20130928

අයන්නෙ ඉඳල යන ගමන...






.
මීට කලින් මේ ශෛලියට කරන්න
උත්සාහ කරපු අයගෙ ඒවත් එක්ක තිව්වාම
ඔබට ලකුණු අනූවක් විතර දෙන්න පුලුවන්..
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc1/526946_739526646062823_1152260167_n.jpg
සරලයි..

ඒත් කියන්න අඩුවක් නෑ..


බොහෝ දුරට මුල් ශෛලියට සමීපයි.
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/999478_10200265672311174_2003927394_n.jpg
මට නම් ඊට වඩා ප්‍රියයි..
ඒ කෘතිම ගතිය මේකෙ අඩුයි..

Ipoenk Graphic Full මුල් ශෛලියෙ ඡායාරූප
ගණනාවක් එකතු වෙලා තියනවා.
https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-frc3/q71/s720x720/1236037_596955450361699_1621994951_n.jpg
මෙතෙක් කළ අය ඒ ශෛලිය අනාගත්තෙ
එකවරම ඔහු කළදේ කරන්න ගිය නිසයි.

ඔවුන්ට ඇත්තටම ඒක කරන්න
උවමනාවක් තිබුණේ නෑ.
ඔවුන් ඒක කළේ
අපිටත් පුලුවන්
කියල අනික් අයට පෙන්නලා
සිඟිති පාසල් යනකාලේ
පොඩි දෙයක් කළාම
අනික් අය සතුටු වෙනව බලල
ලබපු වින්දනය වගේ
පුහු වින්දනයක් ලබන්නයි.

සිඟිති පාසල් යනකාලේ"
"ඔයාට ඕන දෙයක් පුලුවන්" කියල
වැඩිහිටියන් කවාපු..
පුහු මාන්නය වෙන්න පුලුවන්.

ඒ හැඟීම හරිම බොළඳයි.
ඒ මාන්නය නිසා
ඔවුන්ට සැබෑ ශෛලිය මග හැරුණා.

අපේ අවුරුදු හතේ පුතා
බුදු පිළිමයක් අඳින්න ගිහින්
මුහුණයි උරහිසයි ඇඳලා
ලස්සණ නෑ කියල
හෝ ගාල ඇඬුවා.

නිදාගන්න ගියෙත් අඬමින්.

මම ඔහුට කිව්වා
ඕක එක මොහොතෙන් කරන්න බෑ කියල.

පුතා දැන් ටිකකට කලින්
ජිරාෆ් කෙනෙක් ඇඳල පෙන්නුවා.
පළවෙනි වතාවට
ඔහුගෙ රේඛා චිත්‍රයකට
ත්‍රිමාණ ගතිය එක්වෙලා තිබුණා.

ඔහු අඬපු එකත්..
අපි ඔහු සැනසුවෙ නැති එකත්
ඊට හේතු වෙන්න ඇති.

ඊයෙ රෑ ඔහුගෙ මාන්නය බිඳුණා.

මීට කලින් වෑයම් කළ මාන්නාධික අය
පැනපු ගමන් මේ ශිලිය
දොඩම් ගොඩ වගේ බදාගෙන
බැරි වුණාම අත් හැරල දැම්මා.

මේ වගේ සරල තැනකින්
පටන් ගත්ත නිසා
ඔබට බොහෝ දුර යන්න පුලුවන්.

ඉවසීමෙන් ගියොත්
මුල් ශිල්පියා ඉක්මවා යන්නත් පුලුවන්..

දර්ශන එකින් එක එක් කරමින් වැඩි කරගෙන යන්න.

මේ දර්ශනයෙ
තව කවුද ඉන්න පුලුවන් - මොනවද තියෙන්න පුලුවන්
කියල හිතල බලන්න.

මේ දර්ශනයට.. අරමුණට හානි නොවෙන්න
අලුත් දේ එකතු කරන්නෙ කොහොමද කියල
සොයාගන්න...

සියල්ලටම වඩා
ස්වභාව ධර්මය හදාරන්න.
මේ වගේ සැබෑ දර්ශන නරඹන්න..
ඡායාරූප ගත කරන්න.

හිතෙන් දර්ශන හදාගෙන
අවශ්‍ය දේවල් සොයා යන්න.

හොඳ ඡායාරූපයක තියන
රිද්මයානුකූල ලක්ෂණ....
ඔබේ අතින්ම එකතු කරන්න
ඔබට අවස්ථාව තියනවා.

අයන්නෙ ඉඳල
ඔබ යන ගමනට
ගරු කරනවා.
හදවතින්ම සුබ පතනවා.. :)

20130927

කලාව නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.




උෂ්ණත්වය ගැන ඉගෙන ගනිද්දි
අපි උශ්ණත්ව මාපක හදා ගන්නවා.

මාපකයෙන් මාපකයටත්
අවස්ථානුකූලවත්
යමක් සිදුවෙන උෂ්ණත්වය
වෙනස් විය හැකියි.
මාපකය මොකක් වුණත්
උෂ්ණත්වය නිසා සිදුවෙනදේ
වෙනස් විය නොහැකියි.

සිසිල් වෙනකොට වතුර මිදෙන එක
රත්වෙනකොට වාෂ්ප වෙන එක
ලෝකෙ කොහේටත් එකයි.

නිර්ණායක අනුව
වෙනස් වෙන්නෙ
ශාස්ත්‍රීය අගය මිසක්
කලාත්මක අගය නෙමෙයි.

කිසියම් දෙයක් නිසා
කොයි රටේ මොන තැනක වතුර නැටුවත්
ඒ සංසිද්ධිය සමානයි.

එහෙම වෙනස් වෙන්නෙ
ශාස්ත්‍රීය බව මිසක්
කලාත්මක බව නොවෙයි..

කලාත්මක දෙයක්
ශාස්ත්‍රීය ඇසින් බැලුවාම
වැරදිවෙන්න පුලුවන්.

සෙන්ටිග්‍රේඩ් අංශක සියයෙදි
වතුර නටනවා කියලා
ශාස්ත්‍රීය විදියට කිව්වට
ඒක සත්‍ය වෙන්නෙ
මුහුදු මට්ටමේදි විතරයි.
කන්දක් මුදුනෙදි
ඒක බොරු වෙනවා.

ශාස්ත්‍රීය නිර්ණායක වලින්
කලාව මනින අය
කන්දක් උඩදි වතුර නැටුවට
අංශක ගණන අඩු නිසා
වතුර නැටුවා කියල
පිළිගන්නෙ නෑ.

ඇහැට පෙනි පෙනි වතුර නටද්දි
ඔහු දිගටම මාපකය දාගෙන වාද කරනවා...
සෙන්ටිග්‍රේඩ් අංශක සියය නැති නිසා
වතුර නටන්නෙ නැහැ කියල.

කලාවෙදි
අංශක ගණන් කතා කරන්නෙ නෑ.
වතුර නටන උෂ්ණත්වය කිව්වම
ලෝකෙ කොහේටත් සාධාරණයි.

විශ්ෂ්ඨ කලාකෘති විශ්ව සාධාරණයි.
විඳින කෙනෙකුගෙ හදවතට විනා
නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.

කලාව නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.

20130924

Yousuf Karshගෙ කණා ෂොට් එකක්ද?

