20130505

ඡායාරූපයක අරමුණ තැබිය යුතු කොතැනද?




ඡායාරූපයකින්
විවිධාකාරයෙන් පිළිබිඹුවන්නේ
ඡායාරූපය ගත් ඡායාරූපශිල්පියාමය.
Photo by Steve McCurry
ඡායාරූප ශිල්පියාගේ රුචිකත්වය,
ඔහුගේ සිහිය,
අරමුණ පැහැදිලිව දැකීමට ඇති හැකියාව,
අරමුණට අදාළව ඒ අවට ඇති බොහෝ දේ
අරමුණ සමග එකවරම දැකීමේ හැකියාව,
ඔහු බලන කෝණය,
සමීප, මධ්‍යම හෝ දූර රූපීය බව,
සුන්දරත්වය දැකීම -
එනම් වර්ණ , රේඛා, හැඩතල ආදියෙහි
අන්‍යෝන්‍ය රිද්මය විඳීමට හා
සිතින් දැකීමට ඔහු තුළ ඇති හැකියාව,
ඡායාරූප ශිල්පියාගේගේ දරා සිටීමේ හැකියාව,
ජීවිතය දෙස ඔහු බලන ආකාරය,
ඔහු හොඳ නරක දකින ආකාරය,
ඔහුගේ මානව දයාව හෝ දුෂ්ඨ කම ආදියත්
මේ සියල්ලටම වඩා
ඔහුට රසිකයා පිළිබඳ ඇති ගෞරවය හා විශ්වාසයත්
ඔහුගේ ඡායාරූපයෙන් පිළිබිඹු වෙයි.

ඡායාරූප ශිල්පියෙක්
කිසියම් සුන්දර දර්ශනයක් දුටුවිට
එම මුළු දර්ශනයම,
ඇසට පෙනෙන අයුරින්ම
ඡායාරූපයට නගන්නේ නැත.
Photo by Steve McCurry
ඔහු ඡායාරූපය ඉදිරිපත් කිරීමේදී
රසිකයා තුළ ඇතිවෙන හැඟීම පිළිබඳව
ඔහුගේ අත්දැකීම මත පදනම් වූ
අනුමානයක් ඔහු තුළ වෙයි.
ඒ අනුව
ඔහු එම දසුනෙහි
ඔහුට රිසි හැඟීම දනවන
සාරවත්, රසවත්,  හරවත්, සුන්දර හෝ
අපූර්ව දෙයක්  තෝරාගනියි.
Photo by Steve McCurry
ඔහු ඊට ගැලපෙන
වර්ණ, හැඩතල ආදිය
රිද්මයානුකූලව සංකලනය වූ
පසුබිමක් සැකසෙන අයුරින්
නිසි කෝණයක් තෝරාගනියි.
Photo by Steve McCurry
ඔහු විශේෂයෙන් දුටු
සාරවත් බව, රසවත් බව, හරවත් බව හෝ සුන්දරත්වය
උද්දීපනය කළ හැකි
නිශ්චිත දේවල් පමණක් තෝරාගෙන
ඡායාරූප ගත කරයි.
Photo by Steve McCurry
ඒ ඡායාරූපය තුළ
ඔහු මතුකරන රිද්මයට අනුව
සහෘද රසික හදවත් සැලෙයි.
==============================================================

එක් වාදකයෙකුගේ සෙවනැල්ල සමග
අනික් වාදකයා සෙවනැල්ලක් මෙන් බැඳී ඇති අයුරු බලන්න.

Photo by Steve McCurry
ඡායාරූප ශිල්පියා  විශේෂයෙන් දකින
සාරවත් බව, රසවත් බව, හරවත් බව, සුන්දරත්වය හෝ අපූර්වත්වය
සහෘද රසික හදවත් තුළ උද්දීපනය කරන්නට
අරමුණ නිසි ලෙස ස්ථානගත කරගැනීමට
අරමුණ එහි පරිසරයත් සමග ඇති බැඳීම
සමස්තයක් විදියට, තනි මෝස්තරයක් විදියට
ඡායාරූපයට නගන්නට ඔහු පුරුදු විය යුතුයි.

