20130707

Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති



තනි ඇසින් ද්විමානව දකින කැමරාව.
---------------------------------------
ත්‍රිමාණව දැකිය නොහැකි කැමරාවේ දුර්වලකම
දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීතිවලට මූලික හේතුව වෙයි.



මේ ඡායාරූපවල ස්පර්ශක දෝෂ විමසන්න.






ස්පර්ශක දෝෂය නිසා වස්තුවක ත්‍රිමාණ බවත්
පසුබිමෙන් මතුවී පෙනෙන ස්වභාවයත් අඩුවෙයි.

මහරජ ගැමුණු චිත්‍රපටියෙන් ගත්
මේ නිසල ඡායාරූපයෙහි යුවතිය
තරුණයාගේ නාසය ස්පර්ශ කරන්නාක් මෙන්
බැලූ බැල්මටම පෙනීම නිසා
මේ දෙදෙනා අතර ගැඹුර නැතිවීමක් හෝ
අස්වාභාවිකත්වයක් දිස්වේ.




Photo by Uchitha Hasanga Jayathissa

http://farm9.staticflickr.com/8176/7940488320_c3d55188dc_b.jpg

Photo by Ishara Sampath Dhanapala



දෘෂ්‍ය කලාවේදී ස්පර්ශකයක් යනු
තල හෝ වස්තු දෙකක් ස්පර්ශ වන ස්ථානයි.





 තල හෝ වස්තු දෙකක් ස්පර්ශ වීම,
තල හෝ වස්තු දෙකක් ස්පර්ශ වන්නාක් මෙන් දිස්වීම සහ
තල හෝ වස්තු දෙකක් අතර සම්බන්ධය
රසිකයාගේ රස වින්දනයට බාධා පැමිණවීම
ස්පර්ශක දෝෂ ලෙස දෘෂ්‍ය කලාවේදී හැඳින්වේ..

ඡායාරූප ශිල්පියා ස්පර්ශකය
දෝෂයක් වන්නට ඉඩ නොහැරිය යුතුය.

දක්ෂ ඡායාරූප ශිල්පීන්
ස්පර්ශකය උවමනාවෙන් භාවිතා කරති.




By Imal Madhusanka
ස්පර්ශක දෝෂය නිසා වස්තුවක ත්‍රිමාණ බවත්
පසුබිමෙන් මතුවී පෙනෙන ස්වභාවයත් අඩුවෙයි.

By Tharmapalan Tilaxan
 මෙහි ගැඹුර පෙනෙන්නෙ
මිනිසාත් ළමයාත් අතර
අපි මනසින් දන්න ප්‍රමාණාත්මක පරතරය නිසයි.

 තව අංශක ගාණක් එහාට වුණා නම්
රටාව නොබිඳම දෝෂය මග හරවා ගන්න තිබුණා.
ඒත් සමහර වෙලාවට අපූර්වත්වය වෙන්නෙ
ඒ දෝෂයමයි..

එසේ ස්පර්ශ වන තැන්  වැළැක්වීමට හෝ
අවශ්‍ය නම්  නිර්මාණශීලීව භාවිතා කිරීමට
නිර්මාණ කරුවා සමත් විය යුතුයි..

ප්‍රධාන අරමුණට
බාධාවක් නොවෙන ස්පර්ශක
දෝෂ වශයෙන් සලකන්නේ නැත.
ඡායාරූපය සරල කරගන්නට
එවැනි ස්පර්ශක උවමනාවෙන් සකසාගත හැක..

හිතා මතාම ස්පර්ශක භාවිතා කොට
නිශ්‍චිතව තමාට අවශ්‍ය හැඟීමක්
රසිකයා තුළ ජනිත කරවීමට
දක්ෂ ශිල්පීන් සමත් වෙයි.

මේ සඳහා පෙන්විය හැකි හොඳම උදාහරණය නම්
ඇස රැවටීමම පරමාර්ථ කරගෙන

හිතා මතාම ස්පර්ශක භාවිතා කොට
Bela Borsodi විසින් නිර්මාණය කළ
ඡායාරූපයක්.