ඡායාරූපය කියන්නෙ අතුරුඵලයක්.


දියුණු කළ යුත්තෙ ඡායාරූපය නොවෙයි.
දියුණු විය යුත්තෙ ශිල්පියා සහ ඔහුගෙ දැක්මයි.



Yousuf Karshගෙ කණා ෂොට් එකක් නොවන ඡායාරූපයක්..යුසුෆ් කර්ශ් ඡායාරූපයක් ගන්නට පෙර
තමන් ඡායාරූපයට නගන චරිතය
ඔහුගෙ හැසිරීම් රටා, විනෝදාංශ ආදිය
හොඳින් හදාරා සූදානම් වෙන කෙනෙක්.

චර්චිල් කෝප ගැන්වීම නම්
කර්ශ් ලොකු පූර්ව සූදානම් වීමකින්
හිතා මතා කළ දෙයක් නොවෙයි.

ඔහු මුලින් අළු බඳුන දික් කළ විට
චර්චිල් සුරුට්ටුව තැබුවා නම්
මේ ද්වේශය ඇතිවෙන්න හේතුවක් නැහැ.

1,
කර්ශ් කලින් දින හැන්දෑවේ
ඔහුගෙ උපකරණ සූදානම් කොට තිබුණා.


2,
චර්චිල් ගේ සේයා රුව  සුරුට්ටුව නැතිව ගන්නට
කර්ශ් සැලසුම් කොට තියෙන්න ඇති..

ඔහු චර්චිල් අළු බඳුන දික් දික්කළ නමුත්
චර්චිල් සුරුට්ටුව තිව්වේ නැහැ.
සේයාරුව ගන්නට පෙර සුරුට්ටුව අදින්නට සිතාගෙන
කර්ෂ් කැමරාව නැවත වරක් පිරික්සුවේ
ඊළඟ දසුන මග හැරුණොත් ගන්නට
නැවත නොහැකි වන බවට ඉවක් ඔහු තුළ වූ නිසයි..

සුරුට්ටුව නැතිව ගන්නවා කියන තීරණය හැර
"චර්චිල් ගේ සේයා රුව කෙබඳු විය යුතුද" යන්න ගැන
ඒ වාතාවරණය තුළ
කර්ශ්ට පාලනයක් තිබුණා කියන්න
අපට බැහැ..

3,
සුරුට්ටුව ඇද ඉවත් කළ විට
චර්චිල්ගේ ඇතිවෙන අප්‍රසාදය
කලින් අනුමාන කිරීම
මිනිස් චර්යාවන් පිළිබඳව කර්ශ්ගේ ඇති ඉව
ප්‍රකට කෙරෙන කරුණක්...

ඒ හැඟීම ඔහු සැලසුම් කළේ
ඔහු අළු බඳුන දික් කළ විට
චර්චිල් සුරුට්ටුව නොතැබුවාට පසුවයි.

4,
ඔහු කැමරාව, ආලෝකය ආදිය
මනාව තියනවාද කියා
පිරික්සුවේ ඒ මොහොත
තීරණාත්මක බව දන්න නිසයි.

5,
ඔහු අළු බඳුන දික් කරන්නට පෙර
චර්චිල් සුරුට්ටුව උරන තුරුත්
ඔහු ඉවසුවා.

6, ඔහු අනියම් ආකාරයෙන්
චර්චිල්ව අධ්‍යක්ෂණය කළා..

ඒ ශිල්පීය පරිචය සුවිශේෂයි.
එය තාක්ෂණික දක්ෂතාවය මෙන්
සුලබ දෙයක් නෙමෙයි.

මංගල ඡායාරූපකරණයේ යෙදෙන
සියයට අනූවක් පමණ තාක්ෂණික දක්ෂයන්.
ඒත් මනාල යුවලගෙ අනන්‍යතාවයන් හඳුනාගෙන
පරිසරයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට හැකියාව ඇති අය
සියයට දෙකක් තුනක්වත් ඇතැයි කියන්න බැහැ.


අපි කරන
අපි දකින බොහෝ නිර්මාණ තියෙන්නෙ
කණා ෂොට් එකත් කලාකෘතියත් අතරයි.

අපේ ඡායාරූපයක්
අනෙක් ඡායාරූප අතර කැපී පෙනෙන්නෙ
එහි කණා ෂොට් ගතිය අඩු නම් තමයි.

රස විඳින්නා හා විචාරකයා
මොන කතිකාවතක් ගොඩ නැගුවත්
පරිණත කලාකරුවෙකුට
තමන් යන මග පැහැදිලි විය යුතුයි.

ඔහු මහා පුරුෂයෙක් විය යුතු නැහැ.
ඔහු නිවැරදි, ඍජු මිනිසෙකුවීම ජීවිතයකට ප්‍රමාණවත්.

කිසියම් කෘතියක්
නිෂ්පාදකයාගේ  කණා ෂොට් එකක් වුවහොත්
රසිකයන් හා විචාරකයන් කණා මුට්ටිය බිඳින්නන් වීමයි
එහි ප්‍රතිඵලය විය හැක්කේ.

බොහෝ විට
බිඳින්නට මුට්ටියක්
ඇත්තෙම නැහැ.

අපි දන්න දේත්, අපි ලබල තියන පුහුණුවත්,
අපේ ආම්පන්නත්,
අපිට ලැබෙන හෝ හදාගන්න අවස්ථාවත්
ආදී වශයෙන් බොහෝ දේ වල
පොදු ගුණාකාරයක් තමයි,
ඡායාරූපයක් කියන්නෙ.

ඡායාරූපයක්
කණා ෂොට් එකක් නොවන්නට නම්
ඡායාරූප ශිල්පියා බොහෝ දේ ප්‍රගුණ කළ යුතුයි.
දියුණු කළ යුත්තෙ ඡායාරූපය නොවෙයි.
දියුණු විය යුත්තෙ ශිල්පියා සහ ඔහුගෙ දැක්මයි.

දැක්ම ඡායාරූපයට නගන්න
තාක්ෂණයත් අවශ්‍යයි.

මේ දේවල් අපි කොයි තරම් දුරට
දැනුවත්ව යොදාගත්තාද කියන එක මත
අපෙ කෘතියෙ කණාෂොට් බව අඩු වැඩි වෙනවා.

ඡායාරූපය කියන්නෙ අතුරුඵලයක්.

සැබෑ ප්‍රතිඵලය නම් ඡායාරූප ශිල්පියාගෙ වර්ධනයයි.

20130920

පළමුව සදාචාරවත්, හොඳ මිනිහෙක්, මහත්මයෙක් වෙන්න.



http://th08.deviantart.net/fs70/PRE/f/2011/162/a/a/ying_yang_by_rdjpn-d3im20v.jpg
හරියට මේ කලාව හදාරන්න.
විෂයය හදාරන්න.
පළමුව තමන් සදාචාරවත් වෙන්න.
ඉස්සෙල්ලාම හොඳ මිනිහෙක් වෙන්න.
ඊට පස්සෙ මහත්මයෙක් වෙන්න.
ඊටත් පස්සෙ ඡායාරූප ශිල්පියෙක් වෙන්න.
අන්න එදාට ඔයාව අනෙක් අයට උවමනා,
වැදගත් මනුස්සයෙක් වේවි.
අන්න එදාට ලෝකය වෙනස් කළ හැකි
වෙනස් දේවල් කරන්න.
ඔයාගෙ පිටිපස්සෙන් ලොකු පිරිසක් ඉඳීවි.
- Indranatha Thenuwara -

-------------------------------------------------------------------------

1,පළමුව තමන් සදාචාරවත් වෙන්න.
2,ඉස්සෙල්ලාම හොඳ මිනිහෙක් වෙන්න.
3,ඊට පස්සෙ මහත්මයෙක් වෙන්න.

