20160808

ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්




නිර්මාණ කෞශල්‍යයෙන් යුතු මිනිසුන් විසින්...
චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ඡායාරූප ශිල්පය,
වෙළඳ ප්‍රචාරණය ආදී විවිධ ක්ශේත්‍රවල නිර්මාණ වලට
නොයෙක් ආකාරයෙන් ස්වර්ණමය වක්‍රය,  අනුපාතය හා රීති යොදාගෙන ඇත.

සොබා දහම විසින් හෝ
කලාකරුවෙකු විසින් කරන නිර්මාණයක
මනාව සංකලනය වූ රිද්ම රටාවකින් සිතේ ජනිතවන හැඟීම
සදාතනික මතක සටහනක් බවට විටෙක නිතැතින්ම පත් වෙයි.

http://2.bp.blogspot.com/_0HBA442vft0/SmcsNRSHt3I/AAAAAAAAHgU/Qw0gjA454Kw/s400/nautilus.jpg

නෙත සිත ප්‍රිය කරන සිත්කළු රටා මවන
ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය වක්‍රය
දෘෂ්‍ය රූප හරහා ඇති කරන බලපෑම
කුඩා දරුවාට මෙන්ම මහල්ලාටද
ගල් යුගයේ ගෝත්‍රිකයාට මෙන්ම නූතන විද්‍යාඥයාටද පොදුයි.

=======================================================
කෙටි පාදය එකක් නම්
දිග පාදය එකයි දශම හයක් පමණ වුණාම
ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයක් හැදෙනවා.

ළා නිල් පාට බෝතලයක වතුර පිරිසිදුයි කියල
හිතට දැනෙනවා වගේ
ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයත් ඇහැට ප්‍රියයි.
  -------------------------------------------------------------------

සොබා දහම විසින්
ශක්තිය රැස් කිරීමේදී හා මුදා හැරීමේදී
දඟරය, සර්පිලය, සුළිය, වක්‍රය භාවිතා කරයි.
http://farm4.static.flickr.com/3167/3025020871_23a4a2c010.jpg

ඔරලෝසුවක දුන්න
මේ සඳහා හොඳ උදාහරණයකි.
http://horologyzone.com/watch/watch-school/lesson3-image/clock_15.jpg

පියගැටපෙළක අත්වැලේ කෙළවර
http://www.thisiscarpentry.com/wp-content/uploads/2010/02/Newel-221x300.jpg

 එම හැඩයන් තුළ කිසියම් පිළිවෙළක්,
සමබරතාවයක් හා, ආරක්ෂිත ස්වභාවයක් දැනේයි..
ස්වර්ණමය වක්‍රය මෙම ස්වභාවයෙහි
සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.
http://www.encroach.net/images/sacred_geometry/sacred_geometry_nature/nautilus_spiral.jpg

ස්වර්ණමය ඍජු කෝණාශ්‍රය
සහ ස්වර්ණමය වක්‍රයට පදනම් වෙන
Fibonacci අංක, Fibonacci මාලාව, Fibonacci රටාව යනු
පහත දැක්වෙන රටාවයි.
0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ......


පොදු අනුපාතය 1 : 1.618ක් වන ස්වර්ණමය අනුපාතය 
PHI නම්   Φ,  φ, ග්‍රීක් අක්ෂරයෙන් සංකේතවත් කරනවා.
ඩිස්නි සමාගමේ නිර්මාණශීලී කලාකරුවන්
ඔවුන්ගේ නව සලකුණට
Φ,  φ, සංකේත මිශ්‍ර කරගෙන තියෙන්නේ මෙහෙමයි..
Φ,  φ, සංකේත මිශ්‍ර කරගෙන තියෙන්නේ මෙහෙමයි..



Leonardo Fibonacci (1175-1250)
  මෙම ස්වර්ණමය රටාව 1202 දී හඳුනාගැනීමේ ගෞරවය
පීසාහි ලියනාඩෝ ෆිබොනාචිට  හිමිවන බව ප්‍රකට වුවද
ක්‍රි.ව. 598දී ඉන්දියාවේ උපන් බ්‍රහ්මගුප්ත විසින්ද සොයාගෙන තිබිණි.

