20130717

රාමුව තුළ හැම දෙයක්ම ඡායාරූප ශිල්පියාගෙ වගකීමක්





  .
Janaka Wijekoon [[[ some thing lack here.. wanna know wht..??]]]
--------------------------------------------
මොනවහරි අඩුවක් තියනවා..
මොනවද කියල දැනගන්න ඕන..
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/920366_688984374460863_1362958596_o.jpg

ජනකගේ ගැටළුවට ප්‍රධානම හේතුව
මෙහි තිබෙන ගස් වල නොගැලපීමයි.
ගස්පල මතුපිට රේඛාමය
සහ ඒවායේ පෘශ්ඨීය ස්වභාවයන්.



ඉතාම රළු, සරල සංස්කරණයකින්  මම ඒ ගස් වෙනස් කළා..

මේ ඡායාරූපයේ
නිසල සන්සුන් බව බිඳිමින්
කරච්චල් කළ ගස් වෙනුවට
අනික් පැත්තෙන් ගස් අරන් ආදේශ කළා.


වම්පැත්තෙ අහසෙ තියන ගස සහ
වම්පැත්තෙ පාලමට උඩින් තියන ගස්
කරච්චල්කාරයන් පිරිසක්.

මම ගස ඉවත් කළ රූපයෙ
පහළ ඉන්න නොගැලපෙන පිරිස
තවම කරච්චල් කරනවා.
 --------------------------------------------------------------



ඔබට පෙන්වන්න අවශ්‍ය පාලම සහ ගොඩනැගිල්ල පමණක් වෙන්න පුලුවන්.
ඒත් ගස්වල හැඩ තලත් මේ ජවනිකාවේ නලුවන්.
ඔබට අවශ්‍ය දේ පෙන්වීමෙදි
ඔවුන්ගෙ සහභාගිත්වය
නොසලකා හරින්න බැහැ.

ඡායාරූප මනාව කළමනාකරණය කරනවා නම්
රීති පිළිබඳව අවබෝධය,
වර්ණ, රේඛා, හැඩතල වල
රිද්මයට සංවේදී බව...
නිරායාසයෙන්
ඡායාරූප ශිල්පියාට අවනත විය යුතුයි.
ඒ හුරුව ලැබෙන්නෙ රීති අධ්‍යයනයෙන්..

ඡායාරූපයක් ගනිද්දි
ඔබ හිතා මතා, උවමනාවෙන්ම
රීතියක් අනුගමනය කරනවා නම්
ඔබ තවම ඒ රීතිය දන්නෙ නැහැ.

රීති හරිහැටි නොදන්නා අය
ඡායාරූප ගන්න ගියාම
රීති ඔවුන්ට
බෙහෙවින් කරදර කරනවා.
ඒ අත්දැකීමෙන් පන්නරය ලබමින්
ඔවුන් රීති හදාරන්න පෙළඹුණේ නැත්නම්
ඔවුන් රීති ප්‍රතික්ෂේප කරනවා.

ගස්වලත් රේඛා, හැඩතල තියනවා.
ඒ රේඛා හැඩතල වලත්
ප්‍රකාශනයක් තියනවා.
හොඳ ඡායාරූප ශිල්පීන්
රාමුව තුළ ඇති හැම දෙයක්ම
ජවනිකාවට සහභාගි කර ගන්නවා.

ඒ හුරුව ලැබෙන්නෙ රීති අධ්‍යයනයෙන්..
ඔබට අවශ්‍ය
පාලම සහ ගොඩනැගිල්ල
පමණක් වෙන්න පුලුවන්.

ඒත් ගස්වල හැඩ තලත්  මේ ජවනිකාවේ නලුවන්.
ඔබට අවශ්‍ය දේ පෙන්වීමෙදි 
ඔවුන්ගෙ සහභාගිත්වය
නොසලකා හරින්න බැහැ.

ගස් මනාව කළමනාකරණයෙදි රීති පිළිබඳව අවබෝධය,
වර්ණ, රේඛා, හැඩතල වල රිද්මයට සංවේදී බව...
නිරායාසයෙන් ඔබට අවනත විය යුතුයි.

ඡායාරූපයක් ගනිද්දි
ඔබ හිතා මතා, උවමනාවෙන්ම
රීතියක් අනුගමනය කරනවා නම්
ඔබ තවම ඒ රීතිය දන්නෙ නැහැ.

රීති හරිහැටි නොදන්නා අය
ඡායාරූප ගන්න ගියාම
රීති ඔවුන්ට බෙහෙවින් කරදර කරනවා.
ඒ අත්දැකීමෙන් පන්නරය ලබමින්
ඔවුන් රීති හදාරන්න පෙළඹුණේ නැත්නම්
ඔවුන් රීති ප්‍රතික්ෂේප කරනවා.

ගස්වලත් රේඛා, හැඩතල තියනවා.
ඒ රේඛා හැඩතල වලත්
ප්‍රකාශනයක් තියනවා.
හොඳ ඡායාරූප ශිල්පීන්
රාමුව තුළ ඇති හැම දෙයක්ම
ජවනිකාවට සහභාගි කර ගන්නවා.

ඒ හුරුව ලැබෙන්නෙ රීති අධ්‍යයනයෙන්..

ඒ වගේම, රීති හරිහැටි නොදන්නා කමින්
රීති හිස මුදුනෙ තියාගෙන
රීති වලට වහල් වෙන අයටත්
රීති වලින් ප්‍රයෝජන ගන්න බැහැ.

රීති කියන්නෙ අමුම අමුද්‍රව්‍ය.
හොඳ නිර්මාණ වල රීති
පැහැදිලිව දකින්න නැහැ.
නිර්මාණකරුවා රීති දන්න බව පෙනෙනවා.

No comments:

Post a Comment