20121120

ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද?





අදින් වසර දහයකට දොළහකට පෙර
ඉන්දියාවේ මදුරාසියේදී,
එනම් වර්තමාන චෙන්නායි හිදී
විශිෂ්ඨ සර්කස් සංදර්ශනයක් නැරඹුවෙමි.
එහි සුවිශේෂී අංග අතර
අප කවුරුත් හොඳින් දන්නා
මාරක ළිඳෙහි දිගුවක් ලෙස
ඊටවඩා බෙහෙවින් අවදානම් සහගත
මාරක ගෝලය තුළ මෝටර් සයිකල් පැදීම
මා දුටුවේ එදාය.

මෝටර් සයිකල්කරුවන් දෙදෙනෙක්
එම ගෝලය තුළ එක වර පදිනු දුටුවෙමි.
මේ පිළිබඳව තොරතුරු විමසන විට
සයිකල් කරුවන් සංඛ්‍යාව
අටදෙනෙක් වන සර්කස් කණ්ඩායම්
ලොව ඇති බව දැනගතිමි.


Garcia Family Thrill Riders කණ්ඩායමේ
Leo Garcia  විසින් 2006දී
කොටස් තුනකට වෙන්කළ හැකි
පලමු ගෝලය තැනුවේය.
ඒ වර්ගයේ එකම ගෝලය වන මෙම මාරක ගෝලය
පොළවෙන් අඩි පහක් ඔසවනු ලබයි.
Garcia Family Thrill Riders ක්‍රීඩකයන්
මැද කොටසේ සයිකල් පදිද්දී
ඉතිරි කොටස් දෙක අඩි හතරක පරතරයක් තබා
වෙන් කරනු ලැබෙයි.
මෙම අවස්ථාවෙහි මුලු ගෝලයම
අඩි විසිතුනක් ඉහළට එසවෙයි.
වාර්තාගතවී ඇති ආකාරයට
මාරක ගෝලය තුල මාරයා සමග ක්‍රීඩාකරන ළාබාලම මෝටර් සයිකල් කරුවා, 
Maximus Garciaගේ වයස (2006 අගෝ 16ට.) අවුරුදු 4 මාස 6 දින 8ක්.


වියපත්ම සර්කස් ක්‍රීඩකයා ලෙස 2010දී Rank Brasil සම්මානය දිනූ
බ්‍රසීල ජාතික Claudio Azevedo Rodriguesට මේ වනවිට වයස 69කි.

1949ත් 1997ත් අතර
මාරක ගෝලය ආශ්‍රිත මරණ තුනක්
පමණක් වාර්තා වී ඇත.
මේ ක්‍රීඩකයන්
මරණයට එරෙහිව ජීවිතය පරදු තබා
මාරක ගෝලය තුල ක්‍රීඩා කරන්නේ
ගුරුත්ව කේන්ද්‍රයත් ගුරුත්වාකර්ෂණයත් අතර
සමබරතාවය රැක ගනීමේ
ස්වර්ණමය රීතියට අනුවය.

එදිනෙදා ජීවිතයේ
සයිකලය පදින සාමාන්‍ය පුද්ගලයන්,
විශේෂයෙන්ම කුඩා දරුවන් සහ
වියපත් පුද්ගලයන්
සිය සිරුර පොළවට
අංශක අනූවකට ආසන්නව තබාගෙන
සයිකලය සමබර කරගනී.

සයිකල් පැදීමෙහි දක්ෂයා
අවශ්‍ය විටෙක සයිකලය ඇල කිරීමෙන්
සමබරතාවය රැක ගනියි.

සයිකලය ඇල කලත්
ඔහු ගුරුත්ව කේන්ද්‍රයත්
ගුරුත්වාකර්ෂණයත් අතර
ස්වර්ණමය සම්බන්ධතාවය
නොබිඳ පවත්වා ගනී.

ස්වභාව ධර්මය පවතින්නේ
සමතුලිත බව හා
එහි බිඳ වැටීමත් මතය.

සීරුවෙන් සිටගෙන සිටින කෙනෙක්
සමතුලිත තාවය බිඳ
ඉදිරියට පියවරක් තබා
ඒ පාදය මත මොහොතකට
සිරුර සමබර කරගෙන
තවත් පියවරක් තබයි.