බ්‍රහ්ම ස්ඵුට සිද්ධාන්ත නම් පොත ලියමින්
අරාබියට ඉන්දියානු තාරකා ශාස්ත්‍රය හඳුන්වා දුන් බ්‍රහ්ම ගුප්තයන්
බටහිර ඉතිහාසඥයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත.

ඉන්දියානු-අරබි අංක ශාස්ත්‍රය
යුරෝපයට හඳුන්වා දුන් ගණිතඥයා ලෙස
ඉතාලියේ පීසාහි ලියනාඩෝ ෆිබොනාචි ඉතිහාසයට එක්වෙයි.


Fibonacci අංක, Fibonacci මාලාව, Fibonacci රටාව
ආදී වශයෙන් හඳුන්වනු ලබන
පහත දැක්වෙන රටාවේ
0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ......
එක් අංකයක් සැදෙන්නේ
එම අංකයට පෙර ඇති අංක දෙකේ එකතුවෙනි.

2, 3, 5
2=1+1
3=2+1
5=3+2

මෙසේ  මෙම රටාව අනන්තය දක්වා ගමන් කරයි.

එක ළඟ ඇති අංක දෙකක
කුඩා අංකයෙන් විශාල අංකය බෙදූ විට ලැබෙන අනුපාත
1, 2, 1.5, 1.667, 1.6, 1.625, 1.615, 1.619, 1.618 ආදී වශයෙන් වෙනස් වී
1.6180339887 ස්වර්ණමය අනුපාතය නමින් හැඳින්වෙන
අංකයට ආසන්න අගයක පවතී.



කුඩා DNA අණුවේ සිට චක්‍රාවාට දක්වාත් ඉන් ඔබ්බටත්
ස්වභාව ධර්මයෙහි නිතරම දක්නට ඇති
පොදු අනුපාතය 1 : 1.618ක් වන
ස්වර්ණමය අනුපාතය

ස්වභාව ධර්මය සමබරතාවය රැකගැනීමට
උපයෝගී කරගන්නා ප්‍රධානම අනුපාතය විය හැක.



සොබා දහම විසින් හෝ
කලාකරුවන් විසින් කරන නිර්මාණ වල පමණක් නොව
වෙළඳපොල ආර්ථිකය හා කොටස් වෙළඳපොල වැනි
අවිනිශ්චිත ක්ෂේත්‍රයන් මත පවා මෙම අනුපාතය බලපාන බව
අද පිළිගැනෙයි.

ස්වභාව ධර්මයෙහි දක්නට ලැබෙන ස්වර්ණමය අනුපාතය

 DNA අණුව,



 

ගස් වල අතු ඉති බෙදෙන ආකාරය,
මල්වල රේණු විහිදෙන ආකාරය ආදී වශයෙන්
ස්වර්ණමය රටාව නිතරම දක්නට ඇත.

මෙහි තද නිල් වක්‍ර 21කට ළා නිල් වක්‍ර 13ක් පිහිටා ඇත.



 

====================================================================

මිනිස් සිරුර, 



සතුන්ගේ කටු හා චර්යාවන් තුළ..


ස්වර්ණමය වක්‍රය ඇසුරෙන්  නිමවුණ කටුවක් සහිත
නෝටිලස් මුහුදු බෙල්ලා වසර මිලියන 500ක් තිස්සේ
පවතින හැඩය සැලකියයුතු වෙනසකට බඳුන් නොවූ
ප්‍රකට සත්ව විශේෂයකි.

නෝටිලස් මුහුදු බෙල්ලාගේ හැඩය
වසර මිලියන 500ක් තිස්සේ නොවෙනස්ව පැවතීමට
ස්වර්ණමය අනුපාතය බලපාන්නට ඇත.
එසේම විටෙක මීටර් දෙකහමාරක් පමණ විශාල බෙල්ලන්ද හමුවෙන අතර
මුහුදෙහි අඩි 2600ක් තරම් ගැඹුරෙහි දැනෙන අධික පීඩනයට ඔරොත්තු දීමටද
උගේ විශේෂ කටුව සමත්  බව සොයාගෙන ඇත.

========================================================================

නිර්මාණ කෞශල්‍යයෙන් යුතු මිනිසුන් විසින්...

චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ඡායාරූප ශිල්පය,
වෙළඳ ප්‍රචාරණය ආදී විවිධ ක්ශේත්‍රවල නිර්මාණ වලට
නොයෙක් ආකාරයෙන් ස්වර්ණමය වක්‍රය,  අනුපාතය හා රීති යොදාගෙන ඇත.


















ස්වර්ණමය වක්‍රය කෙළින්ම භාවිතා නොකළත්
ස්වර්ණමය වක්‍රය හා රිද්මයක් ඇතිවෙන අයුරින්
අරමුණ සකස් කරගැනීමෙන්
නිර්මාණය කලාත්මක වෙනවා.
පහත දැක්වෙන්නේ ඒ සඳහා හොඳම නිදසුනක්.

"මේ පයිප්පයක් නෙමෙයි" -René Magritte

http://1.bp.blogspot.com/-grg1ClzUDW4/UYaRZQy3bvI/AAAAAAAAMUc/CPO8UtJKv34/s1600/zxc.jpg
මෙහි අකුරුවලින් ඉහළ කොටස
ස්වර්ණමය අනුපාතයට හරියටම අනුකූල
ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයක්.

රෙනේ මැග්‍රිට් පයිප්පය ඇඳ තිබෙන්නේත් 
ස්වර්ණමය වක්‍රය සමග රිද්මයක් ඇතිවෙන අයුරින්.

ස්වර්ණමය රීති වලට පක්ෂපාතීව
එහෙත් රීති වලට වහල් නොවී
ඉතාම නිර්මාණ ශීලීව කරන ලද
විශිෂ්ඨ නිර්මාණයක්.

===================================================== 

ප්‍රචාරක වෙළඳ ලකුණු


ඇපල් සමාගමේ
ප්‍රචාරක වෙළඳ ලකුණු වලටත්
ස්වර්ණමය රීති උපයෝගී වෙනවා.
 

Image result for disney logo golden curve


========================================================

ගෘහ නිර්මාණ ශිල්පය

Pyramids of Giza, the Parthenon, සිට
Le Corbusier and Mies van der Rohe ආදීන්ගේ නිර්මාණ

http://media-cache-ec2.pinimg.com/192x/0c/b6/3a/0cb63aa3d3e23641782e694ae26d1f42.jpg



http://batteredluggage.smugmug.com/Travel/Travel/i-q5pqMZv/5/900x900/The%20Golden%20Spiral-900x900.jpg

http://farm5.staticflickr.com/4132/4946963750_ae65589e6c_z.jpg

===========================================

 මෝටර් රථ නිපදවීම


ජේම්ස් බොන්ඩ් 007 චිත්‍රපට මාලාව සඳහා නිපැයුණ
ඇස්ටන් මාටින් මෝටර් රථ නිර්මාණයේදී...
 .
http://www.goldennumber.net/wp-content/uploads/2013/02/aston-martin-db9-golden-ratio-design-proportions.jpg


ස්ටාර් ට්‍රැක් චිත්‍රපට සඳහා නිර්මාණය කළ
USS Enterprise යානය
http://www.goldennumber.net/wp-content/uploads/2013/04/USS-Enterprise-golden-ratio-01.gif


================================================================================

  සංගීතය



2, 3, 5, 8, 13 අනුපාත සංගීත ස්වර අතර..

Billie Jean MICHEAL JACKSON Thriller 

x



මයිකල් ජැක්සන්ගේ
අතිශය ජනප්‍රිය ගීතයක් වන බිලි ජීන් ගීතයේ
ආරම්භක වාද්‍ය ඛණ්ඩ වලදී මෙන්ම
තවත් සුවිශේෂී සංගීතඥයන්ගේ සංගීත නිර්මාණ වලත්
ස්වර්ණමය රටාව අඩංගු වන බව
දකුණු ඉන්දියානු සංගීතඥයෙකු වන
විජේ අය්යර් පවසයි.
===============================================