====================================================================



ස්ටීව් මැක්කරිගෙ මෙම ඡායාරූපයෙ අරමුණ
බළලාද නැත්නම් සෙවනැලිද?


Photo by Steve McCurry

ඔහු මේ සියල්ල සමස්තයක් විදියට දැකපු නිසයි
අපිට ඔහුගෙ දර්ශනය මග හරින්න බැරි.




රාමුව වෙනස් වෙන විට
ස්ථානගත කිරීම වෙනස් විය යුතුයි.


සම්පිණ්ඩණය කරනකොට
වස්තූන් වලට වඩා
හැඩතල හා වර්ණ පදාස දකින්න
ඇහැ හුරු කරගන්න.

 
කිසිම හේතුවක් නැතුව
වර්ණ පදාස රූප ගතකරල
ඇහැ හුරු කරගන්න..

http://designskings.com/wp-content/uploads/2011/06/mind-blowing-02.jpg 
රිද්මය දුටු තැන ක්ලික් කරන්න.
වෙනත් ගතයුත්තක් තියනවද කියල පස්සෙ බලන්න.


===========================================================



 ඡායාරූපයක වැදගත්ම දේ රිද්මය නම්
දෙවැනි වැදගත්ම  දේ
අරමුණ පරිසරය සමග ඇති සහසම්බන්ධය විය හැක.
.
http://oi41.tinypic.com/igyh06.jpg

දෘෂ්‍ය රූපයක
 රාමුව තුළ අරමුණ තියන තැනටත්
අරමුණ තියන පරිසරයටත් සාපේක්ෂව
අපිට ඒ ගැන ඇති වෙන හැඟීම්
වෙනස්වෙනවා.


මේ රූපයේ බෝලය තියෙන්නෙ
එකම ප්‍රමාණයකින්.... එකම තලයක...


මේ රූපයේ බෝලය
අපිට පෙනෙන ප්‍රමාණයත්, ගැඹුරත්
පරිසරයට සාපේක්ෂව
වෙනස්වෙනවා.

 දෘශ්‍ය රූපයක් තුළ
අරමුණක් පවතින තැන සහ
අරමුණ පරිසරයේ ස්වභාවයට
සහ එහි
රාමුවත් අනික් අරමුණුත් සමග
කොයිතරම් තදින් බැඳෙනවාද..
ඒ බැඳීම අනුව
අපි ඒ අරමුණෙහි ස්වභාවය ගැන
ගන්න තීරණ
කොයිතරම් වෙනස් වෙනවද

 


ඉතාම කලාතුරකින් දක්නට ලැබෙන
අපූර්ව ඡායාරූපයක්.
සසර ගමනත් සමග
සාමණේරයන් වහන්සේ  කෙනෙකුගෙ කාර්යය
දුක්විඳීමෙන් දුක් නොවිඳීමට තරණය කිරීම බවට
අපේ යටිහිතට කාවැදී තියන හැඟීමත් සමග
මේ ඡායාරූපය මනාව පෑහෙනවා.
Photo by Nethroo Kariyawasam
මෙහි පාලමට යටින් තියන නිල් කොටුවත්
සාමණේරයන් වහන්සේ ස්ථානගත වූ තැනත්
ඉතාම තීරණාත්මක ලෙස මෙහි අපූර්වත්වයට බලපානවා.

සාමණේරයන් වහන්සේ 
ස්වර්ණමය ත්‍රිකෝණය තුළ ස්ථානගතවූ නමුත්
ත්‍රිකෝණයෙහි සමබරතාවය රැකෙන ලක්ෂ්‍යය
පසු කරමින් ගමන් කිරීමත්
සාමණේරයන් වහන්සේ  ගමන් කරන ස්වභාවය
අපට දැනෙන්නට
හේතුවෙනවා.



පාලම ඉවත්කළ පසුව 
අපූර්වත්වය ගිළිහෙන අයුරු.
 
දැන් සාමණේරයන් වහන්සේ ගෙ ගමන
කලින් තරම් අභියෝගාත්මක නැහැ.
තරණය කරන ස්වභාවයක් නැහැ.


පාලම වෙනස්කළ පසුව
 දැනෙන හැඟීම වෙනස්වෙන අයුරු.
 