මෙම ඡායාරූපය සඳහා භාණ්ඩ සකස් කර තිබුණු අයුරු



Bela Borsodi විසින් නිර්මාණය කළ
VLP – Terrain Album Cover
ඡායාරූපයයි මේ .

මෙම ඡායාරූපය
ඡායාරූප හතරක් ලෙස දිස් වූවද
එකම කෝණයකින් ගත් තනි ඡායාරූපයකි.

ස්පර්ශක රීති භාවිතා කිරීමෙන්
මෙම ඡායාරූපය නිර්මාණය කර ඇත.

මේ සඳහා භාණ්ඩ සකස් කර තිබුණු අයුරු
http://twistedsifter.files.wordpress.com/2013/06/four-pictures-in-one-vlp-terrain-album-cover-by-bela-borsodi-2.jpg?w=800&h=493



Special thanks to Chanuka Dhananjaya Liyanage for the lead to this photo
which was the inspiration to make this page..
---------------------------------------------------------------------------------------

තනි ඇසින් ද්විමානව දකින කැමරාව.
---------------------------------------
ත්‍රිමාණව දැකිය නොහැකි
කැමරාවේ දුර්වලකම වහල් කරගෙන
දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති අනුව
ඉතාම නිර්මාණ ශීලීව සකස්කළ
දෘෂ්‍ය කලා ඉන්ද්‍රජාලමක්..
Special thanks to Lahiru Pradǝǝp for the lead to this Video
 -------------------------------------------------------------------------------------

ස්පර්ශක දෝෂ

tangent chart


1. Closed corner

වස්තුවකින් රූපයක මුල්ලක් කැපුණ විට
එම වස්තුව අන් වස්තු වලින් වෙන්වූ ආගන්තුක වස්තුවක් ලෙස පෙනෙයි..
ක වස්තුවක් අන් වස්තු වලින් වෙන්කොට දැක්වීමට
මේම ස්පර්ශකය උපයෝගී කරගත හැක.
ඡායාරූපයක ගැඹුර වැඩි වී පෙනෙන්නට
මේම ස්පර්ශකය උපයෝගී වෙයි..
.
 Photos by Steve McCurry
 දකුණු මුල්ලෙ තියන කකුල ඉවත් කළොත්
සිදු වෙන වෙනස් කම් මොනවද?
 https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/1025882_10200233508227092_1368591143_o.jpg
 එක් ඡායාරූපයක අපි මාවතේ ඉන්නා බවක්ද
අනිකෙහි අපි කවුළුවකින් බලා ඉන්නාක් මෙන්ද හැඟෙයි.

එක් ඡායාරූපයක සමස්ත ඡායාරූපයම පෙනෙන අතර
අනිකෙහි කාන්තාවට වැඩි අවධානයක් ලැබේ.

---------------------------------------------------------------------------------------------------

2. Halved shape

රාමුවේ දාරයෙන් හෝ වෙනත් දාරයකින්
සමමිතික හැඩයක් දෙකට කැපුණ විට
රසිකයාට අපහසුවක් දැනෙයි..

මෙම ඡායාරූපයෙහි
දකුණුපස සිටින මිනිසා කණුවෙන් දෙකට කැපුණත්
ඒ හේතුව නිසාම ඔහු කණුවත් සමග බද්ධවී පෙනීම
අරමුණ මතුවී පෙනීමට සහායකි.
Photo by Steve McCurry

---------------------------------------------------------------------------------------------------

3. Fused edges (object with frame)

ඡායාරූපයක ඇති මූලික වස්තුවක් දාරය සමග ස්පර්ශවීම
එහි කැළඹුණු ස්වභාවයක් මතු කරන දෝෂයකි.
 