අද දිවයිනේ ඡායාරූප ශිල්පීන් අතර
ඉහළින්ම පිළිගත් දැවැන්තයෙකු වන
ඉන්ද්‍රනාථ තේනුවරයන්ගෙන්
නවකයන්ට පිදෙන මේ ඔවදන
නවක, ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්ට පමණක් නොව
හැම ක්ෂේත්‍රයකම අයට අගනා ඔවදනකි.

මේ පිළිබඳ
බොදුනු අපට සපයාගත හැකි
ඉතාම පැහැදිලි නිර්ණායකය
බුදුන් වහන්සේ ලබා දී තිබෙනවා.

ඵරුෂ වචන කීම්, කේලාම් කීම්,
හිස් බස් දෙඩීම් ආදිය නොසලකා හැරියත්
අවම වශයෙන්
පන්සිල් වලින් එකක් හෝ බිඳින
දුසිල්වත් පුද්ගලයා
සදාචාරවත්, හොඳ මිනිහෙක්, මහත්මයෙක් නොවන බව
බොදුනුවන් වන අප සැවොම
අවිවාදයෙන් පිළි ගන්නවා.

සිල්වත් බවට වෙනත් ස්වරූපයන් හෝ
විවිධ තල නැත.
සිල් බිඳින්නා දුසිල්ය.
එක සිල්පදයක් හෝ බිඳින්නා දුසිල්ය.

වගකීමෙන් මිදෙන අටියෙන්
කිසිවෙකු ආගම ප්‍රතික්ෂේප කළත්
බොදුනු අපට ඔහු දුසිල්වතෙකි.
පව්කාරයෙකි.

තේනුවරයන් දෙන මේ අගනා ඔවදන
අද කාලයට ඉතාම වටින්නේ
අන් හැම ක්ෂේත්‍රයකම මෙන්
ඡායාරූප ශිල්පීන් අතරද
දුසිල්ව, දුරාචාරයේ හැසිරෙන
"මහත්වරුන්" බහුල හෙයිනි.
ඔවුන් වැනිම දුසිල්වතුන්ට
ඔවුන් වීරයන් වන හෙයිනි.

දුරාචාරය සදාචාරය කරගත්
බහුතර පිරිස අතර
ඔවුන් සදාචාරවත් මහත්වරුන් ලෙස
පිළිගන්නා අතරම
ඔවුන් පසු පස බොහෝ පිරිසක්
රැස්කන බවද අපට දැකිය හැක.

මගේ පිළි ගැනීම නම්
සදාචාරවත් හොඳ මහත්වරුන් අසල
නිරන්තරයෙන් ගැවසෙන පිරිසද
සදාචාරවත් හොඳ මහත්වරුන් බවය.

දුරාචාරියෙකු පැමිණියද
ඔහුට කෙමෙන් කෙමෙන් හෝ
සදාචාරවත් වීමට සිදුවේ.
එසේ වෙනස් නොවී
ඔහුට එහි රැඳිය නොහැක.
දුරාචරීන් අතර ගැවසෙන
සිල්වතුන් සිල් බිඳගන්නේද
ඒ අයුරින්මය.

ඔබ පසුපස අන් අය ආවත්
ඔබ අන් අය පසුපස ගියත්
ඔබ සදාචාරවත් හොඳ මහත්මයෙක් නම්
ඔබ ඇසුරට ලැබෙන්නේdha
සදාචාරවත් හොඳ මහත්වරුන්ය.

අනික් අතට
ඔබ ඇසුරට ලැබෙන අය
සදාචාරවත් හොඳ මහත්වරුන් නම්
ඔබද ඔබ ඇසුරට ලැබෙන අය මෙන්ම
සදාචාරවත් හොඳ මහත්මයෙකි.

ඔබත් ඔබ අවට ගැවසෙන අයත්
බුදුන් වහන්සේගේ නිර්ණායකයට අනුව
මැන බැලීමෙන් ඔබ ඉන්නා තැනත්
යා යුතු තැනත් පැහැදිලිවනු ඇත.

20130917

Steve McCurryගෙ කැපවීම




අපිට කෙනෙකුගෙ නිර්මාණ වලට
විශේෂයෙන් ආස හිතෙන්නෙ
අපිත් ඔහුත් අතර
යම් සාම්‍යයක් තියන නිසා.

ඔහු වගේ කරන්න හෝ
ඔහු වගේ වෙන්න ගියාට වැඩක් නැහැ.

ඔහු ඒ දේ කරන්නෙ කොහොමද
කියල හොයනව නම් 
ඔහුගෙ චරිතය සිතුම් පැතුම් හැසිරීම පවා
අධ්‍යයනය කළ යුතුයි.
ඒකෙන් වරදක් වෙන්නෙ නැහැ.


බොහෝ ඡායාරූප ශිල්පීන්
ඡායාරූපයෙ පසුබිම සලකන්නෙ නැහැ.
ඒත් පසු බිම ඡායාරූපයෙ වැදගත්ම කොටසක්.

ස්ටීව් මැක්කරිගෙ බොහෝ ඡායාරූපවල
අරමුණ අයින් කළත් පසුබිම ලස්සණයි.


http://thesecretreveler.files.wordpress.com/2013/04/steve-mccurry-5.jpgඔහු කියනවා,
හොඳ පසුබිමක් ලැබුණාම
ඔහු අරමුණක් ලැබෙන තුරු
බලා ඉන්නවා කියලා.
ඔහු කිසියම් තැනක වර්ණ වලට
ඒ අවට රටාවට කැමති වුණාම
ඔහුට අවශ්‍ය වෙන්නෙ
කිසියම් වැදගත් මොහොතක්.
ඒ මොහොත එනතුරු ඔහු බලා ඉන්නවා.

ස්ටීව් මැක්කරි
ඉහත ඡායාරූපයෙ දැක්වෙන

පසුබිමට වෙලා බලා උන්න විදිය
ඔහු මේ වීඩියෝවෙ විස්තර කරනවා.

සම්පිණ්ඩණය, මෝස්තරය, වර්ණ වැදගත්.
ඔහු කිසියම් තැනක වර්ණ වලට
ඒ අවට රටාවට කැමති වුණාම
ඔහුට අවශ්‍ය වෙන්නෙ
කිසියම් වැදගත් මොහොතක්.

ඒ මොහොත එනතුරු ඔහු බලා ඉන්නවා.
මේ පසුබිම ඔහු සිත් ගත් නිසා
පසුබිමට සුදුසු දෙයක් එනතුරු
ඔහු එතන ඉඳගෙන
එතනින් යන එන ගවයන්, මිනිසුන්..
ඡායාරූප ගත කළා.
ඔහු වඩාත්ම කැමති වුණේ
මේ ඡායාරූපයටයි.

මේ ළමයා පියාසර කරන්නාක් වැනි ස්වභාවය
ඔහුට ඉතා අගනා මොහොතක් වුණා.