ඡායාරූප ශිල්පය
Fuji දළ සේයාපට රාමුව

 http://fc00.deviantart.net/fs45/i/2009/108/4/6/Fibonacci_Spiral_by_jakegarn.jpg

 http://farm5.staticflickr.com/4064/4614184132_1d406e9547_z.jpg

http://cdn.indulgy.com/69/97/r4/90775748709281634oMFprHsDc.jpg

 http://new.jakegarn.com/wp-content/uploads/2009/04/carly-fruit-212.jpg

 http://www.digital-photography-school.com/wp-content/uploads/2010/11/achiofalo-14-2-600x399.jpg

   http://www.infofotografi.com/blog/wp-content/uploads/2012/07/putri-blouvia-model.jpg

 http://www.infofotografi.com/blog/wp-content/uploads/2012/07/putri-golden-spiral.jpg

 http://lh6.ggpht.com/_x9x16pAoe3E/TBo26cVO0OI/AAAAAAAAAA0/205ywOhkKes/s576/fibonacci.jpg

 http://1.bp.blogspot.com/-unKvexcBZ-k/T8VNev5zRbI/AAAAAAAAAIU/tlq60NzDJ-Y/s1600/4707140963_16e4f1d513_z.jpg

http://www.fabiovisentin.com/docs/Image/golden-spiral-applied-photography-3.jpg

http://pcdn.500px.net/11694367/3f4bcb633b64767c1a3cc038cc7fa445b6559a1b/4.jpg

 http://www.photostockplus.com/community/wp-content/uploads/spiral3.jpg

 http://t0.gstatic.com/images?q=tbn:ANd9GcS5XgKB85AcgmGw1p2KmCTrJVTO6qZYPupoquwOR3hlbDimJ1fTIQ

  http://fotografeumaideia.com.br/site/images/stories/autores/mate_fotografia/composicao-com-racio-fibonacci-2.jpg

  http://scienceblogs.com.br/100nexos/files/2011/11/2011110147_6935576837.jpg

http://omeuolhar.com/files/artigos/composicao-com-racio-fibonacci-1.jpg

   http://4.bp.blogspot.com/_g8bN8ziKCgE/SfX5HhI2MkI/AAAAAAAAAIY/QW555QWIsAw/s400/ss-fp1.jpg

වාහනයක් හරියට පදවන්න දන්න
දක්ෂ රියදුරෙකුට
වාහනය නිසියාකාරයෙන්
ආපස්සටත් පදවන්න පුලුවන්.

හොඳින් පදම් වුණ ශිල්පීන්
රීතියට විරුද්ධවත්
හොඳ නිර්මාණ කරනවා.

කළ යුත්තෙ
රීතියට ගැලපෙන්න
ඡායාරූපය ගැනීම නෙමෙයි.
ඡායාරූපයට ගැලපෙන්න
රීති සකස් කර ගැනීමයි.

=======================================================

ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන
 ස්ටීව් මැක්කරිගෙ ඡායාරූප...

එහි රාමුවෙ පරිමාණය ස්වර්ණමය රාමුවට සමීපයි.
ස්ටීව්  ස්වර්ණමය රාමුව හදාගෙන ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..


රාමුවෙ පරිමාණය ස්වර්ණමය රීතියට අනුකූල රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ ස්වර්ණමය රීතියට අනුව
සමබරව සිටිය යුතු ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.

ඒ විදියට සමබර බව බිඳීම නිසා ඇගේ ගමන හොඳින් දැනෙනව.
ස්ටීව් රීතිය රැක්කා නම් ප්‍රතිඵලය වෙනස්.

මේ තියන ඡායාරූප වල කාන්තාව හරියටම
ස්වර්ණමය රීතියට අනුව ස්ථානගත කරල තියනවා.

ඇය අහසෙ පාවෙන ගතියකුයි පෙනෙන්නෙ.
රාමුවත් හැඩතලත් සමබරයි..

ඇය කකුල දික් කරගෙන ඉන්නවා වගෙයි.
මුල් ඡායාරූපයෙ තරම් පහළට බහින ගතිය
අපට දැනෙන්නෙ නැහැ.

ස්ටීව්  මුල් ඡායාරූපයෙ
ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන
ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා.
==================================================



Photo by Steve McCurry ( No. 3 & 4 )

3 හා 4 -ස්ටීව්ගේ මුල් ඡායාරූපය
1 හා 2 - ස්ටීව්ගේ ඡායාරූපයේ මිනිසා
ස්වර්ණමය ලක්ෂ්‍යයට රැගෙන ඒමෙන් පසු.