-------------------------------------------------------------------------------------

4. Fused edges (object with object)

ඡායාරූපයක් තුළ වස්තූන් වල දාර ස්පර්ශ වීමෙන්ද
අසංවිධිත, ප්‍රාථමික බවක් දිස්වෙයි.

http://www.ifanca.org/img/uploads/Digestnewsletter/fruit.jpg


 http://aggie-horticulture.tamu.edu/vegetable/files/2011/10/assortmentofpears.jpg




මනාව සංවිධිත මෙම රූපයෙහි
එකම ස්පර්ශකයක් පමණක් දැකිය හැක.
 http://helenkuchta.files.wordpress.com/2011/11/tumblr_l9mwzefm7b1qbyk5qo1_500.jpg.


කවුලුවේ දාරය
කුරුල්ලාගේ පිටෙහි ස්පර්ශ වෙයි.
Photo by Shaman Fernando

 ස්පර්ශක දෝෂය හැකිතාක් දුරට ඉවත් කොට.


-----------------------------------------------------------------------------------------------

Fused edges (object with object)


ස්පර්ශක දෝෂය සහිත
දෙවැනි ඡායාරූපය සරලයි.
සෑය නරඹන්නාට බාධාවලින් තොරයි..
ස්පර්ශක භාවිතා කොට
ඡායාරූපය සරල කරගැනීමට
හොඳ උදාහරණයක්..

ඒත් ප්‍රතිඵලය පිළිගත හැකි විය යුතුයි..
නැත්නම් අදෘෂ්‍යමාන විය යුතුයි..


-----------------------------------------------------------------------------------------------

මේ  මෙහෙණියගේ හිස සිතිජය සමග
ස්පර්ෂ වෙනවා.



 ඇත්ත වශයෙන්ම
දුටු ගමන් මා සිතුවේ  මේ මෙහෙණියක් කියායි.


භික්ෂුවගේ චරිතය දැනෙන ආකාරයට
ස්පර්ෂක දෝෂය බලපෑවා විය යුතුයි.

 ස්පර්ශක දෝෂය මා ඉවත් කළා.
ස්පර්ශක දෝෂ
ඡායාරූපයකට කොතෙක් බලපානවාද කියා
මෙයින් පැහැදිලි වෙනවා.

වඩා හොඳ කුමක්ද කියා
තීරණය කළ යුත්තේ
සැබෑ දර්ශනය දුටු
ඡායාරූප ශිල්පියායි.

තල හෝ වස්තු දෙකක් ස්පර්ශ වීම,
තල හෝ වස්තු දෙකක් ස්පර්ශ වන්නාක් මෙන් දිස්වීම සහ
තල හෝ වස්තු දෙකක් අතර සම්බන්ධය
රසිකයාගේ රස වින්දනයට බාධා පැමිණවීම
ස්පර්ශක දෝෂ ලෙස දෘෂ්‍ය කලාවේදී හැඳින්වේ..

ස්පර්ශක දෝෂය නිසා වස්තුවක ත්‍රිමාණ බවත්
පසුබිමෙන් මතුවී පෙනෙන ස්වභාවයත් අඩුවෙයි.

එසේ ස්පර්ශ වන තැන්
අවශ්‍ය නම් වැළැක්වීමට හෝ
නිර්මාණශීලීව භාවිතා කිරීමට
නිර්මාණ කරුවා සමත් විය යුතුයි..
වඩා හොඳ කුමක්ද
කියා තීරණය කළ යුත්තේ
සැබෑ දර්ශනය දුටු ඡායාරූප ශිල්පියායි.


ස්පර්ශකය දෝෂයක්ද කියල
දැනගන්න හොඳම ක්‍රමය නම්
ස්පර්ෂ වීමෙන් එකතුවෙලා තියන
හැඩ හෝ හැඩතල
එක්ව තිබීම හොඳද වෙන්ව තිබීම හොඳද කියා
සිතා බැලීම.
ඒ සඳහා සුදුසුම වෙලාව
ඡායාරූපය ගැනීමට පෙරයි..

හදාරන්න අවශ්‍ය නම්
දෙවිදියටම කිහිපයක් අරන් බලන්න..
 -----------------------------------------------------------------------------------------------

හිතා මතාම ස්පර්ශක භාවිතා කොට
නිශ්‍චිතව තමාට අවශ්‍ය හැඟීමක්
රසිකයා තුළ ජනිත කරවීමට
දක්ෂ කලාකරුවන් සමත් වෙයි.