To watch video CLICK this photo.
https://fbexternal-a.akamaihd.net/safe_image.php?d=AQD1bUwo30kQKvgN&url=http%3A%2F%2Fi1.ytimg.com%2Fvi%2FC0plNvaR0bg%2Fmaxresdefault.jpg%3Ffeature%3Dog&jq=100



ස්ටීව්ට Photo එකක් ගන්න ඕන වුණාම
ඔහු මඩට බහිනවා.
මේ ඡායාරූපයෙ ඉන්න යුවතිය
නියරට නග්ගවන්න ඔහුට තිබුණා.
ඒත් ඔහු කුඹුරට බැසීමෙන්
ඇයට ඔහුගෙ ගෞරවය ප්‍රකාශ වෙනවා.


http://www.parisphoto.com/content/events_images/1482/file/slideshow/5270efa21b71f002-steve-mccurry-mousson.jpg
ගංවතුරෙ පපුව ළඟට බැහැල යනවා.

එහෙම කරන්න පුලුවනි නම්
ලොකු කැපවීමක්.

http://3.bp.blogspot.com/-TyrwpS2UdZ0/Twb7OX7h4wI/AAAAAAAARqc/dVFihl1OYFM/s1600/Steve+McCURRY++by+Catherine+La+Rose+%252825%2529.jpg



http://photos.stevemccurry.com.s3.amazonaws.com/sites/default/files/gallery/INDIA-10004NF_0.jpg
එයින් ඔහුට අවශ්‍ය කෝණයට
යන්න පුලුවන් වෙනවා.
පරිසරයෙ ඉන්න හොඳ අය
ඔහුගෙ කැපවීමට ගරු කරනවා.
පරිසරය ඔහුට නතු වෙනවා.


සමානාත්මතාවය
බුදුන්වහන්සේ දේශනාකළ
සතර සංග්‍රහ වස්තුවෙන් එකක්.
ක්‍රිස්තුන් වහන්සේ කිව්වෙ
"අසල්වැසියාට ප්‍රෙම කරන්න" කියල.

"ඔබට කෙනෙකුගෙ ඡායාරූපයක් ගන්න අවශ්‍ය නම්
ඔබ ඔහුට මිනිසෙකු ලෙස ගරු කරනවා නම්
ඔහු ඔබට කැමති වෙනවා"
ස්ටීව් ඒ කියන දේ
ඔහු සැබැවින්ම කරන දේ බව
මෙතනදි ඔප්පු වෙනවා.

ඔහුගෙන් ආභාෂයක් ලබන කෙනා
එවැනි දේ පවා හුරු විය යුතුයි.





20130915

ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.


රීතියක් කියන්නෙ
සූප ශාස්ත්‍ර පොතක තියන
වට්ටෝරුවක් වගෙයි.

වට්ටෝරුව අකුරටම උපයෝගී කරගෙන හදන ආහාර
හරියට එන්නෙ නැහැ.
මේ ඡායාරූපයට ස්වර්ණමය රීතිය යෙදීම
හොඳයි කියල මට හිතෙන්නෙ නෑ.

 ඔවුන් දකුණට බර වූ ස්වභාවයක් තියනවා.
ඒත් එයින් දර්ශනය විවෘතවෙනවා.

ස්වර්ණමය රීතිය
අන්ධයන් මෙන් - වහලුන් මෙන්
උපයෝගී කරගත යුතු නෑ.

කිසිම රීතියක් එසේ උපයෝගී කරගත යුතු නෑ.

රීතියක් කියන්නෙ ඒදණ්ඩෙ යන්න බැරි අයට
හුරු වෙන්න තියන අත්වැලක්.

සමබර වෙන්න හුරු වෙනකොට
අත්වැල අතහැරල බලන්න ඕනෙ.

අත්වැල නැතුව
ඒ දණ්ඩෙ යන්න පුලුවන් වුණ කෙනෙකුට
අත්වැල අල්ලගෙන යන එක වදයක්.. කරදරයක්..
ඔහුගෙ ගමන හරියට කරගන්න බැහැ.

රීතිය පිළිබඳව හැඟීමෙන් යුතුව...
රීතිය හරියටම බලන්නෙ නැතිව...
මෙහි ඇති අනිත් හැඩ තල ගැනත්
සිහියෙන් යුතුව.

ඒ විදියට ක්‍රොප් කිරීම
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
කෘතියකට අනන්‍යතාවයක් ලැබෙන්නෙ එයින්.

එහෙම නැතුව
හරියටම රීති පිළිපදින්න ගියොත්
මොන්ගල් ලමයි වගේ
ලෝකෙ කොහේ උනත් කරන නිර්මාණ වලට
එකම හැඩයක් තියේවි.

ස්වර්ණමය වක්‍රය නැතුව ක්‍රොප් කරගන්න බැරි නම්
ඔබ වක්‍රය දන්නෙ නෑ කියල පිළිගන්න.

පළමුව ස්වර්ණමය වක්‍රය නැතුව
වක්‍රයට කපන්න.

ඉන් පසුව වක්‍රය යොදල බලන්න.
ඔබේ ක්‍රොප් එක වක්‍රය සමීපයට ආවොත් ඒ ඇති.

ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස 

  

ස්වර්ණමය වක්‍රය ආදේශ කරන්න නම්
යුවල ඇතුලට ගන්නට
සුලු සංස්කරණයකින්
දර්ශනය දකුණෙන් පලල් කරන්න වෙනවා..





අරමුණ මේ යුවල නම්
ඔවුන් ස්වර්ණමය ලක්ෂ්‍යය දිසාවට
ගෙන ආයුතු බව ඇත්ත.

රාමුව ස්වර්ණමය අනුපාතයට කැපුවාම
රාමුව සිත්ගන්නා සුලු බවත් ඇත්ත.

ඒත් දර්ශනයෙ පුළුල් බව නැති වෙනවා.

දර්ශනයෙ පුළුල් බව  රැකගන්න කළයුත්තේ
රාමුව මෙලෙසම තබා ගනිමින්
යුවළ වමට ගෙන ඒමයි




==================================================================


තවත් උදාහරණයක්.

Photo by Sisitha Weerasekara
ස්වර්ණමය රීතිය ඉක්මවා ගිය
ඡායාරූපයක සුන්දරත්වය.

අති විශිෂ්ඨ සම්පිණ්ඩණයක්
වර්ණ අතින් සහ හැඩතල අතින්,,

1 ඡායාරූපය මත ස්වර්ණමය වක්‍රය   2, වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු.   3,  මුල් ඡායාරූපය

ස්වර්ණමය වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු
මුහුදෙ මහිමය දැනෙන්නෙ නැහැ.

සිසිතගෙ ඡායාරූපයෙ
මුහුදෙ විශාලත්වය නිසා දැනෙන මිනිසා තනිවුණ ගතිය
ස්වර්ණමය වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු
නැති වෙලා තියනවා.

රීතියට ගරු කරන නමුත්
රීතියට අනුවම
ඡායාරූප ගතයුතු නැහැ

රීතිය දැනගෙන
රීතිය හිතේ තියාගෙන
තමන්ට දැනෙන හැඟීම මතුවෙන්න
රාමුව සකස් කරගත යුතුයි.

