණ විකුණන්නට හැකි
අන්තර්ජාල කලා නිර්මාණ අවකාශයකි.
ඔබේ  කලාකෘති හා මෝස්තර බිත්ති සැරසිලි, සුබ පැතුම් පත්,
ඇඳුම් සහ iphone කවර ලෙස විකිණීමට හැක.

_____________________________________________________________________ 

Redbubble  විසින්....

  • Credit Card හා Paypal ගෙවීම් ඔබ වෙනුවෙන් කළමණාකරණය කෙරෙයි
  • ඉහළ තත්වයෙන් නිශ්පාදනය කරනු ලබයි.
  • මනාව අසුරා ලොව පුරා බෙදා හරියි.
  • ඔබේ ගෙවීම් ඔබ වෙතට එවයි.

_____________________________________________________________________

ඒ අතර ඔබ....

  • ඔබේ නිර්මාණ වල බුද්ධිමය දේපල අයිතිය තබා ගනියි.
  • විකුණන මිල තීරණය කරයි.
  • විකුණන නිශ්පාදන තීරණය කරයි.

_____________________________________________________________________

    නව ගිණුමක් විවෘත කොට Redbubble සමූහයට එක්වීම ඉතා  පහසුය.

    1. මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
    2. පාරිභෝගික නාමය සැලකිල්ලෙන් තෝරා ගන්න.
    3. ඔබේ නිර්මාණ විකිණෙන විට දන්වන්නට ඊමේල් ලිපිනය යොදන්න.
    4. ගිණුම විවෘත කිරීමෙන් පසු ඊමේල් ලිපිනය තහවුරු කරන්න.
    5. ඔබේ නිර්මාණ ගැලරියට උඩුගත කරන්න.
    6. අන් අයගේ නිර්මාණ ගැන අදහස් පළ කරන්න.

_____________________________________________________________________

    ඔබට විකිණිය හැක්කේ පළකිරීමට සහ විකිණීමට ඔබට අයිතිය ඇති නිර්මාණ පමණකි.

_____________________________________________________________________

    නිශ්පාදන විකිණීමේදී 
    Redbubble විසින් මූලික මුදලක් ඔවුන් වෙනුවෙන් වෙන් කරයි.
    ඒ ඇණවුම් ලබා ගැනීම, මුදල් අය කිරීම සහ නිශ්පාදන වියදමයි.
    ඔබ කැමති ප්‍රතිශතයක් [ 3%, 30% හො 300%ක්] ඔබට මෙම මුදලට එක් කළ හැක..

    උදාහරණය
    සුබපැතුම් පතක මිළ ඩොලර් තුනක් නම්
    ඔබ ඊට 70%ක් එක් කළහොත්
    එහි විකුණුම් මිළ ඩොලර් 5.10ක් වෙයි.

    • ඔබේ ආදායම ඩොලර් 2.10ක් වේ.

    _________________________________________
    ප්‍රශ්න ඇත්නම් විමසන්න.

     

     

No comments:

Post a Comment