මේ එවැනි අවස්ථාවකි.

http://4.bp.blogspot.com/-bxXNPWhMabA/UYAU2aKUBwI/AAAAAAAAMBs/j_SWo-0N6kU/s1600/image-6.php_.jpeg

 ලෝක පූජිත Candid ඡායාරූප ශිල්පියෙකු වන
Henri Cartier-Bressonගේ ඡායාරූපයක්.

 --------------------------------------------------------------------------------------


5. Hidden edge

එක් වස්තුවක දාරයට
තවත් වස්තුවක
එම දිසාවටම යෙදුණ දාරයක් වැසුණ විට
එම වස්තු දෙක එක් වස්තුවක් මෙන් හෝ
එකිනෙකට සම්බන්ධ වස්තූන් මෙන් දිස්වේ..

http://www.thisiscolossal.com/wp-content/themes/colossalv3/img/footer/transport-310.jpg

මේ සඳහා පෙන්විය හැකි හොඳම උදාහරණය නම්
ඇස රැවටීමම පරමාර්ථ කරගෙන
Bela Borsodi විසින් නිර්මාණය කළ
VLP – Terrain Album Cover
ඡායාරූපයයි.
ඡායාරූප හතරක් මෙන් දිස් වූවද
මේ එකම ඡායාරූපයකි.


මේ සඳහා භාණ්ඩ සකස් කර තිබුණු අයුරු
පහත ඡායාරූපයෙන් දැකගත හැක.
http://twistedsifter.files.wordpress.com/2013/06/four-pictures-in-one-vlp-terrain-album-cover-by-bela-borsodi-2.jpg?w=800&h=493

මේ සඳහා භාණ්ඩ සකස් කළ ආකාරය
මෙම වීඩියෝවෙන් දැකගත හැක.

 ---------------------------------------------------------------------------------------------------

 

6. Split apex

එක් තිරස් හැඩයක් වෙනත් හැඩයක මුදුන සමග
සමපාත  වීමෙන් අමුතු, පිළිගත නොහැකි සමමිතියක් සැදෙයි.

  ---------------------------------------------------------------------------------------------------

7. Stolen edge

එක් හැඩයක දාරය 
තවත් හැඩයක දාරය සමග එක්ව ගමන් කරන විට 
දෙකටම අයිති නැති
ගැඹුර පිළිබඳ හැඟීම අවුල් කරන
නොපැහැදිලි හැඩයක් සැදෙයි.

  ---------------------------------------------------------------------------------------------------

8. Antlers

ඉහළට විහිදෙන තිරස් වස්තූන්
ප්‍රධාන වස්තුවක ස්පර්ශ වූ විට
ඉන් විහිදෙන අං තට්ටුවක් මෙන් දිස් විය හැක.


---------------------------------------------------------------------------------------------------

9. Skimmed edge

එක වස්තුවක දාරය
තව වස්තුවක දාරය සමග
ස්පර්ශ වීමේදී
එම වස්තූන් එක් වස්තුවක් ලෙස
දිස් වීමට ඉඩ ඇත.


---------------------------------------------------------------------------------------------------

ස්පර්ශක හැමවිටම දෝශ සහගත නොවේ.

ඡායාරූපයෙන් ඔබ කියන දෙයට බාධා කරමින්
ඡායාරූපයේ පෙනුමට, ගැඹුරට, ත්‍රිමාණ බවට හානි කරමින්
ඔබ නොදැනුවත්ව යෙදී ඇති ස්පර්ශක පමණක්
දෝෂ ලෙස හැඳින් විය හැක.

ස්පර්ශකයෙන් පැහැදිලි වාසියක් අත් නොවේ නම්
එවැනි අවස්ථාවලදී එම වස්තූන් ඈත් කිරීම හෝ
ඉදිරියෙන් ඇති දාරයෙන් අනික කැපෙන ලෙස රාමුව සකස් කළ යුතුය.

