20160805

ඡායාරූපයක අරමුණ රාමුවෙන් කැපෙන එක වරදක්ද?


අරමුණ රාමුවෙන් කැපෙන එක වරදක් කියල
බොහෝ ඡායාරූප ශිල්පීන් හිතනවා.
මේ ගැටළුව රසිකයන්ට නැහැ.
ඔවුන් රාමුව තුළ තියන දේ
ඡායාරූපය වශයෙන් සලකනවා.

අරමුණ රාමුවෙන් නොකැපිය යුතුයි
කියල පිළිගත් රීතියක් නැහැ.
අරමුණ රාමුවෙන් කැපිය යුතුයි
කියල පිළිගත් රීතියක් නැහැ.


අරමුණ රාමුවෙන් කැපෙන එක වරදක්ද නැද්ද
කියල තීර
ය වෙන්නෙ
ඒ කැපීම ඡායාරූපයට බලපාන විදිය අනුවයි.

රිද්මයට හුරු වුණ තියුණු ඇසක් ඇති කෙනෙක්
ඡායාරූපයක් ගන්න කොට
රාමුවට කැපුණත් නිවැරදියි..
නොකැපුණත් නිවැරදියි.
====================================================
 Photo by
from
The Takeoff... Changeable Hawk eagle
Canon 60D with Sigma 150-500 @500mm
Shutter speed 1/2500 sec
Aperture f/6.3
ISO Speed 1600 — at Udawalawa National Park.



Athula Siriwardhane
Wow...
    One of the best wild life photos
   I've ever seen..

        Dumith Mudannayake
Thanks Mr. Athula for the appreciation.. although i thought its not that good
coz I've lost just a feather from the top of the frame.. anyways thanks again for comments..
Appreciate it.. and surely an encouragement for me..

    Athula Siriwardhane
Don't Worry Dumith..
    I didn't notice it til you told me..
    That is a wrong way to judge...
    If what is inside is right... that too is right..
    If you get them in, it would be different...
    That crop may be a plus..

    If the feathers were in face would lose attention..
    I suppose..

    Dumith Mudannayake

thanks for ur advice..

    Athula Siriwardhane .
    මේ ඡායාරූපයෙ විශේෂත්වයට
    අපූර්වත්වයට
    මූලිකම හේතුව ඉහළ තියන පිහාටු ටික කැපෙන එකයි..

ඒ ටික තිබුණා නම්....

       මේ ඡායාරූපය අපි නිතර දකින
    තවත් එක් වනජීවී ඡායාරූපයක් පමණයි.

 ==================================================
 කුරුල්ලාගේ නික්මීම




කුරුල්ලාගේ නික්මීම වඩාත් දැනෙන්නේ
කවර ඡායාරූපයේද?

  කුරුල්ලා පමණක් නොවෙයි...
පසුබිමත් එහි රේඛාත් මේ කුරුල්ලාට ජවයක් සපයනවා.

කුරුල්ලා කුඩා කොටුවෙන් පිටත් වෙනවාක් මෙන් හැඟෙන අතරෙ
ඉදිරි කොටුව විශාල වීම උගේ පිම්මට ආධාරකයක්.

මේ ඡායාරූපයෙ විශේෂත්වයට, අපූර්වත්වයට
    මූලිකම හේතුව ඉහළ තියන පිහාටු ටික කැපෙන එකයි..

සම්පූර්ණ තටුව ඇතුල් වීමෙන්
උගේ ජවය බොහෝ දුරට බාල වෙනවා.




ඡායාරූප බලා මෙලෙස කරන විශ්ලේෂණ
ඔබේ යටි සිතේ තැන්පත්වෙනවා.
අවශ්‍ය වෙලාවට උපකාරී වෙනවා.

රීති ඉගෙනීමෙන් සිදු වෙන
හොඳම සේවය නම්
ඡායාරූප ශිල්පය පිළිබඳ කලාවක් ලෙස
ඔබ ඇතිවෙන ගෞරවය මත
ඔබට වෘත්තීය අභිමානයක් ඇති වීමයි.

ඔබ වහලුන් කරගන්න හිතාගෙන
ඔබ සදාකාලික නොදරුවන් ලෙස
අත පල්ලේ තියාගන්නට
වෙර දරන අයට නොරැවටෙන්න.

ඔබත් රීති හැදෑරීමට සහ
ඒ මත අභ්‍යාස කිරීමට විනා
රීතිවලට අනුව ඡායාරූප ගන්නා
යන්ත්‍රයක් නොවන්න.


====================================================

            ඔබ වීව් ෆයින්ඩරයෙන් බලන විට
    ඔබ අසා දැක තියන සියල්ලට වඩා
    ඔබේ ඇසට පෙනෙන දසුන විශ්වාස කරන්න.
    ඔබ හිතන්න ප්‍රමාද වුණා නම්
    මේ කුරුල්ලා රාමුවෙන් ඉවතට යනවා.
    අරමුණ අචල එකක් වුණත්
    ඔබට පෙනෙන දේ විශ්වාස කරන්න.

    කිසිම ඡායාරූපයක්
    එකම රීතියකට යටත් නැහැ.

    රීති සියල්ලම තනි තනිව හදාරන්න..
    ඔබ තෝරාගන්නා රාමුව
    ඒ රීති සියල්ලෙත්
    ඔබේ උකහා ගැනීමෙ ශක්තියේත්
    සංකීර්ණ සංකලනයක්..

    රීති අනුව ඡායාරූප ගැනීම
    අභ්‍යාසයක් විතරයි..
    එහිදී අපි අනිත් රීති
    නොසලකා හරිනවා.
    ඡායාරූපයක් ගන්න වෙලාවට
    එක් රීතියකට කොටු වුණොත්
    ඒක නිර්මාණයක් නෙමෙයි.
    ඒ ඡායාරූපයට
    රීතිය ඉගැන්වූ කෙනාත් හවුල්.

    රීති නොසලකා ගන්න ඡායාරූපත්
    නිර්මාණ නෙමෙයි.
    කොයිතරම් හොඳ වුණත්
    ඒක කණා ෂොට් එකක්.
    ඔහුට ආයේ ජීවිතේටම
    එවැන්නක් නොලැබෙන්න පුලුවන්.

    රීති හොඳින් හදාරන අය
    ඡායාරූප ගන්න වෙලාවෙදි
    රීති සිහි කරන්නෙ නැහැ.

    හොඳින් තියුණු කරල තියන නිසා...
    ඔහුගෙ ඇස තීරණ ගන්නවා.   

වීව් ෆයින්ඩරයෙන් බලන ඡායාරූප ශිල්පියෙක්
ඒ මොහොතට තමන් දකින දේ
රස විඳිය යුතුයි.

ඒ රසය තමයි අපිත් පසුව විඳින්නෙ.

ඔහු ඒ මොහොතෙ හිතුවොත් රසය ගිලිහෙනවා.

ඔහු ඡායාරූපය ගන්නෙ සිතුවිල්ලකට අනුවයි.
එහි අර රසය නැහැ.
=============================================================

රීති පිළිබඳ ලිපි

.

No comments:

Post a Comment