20130130

සිරීපාදෙ හෙවනැල්ල ත්‍රිකෝණාකාර ඇයි.?


මීදුම මතට වැටෙන
කන්දක හෙවනැල්ල
කඳු මුදුනේ සිට බලන විට
ත්‍රිකෝණාකාරව පෙනෙන්නේ ඇයි.?

මේ පිළිබඳ මිථ්‍යාමත රැසක් පැවතුණත්
මේ සංසිද්ධිය ලෝකෙ කොහේවත් සිදු නොවෙන
අපූර්ව සිදුවීමක් නෙමෙයි.
කන්ද පහල මීදුම මතට
කන්දක සෙවනැල්ල වැටුණාම දක්නට ලැබෙන
අතිශය ස්වාභාවික සිදුවීමක්.

පර්යාලෝක සිද්ධාන්තයට අනුව
කඳු මුදුනෙහි සිට බලන්නෙකුට
කදම්බය කෙළවර රේඛා දෙක
ඔහුගේ ඇස් මට්ටමේ උසින්
සිතිජයෙහිදී
එක්වෙන්නාක් මෙන් පෙනෙනවා.

හිමාල කඳුවැටියේ එවරස්ට් කඳු මුදුනේ සිට එවරස්ට් කන්දේ ත්‍රිමාණ හෙවනැල්ල
 
කන්ද කුමක් වුවත්
කන්දෙ හැඩය කුමක් වුවත්
ඒ පෙනෙන හැඩය
අනිවාර්යයෙන්ම
ත්‍රිකෝණාකාරයි.

මේ හෙවනැල්ල හැදෙන්නට
හිරු එළිය වැටෙන විට
මීදුම තිබිය යුතුයි.
මෙවැනි හෙවනැල්ලක් හැදෙන්නේ
කන්ද නිසා මීදුමට එළිය නොවැටීමෙනුයි.

හෙවනැල්ල මෙසේ පෙනෙන්නට
කන්ද ත්‍රිකෝණාකාර විය යුතු නැහැ.
සීගිරිය මෙන්
හතරැස් කන්දක් වුණත්
අපට පෙනෙන
සෙවනැල්ල ත්‍රිකෝණාකාරයි.

මේ සිදුවීම සීගිරියෙ සිට
නරඹන්න පුලුවන් කියල
සිතිය නොහැකියි..

මේ රූපය හැදෙන්නට
සීගිරියට හිරු එළිය වැටෙන විට
මීදුම තිබිය යුතුයි.
සීගිරියෙ සිට
සිරීපාදයේ මෙන්
සැතපුම් සීයක විතර දුර
ප්‍රදේශයක මීදුමට
අඳුර වැටිය යුතුයි.
 

හිරුත් සීගිරියත් අතර බාධක නැතිව
අප පසුපසින් නැගෙන හිරු සීගිරිය මුදුනේ සිටින
අපේ ඇස් මට්ටමට වඩා
පහතින් තිබිය යුතුයි.



හිමාල කඳුවැටියේ එවරස්ට් කඳු මුදුනේ සිට
එවරස්ට් කන්දේ ත්‍රිමාණ හෙවනැල්ල



කඳු මුදුනේ සිට මීදුම මත අප දකින සෙවනැල්ල
වස්තුවක් මතට හෝ
වළාකුලු මතට වැටෙන විදියෙ
ද්විමාන හෙවනැල්ලක් නෙමෙයි.


 ද්විමාන හෙවනැල්ලක
වස්තුවේ බාහිර හැඩයම
දකින්න ලැබෙනවා


කඳු මුදුනේ සිට මීදුම මත අප දකින සෙවනැල්ල ත්‍රිමාණ හෙවනැල්ලක්.
අපට පෙනෙන්නෙ
ආලෝකය නොවැටුණ අඳුරු මීදුම නිසා හැදෙන
ඝනත්වයක් ඇති ත්‍රිමාණ හැඩයක්.

 
 .

