20130712

රීතිවලට යටත්වන්න එපා





රීති වලට පක්ෂවීමත් රීති වලට විරුද්ධ වීමත්
රීති වලට වහල්වීමත් රීති ප්‍රතික්ෂේප කිරීමත්
වැරදියි..
හැම වෙලාවටම මොනව හරි
රීති ක්‍රියාත්මක වෙනවා.
එහෙම නැත්නම්
අපිට ඡායාරූපයක්
දැනෙන්නෙ නෑ.

රීති ඉගෙන ගත යුත්තෙ
ඡායාරූප ගන්න වෙලාවට නෙමෙයි..
වෙනම අභ්‍යාස විදියටයි.
වෙනත් අයගෙ ඡායාරූප බලන වෙලාවටයි.

ඡායාරූප ගන්න විට
ඇස තීරණ ගත යුතුයි..
සිත නිහඬ නිරීක්ෂකයෙක් විය යුතුයි...

ඡායාරූප ගනිද්දි පමණක් නොවෙයි..
ක්‍රොප් කරද්දිත්
රීති වලට සවන් දිය යුතුයි..
 රීති වලට යටත් නොවිය යුතුයි..

රීති කියන්නෙ
බිල්ඩින් බ්ලොක්ස් කියල හිතන්න..
නිර්මාණකරුවා ඔබයි..
රීති නොවෙයි..

රීතියක් ඉගෙන ගන්නකොට
ඔබ ඉගෙන ගන්නෙ
ඔබ කළ යුතු දේ
කියල හිතන්න එපා.

ඒක වැරදි කෝණයක්..

ඔබ එහෙම කළ යුතු නැහැ.

http://www.encroach.net/images/sacred_geometry/sacred_geometry_nature/nautilus_spiral.jpg
රීතියක් ඉගෙන ගන්නකොට
ඔබ ඉගෙන ගන්නෙ
ඔබ කරන දේ දිහා
රසිකයා බලද්දි සිදුවේයැයි
විචාරකයන්, විශ්ලේෂකයන්
අනුමාන කරන දේවල්.

වෙනත් විදියකින් කිව්වොත්
රසික සිත් හැසිරෙන රටාවන්..
ඒ රීති ඔබ ඉගෙන ගන්නෙ
රසිකයා තේරුම් ගන්නයි.
ඒත් ඔබ නිර්මාණය කරද්දි
මුලින්ම ඔබ තෘප්තිමත් විය යුතුයි..
ඔබවත් කැමති නැති ඡායාරූපයකට
තව කෙනෙක් කැමති වෙන එක
සැක සහිතයි.

ඡායාරූපය ඔබේ නිසා
ඔබ අගය කළ පමණිනුත්
අනිත් අය අගය කරන්නෙ නැහැ.

ඔබ රසිකයාගෙ සිත තේරුම් ගත යුතුයි.

රීති වලින් ඔබට කියල දෙන්නෙ
රසික හිත් වැඩ කරන විදියයි..

නිර්මාණ කරන විදිය නෙවෙයි.

ඒ කියන දේවල්
ඔවුන් පෙන්වන උදාහරණ අනුව
ඔබම විමසා බලන්න.
එකවර පිළිගන්න එපා..
එකවර යටත් වෙන්න එපා.

හොඳ ඡායාරූප වලින් පදම් වෙමින්..
පන්නරය ලබන විට ඔබේ නිර්මාණ වල
අවශ්‍ය විටෙක රීති රැකේවි..
අවශ්‍ය විටෙක බිඳේවි..
පොදු රස වින්දනයට රටාවක් තියනවා.
ඒත් ඒක නිශ්චිත නැහැ.
ඒ නිසා ඒ රසවින්දන රටා වල
පොදු ගුණාකාර ලෙස සොයාගත් රීති
කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා.
රීතියටම කරන දේ යාන්ත්‍රිකයි..

රීති හොඳින් ඉගෙනගෙන..
කැමති විදියට අභ්‍යාසත් කරලා
ඡායාරූප ගන්නා විට නිදැල්ලෙ ගන්න.
ඇසටත්, කැමරාවටත් ඒ කාර්යය
එකමුතුව සැනසිල්ලෙ කරන්නට දෙන්න.
ඒ වෙලාවට රීති ගැන හිතන්න
ප්‍රමාද වැඩියි.
ඔබ රීති දන්න ප්‍රමාණය
ඔබටත් හොරෙන් ඔබට සහාය වෙයි.

මොන රීති තිබුණත්..
මොන රීති ඉගේන ගත්තත්
ඔබ ක්ලික් කරන මොහොතෙදි
ඡායාරූපයක අවසන් විනිශ්චය
ලබා දිය යුත්තේ ඇස විසින්...

රසිකයා ඔහුගේ විනිශ්චය දෙන්නෙ
ඇස මගින්...

රීති සොයමින් රස විඳින
විචාරකයන් කැමති නම්
ඔබේ ඡායාරූපය ගැන
කරදර වුණාවේ.

නියමුවා ඔබයි.

--------------------------------------------
නවකයෙක් රීති සොයන්නෙ නැතුව
නිර්මාණ කරන්න හැදුවොත්
ඔහු කවදාවත් ප්‍රවීණයෙක් වෙන්නෙ නැහැ.
වැඩි කල් කරන්නෙත් නැහැ.
ප්‍රවීණයෙක් නීති රීති පිළිපදින්න ගියොත්
ඔහු කවදාවත් කලාකරුවෙක් වෙන්නෙ නැහැ.
ඉන්න තැනින් එහාට යන්නෙත් නැහැ.
නවකයන් රීති හදාරන්න ඕන.
ප්‍රවීණයන් රීති හදාගන්න ඕන..

.......................................................
පහත දැක්වෙන්නෙ
ස්ටීව් මැක්කරිගෙ ඡායාරූපයක්.
ඔහු රීතියට සවන් දීල තියනවා.
යටත් වෙලා නැහැ.

රීති කියන්නෙ සහායකයෙක් විතරයි..
රීති ඔබේ නියමුවා නෙවෙයි..

සහායකයා අවශ්‍යයි..
නියමුවා ඔබයි.


පහත දැක්වෙන්නෙ
ස්ටීව් මැක්කරිගෙ තවත් එවැනි ඡායාරූපයක්.
නිර්මාණපැත්තට බරව
ඡායාරූප ගනිද්දි
ජ්‍යාමිතිකව හිතන්න එපා.
රීති ජ්‍යාමිතිකවුණාට
ඔබේ රාමුව පුලුවන් තරම්
නිදහසේ සකස් කරන්න..

රීති හොඳට හදාරන්න..
රීති පුහුණු වෙන්න හිතනව නම්
ඡායාරූප ගනිද්දි
අකුරටම රීතිය අනුගමනය කරල
අභ්‍යාසයක් විදියට කරන්න.
ඒ ඡායාරූප
නිර්මාණ කියල හිතන්න එපා.
ඒ ඡායාරූප නිර්මාණ නෙමෙයි..

ඒ ලබන හුරුව මත
නිදහසේ ඡායාරූප ගන්න.

_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure




No comments:

Post a Comment