20130517

ඔබේ ඡායාරූපයක් National Geographic සඟරාවට..




2013 මැයි මාසයට පෙර YOUR SHOT  සඳහා 
මසකට එක් ඡායාරූපයක් පමණක් ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව 
දැන් සතියකට ඡායාරූප පහළොවක් දක්වා වැඩි කර ඇත.


ඡායාරූප ගැනීමට කැමති හැමකෙනෙකු හා ඕනෑම කෙනෙකු සඳහාYOUR SHOT විවෘතයි. 
ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු හෝ අවම වශයෙන් ආධුනික ඡායාරූප ශිල්පියෙකුවත් විය යුතු නැත. ඔබගන්නා අහඹු ඡායාරූපයෙහි සම්පිණ්ඩණය, නිර්මාණශීලිත්වය, ආලෝකය හා එහි පසුබිමෙහි ඇති කතාව සිත්ගන්නා සුළු නම් ඔබේ ඡායාරූපය තෝරාගත් ඡායාරූප අතරට එක්වීමට දොරටු විවර වී ඇත.

සංස්කාරක වරුන් ඔබේ ඡායාරූප විමසා බලා කෙටි උපදෙස් දෙනු ඇත.

තෝරාගත් හොඳම ඡායාරූප වෙබ් අඩවියෙහි සහ සඟරාවෙහි පළ කෙරෙනු ඇත. 
==================================================================

 2013 මැයි මාසයේ 

Who is Your Shot සඳහා ඉදිරිපත් කළ අලුත්ම ඡායාරූප


 ========================================================================

 National Geographic සඟරාවේ ප්‍රධාන සංස්කාරක 
ක්‍රිස් ජෝන්ස්ගේ සටහන

මගේ ප්‍රියතම ඡායාරූප වලින් සමහරක් අහඹු ඡායාරූපයි. සරල, උජාරුවෙන් තොර සහ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු ලෙස මගේ පසුබිම පෙන්වීමේ කිසිදු අභිප්‍රායකින් තොරව ගත් ඡායාරූපයි. එම පින්තූර ඒ ඡායාරූප ගැනීමෙන්ම ලබන දැඩි තෘප්තිය උදෙසා ගත් පින්තූරයි. උදාහරණ ලෙස මගේ දියණිය පසුපස අපේ කොලී එළවාගෙන යෑම හෝ මගේ බිරිඳ අපේ දරුවන් තිදෙනා සමග කෙළිසෙල්ලමින් ගත කිරීම ගත හැක. ඒවා කිසියම් එක් නිමේශයක්, ගත වී යන කාලයෙන් මොහොතක් පරිපූර්ණ ලෙස ග්‍රහණය කරගනී. එම සොඳුරු නිමේශය කැමරාවේ මහිමයෙන් නැවත ජීවත් වෙන්නට, රසවිඳින්නට හැකි මොහොතක් බවට පත්වෙයි.

එහෙයින් අපි ‍ඡායාරූප ගැනීමට කැමති හැමකෙනෙකු හා ඕනෑම කෙනෙකු සඳහා YOUR SHOT විවෘත කිරීමට තීරණය කළෙමු. මුලින්ම සඟරාවෙහි YOUR SHOT විවෘත වූයේ 2006 අප්‍රේල් මාසයේදීය. එතෙක් මෙතෙක් ඔබ අප හා බෙදා හදා ගත් පින්තූර පුළුල් ලොව මෙන්ම පෘථුලය. අපි විමතියට, විශ්මයට හා උද්‍යෝගයට පැමිණියෙමු. අපි වර්ධනය වූයෙමු. මේ වනවිට විවිධ රටවල් 196කින් 300,000ක සාමාජික සංඛ්‍යාවක් ‍Your Shot සතුව ඇත.

ගමන ඉදිරියටම යැවෙයි. 2013 මැයි මස මුලදී අපි ‍YOUR SHOT නවතාවයෙන් නැවත අරඹමු. අපි අපේ සමූහය පුළුල් කරගන්නා අතර වඩාත් සාරවත් කරගනිමු. වඩාත් විශාල ඡායාරූප, පහසු සැරිසැරීම, ප්‍රබල සෙවුම් උපාංග සමග වෙබ් අඩවිය නවීකරණය කළෙමු. Assignments & Stories නමින් අලුත් අංගයක් එහි ඇත. අපි ඔබට ඡායාරූප ගන්නට මාතෘකාවක් හෝ අදහසක් ඉදිරිපත් කරමු. එම ගහණයෙන් තෝරාගත් ඡායාරූප කතාවක් ලෙස පළකරමු. අපි ඔබේ ඡායාරූප පළ කොට එහි පසුබිමෙහි ඇති විස්තරය මතු කොට පෙන්වමු.
මේ සියල්ලම ඡායාරූප ශිල්පයෙහි ප්‍රබලතාවය හා තෘප්තිය පිළිබඳව 
අපේ ඇති විශ්වාසය බෙදා හදා ගැනීම පිළිබඳවයි.
Chris Johnshttp://images.nationalgeographic.com/wpf/media-live/photos/000/619/cache/chris-johns-portrait_61969_200x150.jpg
Editor in Chief
National Geographic Magazine