 අරමුණ ස්ථානගතවන තැන අනුව 
දැනෙන හැඟීම වෙනස්වෙන අයුරු.


  අරමුණ ස්ථානගතවන තැන
සහ ගමන් කරන දිසාව අනුව
දැනෙන හැඟීම වෙනස්වෙන අයුරු.
 


  අරමුණ ස්ථානගතවන තැන
සහ ගමන් කරන දිසාව අනුව
දැනෙන හැඟීම වෙනස්වෙන අයුරු.



 අරමුණ ස්ථානගතවන තැන අනුව
දැනෙන හැඟීම වෙනස්වෙන අයුරු.



=================================================================

 
 මෙහි බැලුම
ඉහළ සහ වම් දාර වලට දක්වන ආතතිය
අන් දාර වලට දක්වන ආතතියට වඩා ප්‍රබලය.
 එනිසා සහ  දකුණට ගලන රේඛා නිසා
බැලුම පහසුවෙන් ඉහළ දාරයට සමීපව
දකුණට ගමන් කරන්නාක් මෙන් හැඟේ.
      
         
 කුරුල්ලාගේ පියාසර කිරීම
වඩාත් හොඳින් දැනෙන ලෙස ස්ථාන ගත කොට ඇත.
                                 

Photo by Harsha Baddragi Chandrawansa
දෘශ්‍ය රූපයක් තුළ
අරමුණක් පවතින තැන සහ
පරිසරයේ ස්වභාවය
අනුව 
අරමුණ සහ එහි රාමුව
අනික් අරමුණුත් සමග තදින් බැඳීම ගැන
 ඉගෙන ගන්න කරුණු කිහිපයක්ම තියන
ඉතා හොඳ රිද්ම සංකලනයකින් යුතු
විශිෂ්ඨ ඡායාරූපයක්.


සම්පූර්ණ ලිපිය කියවන්න ඡායාරූපය මත ක්ලික් කරන්න 
__________________________________________________________________________


මෙතැන් සිට දැක්වෙන්නේ
ස්ටීව් මැක්කරිගේ ප්‍රකාශිත ඡායාරූප දහස්ගණනකින් අතළොස්සකි.

අරමුණ ඉතා හොඳින් හා සුන්දර ලෙසත්
කිසියම් අරුතක් දනවන අයුරින් හා
හැඟීම් දනවන අයුරිනුත් ස්ථානගත කරන්නට
ස්ටීව් මැක්කරි අතිදක්ෂයෙකි.

මෙම ඡායාරූප වල ඇති
විශේෂ ලක්ෂණ පිළිබඳ අදහස්
වරින් වර ඉදිරිපත් කෙරෙනු ඇත.

Steve McCurryගේ ඡායාරූප
බැලූ බැල්මට අපට ප්‍රකටව නොපෙනෙන
ඉතා සියුම් රිද්ම රටා වලින් විසිතුරු වී ඇත.

නිරන්තරයෙන් විවිධාකාර ඡායාරූප ගැනීමෙන් ලද අමිල අත්දැකීමත්,
ගන්නා හැම ඡායාරූපයකම රිද්ම සංකලන ආදිය ගැන සැලකීමත්,
අපූර්වත්වය දුටු තැන කැමරාව ක්ලික් කිරීමත්
ස්ටීව්ගේ සාර්ථකත්වයට හේතු වියහැකිය

සම්පූර්ණ ලිපිය කියවන්න ඉහත දැක්වෙන ඡායාරූපය මත ක්ලික් කරන්න



ස්ටීව්ගේ ස්ථානගතකිරීමෙදි
මේ රාමුව තුළ මූලික හැඩතල වටා
ඔහු විශාල අවකාශයක් තැබූ නිසා
අපට දැනෙන පාලුව, හුදකලාව, සීතල අඳුර මැද
මේ චරිත දෙක අතර නාට්‍යමය සබැඳියාව නිසා
මුලින් හිතේ ඇතිවෙන හැඟීම්
නව ස්ථානගතකිරීම් වලදි
වෙනස්ව දැනෙන අයුරු මෙහි දකින්න පුලුවන්,.