කලාත්මක ඡායාරූප ශිල්පීන්
ඔවුන්ගේ නිර්මාණය අපූර්ව කරගන්නට සරල කර ගන්නට
නිර්මාණ ශීලී ලෙස ස්පර්ශක භාවිතා කරනු ලබයි.

 ලෝක පූජිත Candid ඡායාරූප ශිල්පියෙකු වන
Henri Cartier-Bressonගේ ඡායාරූපයක්.
http://4.bp.blogspot.com/-bxXNPWhMabA/UYAU2aKUBwI/AAAAAAAAMBs/j_SWo-0N6kU/s1600/image-6.php_.jpeg
මෙහි අරමුණු දෙකක් තියනවා.
පිළිමයට මුල්තැන ලැබෙන්නේ
මිනිසාගේ හිස
මල්වැටේ රේඛාව සමග
ස්පර්ශ වීම නිසයි.

එසේ වීම සම්මතයට පටහැණියි.

මිනිසාගේ හිස මල් වැටේ රේඛාව
ස්පර්ෂ නොවුණා නම් ඇති වෙන ප්‍රතිඵලය.
එවිට පිළිමයත් මිනිසාත් අතර
තරඟයක් ඇති වීමෙන්
ඡායාරූපයෙ සරල සන්සුන් බව
බිඳ වැටෙනවා.
 ============================================

 මේ බඳුන් අරමුණට බාධාවක්.
Photo by B Mc Jay
 විසඳුම ස්පර්ශකයයි.


 ස්ටීව් මැක්කරිගේ මේ ඡායාරූපයේ
මහළු ස්ත්‍රිය හැරෙන්නට තවත් දෙදෙනෙකු සිටිනවා.
ඔබ දුටුවාද?
 ස්පර්ශක නිසා
ඔවුන් පසුබිම සමග මනාව මිශ්‍රවී තිබීම
මේ ඡායාරූපයට වාසියක්.

-------------------------------------------------------------------------------------

ප්‍රායෝගික අභ්‍යාස

 කැමරාව අතේ තිබුණත් නැතත්
ඔබ අවට පරිසරයෙහි ස්පර්ශක පිළිබඳව
සැලකිලිමත් වන්න.

දැන් ඔබ හිස හරවා බැලුවොත්
මදක් හිස ඈත් මෑත් කර බැලුවොත්
ඔබ අවට ඕනෑ තරම් ස්පර්ශක දැකිය හැක.

එම ස්පර්ශක නිරායාසයෙන් දකින්නට
ඔබට හැකි විය යුතුයි.

ඔබට අවශ්‍ය නම්
ස්පර්ශක භාවිතා කරන්නටත්
අනවශ්‍ය නම් බැහැර කරන්නටත්
ඔබේ ඇසත් හිතත් පුරුදු වනු ඇත..

ස්පර්ශක දෝශ සහිතව සහ රහිතව ඡායාරූප ගෙන
ඒවා අතර වෙනස්කම් සසඳන්න.



ඔබ සාමාජිකත්වය දරන සමූහ වල
එම ඡායාරූප යුගල පළ කොට
අදහස් විමසන්න.
------------------------------------------------------------------------------------

තවත් උදාහරණ

 ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූප දෙකෙහි
මිනිසා, සෙවනැල්ල සහ ටජ්මහල අතර
සබඳතා වල වෙනස සසඳන්න.
ස්පර්ශක වෙනස් වීම වෙනම සසඳන්න.
1
මිනිසා මතු වෙන නමුත් ඔහුගේ සෙවනැල්ල
ටජ්මහලෙහි සෙවනැල්ල සමග මිශ්‍ර වී ඇත.

http://robertacucchiaro.files.wordpress.com/2012/01/steve-mccurry-34.jpg 

2
මිනිසා මතු වෙන නමුත් ඔහුගේ සෙවනැල්ල
ටජ්මහලෙහි සෙවනැල්ල සමග මිශ්‍ර වී නැත..

 http://2.bp.blogspot.com/--dyfVbyg2jQ/TWSsL5wyt4I/AAAAAAAAAd8/djt2Hled2jE/s640/47767726_0ak.jpg
දෙවැන්නේ සෙවනැල්ල අනුව
  මිනිසා ටජ්මහල ස්පර්ශ කරන්නාක් මෙන් දිස්වේ.