=======================================================================

National Geographic සඟරාව මෙසේ පවසයි.
--------------------------------------------------------------------------------------
YOUR SHOT

ඔබේ ඡායාරූපය National Geographic සඟරාවට...
ඔබේ හොඳම ඡායාරූපය සඟරාවට එවන්න. National Geographic මගින් පළකෙරෙන ප්‍රකාශනයකට ඔබේ ප්‍රියතම ඡායාරූපය ඉදිරිපත් කරන්න.

මේ සඳහා ඉදිරිපත් වෙන අය වෙනස් නොකරන ලද ඡායාරූප ඉදිරිපත් කරනු ඇතැයි අපි විශ්වාස කරමු.අපි ඔබේ ඡායාරූපය සංස්කරණ මෙවලම් තුළින් නොව ඔබේම දෑසින් දුටු අයුරින් දකින්නට කැමැත්තෙමු.
ඡායාරූප ඉදිරිපත් කිරීමට පෙරේ අදාළ උපදෙස් සඳහා ඡායාරූප උපදෙස් කියවන්න. වැඩි විස්තර සඳහා
YOUR SHOT  නීති සහ නිතර අසන ප්‍රශ්න FAQ කියවන්න.

Submit Your Shot

ඔබේ ඡායාරූපය ඉදිරිපත් කොට එම ඡායාරූපය අපේ සඟරාවට තෝරාගන්නවාදැයි බලන්න. 

========================================================

ඡායාරූප උපදෙස්

National Geographic සඟරාවේ ඡායාරූප අධ්‍යක්ෂකගේ සටහන.

සැබෑ ඡායාරූප ඉදිරිපත් කරන්නට මම ඔබට යෝජනා කරමි. ලොව දැනටමත් දෘෂ්ඨි මායාවන්ගෙන් පිරී ඇත. අපි ඔබේ ඡායාරූපය ඒ අතරට එක් කිරීමට ක්‍රියා නොකරමු. අපි ඔබේ Photoshop ඡායාරූප සංස්කරණ මෙවලම් තුළින් නොව ඔබේම දෑසින් දුටු අයුරින් දකින්නට කැමැත්තෙමු.
( සැබෑ වර්ණ සමබරතාවය සහ තියුණු බව පිළිබඳ මූලික අවශ්‍යතාවයන් ඉක්මවා.. )  ඩිජිටල් සංස්කරණය මගින් ඡායාරූප වෙනස් කිරීමෙන් කරුණාකර වළකින්න. ඔබ ඩිජිටල් සංස්කරණය මගින් ඡායාරූපයට කිසිවක් එක් කළෙහි නම් හෝ ඉවත් කළෙහි නම් එම ඡායාරූපය ඉදිරිපත් නොකරන්න. අපි සෑම ඡායාරූපයකම සත්‍යභාවය මැනවින් පිරික්සා බලන අතර ඔබේ ඡායාරූපය වංචනික බව හෙළිවුවහොත් එය නුසුදුසු ලෙස සලකමු.

DODGING AND BURNING:  අඳුරු ප්‍රදේශ ආලෝකකරණයට DODGING සහ අලෝකය අධික ස්ථාන අඳුරු කිරීමට BURNING යොදා ගැනීම අනුමත නමුත් යෙදීම අවම වියයුතුයි.

SOLARIZATION, MEZZOTINT, DUOTONE, ETC.: එපා. ඔබ සතුව ඇති පරිගණක මෘදුකාංග වල අනන්ත ඩිජිටල් සංස්කරණ පෙරනයන් භාවිතා කරන්නේ නම් කරුණාකර නතර කරන්න.

BLACK-AND-WHITE IMAGES: කළු සුදු ඡායාරූප අනුමතයි.

HAND-TINTED IMAGES: අනුමතයි. අතින් වර්ණගත කළ ඡායාරූප අනුමත නමුත් ඔබට එහි මනා අත්දැකීම් ඇත්නම් පමණක් ඉදිරිපත් කරන්න.

CROPPING: අනුමතයි. ඡායාරූපය වඩාත් හොඳ වන්නේ නම් පමණි..

