20121123

අපූර්ව ඡායාරූපද, හොඳ ඡායාරූපද???


අපූර්ව ඡායාරූපත්
සුන්දර විය යුතුයි.

අපූර්වත්වය
සොයා සොයාගත හැකි දෙයක් නෙවෙයි.


අපූර්වත්වය අහම්බෙන් හමුවන දෙයක්.

සුන්දරත්වය සොයාගත හැකියි.

අපූර්ව වූ පමණින් ඡායාරූපයක්
සුන්දර වන්නේ නැහැ.

සුන්දරත්වය සොයන විට
අහම්බෙන් හමුවෙන
අපූර්ව ඡායාරූපයත්
සුන්දරත්වයෙන් හැඩවෙයි. 

අපූර්වත්වය තියෙන්නෙ අරමුණේ නොවෙයි
එහෙම නම් පිට සක්වල ජීවියෙකුගෙ ඡායාරූපයක්
කවුරු ගත්තත් හොඳ වෙන්න ඕනෙ.
එහෙම වෙන්නෙ නෑ.

අපූර්ව හැම ඡායාරූපයක්ම හොඳ නැහැ.


හැම හොඳ ඡායාරූපයක්ම
අපූර්වයි.

ඡායාරූපයක් හොඳ වෙන්නෙ
මූලිකවම කාරණා දෙකක් මතයි.
1, දැනෙන ගැඹුර කොතරම්ද?
2, දැනෙන රසිකයන් ප්‍රමාණය කොතරම්ද?

මේ දෙකම තියන ඡායාරූප කල් පවතිනවා


Photo by Steve McCurry

No comments:

Post a Comment