සමහර වෙලාවට
ඒ ටික කරන්න වෙන්නෙ ක්‍රොප් එකෙන්..

සිසිතගෙ ඡායාරූපයෙන්
ඒ දේ හොඳින් සිදුවෙලා තියනවා.
මිනිසා පසුබිමත් සමග සමබර වුණා නම්
සිසිත කියන හුදකලාව දැනෙන්නෙ නැහැ.

 
මෙහි විශාල අවකාශය
ඒ මිනිසා සාපේක්ෂව කුඩා කිරීම නිසා
ඔහුගෙ තනිකම වැඩිවෙලා.

https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/970436_511013762279962_1890708568_n.jpg
විකර්ණය දිගේ සටහන් වෙන
මුහුදු රැල්ල
මිනිසා අසල සම්පූර්ණයෙනුත්
අනික් හරිය රිද්මයකට
දියවෙලා කැඩිලා බිඳිලා තිබීම
තවත් ලස්සණක්

මිනිසාගේ කැප් තොප්පියේ වර්ණය
මෙහි වැඩි පුර ඇති
කොළ පැහැයට ප්‍රතිවිරුද්ධ
රතු වර්ණය වීම
තවත් ප්‍රබල හේතුවක්..

සිසිතගෙ ඡායාරූපයෙ මිනිසා
ස්වර්ණමය වක්‍රය ආශ්‍රිතව
ඡායාරූපය තුළ ස්ථානගත කිරීම
මෙහි සුන්දරත්වයට ප්‍රධානම හේතුවක්.
--------------------------------------------------------------------------------------

රීතියක් කියන්නෙ මූලික සැකිල්ලක් විතරයි..

රීතියක් කියන්නෙ
නිශ්චිත හැඩයක් ඇති
නම්‍යශීලී මැටි පිඩක්.

ඒත් රීතියකින් නිර්මාණයක් කරද්දි
ඉන් සාදාගත හැකි හැඩ ප්‍රමාණය
අවිනිශ්චිතයි. අසීමිතයි.

නිර්මාණ ශීලී කලාකරුවා එයින් මූර්තියක් අඹනවා.
ඔහුගේ නිර්මාණය තුළ මැටි පිඩ සොයාගන්නට
රසිකයෙකුට නොහැකි වෙන්න පුලුවන්.

ඒත් ආධුනික ශිල්පියා
සම්භාව්‍ය නිර්මාණ තුළ
රීති සෙවිය යුතුයි.

ඔහුට රීතියක ප්‍රායෝගික භාවිතය
තමන්ගේ නිර්මාණවලට
නිසි පරිදි එක් කරගත හැක්කේ එවිටයි.

අවස්ථාවෙන් අවස්ථාවට රීති වෙනස්වෙනවා. 
ශිල්පීන්ගෙ රසඥතාවය අනුව රීති වෙනස්වෙනවා.
ඡායාරූපයක වර්ණ, හැඩතල, රේඛා, අනුව රීති වෙනස්වෙනවා.
ඇතිකරන්න අවශ්‍ය හැඟීම අනුව රීති වෙනස්වෙනවා.


රාමුවෙ පරිමාණය
ස්වර්ණමය රීතියට අනුකූල
රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ
ස්වර්ණමය රීතියට අනුව
සමබරව සිටිය යුතු
ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.

ඒ විදියට
සමබර බව බිඳීම නිසා
ඇගේ ගමන හොඳින් දැනෙනව.
ස්ටීව් රීතිය රැක්කා නම්
ප්‍රතිඵලය වෙනස්.

වමේ තියන ඡායාරූප වල
කාන්තාව හරියටම
ස්වර්ණමය රීතියට අනුව
ස්ථානගත කරල තියනවා.

ඇය අහසෙ පාවෙන ගතියකුයි පෙනෙන්නෙ.
රාමුවත් හැඩතලත් සමබරයි..
ඒත් අපිට දැනෙන දෙයක් නැහැ.

ස්ටීව්  ස්වර්ණමය රාමුව හදාගෙන
ස්වර්ණමය රීතිය
නිර්මාණ ශීලී ලෙස බිඳෙන
ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..

---------------------------------------------------------------------------------

රීතියක් කියන්නෙ
නිශ්චිත හැඩයක් ඇති
නම්‍යශීලී මැටි පිඩක්.

ඒත් රීතියකින් නිර්මාණයක් කරද්දි
ඉන් සාදාගත හැකි හැඩ ප්‍රමාණය
අවිනිශ්චිතයි. අසීමිතයි.

නිර්මාණ ශීලී කලාකරුවා ගේ නිර්මාණය තුළ මැටි පිඩ සොයාගන්නට
රසිකයෙකුට නොහැකි වෙන්න පුලුවන්.

ඒත් ආධුනික ශිල්පියා
සම්භාව්‍ය නිර්මාණ තුළ
රීති සෙවිය යුතුයි.

ඔහුට රීතියක ප්‍රායෝගික භාවිතය
තමන්ගේ නිර්මාණවලට
නිසි පරිදි එක් කරගත හැක්කේ එවිටයි.

.
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/q71/1234115_10200540573143523_2075307329_n.jpg.
=================================================================

 https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/q80/s720x720/1457617_457882897663162_52658333_n.jpg
 Photo by Binara Sampath

මේ ඡායාරූපයටත් ස්වර්ණමය රීතිය යෙදීම
හොඳයි කියල මට හිතෙන්නෙ නෑ.

 දෙවෙනි මනමාලි මතුවෙනවා.

කහපාට මලට ඇහැ යනවා.
කටුස්සගෙ ඇහැට රීතිය යෙදුවට
කටුස්සට ඇහැ යන්නෙ නැත්නම්
අරමුණ ඉටුවෙන්නෙ නැහැ.

ස්වර්ණමය රීතිය යොදන්න නම්
අනිත් ප්‍රදේශ වල
වෙනත් ප්‍රධාන දේවල්
නැති වෙන්න ඕන.
තිය නවා නම්
එයින් අරමුණට
යොමු කිරීමක් වත් වෙන්න ඕනෙ.

 
ස්වර්ණමය ලක්ෂ්‍ය හතරත්
අපේ අවධානය ගන්න විදිය
සමාන නැහැ.

බිනරගෙ ඡායාරූපයෙ
මල තියන තැන
මට බලන්න පහසුම තැන.
කටුස්සා ඉන්නෙ බලන්න අපහසුම තැන.
අනිත් පැත්ත හැරෙව්වම
ප්‍රශ්නෙත් කණපිට ගැහෙනවා.

මේ අරමුණු දෙකටම
මෙහි තියන අනික් හැඩතලත්
රේඛාත් බලපානවා.
දකුණට සහ ඉහලට ගමන් කරන
රේඛා, හැඩතල ආදිය
අපට දැනෙනවා වැඩියි.
අනිත් පැත්ත හැරෙව්වම
ඒ දේවල් අනිත්පැත්තට
ක්‍රියා කරනවා.

කලින් මල දිසාවට ගමන් කළ
රේඛා  හැඩතල ආදිය
දැන් යන්නෙ කටුස්සා දෙසට.






ස්වර්ණමය ලක්ෂ්‍ය හතර
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn2/q71/1471772_10200943854465304_1236389427_n.jpg
 දකුණට සහ ඉහලට ගමන් කරන
රේඛා, හැඩතල ආදිය
අපට දැනෙනවා වැඩියි.

