
ඉන්දියාවේ සිදුවූ භෝපාල් ඛේදවාචකය
ලෝකයේ කර්මාන්තශාලාවල සිදුවූ විනාශයන් අතුරෙන්
ඉතා ප්‍රබල ඛේදවාචකයකි.

1984 දෙසැම්බර් මස 2වෙනිදා රාත්‍රියේ
භෝපාල්හි පිහිටි සීමාසහිත යූනියන් කාබයිඩ් සමාගමේ
කෘමිනාශක නිශ්පාදනාගාරයකින් කාන්දු වූ
මීතයිල් අයිසොසයනේට් සහ වෙනත් රසායනික ද්‍රව්ය වලට
කර්මාන්තශාලාව අවට පැල්පත් වල සිටි ජනතාව
ලක්ෂ පහක් පමණ අනාවරණය වූහ.
එසැණින් ලැබුණ නිල මරණ සංඛ්‍යාව 2,259ක් විය.
2006 නිකුත්වූ රජයේ සංඛ්‍යා ලේඛන වලට අනුව
සිදුවූ අනතුරු සංඛ්‍යාව 558,125කි.
ඉන් 38,478ක් සුළු හා තාවකාලික ඒවා වූ අතර
3,900කට ආසන්න සංඛ්‍යාවක්
බරපතල සහ සුවකළ නොහැකි විකලාංග තුවාලය.

2010 ජුනි මස සමාගමේ නිලධාරීන් 7 දෙනෙකුට
නොසැලකිලිමත් කම නිසා මරණ සිදුවීමට ඉඩ හැරීම
චෝදනාව මත
ඉන්දියානු නීතියෙන් දිය හැකි උපරිම දඬුවම වන
වසර දෙකක සිර දඬුවමක් සහ
ඩොලර් දෙදහසක දඩයක් නියම විය.
එහි පාලකයා වූ වොරන් ඇන්ඩර්සන්ට සහ
යූනියන් කාබයිඩ් සමාගමට විරුද්ධව
භෝපාල් උසාවියෙහි ඇසීමට නියමිත
සිවිල් සහ අපරාධ නඩු කිහිපයක්
ඇසීමට නොහැකිව ඇත්තේ
සිද්ධියෙන් පසු ඇමරිකාවට පලා ගිය
ඇන්ඩර්සන් සොයාගැනීමට
ජාත්‍යන්තර පොලීසියට නොහැකි වීම නිසාය.

1977 සිට කටයුතු කරන රඝු රායි මැග්නම් සඳහානම් කරනු ලැබ ඇත්තේ
ලොව ඉහළම පෙළේ ඡායාරූප ශිල්පියෙකු වූ
සිය තෙවෙනි ඇසෙන් දුටු ප්‍රතිභාපූර්ණ ඡායාරූප ශිල්පී රඝු රායි
භෝපාල් ඛේදවාචකයට පසු දින භෝපාල් වෙත ළඟා වන විට
එම අඳුරු, දූෂිත, මූසල පරිසරයෙහි ඔහු නෙත ගැටුණේ
අසරණ ව අනාථව වේදනාවෙන් පීඩිත වූ ජනතාවකි.
ඉන් දැඩි ලෙස කම්පාවට පත්වූ ඔහු
සිතින් විඳි කම්පනය මුදු හැඟීමකින් තොරව
කැමරාවෙන් වාර්තා ගත කළේය.
පෙරළා දිල්ලියට පැමිණි ඔහු "නන්නාඳුනන ළදැරියක මිහිදන් කිරීම" නමින්
පසුව ලොව පුරා පතළ වූ මේ ඡායාරූපය ප්‍රකාශයට පත් කළේය.





![]() |
මියගිය බිරිඳගේ මෘතදේහය කරේ තියාගෙන යන සැමියෙක්. |













![]() |
ගෑස් දේවී නම් මේ යුවතියට ඒ නම ලැබුණේ ඇය එදින උපන් නිසාය. |























=======================================================================

හරිම අගෙයි විස්තර ටික....ඇත්තනම් ගොඩක් ස්තුතියි !!
ReplyDeleteGreat Work..Tnks
ReplyDeleteඅහම්බයෙන් හමු වී කියැවූවේ. අගෙයි. ස්තූතියි පල කල ඔබට .
ReplyDelete