මෙ මිනිසා ස්වර්ණමය ලක්ෂ්‍යයට එන්නට පෙර
ස්ටීව් ඔහු ඡායාරූපගතකොට තිබෙනවා.
ඒ නිසා ඔහු තවම ගමන් කරන බව පෙනෙනවා.
මිනිසා ස්වර්ණමය ලක්ෂ්‍යයට
රැගෙන ආ ඡායාරූපයේ ඔහු ගමන අවස්න් කල බවක් හැඟෙනවා.

මේ දෙකෙන් වඩාත් ප්‍රියජනක වන්නේ
ස්වර්ණමය නීතිය ආශ්‍රිතව
එය අනුසාරයෙන්, නිදහසේ ගන්නා ලද
ස්ටීව්ගේ මුල් ඡායාරූපය කියා මම හිතනවා.
==========================================================


රීතියට ගරු කරන නමුත්
රීතියට අනුවම
ඡායාරූප ගතයුතු නැහැ

රීතිය දැනගෙන
රීතිය හිතේ තියාගෙන
තමන්ට දැනෙන හැඟීම මතුවෙන්න
රාමුව සකස් කරගත යුතුයි.

සමහර වෙලාවට
ඒ ටික කරන්න වෙන්නෙ ක්‍රොප් එකෙන්..

සිසිතගෙ ඡායාරූපයෙන්
ඒ දේ හොඳින් සිදුවෙලා තියනවා.
මිනිසා පසුබිමත් සමග සමබර වුණා නම්
සිසිත කියන හුදකලාව දැනෙන්නෙ නැහැ.

 
මෙහි විශාල අවකාශය
ඒ මිනිසා සාපේක්ෂව කුඩා කිරීම නිසා
ඔහුගෙ තනිකම වැඩිවෙලා.
-------------------------------------------------------------------------------


දුවන කෙනෙක් පෙන්නද්දි
රීතිය හරියටම යෙදුවොත්
ඔහු දුවන ගතිය දැනෙ
න්නෙ අඩුවෙන්...


ඔහු ස්වර්ණමය ක්ෂේත්‍රය
ඉක්මවා යායුතුයි.

-------------------------------------------------------------------------------


වර්ණ චක්‍රයෙහි එක් පසෙක වර්ණ සංගත වර්ණ වන අතර
චක්‍රයෙහි එකිනෙකට මුහුණ ලා ඇත්තේ
ප්‍රති විරුද්ධ වර්ණයන්ය.

වර්ණ චක්‍රය සහ වර්ණ පිළිබඳව 
වැඩි විස්තර සඳහා වර්ණ සිද්ධාන්ත  ලිපිය බලන්න
==================================================

ස්වර්ණමය වක්‍රය අඳින ආකාරය

0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ......

ස්වර්ණමය වක්‍රය ඇඳීමේදී මෙම අනුපාත භාවිතා වෙයි.


Fibonacci Spiral


http://www.maths.surrey.ac.uk/hosted-sites/R.Knott/Fibonacci/fibSpiralANIM.gif
ස්වර්ණමය වක්‍රය අඳින ආකාරය







 









 ======================================================


http://photoinf.com/Golden_Mean/John_Longenecker/Rule_of_Thirds/xrule-of-thirds.jpg.


======================================================


ස්වර්ණමය රීතිය හෝ වෙනත් රීති කියන්නෙ
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින පොදු රටාවන් අනුව
මිනිස් මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.

ස්වර්ණමය රීතිය හෝ වෙනත් රීති කියන්නෙ
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින පොදු රටාවන් අනුව
මිනිස් මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.

ස්වර්ණමය රීතිය කියන්නෙ
දෘශ්‍ය කලාවෙ එක රීතියක් විතරයි.

අපි දකින ඕනම හැඩතලයක්
ස්වර්ණමය රීතිය යොදලා
ලස්සණට රූ ගත කරන්න පුළුවන්
කියල හිතෙන එක
වෙනත් රීති නොදන්න කෙනෙකුට
සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.

ඡායාරූපයට ස්වර්ණමය රීතිය බලපාන හැටි
විශේෂයෙන් බලන්න ඔබට අවශ්‍ය නම්
ඔබ කැමති තැනකට සොඳුරු ලක්ෂ්‍යය තියල
කපල බලන්න.