ස්වර්ණමය ලක්ෂ්‍ය හතර අනුවත්
කටුස්සා සහ මල
අපේ අවධානය ගන්න විදිය
වෙනස් වෙනවා.




-------------------------------------------------------------
සමස්තයක් විදියට බැලුවාම
අවධානය වැඩියෙන්ම යන්නෙ කොතනටද කියල
මේ ඡායාරූපයෙන් පෙනෙනවා.
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/q71/1476491_10200943834744811_1993229356_n.jpg

සමස්තයක් විදියට බැලුවාම
අවධානය වැඩියෙන්ම යන්නෙ කොතනටද?

https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/q71/1463940_10200943840304950_801912400_n.jpg

ස්වර්ණමය රීතිය කියන්නෙ
ඡායාරූපයක තියන දේවල්වලට
බලපෑමක් ඇති කළ හැකි
තවත් එක් රීතියක් විතරයි.


 ============================================



 සමස්ත රාමුව බැලුවාම රාමුව දකුණට බරයි..
වම් පස විවෘත වැඩියි..

By   Kasun Nanayakkara
ස්වර්ණමය ලක්ෂ්‍යය හරියටම ඇසට යොදලයි
කසුන් ක්‍රොප් කරල තියෙන්නෙ.

අභ්‍යාස කරන කාලෙ
රීතියට යටත් වෙන එක හොඳයි..
නැත්නම් රීතිය අහුවෙන්නෙ නෑ.
ඒත් රීති නම්‍ය ශීලීව උපයෝගී කරගන්නත්
ඒ අතරෙම පුහුණු වෙන්න.

යාන්ත්‍රිකව රීති වලට කොටු වුණොත්
සිහිය දුර්වල වෙනවා.
නිර්මාණකරණය පිරිහෙනවා.

මෙහි අරමුණ ඇස වුණාට
හැඟීම බලාගෙන
සම්පිණ්ඩණය සකසන්න..

 
 අරමුණ ස්වර්ණමය ලක්ෂ්‍යයම විය යුතු නෑ..
ඒ ප්‍රදේශයෙ තැනක ඇස පිහිටද්දි
හැඟීම දැනෙන විදියට රාමුව සකසන්න..


 මේ ක්‍රොප් එක පහත දැක්වෙන මුල් ඡායාරූපය සමග සසඳන්න..

 


මුල් ඡායාරූපය
 

හැම ඡායාරූපයකටම
ආවේණික ක්‍රොප් එකක් තියනවා.
ඒ ක්‍රොප් එක සොයන්න..
රීතිය ඒදණ්ඩ නෙමෙයි..
අත්වැල පමණයි..
ඒදණ්ඩ ඔබේ ස්වාධීන ඇසයි..
ඒ දණ්ඩ හුරු වෙනකොට අත්වැල හෙමිහිට අත් හරින්න..

රීතිය සාමාන්‍ය පෙළ.
රීතිය ඉක්මවා යාම උසස් පෙළ.

ඒ පියවරත් හරියට තිව්වොත් විශ්වීය නිර්මාණයක්..

ඔබටම ආවේණික රීති ඔබට හමුවෙයි..

============================================
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. රීතිවලට යටත්වන්න එපා
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure



 



20130912

එක් ඡායාරූපයක් හොඳයි. අනික බොඳයි.



https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/1272457_10200574972283480_1834473664_o.jpg
එක් ඡායාරූපයක් හොඳයි.
අනික බොඳයි.

ස්ටීව් මැක්කරි මේ ඡායාරූපය ගත්ත
කැමරාව හොඳ නිසා
තාක්ෂණික බවෙන් ඉහළ ඡායාරූපය ගත්තා.

ස්ටීව් මැක්කරිට
මේ "රාමුව තීරණය කරන්නට "
ඔහුගේ හොඳ කැමරාවෙන් ලැබුණ
සහාය කුමක්ද?

කිසිම සහායක් නෑ.

ලෝකයේ තියන හොඳම කැමරාවටවත්
ඡායාරූපයක් තීරණය කරගත නොහැකියි.

කැමරාව කියන්නේ
බුද්ධියත් හදවතත් දෙකම නැති
මෙවලමක්.

ඡායාරූප ශිල්පියෙක් බිහි කරන්නට
අජීවී කැමරාවකට පුළුවනි නම්
පෑනකට ලේඛකයෙක් බිහිකරන්නටත් පුලුවන්.

------------------------------------------------------
අප ඡායාරූප ගන්නේ කැමරාවෙන් නොවේ.
අපේ මනසින් සහ හදවතිනි.
Arnold Newman
-----------------------------------------------------

ඡායාරූප ශිල්පියා තීරණය කරන රාමුව
හොඳින් සටහන් කරගන්නට
හොඳ කැමරාවකට පුලුවන්.

බොඳවීම තක්ෂණික ගැටලුවක්.
කැමරාවේ දුර්වල කමක්.

සැබැවින්ම
හොඳ ඡායාරූපයක අගය කළයුතු දේ,
නවකයෙක් අගය කරන්නට හුරුවිය යුතුදේ
හොඳ වුණත්, බොඳ වුණත්
මේ ඡායාරූප දෙකේම තියනවා.
මේ ඡායාරූප දෙකේම
හොඳ සහ බොඳදෙකටම
වගකිවයුත්තේ කැමරාවයි.
ඡායාරූප ශිල්පියා ඔහුගේ වගකීම මැනවින් ඉටු කර තිබෙනවා.
ඡායාරූප ශිල්පියාට
ඡායාරූපය තෝරාගන්නට නොහැකි නම්
කැමරාව කොයිතරම් වටිනා එකක් වුණත්
සිහිනයක් නොදුටු ගොලුවෙක් වෙනවා.

සුන්දර සිහින දකින්න.. ඡායාරූප භාෂාවත් ඉගෙන ගන්න

මා කතා කරන්නේ
රාමුව තුළට ගන්නට සුදුසු දේ
තෝරා ගැනීම දක්වා පමණයි.

කැමරාව තෝරාගැනීම සහ
කැමරාව මනාව හසුරුවා ගැනීම
ඔබට සහ
ඔබේ තාක්ෂණික ගුරුවරුන්ට බාරයි.

හොඳ කැමරාවක්
කොහොමත්
බාල කැමරාවකට වඩා හොඳයි.
ඒක අවිවාදිතයි.

මම කියන්නෙ
කැමරාවක් අතේ නැතුවම වුණත්
කාඩ්බෝඩ් කෑල්ලක
හතරැස් කොටුවක් කපල බැලුවත්
හොඳ ඡායාරූපශිල්පියා
ඒ කොටුව තුලින් දකින දේ තමයි
ඡායාරූපයෙ අගය තීරණය කරන්නෙ.
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/857487_10201053333162203_1105788310_o.jpg
කැමරාව කියන්නෙ
ඔහු ඒ දකින සුවිශේෂී දේ
අපට පෙන්වන තත්වයට පත් කරගන්න
ඔහු භාවිතා කරන
උපකරණයයි.

කැමරාව නැතත් ඔහු දකිනවා.
ඔහු දැක්ක දේ
කැමරාව නැතුව අපිට බලන්න බැහැ.