මිනිසා වඩාත් කැපී පෙනෙන්නේ කුමන ඡායාරූපයේද?

---------------------------------------------------------------------------------------------------- 

 මේ ඡායාරූපයෙ
අපූර්ව සුන්දරත්වයක් තියනවා.
ජල තලය අහසක් සේ දිස්වීම
ඒ අපූර්වත්වයට
එක හේතුවක් විය හැකියි.
Photo by Indika Madhushanka


රීති දෙකක් බිඳිලා තිබීමත්
ඒ අපූර්ව සුන්දරත්වයට
තවත් හේතුවක් විය හැකියි.

රීතිය 1,
ඡායාරූපයක් සිතිජය වැනි
ප්‍රබල රඛාවකින් දෙකට නොබෙදීම
-ජලයෙ තියන පුංචි ගොඩැල්ල
තණකොළ බිස්සෙ කොටසක් වීම නිසා
දෙකට නොබෙදීමෙ රීතිය බිඳීමෙ හානිය
අවම කරලා තියනවා.

රීතිය 2,
සිතිජය වැනි රෙඛාවන් සමග
අරමුණ ස්පර්ශ නොකිරීම.
-ගොඩැල්ලෙන් පෙරබිම සමබර වුණා වගේම
ඔරුකඳේ ආලෝකය වැටුණ පෙදෙසෙ තියන
ළා නිල් වර්ණයෙන් ජල තලය
පහළ කොටස සමග සම්බන්ධ වෙනවා.

දෙවැනි සහ තුන්වැනි ඡායාරූප
-ප්‍රබල රඛාවකින් දෙකට නොබෙදීම- රීතියට අනුව
එක විදියකට සංස්කරණය කළා.

-සිතිජය වැනි රෙඛාවන් සමග
අරමුණ ස්පර්ශ නොකිරීම- රීතියට අනුව
දෙවිදියකට සංස්කරණය කළා.

සංස්කරණය කළාට පසුව
අරමුණට අවධානය වැඩි වෙලා තියනවා.
පළමුවැන්නෙ අපූර්වත්වය
නැති වෙලා තියනවා.

ඡායාරූප ශිල්පියාම
මේ රීති අනුව
කැමරාවෙන්ම ඡායාරූපය ගත්තා නම්
ප්‍රතිඵලය කුමක් විය හැකිද?

---------------------------------------------------------------------------------

https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1082528_10200486718797198_1528659285_o.jpg
Photo by Sahan Wijesena

සහන්ගෙ මේ ඡායාරූපයෙ
අපූර්වත්වය සහ සුන්දරත්වය තියෙන්නෙ
මනාලියගෙ කණේ තෝඩුව ලඟින්
ස්පර්ෂ වෙලා තියන රේඛාව නිසයි.

එය ඉවත් කළාම, ඡායාරූපය
සාමාන්‍ය ඡායාරූපයක් වෙනවා.

-----------------------------------------------------------------------------

https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn2/q71/s720x720/1470330_10202278087931911_81362775_n.jpg
by  Pasan Senevirathne
 .



_____________________________________________________

  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  6. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  7. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  8. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  9. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  10. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  11. රීතිවලට යටත්වන්න එපා
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..

14 comments:

  1. Godak watinwa sir, sthuthyi

    ReplyDelete
  2. frame eka danunata. dannam eeta kalin hithanna dewal thiyenawa. example ekka pennala dunnata thanks, :)

    ReplyDelete
  3. ithama watina karunu godak denagaththa, obathumata behevinma sthuthiwantha wenawa,

    ReplyDelete
  4. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.. වටිනා ලිපියක්

    ReplyDelete
  5. ඔබතුමාට බෙහෙවින් ම ස්තුති යි..ජීවීතේ ප්‍රථම වතාවට මේ දේවල් ඇහුවේ. උපන් ගෙයි අදහස් ටිකක් තිබුනා. ඒවා පෝෂණය උනා. මෙය ඉදිරියට ගෙනයන ලෙස ඉල්ලා සිටිනවා. මේ හරහා විශාල වාණිජමය වාසි රැසක් ලබා ගැනිමේ හැ කියවකුත් තිබෙනවා...බෙහෙවින් ම ස්තුති යි!