ඇවිදගෙන යන පුද්ගලයා
එක් මොහොතක ගුරුත්ව කෙන්ද්‍රයත්
ගුරුත්වාකර්ෂණයත් අතර
සම්බන්ධතාවය බිඳින අතර
නැවත යළි ළබාගනියි.

දුවගෙන යන කෙනෙකු
දුවන අතර
සමතුලිතතාවය තබාගන්නා
කාල පරාසය ඉතා අඩුය.

එම කාලය අඩුවන තරමට
ඔහුත් ගුරුත්වාකර්ෂණයත් අතර
සම්බන්ධතාවයද අඩුවන අතර
ඔහුගේ නිදහසද වැඩිවෙයි.

සිහිය දියුණු කිරීමේ උපක්‍රමයක් ලෙස
සටන් කලාව පුහුණුවන
ශාඔලින්හි චීන භික්ෂූන්ට
සිරස් බිත්තියක් දිගේ දිවිය හැක.
http://thebrandbuilder.files.wordpress.com/2012/09/china-10038nf3_0-steve-mccurry.jpg

සාමාන්‍ය සමතුලිතතාවයත්
සමතුලිතතාවය බිඳීමත් අතර
මේ දෙකටම අයත් නොවන
ස්වර්ණමය ලක්ෂ්‍ය්යක් පවතී.
එම ලක්ෂ්‍යය ක්‍රියාකාරීවනවිට
එම ලක්ෂ්‍යය ගමන් කරන
ස්වර්ණමය රේඛාව  වක්‍රයකි.

මේ ස්වර්ණමය ලක්ෂ්‍යය සහ වක්‍ර
කුඩා දරුවාට මෙන්ම මහල්ලාටද
ගල් යුගයේ ගෝත්‍රිකයාට මෙන්ම
නූතන විද්‍යාඥයාටද පොදුය.


1 : 1.618ක් ලෙස දැක්වෙන ස්වර්ණමය අනුපාතය
ස්වභාව ධර්මයෙහි නිතරම දක්නට ඇති
පොදු අනුපාතයකි.

DNA අණුව, මිනිස් සිරුර, ( උද: ඇඟිලි පුරුක් අතර,
හිසේ සිට නාභියත්, නාභියේ සිට පාදයත් අතර දුර )
ගස් වල අතු ඉති බෙදෙන ආකාරය,
මල්වල රේණු විහිදෙන ආකාරය ආදී වශයෙන්
ස්වභාව ධර්මයෙහි දක්නට ලැබෙන
මෙම ස්වර්ණමය අනුපාතය
චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය,
ගෘහ නිර්මාණ ශිල්පය, ඡායාරූප ශිල්පය,
වෙළඳ ප්‍රචාරණය ආදී
විවිධ ක්ශේත්‍රවල දක්ෂයින්
සිය නිර්මාණ වලට
නොයෙක් ආකාරයෙන් යොදාගෙන ඇත.

https://www.vrijeacademie.nl/uploads/13A/Excursies/Socratisch_gesprek/socrates_athene_breed.gif

යහපත තනි හැඩයකින් නොලැබේ නම්
එය අංග තුනකින් සමන්විත විය යුතුයැයි
සොක්‍රටීස් පවසා ඇත.
එනම්,
සෞන්ද්‍රයය, නිසි අනුපාතය හා සත්‍යයි.

සෞන්දර්යයත්,
නිසි අනුපාතයත් පවතින තැනක
ස්වර්ණමය අනුපාතය වන්නේ
සත්‍යයද?.

===================================================
 

මේ ඡායාරූපය අපූර්වයි.. සුන්දරයි.. සරලයි..
 ඒ ටික හසු කරගනිද්දි අත් හැරුණ දෙයක් තියනවා.
Photo by Imalka de Silva      from  The ART Gallery

මේ ඕනෑම කෙනෙක් සොයාගන්නට ඉඩ තියන
අති සරල සාමාන්‍ය විසඳුම..
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/q71/1009853_10200435402954334_1892005743_n.jpg

 ඉමල්ක වෙනසක් සොයල තියනවා.

කැමරාව ඇල කිරීමෙන්
ඉමල්ක සෙවූ දෙ පිළිබඳව
ඔහුට ගරු කළ යුතුයි.

ඔහු හැඩතල දකිනවා..
රිද්මය දකිනවා.