බොහෝ විට
ඔබ ගත් මුල් ඡායාරූපයට වඩා
හොඳ ඡායාරූපයක් නොලැබෙන්න පුලුවන්.
මුල් ඡායාරූපය ආධුනිකයෙකුගෙ නම්
රීතිය ගැලපෙන වෙලාවට
එහි විශාල දියුණුවක් දකින්නත් පුලුවන් වෙයි.

ස්වර්ණමය රීතිය කියන්නෙ
නිශ්චිත රාමුවකට අදාළ
එක් රීතියක්..

වර්ණවලට අදාළ රීති තියනවා.
හැඩතල වලට අදාළ රීති තියනවා.

ඡායාරූපයක රාමුව ඇතුළෙ තියන
අන්තර්ගතයට අනුව
අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බලපාන
රීති පද්ධතියක් තියනවා.

ඒ රීති උපයෝගී වෙන විදිය අනුව
ඇතිවෙන හැඟීම් වෙනස්.
ස්වර්ණමය රීතිය හෝ
වෙනත් රීතියක් කියන්නෙ
රෙඩිමේඩ් ඇඳුමක්.
හැමෝටම ඒක හරියන්නෙ නැහැ.
ගන්නම ඕන නම් අරගෙන
තමන්ගෙ හැඩරුවට ගැලපෙන්න
සකසා ගන්න වෙනවා.

ස්වර්ණමය රීතිය ඇතුළු අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
නිවැරදිව උපයෝගී කරගැනීමෙන් හා නිර්මාණශීලීව බිඳීමෙන්
විශ්මය ජනක ප්‍රතිඵල ලබා ගත හැකියි.

රීති රැකීමටත් රීති බිඳීමටත්
රීති දැනගත යුතුයි.
නිර්මාණශීලී විය යුතුයි.

ඇහැට පෙනෙන දෙයක් රස විඳින
ඕනම කෙනෙකුට
ඡායාරූපයක් ගන්න පුලුවන්.
ඒත් ඡායාරූපයට
කැමරාවක් තිබුණ පමණින් හෝ
කැමරාවෙ තාක්ෂණය දැනගත් පමණින් හෝ
තමන් දුටු දේ
ඒ අයුරිම සටහන් කරගන්න
පුලුවන් වෙන්නෙ නැහැ.

ඔහු දුටු දේ එතරම් හෝ
ඊටත් වඩා හොඳින්
තව කෙනෙකුට පෙන්වන්නයි
ඔහු තව කෙනෙකුගෙන් හෝ
පොතපතින් ඉගෙන ගතයුත්තෙ.

තමන් දකින දේත්
ඡායාරූපයත් අතර පරතරය
නිවැරදිව පියවා ගන්න
නූතන වාදය,
පශ්චාත් නූතන වාදය ආදී සියල්ලත්
ස්වර්ණමය රජතමය ශෛලමය රීති
සියල්ලමත්
කැමරාවෙ තාක්ෂණයත්
ඔහුට ආධාර වෙනවා.

මේ ඡායාරූපයෙ
අහවල් වාදය,
අහවල් රීතිය තියනවද කියල
අනුන්ගෙන් අහන්න අවශ්‍ය නොවෙන තරමට
ඒ වාද හා රීති හදාරන්න.

ඉගෙන ගන්න වෙලාවට
අනුන්ගෙ ඇස් වලින් බලල ඉගෙන ගන්න.

රස විඳින වෙලාවට,
නිර්මාණකරණයෙ යෙදෙන වෙලාවට
තමන්ගෙ ඇස් වලින් ලෝකය දකින්න.

.
.


------------------------------ The End ------------------------------

මේ පිළිබඳව ඔබේ අදහස් හා
මෙ තොරතුරු තවත් හරවත් කරගන්නට ඔබේ යෝජනා බලාපොරොත්තු වෙමි.

_____________________________________________________

  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  8. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  9. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  10. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  11. රීතිවලට යටත්වන්න එපා
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..