STITCHED PANORAMAS: අනුමතයි. සංගත පැනෝරාමා ඡායාරූප. එකම කාල පරාසයක් තුළ ගත් ඡායාරූප නම් අනුමතයි. පෙරබිම උදෑසන ගත්  සහ පසුබිම ඉර බසින අවස්ථාවේ ගත් ඡායාරූපයක් අපට අවශ්‍ය නැත. සංගත පැනෝරාමා සෑදීමේදී නාභිදුර වෙනස් නොකරන්න. ඔබ දුටු අයුරින් අංග එක් කරන්නට ක්‍රියා කිරීමෙන් පැනෝරාමාවක අරුත විකෘති නොකරන්න. ඔබේ ඡායාරූපය සංගත පැනෝරාමාවක් නම් හැඳින්වීමෙහි ඒ බව සඳහන් කරන්න.

FISH-EYE LENSES: අනුමතයි. එහෙත් අවදානම ඔබ සතුය. එවැනි දෘෂ්ඨි මායාවන්ට අප්‍රසාදය දැක්වීමේ නැඹුරුවක් සංස්කාරකවරුන් තුළ ඇත.

HIGH DYNAMIC RANGE IMAGES (HDRI): අනුමතයි. සංගත පැනෝරාමා ඡායාරූප මෙන් එකම කාල පරාසයක් තුළ ගත් ඡායාරූප නම් අනුමතයි. පෙරබිම උදෑසන ගත්  සහ පසුබිම ඉර බසින අවස්ථාවේ ගත් ඡායාරූපයක් අපට අවශ්‍ය නැත.  ඔබේ ඡායාරූපය HDRI ඡායාරූපයක් නම් හැඳින්වීමෙහි ඒ බව සඳහන් කරන්න.
 ==========================================================

 YOUR SHOT නීති

 National Geographic මගින් පළකෙරෙන ප්‍රකාශනයක සහ ngm.com. හි පළකිරීමට එක් ඩිජිටල් ඡායාරූපයක් ඉදිරිපත් කරන්නට ඒ සඳහා කැමැත්තක් දක්වන පර්ශ්වයන්ට National Geographic ආරාධනා කරයි. Submit Your Photo ක්ලික් කර එම පිටුවෙහි ඇති පියවරෙන් පියවර උපදෙස් භාවිතා කරන්න. සෑම මසකම 15දා සිට ඉදිරිපත් කිරීම් භාරගනිමු.  ප්‍රකාශනයට තෝරාගන්නා ඕනෑම ඡායාරූපයක සම්පූර්ණ සංස්කරණ අයිතිය මෙන්ම තෝරා නොගැනීමේ අයිතියද ණ්ඝ්S සතුය.

1, තාක්ෂණික උපදෙස්.
එක් අයෙකු සඳහා එක් ඡායාරූපයක් ඉදිරිපත් කරන්න. මුද්‍රිත සඟරාවෙහි ඡායාරූප එකක් හෝ දෙකක් පළ කෙරෙන අතර අන්තර්ජාල ප්‍රකාශනයෙහි ඕනෑම සංඛ්‍යාවක් පළකෙරෙනු ඇත. ඡායාරූපයක් ඉදිරිපත් කිරීමට ඔබේ වයස අවු 18ට වැඩි වියයුතුය. ඔබ අවුරුදු 18ට වඩා අඩු නම් ඔබේ ඡායාරූපය ඔබ වෙනුවෙන් ඔබේ දෙමව්පියන් හෝ නීත්‍යානුකූල භාරකරුවා මගින් ඉදිරිපත් කළ යුතුය. එවැනි අවස්ථාවක
ඔබේ දෙමව්පියන් හෝ නීත්‍යානුකූල භාරකරුවා විසින් ඡායාරූප ශිල්පියාගේ නම, වයස සහ ඉදිරිපත් කරන්නාට ඇති සබඳතාවය හැඳින්වීමෙහි සටහන් කළ යුතුය.
ඉදිරිපත් කිරීම් JPEG (.jpg හෝ .jpeg) ආකෘතියෙන් ඉදිරිපත් කළයුතුය. ඡායාරූපය දිගෙන් හෝ පළලින් පික්සල් 1600ට වඩා වැඩි වියයුතුය. MB ප්‍රමාණය 5MB වලට වඩා අඩු විය යුතුය.
අසභ්‍ය, පොළඹවන සුළු හෝ එසේ නැතිනම් විරෝධතා ඇතිවියහැකි දෑ ඇතුළත් ඡායාරූපද, National Geographic හා එමගින් පරිපාලිත ආයතන වල රැකියා නියුක්තිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ඡායාරූපද National Geographic විසින් සලකා නොබලනු ඇත.