අපි ඔහුට ගරු කරන්නෙ
ඔහුගෙ දැක්මටයි.
ඔහුගෙ කැමරාවට නෙමෙයි.

හොඳ දැක්මක් නැති කෙනෙක්
ලෝකෙ තියන
හොඳම සහ වටිනාම කැමරාවෙන්
ඡායරූප අරන් පෙන්නුවත්
අපිට දැනෙන්නෙ නැහැ.
හොඳ දැක්මක් ඇති ඡායාරූප ශිල්පියෙක්
බාල මොබයිල් ෆෝන් එකකින් ගන්න
සාමාන්‍ය තත්වයේ ඡායාරූපයක්
ගෞරවයට පාත්‍ර වෙනවා.
  Original Photo by Steve McCurry==========================================
ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූපයේ
ආලෝකය හා අඳුරද වෙන් වශයෙන්
රිද්මයානුකූලව සම්පිණ්ඩණය වී ඇති අයුරු
අධ්‍යයනය කරන්න.

ඡායාරූප ශිල්පියා අරමුණු කළත් නැතත්
ඔහු කැමතිවුණත් නැතත්
ඡායාරූපයක මොනවා හෝ රීති භාවිතා වෙනවා.
අපිට කරන්න පුලුවන් ඒ රීති පාලනය කිරීම විතරයි.

සුන්දරත්වයෙන් තොර මනාලියකට
වේශ නිරූපණය අත්‍යාවශ්‍යයි.
රිද්මයකින් තොර ඡායාරූපයකට
තාක්ෂණික ප්‍රමිතිය අත්‍යාවශ්‍යයි.
Old Train in USA © Matthew Malkiewicz
තාක්ෂණික ප්‍රමිතිය
මේ ඡායාරූපයෙ ඉහළින්ම තියන නිසා
මේ දුම් රොටුව ඉතා ලස්සණට
අපිට පෙනෙනවා.

ඒත් ඒ දුම් රොටුව සුදුවෙලා ගියොත්
අපිට රස විඳින්න දෙයක්
ඉතිරි වෙන්නෙ නෑ.

මෙහි සම්පිණ්ඩණයෙ අමුතු සුන්දරත්වයක් නැහැ.



ඒත් මේ වගේ ඡායාරූපයක
හැඩතල අතරෙ තියන රිද්මය නිසා
විස්තර කොතරම් අඩුකළත්
සුන්දරත්වය ඉතුරුවෙනවා.

===============================================================



facebook සමූහවල හැසිරෙන නවකයින්ට..






කිසිවෙක් ඔබට සම්බන්ධ වෙනවා නම්
ඔහුගෙන් ඔබට හෝ ඔබෙන් ඔබට
ලැබෙන දෙයක් තියනවා.
ඒ දේ හොඳක් වෙන්නත් පුළුවන්.
නරකක් වෙන්නත් පුලුවන්.

ඔබ හැදෙන්නට හදන විට..
ඔබට හැදෙන්නට උවමනා බව පෙනෙන විට
කෙනෙක් ඔබ අධෛර්ය කරන
ඔබ අකර්මණ්‍ය කරවන
ඕනෑම දෙයක් කරනවිට
එසේ ඉදිරිපත් වෙන තැනැත්තාට
ඔබ අධෛර්ය කිරීමෙන්
ඔබ අකර්මණ්‍ය කිරීමෙන්
ඇති ප්‍රයෝජනය කුමක්දැයි සිතන්න.
හැකි නම් ඔහුගෙන් අසන්න.
ඔහු අන් අයට නැති ආදරයක්
ඔබට දක්වන්නේ මන්දැයි
ඔබෙන්ම විමසන්න.

කිසිවෙක් ඔබේ පියස්සේ පිදුරු ගහකට
ගිනි අවුලුවන විටම ඔහු හඳුනා ගන්න.
ඔබේ ගින්න වහාම නිවාගෙන
සැලකිල්ලෙන් ඔහු දෙස බලන්න.
ඔහු දැවෙන ගින්න බලන්න.
ඔබේ ගින්නෙන් ඔහු දවන්නට
උත්සාහ කරන්න එපා.
නිවැරදි දේ කරන්න.
ඔබේ ගමන ඔබ යන්න.

සමාජයට එඩිතරව මුහුණ දීම,
විශේෂයෙන්ම විරුද්ධවාදීන්ට මුහුණ දීම
ඕනෑම ක්ශේත්‍රයක නවකයින්ට පොදුයි.

බිඳෙන භාණ්ඩයක් වගේ
සමාජයෙන් කොන්වී සිටින අයට
පැවැත්මක් නැහැ.

ඇඩ්මින්වරුන්ගේ හා සාමාජිකයන්ගේ
නිර්දය පහරදීම් නිසා
සමූහ වලින් ඉවත්වී ගිය
ප්‍රබල සහජ හැකියාවන් සහිත
සමාජිකයන් බොහෝයි.
ඔවුන්ට මෙන්ම සමූහවලටත් එය හානියක්.

නවක දක්ෂ සාමාජිකයෙක්
සමූහයකට එළියක්.

ඉගෙන ගන්න නවක සාමාජිකයන්
හැදෙන හැම කෙනෙකුටම ආලෝකයක්.

සහජ හැකියා ඇති හෝ නැති
ඉගෙන ගන්නට පෙරුම් පුරන,
ලැබෙන අවස්ථාවෙන් ඉගෙන ගන්න මැලි නොවෙන
නවක සාමාජිකයන් පෙළ තරම්
අන් කිසිවෙක් සමූහයකට වටින්නේ නැහැ.
ඇඩ්මින්වරුන්ගේ මූලිකම වගකීම
ඔවුන් ආරක්ෂා කිරීමයි.
නොකැපූ මැණික් මෙන්
ඔවුන් දෙස ගෞරවයෙන් බැළිය යුතුයි.

ඔප දමන්නට බැරි නම්
ඔප වැටෙන්නට අවස්ථා සැලසීම
ඇඩ්මින්වරුන්ගේ යුතු කමක්.

ආර්නෝල්ඩ් කොනන්ට රඟපෑ
Conan the Barbarian
චිත්‍රපටිය ඇරඹෙන
නීට්ෂේගේ කියමන....
" අප මරණයට පත් නොකරන
හැම අත්දැකීමකින්ම
අප ශක්තිමත් වෙයි."

මේ පාඨය නවකයන්ට හොඳ ආදර්ශයක්.

හැම පහරකින්ම පන්නරය ලබන්නට
ඊට මුහුණ දෙන්නාට
හැකියාවක් තියනවා.

විශේෂයෙන්ම
සහජ හැකියාවන් ඇතත්
නුහුරුකම නිසා හෝ
බියගුළු බව නිසා හෝ
නිවට බව නිසා හෝ
අන් අයගේ හිරිහැර හිංසා වලට
මුහුණ දීමට ශක්තියක් නැතිව
අදහස් පළකිරීමෙන් වැළකී සිටින
කරළියෙන් ඉවත් වෙන නවකයන්ට
නැතිවෙන දේ බොහෝයි.