31 comments:

  1. මාරයි...
    මන් මේක එක හුස්මට
    හොඳින් කියෙව්වා...
    ස්වභාදහමේ උදාහරණ
    විශ්මය ගේනවා..
    සරලව තියෙන නිසා
    ඉගෙන ගන්න ලේසියි...
    ඒත් තව දෙතුන් පාරක්
    කියවන්න හිතෙනවා...
    ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. Dinesh...
      කියවන සියදෙනෙකුගෙන්
      එක්කෙනෙකුට හරි
      ප්‍රයෝජනයක් තියනවා නම්
      ඒක සතුටක්.. :)

      Delete
  2. athula mahaththayaa....Loku pinak karagaththaa kiyalaa hithaagannaa.....

    ReplyDelete
  3. කියලා වැඩක් නෑ... ඔබ වැනි අයෙක්ගෙන් මෙවැනි වැදගත් තොරතුරුවලින් ගුරු මුෂ්ටියකින් තොරව අපව දැනුවත් වීමට තරම් අප පින් කර ඇති හැඩයි.

    ReplyDelete
  4. very interesting article. thanks for sharing it with us.

    ReplyDelete
  5. බොහොමත්ම ස්තුතියි. නිදන් උන් මනසට හොඳම හොඳ උත්තේජකයක්....

    ReplyDelete
  6. ඉගෙන ගන්න කෙනෙක්ටනම් ඔනෑ කරන දේවල් ගොඩක් ති‍යෙනවා, සර් ‍ගෙන් මෙවැනි දෑ ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම පිං සර් ඔබ දන්නා දේ අපි සමග බෙදා හදා ගත්තාට.

    ReplyDelete
  7. සර් මම ස්වර්ණමය නීතිය කියන එක අහල තිබ්බට හරියටම අද තම ඉගෙන ගත්තේ, බොහොම ස්තුත්යි මේවගේ දේවල් ලියනවට..ගොඩක් වෙදගත්..

    ReplyDelete
  8. දන්නා දෙයක් කියාදෙන්න ඇති උනන්දුව හා උවමනාව ගැන මුලින්ම ඉගෙන ගන්න පුළුවන් උනා..
    මෙවන් දේවල් දකින්න ලැබීමත් සතුටක්..ඉගෙනගන්නනම් දේවල් බොහොමයි..
    ඉස්තූතියි ඔබට..

    ReplyDelete

  9. මෙහි අරමුණට අරුතක් දෙමින්
    ප්‍රයෝජන ගන්නා
    ඔබ සැමටත් ස්තූතියි..

    ReplyDelete
  10. මේ වටිනා ලිපිය ලියන මෙන් ඔබේන් ඉල්ලා සිටිමට හකිවිම ගැන මම සතුටු වේමි.ඔබට ස්තූති වේමි.මින් ඉදිරියටත් දැනුම පිපාසිත උවන්ට ඔබේ සේවය ලැබේනු දැකිම සතුටකි.

    ReplyDelete
    Replies
    1. ඔව්..Yasa...
      මීට කලිනුත් මෙ ඉල්ලීම මගෙනුත් පොදුවේත් ඉල්ලූ අය හිටියා.
      ලිවූ අයත් හිටියා..
      යසාගේ මේ පුද්ගලික පණිවිඩය තමයි අවසාන උත්තේජනය වුණේ..
      ස්තූතියි.
      ---------------------------------------------------------
      Tuesday 8:38pm
      Yasa Pahalage ඔබට හැකිනම් මේ රේඛාව හැදේන ආකාර විස්තර කර දෙන්න.ඔබට ස්තූති වන්ත වේනවා.මේ රේඛාව ආරම්භ කරනේ නාභිගතවු ලක්ෂයේ සිටද?මේ රේඛාව නිර්මාණය කර ගන්නේ කෙලේසද?..
      https://www.facebook.com/photo.php?fbid=3263436671482&set=oa.252617194840320&type=1&relevant_count=1&ref=nf
      Photo

      By: Athula Siriwardhane
      Delete

      Delete
  11. ඔබ ඔබේ යුතුකම මැනැවින් ඉටු කරනවා.
    හැමදාමත් වගේ මා ඔබේ ඒ නිස්සරණධ්‍යාසයෙන් කරන්නාවූ කාර්යයන් බොහෝ සේ අගය කරනවා.

    ReplyDelete
  12. Vijaya KarunasenaMay 9, 2013 at 5:58 PM

    Thank you for sharing this concept and broadning the readers' horizons. It is indeed realy useful.