2, අයිතිය පැවරීම.
ඡායාරූපයක් උඩුගත කිරීමෙන් ඔබ භාවිතා කිරීමේ කොන්දේසි Terms of Use වලට එකඟ වෙයි. ( පවරනු ලබන අයිතීන්, බුද්ධිමය දේපළ තොරතුරු සඳහා අංක 5 සහ උපයෝගීකරුගේ හැසිරීම පිළිබඳව අංක 3 බලන්න. )

3. මුද්‍රිත ප්‍රකාශනය සඳහා ඔබේ ඡායාරූපය තේරුණ හොත්..National Geographicහි ඇතුළත් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට ඔබ මතු දැක්වෙන අමතර අවශ්‍යතාවන්ට අනුකූල විය යුතුය. තුන්වැනි පාර්ශවයකට අයිති කලාකෘතියක් ඡායාරූපයෙහි දකින්නට ලැබේ නම් කලාකරුගේ නිදහස් කිරීමේ අවසයක් ප්‍රකාශන අයිතිකාර තුන්වැනි පාර්ශවයෙහි අත්සන සහිතව ඉදිරිපත් කළ යුතුය. හඳුනාගත හැකි අය එම ඡායාරූපයෙහි සිටී නම්  එම ඡායාරූපය අප ප්‍රකාශනයෙහි පළ කිරීම සඳහා එම පුද්ගලයන් විසින් පුද්ගලික නිදහස් කිරීමේ අවසර පත්‍ර අත්සන් කළ යුතුය.  පුද්ගලික ස්ථානයක ඡායාරූප ගත කරන ලද්දක් නම් එම ඡායාරූපය අප ප්‍රකාශනයෙහි පළ කිරීම සඳහා එම ස්ථානය අයිතිකරුවන් විසින් ස්ථානය නිදහස් කිරීමේ අවසර පත්‍ර අත්සන් කළ යුතුය.

====================================================================


12 comments:

  1. තොරතුරු වලට බොහොම ස්තූතියි සර් අපුරු බ්ලොග් එකක් අළු පැහැති අකුරු වලින් කියවීමේ පොඩි අපහසුවක් දැනුනා
    එය කළු පැහැ වේ නම් අගෙයි
    ජය

    ReplyDelete
    Replies
    1. දර්ශන,
      ඔබේ ඉල්ලීම ඉටු කරමින්
      කළු පසුබිම ඉවත් කළා..

      මටත් හිතෙනවා
      සුදු පසුබිම කියවීමෙදි පහසුවක් කියල..

      දර්ශනට ස්තූතියි...

      Delete
  2. ඔබ නොකල යුත්තක් කරල. :(

    ReplyDelete
    Replies
    1. මොකක්ද නොකළ යුත්ත?
      ඇයි නොකළ යුතු..?

      Delete
  3. පසුබිම් වර්ණය සුදු පැහයට හැරවීම, එය කියවන්නාට දීර්ඝ වේලවක් ලිපිය දෙස බලා සිටීම අපහසු කරන බවයි මාගේ හැඟීම.එය TUBE light එකක් දෙස දීර්ඝ වෙලවක් බලා සිටින අවස්තාවක ඇසට දැනෙන අපහසුව අතිකරවන සුලුයි. කෙසේ වෙතත් ඔබගෙ ලිපි හරිම රසවත්. These things are coming under user interface designing in IT industry :), so please bare with me if I have suggested a wrong thing.

    ReplyDelete
    Replies
    1. මමත් සුදු වලට ආස නැහැ..kaushalya
      කෙනෙක් කිව්වා කළු පාට පසුබිමේ
      කියවන්න අමාරුයි කියලා.
      දැන් දෙන්නම කැමති වෙයි කියල හිතනවා..
      මමත් කැමතියි මේ පාට පසුබිමට..

      Delete
  4. :D අපිව මළ කරදරයක් වුනේ නේද? දැන්නම් ඇහැට සනීපයි :)

    ReplyDelete
    Replies
    1. මට එහෙම හිතුණෙ නෑ..
      මට ඇති වුණේ ලැජ්ජාවක්.
      කියවන අයගෙ කියවීමෙ පහසුකම නොබලා
      පින්තූර කැපී පෙනීම ගැන
      විතරක් හිතලා
      පසුබිම තේරීම ගැන.

      තමන්ට උයා ගන්නවා වගේ නෙමෙයි
      වෙන කෙනෙකුට සංග්‍රහයක් කරන කොට.
      ඔවුන්ගේ අවශ්‍යතාත් වැදගත්.

      ස්තූතියි අදහස් වලට.

      Delete
  5. දැන් නම් අපහසුවකින් තොරව කියවන්න පුළුවන් අතුල සර්.

    මමත් nationalgeographic.com වෙත ඡායාරූපයක් එක් කලා Crop කිරීමකින් පමණක් :D .
    දැනුවත් කිරීම ගැන ස්තූතියි.
    තවත් මෙවන් හරබර ලිපි ලිවීමට හැකියාව ලැබේවා.
    ජය !

    ReplyDelete
  6. godak sthuthi :)

    ReplyDelete
  7. ස්තුතියි අතුල මහත්මා

    ReplyDelete