    ReplyDelete
    Replies
    1. 1, වාණිජමය වාසි ලබාගන්න හිතුවොත්
      ඒ උපයන මුදලින්
      මේ විඳින සතුටෙන්
      මිලියනයකින් පංගුවක්වත් ලැබෙන්නෙ නැහැ..

      2, වාණිජමය වාසි ලබාගන්න හිතුවොත්
      ඒ ගන්න හැම සතයකටම
      ඒ ගෙවන හැමකෙනෙකුටම
      ඔවුන් කිසිම දෙයක් නොගත්තත්
      මම වහලෙක් වෙනවා.

      3, ඉගැන්වීමෙන් ලබන වාණිජමය වාසි කියන්නෙ
      ගොපල්ලෙකුට ගොම වගෙයි.
      ගොපල්ලා ගොම අහුලන්න ගතකරන්නෙ
      පෝෂණයටත්, කිරි දොවින්න තියන වෙලාව.
      ටිකක් කල් යනකොට
      කිරි අමතක වෙලා
      ගොම අහුලන්නම ජීවිතය ගත වෙනවා.

      මට තියන එකම වාසිය
      කවුරු හරි යමක් ඉගෙන ගන්න එක විතරයි.
      ඔබ වගේ කිව්වෙ නැත්නම් මට ඒ ටිකත් නැහැ.
      ඒත් මම කරන දේ
      ඒ වාසියටවත් යටත් නැහැ.

      Delete
  6. thank you very much sir. very much helpful for beginners!

    ReplyDelete
  7. read well... thanks...

    ReplyDelete
  8. ෙගාඩාක් පිං! ෙලාකු ෙදයක් ඉෙගන ගත්තා

    ReplyDelete
  9. ඈත්තෙන්ම හුගක් දැනුමක් ලැබුනා... අපි සුලුවෙන්වත් නොසිතන කොපමන ගැබුරු තැන් ඡායාරූපකරනයේ තිබෙනවද.... මෙවැනි දේ ඉදිරියටත් අපිට ඉදිරිපත් කිරිමට ඔබට ශක්තිය ලැබේවා යි පතනවා... ඔබට ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  10. කැමරාවක් නැති මම, මේ දේවල් කියවල ලබන්නේ ලොකු ආස්වාදයක්
    ඇයිදැයි කියල තේරෙන්නේ නෑ...

    "ගොපල්ලා සහ ගොම" - සෑහෙන කාලයක් මතක හිටීවි මට!
    ඊටත් හපන් මේක "ඒත් මම කරන දේ ඒ වාසියටවත් යටත් නැහැ"
    කොයි දේටත් වඩා සෞන්දර්‍යයට අපව යොමුකරවන්නේ මේ සියුම් පරිකල්පනයද?

    ReplyDelete
  11. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට

    ReplyDelete
  12. චිත්‍රය ඇදිමේදි මෙම රීතිවලට යටත් වෙන්නේ නෑ නේද

    ReplyDelete
    Replies
    1. දෘෂ්‍ය කලා රීති
      චිත්‍ර වලටත් ඡායාරූප වලටත් එකයි..
      ඇසෙන් ඇතුල් වෙන රූපය
      අපි තුළ ඇතිකරන වෙනස අනුවයි
      රීති හැදෙන්නෙ.
      චිත්‍ර ශිල්පියාට වරදින්නෙ
      මේ ගැන අදහසක් නැත්නම් විතරයි.
      ඔහුට කාලය තියනවා.
      ඡායාරූප ශිල්පියාට තියන
      තත්පරයකින් කොටස තුළ
      දන්න දේත් වරදින්න පුලුවන්..

      Delete