20130905

රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.





රීතියක් ස්වර්ණමය වුණත් සිද්ධාන්තයක් නෙමෙයි.

 
නවකයෙක් රීති සොයන්නෙ නැතුව
නිර්මාණ කරන්න හැදුවොත්
ඔහු කවදාවත් ප්‍රවීණයෙක් වෙන්නෙ නැහැ.
වැඩි කල් කරන්නෙත් නැහැ.
ප්‍රවීණයෙක් නීති රීති පිළිපදින්න ගියොත්
ඔහු කවදාවත් කලාකරුවෙක් වෙන්නෙ නැහැ.
ඉන්න තැනින් එහාට යන්නෙත් නැහැ.

නවකයන් රීති හදාරන්න ඕන.
ප්‍රවීණයන් රීති හදාගන්න ඕන..

රීතියක් කියන්නෙ මූලික සැකිල්ලක් විතරයි..
අවස්ථාවෙන් අවස්ථාවට රීති වෙනස්වෙනවා. 
ශිල්පීන්ගෙ රසඥතාවය අනුව රීති වෙනස්වෙනවා.
ඡායාරූපයක වර්ණ, හැඩතල, රේඛා, අනුව රීති වෙනස්වෙනවා.
ඇතිකරන්න අවශ්‍ය හැඟීම අනුව රීති වෙනස්වෙනවා.

රීතියක් කියන්නෙ
නිශ්චිත හැඩයක් ඇති
නම්‍යශීලී මැටි පිඩක්.

ඒත් රීතියකින් නිර්මාණයක් කරද්දි
ඉන් සාදාගත හැකි හැඩ ප්‍රමාණය
අවිනිශ්චිතයි. අසීමිතයි.

නිර්මාණ ශීලී කලාකරුවා එයින් මූර්තියක් අඹනවා.
ඔහුගේ නිර්මාණය තුළ මැටි පිඩ සොයාගන්නට
රසිකයෙකුට නොහැකි වෙන්න පුලුවන්.

ඒත් ආධුනික ශිල්පියා
සම්භාව්‍ය නිර්මාණ තුළ
රීති සෙවිය යුතුයි.

ඔහුට රීතියක ප්‍රායෝගික භාවිතය
තමන්ගේ නිර්මාණවලට
නිසි පරිදි එක් කරගත හැක්කේ එවිටයි.https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/q71/1234115_10200540573143523_2075307329_n.jpg


---------------------------------------------------------------------------------------------

1, 
ස්වර්ණමය රීතියට හෝ
වෙනත් රීතියකට අනුව
මේ ලක්ෂ්‍යය බලන්න පහසුයි
කියල රීතියකින් කියන්න පුලුවන්.

2,
හිස් කොටුවක තිතක් නම්
ඒ අවස්ථාවට විතරක් රීතිය සිද්ධාන්තයක් විදියට ගන්න පුලුවන්.
 
 3
තව රේඛාවක්
කොටුව ඇතුළට ආවම සිද්ධාන්තය බිඳෙනවා.
ඒ දෙක අතරෙ ආතතියක්,
සංවාදයක්, විවාදයක් ඇති වෙනවා.
 4
රේඛාව ලක්ෂ්‍යය දෙසට ඇදෙන නිසා
රේඛාවට දකුණෙන් විවෘත වීම වැඩියි.
 
 5
 රේඛාවත් තිතත්  එහාට මෙහාට කරල
ඒ දෙකම සමබර වෙන විදියට
සම්පිණ්ඩණය හදන්න වෙනවා.

රේඛාවත් තිතත් ක්‍රියා කරන්නෙ
අදෘෂ්‍යමාන ත්‍රිකෝණයක් විදියටයි.

 6
සමස්තයක් විදියට ගත් විට
දැන් රේඛාව සහ තිත අතර සම්බන්ධය
ස්වර්ණමය වක්‍රය සමග සැසඳෙනවා.


ත්‍රිකෝණය සම්පූර්ණ කළ විට
මේ කරුණ වඩාත් පැහැදිලියි.
 
 රේඛාව ලක්ෂ්‍යය දෙසට ඇදෙන නිසා
රේඛාවට දකුණෙන් විවෘත වීම වැඩියි.

 ත්‍රිකෝණය  එහාට මෙහාට කරල
ඒ දෙකම සමබර වෙන විදියට
සම්පිණ්ඩණය හදන්න වෙනවා

 දැන් රේඛාව සහ තිත අතර සම්බන්ධය
ස්වර්ණමය වක්‍රය සමග සැසඳෙනවා
.


 

_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure





No comments:

Post a Comment