ඒත් ඒ ටික හසු කරගනිද්දි
අත් හැරුණ දෙයක් තියනවා.
සත්‍යයත් අවශ්‍යයි..

සත්‍යය ඉදිරිපත් කරන විට
සත්‍යයත් රිද්මයත්
දෙකම රැක ගත්තොත්
ඡායාරූපය විශිෂ්ඨයි.
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/q71/1175547_10200435417354694_962785242_n.jpg
කිසිම දෙයක් නැතත්
දකුණෙන් පහලට කඩා වැටෙන ගතියක්
මේ හැඩතල සම්පිණ්ඩණයෙ තියනවා.
ඇත්ත ජීවිතේදි
අපි මේ ගාණට ඇල වුණොත් වැටෙනවා.

ඉතින්...
බලන කෙනාට
බයක් වගේ දෙයක් තමයි ඇති වෙන්නෙ..

ඒ හැඟීමට අපි කැමති නැහැ.

හාමුදුරුවො ඉන්න නිසා
මේ වගේ රාමුවක අපි හොයන
ශාන්තභාවය නැති නිසා
තවදුරටත් නොගැලපෙන දෙයක් වෙනවා.

ස්වභාව ධර්මය පවතින්නේ
සමතුලිත බව හා
එහි බිඳ වැටීමත් මතයි.
http://realhdwallpaper.com/wp-content/uploads/2013/04/bomber-plane-air-force-hd-wallpaper.jpg
අහසෙ යන ප්ලේන් එකක්
වේගයෙන් යන බයිසිකලයක් ඇල කළාමත්
ඒ වගේ හැඟීමක් ඇති වෙනවා.
http://static2.demotix.com/sites/default/files/imagecache/a_scale_large/700-9/photos/1307854254-london-smithfield-nocturne-cycle-racing_721859.jpg


එවැනි වෙලාවක
නිවැරදිව ඇලකිරීමෙන්හැඟීම තීව්‍ර වෙනවා.

ඒක ත්‍රාසය වගේ
රස විඳින්න පුලුවන් දෙයක්..

එදිනෙදා ජීවිතයේ
සයිකලය පදින සාමාන්‍ය පුද්ගලයන්,
විශේෂයෙන්ම කුඩා දරුවන් සහ
වියපත් පුද්ගලයන්
සිය සිරුර පොළවට
අංශක අනූවකට ආසන්නව තබාගෙන
සයිකලය සමබර කරගන්නවා.

සයිකල් පැදීමෙහි දක්ෂයා
අවශ්‍ය විටෙක සයිකලය ඇල කිරීමෙන්
සමබරතාවය රැක ගන්නවා.

සයිකලය ඇල කලත්
ඔහු ගුරුත්ව කේන්ද්‍රයත්
ගුරුත්වාකර්ෂණයත් අතර
ස්වර්ණමය සම්බන්ධතාවය
නොබිඳ පවත්වා ගන්නවා.

ඡායාරූපයක වුණත්
ගුරුත්වාකර්ෂණය බිඳින්න
සීමාවක් තියනවා.

https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/q71/1175547_10200435417354694_962785242_n.jpg
ඒ සීමාව
මේ ඡායාරූපය ඉක්මවූ බව
පැහැදිලියි.

ඒත් අවධානය යොදවා
ඉගෙන ගන්න පුලුවන් රාමුවක්.
අවශ්‍ය වෙලාවක
හිතා මතා
යොදාගන්න පුලුවන් රාමුවක්..

හැඩතල  අවශ්‍යයි.
රිද්මය  අවශ්‍යයි.

ඒත් ඒ ටික හසු කරගනිද්දි
අත් හැරුණ දෙයක් තියනවා.
සත්‍යයත් අවශ්‍යයි..

සත්‍යය සැඟවීම මිනිසා රස විඳින සීමාවක් තියනවා.
ඒ සීමාව පනින කලාව
තක්කඩි කමක්,  දූෂණයක්, වෙළඳාමක් හෝ හිරිහැරයක් වෙනවා.

සත්‍යය ඉදිරිපත් කරන විට
සත්‍යයත් රිද්මයත්
දෙකම රැක ගත්තොත්
ඡායාරූපය විශිෂ්ඨයි.

_____________________________________________________

  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  9. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  10. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  11. රීතිවලට යටත්වන්න එපා
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..

No comments:

Post a Comment