කන්දෙ හැඩයෙ
විවිධ කඩතොළු තිබුණත්
එයින් අඳුරු මීදුමේ
හැදෙන ඝන හැඩයට
එළියක් අඳුරක් නැති නිසා
ඒ කඩතොළු පෙනෙන්නෙ නැහැ.
කදම්බයක් පමණයි.

දෙපැත්තෙන් පෙනෙන
සරල රේඛා දෙක
ඒ ඝන ත්‍රිමාණ හැඩයෙ
කෙළවර රේඛා දෙකයි.
ඒ සරල රේඛා දෙක
සැබැවින්ම සමාන්තරයි.
සිතිජය දක්වාම හෝ
මීදුම ඇතිතාක් දුර
සැතපුම් ගණනාවක් දුරට
තනිපාටකින් යුත් සෙවනැලි නැති
දීර්ඝ ගොඩනැගිල්ලක් මෙන්
එම ඝන හැඩය දිස්වෙනවා.


මෙම හැඩයට බලපාන
පර්යාලෝක සිද්ධාන්තයක් තියනවා.
 

අපේ ඇස් මට්ටමට පහළින්
ඉදිරියට යන සමාන්තර රේඛා
සිතිජයේදී හමුවෙන්නාක් මෙන් දිස්වීම
පර්යාවලෝකනයේ ස්වභාවයයි.
සමාන්තර රේඛා දෙකක් සහිත දර්ශනයක පර්යාවලෝක නිරූපනයේ අද්‍රෘෂ්‍යමාන ලක්‍ෂ එකක් හෝ දෙකක් පවතී. මින් එකක් නරඹන්නාගේ ඇසට ඍජුවම ප‍්‍රතිවිරුද්ධ පැත්තේ ක්‍ෂිතිජ රේඛාව මත පිහිටයි. මෙය ‘ඈතට යන රේල් පාරක්’ දර්ශනය වන ආකාරයට සමාන සංසිද්ධියකි.



කන්ද ත්‍රිකෝණාකාර, කවාකාර හෝ
ඍජු කෝණාශ්‍රාකාර වුවත්
අපට කඳු මුදුනට පෙනෙන්නෙ
එම ඝන හැඩයෙ
අඳුරු කදම්බයෙහි
අපට පෙනෙන කෙළවර දෙකෙහි
සරල රේඛීය දාරයයි.
අතරමග ද්විමාන තලයකට වැටුණොත්
කන්දෙ හැඩය බලාගන්න පුලුවන්.
පර්යාලෝක සිද්ධාන්තයට අනුව
කඳු මුදුනෙහි සිට බලන්නෙකුට
කදම්බය කෙළවර රේඛා දෙක
ඔහුගේ ඇස් මට්ටමේ උසින්
සිතිජයෙහිදී
එක්වෙන්නාක් මෙන් පෙනෙනවා.

කන්ද කුමක් වුවත්
කන්දෙ හැඩය කුමක් වුවත්
ඒ පෙනෙන හැඩය
අනිවාර්යයෙන්ම
ත්‍රිකෝණාකාරයි.
---------------------------------------------------------------------------------------



7 comments:

  1. විස්තර කිරීම හරි අගය කරමි. මූණු පොත වැනි වැදගැම්මකට නැති තැනෙක මේ ආකාරයෙන් කිසිවක් විස්තර කිරීම අමාරුයිනෙ..!!

    ReplyDelete
    Replies
    1. ඔව් තෙනුවර..
      සටහන අතරට රූප සටහන් යෙදීම
      හරි පහසුයි...

      කරන දේකට
      පැවැත්මකුත් තියනවා..

      අපේ දේ වෙන් කරල තියාගන්නත් පුලුවන්..

      Thanks.. :)

      Delete
    2. තවත් අලුත් යමක් අපිට

      Delete
  2. ඉතා අනර්ග පොස්‍ටුවක් සර්

    ReplyDelete
  3. හොඳ පැහැදිලි කිරීමක්

    ReplyDelete
  4. නියමයි, හොඳට පැහැදිලි වෙනව. මේ ක්‍රමයට ඉගෙන ගන්න හරි ලෙසියි.

    ReplyDelete