20130120

රීතියද, ඡායාරූපයද?




රීති ඉගෙන ගන්නවා කියන්නෙ
පුංචි කාලෙ චක්කරේ
පාඩම් කරනවා වගේ වැඩක්.

චක්කරේ දන්න කෙනාට
ඉලක්කම් අතරෙ රිද්මය අහුවෙනවා.

රීති දන්න කෙනාට
වස්තූන්, හැඩතල, වර්ණ
ආදිය අතරෙ රිද්මය අහු වෙනවා.

චක්කරේ පාඩම් කරන කෙනා
හත් වරක් නවය බලන්න ඕන වුණාම
හත් වරක් එක හතයි
හහ්වරක් දෙක දාහතරයි
හත්වරක් තුන විසි එකයි
කියමින් නවයට යන්නෙ නැහැ.

එක ගාණක් හදන්න චක්‍ර කීපයක්
උවමනා වෙනවා.
එක ඡායාරූපයක
රීති ගණනාවක් උපයෝගී වෙනවා.
ඡායාරූපයක් ගන්න කෙනෙකුට
ඒ හැම දෙයක්ම තනි තනිව
කල්පනා කරන්න බැහැ.

එක තත්පරයක් තුළ
ඒ සියල්ලෙ පොදු විසඳුම
හොයාගන්න වෙනවා.
තර්ක බුද්ධියට
ඒ කාර්යය ක්ෂණිකව කරන්න බෑ.
ක්ෂණික විසඳුම ලැබෙන්නෙ
කලින් ලබන පුහුණුව හා
පුහුණුවෙන් ලැබෙන හුරුව මත දියුණුවෙන
ර්සඥතාවය නිසයි.

වාහනයක් හරියට පදවන්න දන්න
දක්ෂ රියදුරෙකුට
වාහනය නිසියාකාරයෙන්
ආපස්සටත් පදවන්න පුලුවන්.

හොඳින් පදම් වුණ ශිල්පීන්
රීතියට විරුද්ධවත්
හොඳ නිර්මාණ කරනවා.

කළ යුත්තෙ
රීතියට ගැලපෙන්න
ඡායාරූපය ගැනීම නෙමෙයි.
ඡායාරූපයට ගැලපෙන්න
රීති සකස් කර ගැනීමයි.


රීති ඇහැට හුරු කරගන්න.

ඒදණ්ඩේ නොවැටි යන්න
අත්වැල උපකාරී වෙනවා.

අත්වැල නැතුව ඒදණ්ඩෙ යන්නයි
ඊළඟට හුරුවෙන්න ඕනෙ.

ඇහැට හරියන්න කපල
රීතියට හරිද කියල බලන්න.

රීතියට හරියන්න කපල
ඇහැට හරිද කියල බලන්න.

 =================================

  • ඕනම ක්ශේත්‍රයක
    රීති බවට පත් වෙන්නෙ
    සිහියෙන් සහ නිර්මාණශීලීව
    නිර්මාණකරණයෙහි යෙදෙන
    ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන්
    සිය නිර්මාණ වලින්
    තමන්ට අවශ්‍ය දේ
    මනාව ඉදිරිපත් කරගන්නට
    උපයෝගී කරගන්නා ක්‍රමයි.

    කල්යාමේදී
    භාවිතයෙන් ගිලිහී යන රීති වගේම
    මෙතෙක් සොයා නොගත් රීතිත්
    අනන්ත ඇති.
    ===================================================================
    http://www.washingtonpost.com/rf/image_606w/2010-2019/WashingtonPost/2012/09/28/National-Enterprise/Images/as928_tease.jpg

    වසර හතක් එකදිගට
    ලොව අයෝමය පුරුෂයා ලෙස තේරුණු,
    සහ ඉදිරිපත්වූ ප්‍රධාන පෙළේ තරඟ
    15න් 13කම පළමුවැන්නාවූ
    Arnold Shwarzeneggar
    මාස හයක් විතර
    ශරීරය, මාංශපේශි වැඩෙන
    ක්‍රමානුකූල ව්‍යායාම වලින් පසුව
    මාසයක් පමණ කාලයක්
    කැලයට ගොස් අක්‍රමවත්
    ව්‍යායාම කරමින්
    කෙළි දෙළෙන් පසුවුණා.

    රීති වලින් යාන්ත්‍රිකරණය වුණොත්
    ඔහු එක විදියක වහලෙක් වෙනවා.

    රීති ඉගෙන ගැනීමේ
    මූලික අරමුණ විය යුත්තෙ
    නිර්මාණකරණයට ඇති
    නොදන්නාකම් මකාගෙන
    නිදහස දියුණු කර ගැනීම විනා
    වහලෙක් වීම නෙවෙයි.


.
ගයිරස්කෝපය විශ්මය ජනකයි.

ගයිරස්කෝපය අහස් යානාවෙ ගමනට ආධාර වෙනවා.

 එක විදියකට,  ගයිරස්කෝපය
අපේ කණ ඇතුලෙ තියන
සිරුරෙ සමබරතාවය රකින්න
ආධාරවෙන කොටස් වගෙයි
කියල හිතනවා..

ස්වර්ණමය රීතිය ඇතුළු
අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
නිවැරදිව උපයෝගී වූ විට
මෙවැනි ප්‍රතිඵල ලබා දිය හැකියි.

ගයිරස්කෝපය වුණත්
හරියට භාවිතා කරන්න
දන්නෙ නැති කෙනෙකුට
ඒක වටින්නෙ නැහැ.

ස්වර්ණමය රීතිය ඇතුළු
අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
ඒ වගේමයි.


---------------------------------------------------------------------------------
රීති කියන්නෙ
ඡායාරූප ගත යුතු ආකාර නෙමෙයි.

ඡායාරූපයක් රස විඳින අයගෙ
මනස හැසිරෙන ආකාරය අනුව
ගොඩ නැගුණ සිද්ධාන්ත...

ගුරුත්වාකර්ෂණය
ස්වභාව ධර්මය ක්‍රියා කරන
එක් ආකාරයක්.

ගුරුත්වාකර්ෂණය තේරුම් ගැනීමෙන් සහ
තවත් නීති අධ්‍යයනයෙන්
අහස් යානය නිපදවීම සිදු වුණා.

රීතිත් ඒ ආකාරයටයි
උපයෝගී වියයුත්තෙ..

රීති රැකීමටත්
රීති බිඳීමටත්
රීති දැනගත යුතුයි.
_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure

1 comment:

  1. ලිපි කියෙව්වා. සංක්ෂිප්තව, ආකර්ෂනීය විදිහට ලියා තිබෙනවා. ආධුනිකයා රීතිවල වහලෙකු නොකර මෙසේ පෘථුලව සිතන්නට යොමු කිරීම ගැන ඔබට ස්තුති වන්ත විය යුතුයි.

    ReplyDelete