 බොහෝ දෙනෙකුට අභ්‍යාස වෙන්නෙ
තමන් ගන්නා ඡායාරූප විතරයි.

නවක වුණත් ප්‍රවීණ වුණත්
ඡායාරූප ශිල්පීන් අමතරව අභ්‍යාස කළ යුතුයි.

ඇත්තටම
පහත දැක්වෙන අභ්‍යාසයෙන් සිදුවෙන වටිනාම දේ
ඡායාරූපයක් ගන්න වෙලාවටම
මේ දේ කැමරාවෙන්ම කරගන්න
මනස හුරු කිරීමයි.

සම්පූර්ණ ලිපිය කියවන්න පහත දැක්වෙන ඡායාරූපය මත ක්ලික් කරන්න


පරිගණකය ඉදිරියෙ වාඩි වෙලා
නිදහසේ විවිධ කෝණ වලින් සිතමින්
ක්‍රොප් ගොඩක් කරල
මේ අභ්‍යාස වලින් මනස හුරුවෙනකොට..
කැමරාව අතේ තියාගෙන ඉන්න වෙලාවට
ඉක්මන් තීරණ ගන්න මනස හුරු වෙනවා.

වෙන අයගෙ ඡායාරූප දකිද්දිත්
ඒ තුළ තවත් ඡායාරූප දකින්න
මනස හුරු වෙනවා.
















මෙහි යුවතියන් දෙන්නෙක් ඉන්නවා.












රාමුව වෙනස් වෙන විට
ස්ථානගත කිරීම වෙනස් විය යුතුයි.



සම්පූර්ණ ලිපිය කියවන්න පහත දැක්වෙන ඡායාරූපය මත ක්ලික් කරන්න














මේ කාන්තාව ඉතා ආයාසයෙන් ගමන් කරන බව පෙනෙන්නෙ
ඇය ඡායාරූපයෙහි කේන්ද්‍රයට ආසන්නව ස්ථානගත කිරීම නිසයි..
ඒ වගේම ස්ටීව් ඇයගෙ උඩුකයට  සුදු පදාසය පසුබිම් කරගෙන තියෙනවා.
 ගරා වැටුණු බිත්තිය, කුඩා දැරිය, අනිත්‍යය පිළිබඳව ඉඟියක්..




















































































ඡායාරූපය
ඡායාරූප ශිල්පියාගේ අස්වැන්නය.


ගොයම් කපන්නාට අස්වැන්න ගොයම් ගසය.
ගොයම මඩින ගොවියාගේ අස්වැන්න වීය.
ගොයම මඩින හරකාට අස්වැන්න පිදුරුය.

ගොවියා ගෙදරට එන කෙනෙකුට
පිඟානකට වී බෙදා නොදෙයි.
තවෙකෙකුට රසවිඳින්නට
බත් වේලක් දෙනවිට
එහි පිදුරු, වී, සහල් 
අඩංගු නොවන්නට CROP කිරීම  
ඡායාරූප ශිල්පියාගේ වගකීමය.

ස්වර්ණමය රීතිය ඇතුළු අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
නිවැරදිව උපයෝගී කරගැනීමෙන් හා නිර්මාණශීලීව බිඳීමෙන්
විශ්මය ජනක ප්‍රතිඵල ලබා ගත හැකියි.

රීති රැකීමටත් රීති බිඳීමටත්
රීති දැනගත යුතුයි.
නිර්මාණශීලී විය යුතුයි.

------------------------------ The End ------------------------------

මේ පිළිබඳව ඔබේ අදහස් හා
මෙ තොරතුරු තවත් හරවත් කරගන්නට ඔබේ යෝජනා බලාපොරොත්තු වෙමි.


2 comments:

  1. ඔබගේ ලිපි අතර සුවිශේෂී ප්‍රයෝගික ලිපියක් :) භික්ෂුවගේ උදාහරණය ඉතා ඉහළ යි ඒ අතරින් :)

    ReplyDelete
  2. ඇතැම් පින්තූර load වෙන් නැහැ ;) ලිපි කිහිපයක ම මේ දෝෂය දැක්කා :) නාලිකාවල ගැටලුවක් වෙන්න ඕනි ;)

    ReplyDelete