    ReplyDelete
  13. ලෝකයේ මොන තරම් නව සොයා ගැනීම් තිබුණත් ඉන් බොහෝ දෙනෙකුට ඵලක් නැහැ.
    ඒ ගැන දැනුම පහලට නොයන නිසා. ඔබගේ මේ කාර්යය නිසා අලුත් ලොවක් දකින්න හැකි වෙලා
    තියෙනවා බොහො අයට. ඒ තුලින් නිර්මාණ කරුවන් රැසක් ලොවට දායාද වේවි.

    ReplyDelete
  14. Godak Watina Lipiyak sir, Obe danuma tawath wadivi ema danuma apa athara beda ganna obata shakthiya

    ReplyDelete
  15. This is an amazing post....!!! Thank you.!

    ReplyDelete
  16. Chathuruka RanawakaMay 21, 2013 at 9:16 AM

    ගොඩාක් ස්තූතියි සර්....

    ReplyDelete
  17. ඔබට සැබවින්ම ගොඩාක් ස්තූතියි අතුල මහත්මයා,

    මට ඉස්සර දවසක එක්තරා දේශනයකදී
    මෙම 1.618 ගැන ඉතා සුලු මොහොතකදී
    ඇසුන නමුත්
    ඉන් එහාට මේ රීතිය ගැන පැහැදිලි කිරීමක් උනේ නෑ.

    එදා ඉදන් මේ ගැන මම සොයන්න උත්සහකරත්
    මට සොයාගන්න බැරි උනා.

    කාගෙන් හරි මේ ගැන අහන්නවත්,
    අහන්න යන්නෙ මොකක්ද කියල වචනෙන් කියන්න දැනගෙන හිටියෙ නෑනෙ.

    අහඹුලෙස හෝ මට අද ඒ දේ ගැන
    හරියටම දැනගන්න ලැබුනෙ
    ඔබ තුමා කරන මේ උතුම් වැඩපිළිවෙල නිසා.....

    හිතට දැනෙන විදියට ස්තූති කිරීම ප්‍රමානවත්දැයි දන්නෙ නෑ.
    ඔබට ස්තූතියි... පිං....!!!

    ReplyDelete
  18. හරිම වටිනව මේපලකිරීම ස්තූති අතූල මහත්මානනි

    ReplyDelete
  19. ස්වර්ණමය රීතියට ගැලපෙන ලෙස ඡායාරූපයක් crop කරන විදිය දැනගන්න කැමතියි.

    ReplyDelete
  20. ඔහොම ස්තුත්ය්.. එක දිගට කියෙව්වා.. ගොඩක් වටිනවා.. ..

    ReplyDelete
  21. මමත් ඔබතුමා මේ ගැන කියපු අවස්ථා වල පොඩ්ඩක් එබිලා බැලුව බ්ලොග් එකට.......හරි හමන් දෙයක් මේක ගැන තිබ්බෙත් නෑ.....මට උවමනාවක් තිබ්බෙත් නෑ ඒ දවස් වල....මට නියම කාලෙට නියම දේ ලැබෙන්නේ.....උසස් පෙලට පස්සේ ආපු නිවාඩුවේ ෆොටෝ ටිකක් ච්රොප් කරලා බලල ඉගෙනගන්න පුළුවන් ඔබතුමාගේ මේ ලිපි නිසා........

    ReplyDelete
  22. බොහොම වටිනා කියන ලිපියක් අතුල මහත්මා බෙහොම ස්තුතියි ඔබතුමාට

    ReplyDelete
  23. බොහොම වටිනා ලිපියක්, අතුල මහත්මයා ගොඩක් පිං ඔබට !!

    ReplyDelete
  24. බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  25. You should really participate in a contest for one of many greatest
    blogs online. I will highly recommend this website!


    Also visit my site: My Web Page - google.com -

    ReplyDelete
  26. මේකනම් මාරයි, මේ තරම් පැහැදිලිව මීට කලින් කිසිකෙනේ කියල දීල නැහැ.

    ReplyDelete
  27. සියලු දෙනාගේම
    මිත්‍රශීලී ප්‍රකාශ වලට සහ
    කෘතඥතාවයට ස්තූතියි.

    ඔබේ හිත මිතුරන්ද දැනුවත් කරන්න.

    ReplyDelete