ඔවුන්ට යමක් දෙන්නට ඉදිරිපත්වන අය
කාගේ කුමන පහරදීමකට ලක් වුණත්
තමා රැකගැනීමට ශක්තිමත් විය යුතුයි.
පළමුව තමාගෙන්ම තමා රැක ගැනීමට
ශක්තිමත් විය යුතුයි.
යහපතක් සිදු කරන්නාට පහර දෙන
මතුපිටින් මහත්වරුන්
බොහෝ දෙනක් ඇතුළතින් නරුමයන්..නැත්නම්
කාලය විසින් හෝ
නරක පුරුදු, නරක ආශ්‍රය නිසා
නරුමයන් බවට පත්වූ
සංවේදී මිනිසුන්.

අතීතය කුමක් වුවත්
නරුමයෙක් ලෙස හැසිරෙන්නා නරුමයෙක්.
ඔවුන්ට තමා දැකීමේ හැකියාවක් නැහැ.

කොතැනක හෝ වර්ධනයක්,
දළුලෑමක් සිදුවෙන විට
ඔවුන් තුළ ගින්නක් ඇවිලෙන්න පටන් ගන්නවා.

ඒ ගින්නෙන් දැවෙන ඔවුන්
ගින්න නිවා ගන්නට කරන්නේ
ඒ ගින්නට හේතුවුණ තැන්
දවන්නට ක්‍රියා කිරීමෙනුයි.

අවාසනාවකට මෙන්
ඔවුන් බොහෝවිට සාර්ථක වෙනවා.
එවැන්නන් බලය පතුරුවන සමූහවලින්
නිර්මාණශීලීන් දුරස් වෙනවා.

එවැනි තැන්වල පවතින්නේ
මත්පැන්හලක ඇති වාතාවරණයක්.
මානය, ඉරිසියාව, අහංකාරකම වැනි
දූෂිත සිතිවිලි වලින් මත් වුණොත්
මත්පැන්වලට වඩා හානිකරයි.
ඔවුන් බීමත්ව පහර දෙන්නේ
හැදන පැල වලටයි.

විශේෂ පුද්ගලයින්
හිතා මතා ඇති කරන
බොහෝ හිස් ප්‍රශ්න පිටුපස ඇත්තේ
වක්‍ර පහර දීමක්.
එහි අන්තයේ ඉන්නේ
දෙපයින් නැගිටින්නට උත්සාහ කරන
ඉගෙන ගන්නට කැමති
දක්ෂ ළාබාල නවකයන්.

ඔවුන්ගේ වක්‍ර ප්‍රහාරයෙන්
අකර්මණ්‍ය වන්නේ නවකයන්.
ඔවුන්ගේ ප්‍රධානම අරමුණ එයයි.

කැරම් ලෑල්ලේ වටේ දාරය සහ
කලු සුදු ඉත්තෝ
යමක් දෙන්නට හදන අයයි.
රතු ඉත්තා නවකයායි.

හැකි ඉක්මණින්
නවකයා වලට දමාගන්නට
ඔවුන් අනික් ඉත්තන්ට
විවිධාකාරයෙන් පහර දෙනවා.

අදක්ෂ නවකයන්ට
මේ ප්‍රශ්නය අදාළ නැහැ.
දක්ෂ නවකයන්
එය තේරුම් ගත යුතුයි.

ඔවුන්ගෙන් පහර ලබන විට
කළයුතු පළමු සහ හොඳම දේ
තමන් ඔවුන් සිටින තත්වයට
පත් නොවී සිටීමයි.

ඔවුන් වියරුවෙන් මෙන් හැසිරෙන්නේ සැලසුම් සහගතවයි.
ඔවුන්ගේ ප්‍රහාර වලින් කොයිතරම් රිදුණත්
ඒ වේදනාවෙන් ඔබ වියරු නොවැටිය යුතුයි.
ඔබේ ආවේගය පාලනය කරගත යුතුයි.

ඔහු ඔහුගේ වල් අශ්වයා මුදා හැරියාවේ.
ඔබේ අශ්වයාගේ තෝන් ලණුව
තදින් අල්ලන්න.
ඔබේ අශ්වයා පාලනය කර ගන්න.

ඔබට එරෙහිව
ඔවුන් යොදා ගන්නා හොඳම අවිය
ඔබයි.
ඔබේ ම කැළඹීමයි.

ඔවුන් ඔබට කැළඹිලා පෙන්වනවා.
ඔබ නොකැළඹුණොත් ඔවුන්ට
ඔබ අනුගමනය කරන්නට වෙනවා.

ඔහු අන් අයගේ සිනාවට ලක්වුණාවේ.
ඔබ ඔහුගේ සහායකයා වෙන්න එපා.

ඔහුගේ ප්‍රකාශවල හරයක් ඇත්නම්
සන්සුන්ව, තර්කානුකූලව පිළිතුරු දෙන්න.
හරයක් නැත්නම් මග හරින්න.

ඔහුගේ අරමුණ සංවාදය නොවේ නම්
ඔහු ඔබ පසුපස
දිගින් දිගටම එළවනවා නම්
ඔබට කළහැකි හොඳම දේ
අනතුරු ඇඟවීමකින් පසුව හෝ
අනතුරු ඇඟවීමක් නැතිවම
ඔවුන් බ්ලොක් කිරීමයි.

සාමාජිකයන් වෙත ඔවුන් සමීපවන්නේ
සාමාජිකයන්ගේ යහපත තකා
අනතුරු අඟවන හිතවතුන් ලෙසයි.
පුද්ගලිකව හමුවීමෙන් හෝ
ඊමේල්, පණිවිඩ මගින්
ඔබ නතුකරගන්නට
ඔවුන් බොහෝවිට සමත්.

ඔබ රස විඳින දේට
විෂ පොවන්නට ඔවුන් දක්ෂයි.

ඔබ රැකෙන විදිය
ඔබ පුහුණු නොවුණාට
ඔබ අකර්මණ්‍ය කරන විදිය
ඔවුන් හොඳින් පුහුණුවෙනවා.

තනිව නොහැකි නම් කල්ලි ගැහෙනවා.
මදුවිත තොලගාමින්, බයිට් සපමින්
ඔවුන් ඔබට විරුද්ධව
අවි මුවහත් කරනවා.

කිසිවෙක් ඔබේ පියස්සේ පිදුරු ගහකට
ගිනි අවුලුවන විටම ඔහු හඳුනා ගන්න.
ඔබේ ගින්න වහාම නිවාගෙන
සැලකිල්ලෙන් ඔහු දෙස බලන්න.
ඔහු දැවෙන ගින්න බලන්න.
ඔබේ ගින්නෙන් ඔහු දවන්නට
උත්සාහ කරන්න එපා.
නිවැරදි දේ කරන්න.
ඔබේ ගමන ඔබ යන්න.

ඔබ නිවැරදි නම්
ඔබට ඔහු ගැන ඇතිවෙන්නේ කරුණාවක්.
ඒ කරුණාව ඔබටත් ඔහුටත්
දෙදෙනාටම ආරක්ෂාවක්.

ඔබේ ඉගෙනීමට,
ඔබේ වර්ධනයට හානිකරන ඕනෑම කෙනෙක්
සැල්වීනියා වැනි වල්පැලෑටියක් ලෙස සලකන්න.

ඔහු ඔබෙන් ඉවත් කරන්නට වෑයම් කරන්නේ
ඔබේ අනාගතයෙන් කොටසක් බව තේරුම් ගන්න.

ඔබේ ඉදිරිගමනට හිරිහැරයක්,
හෝ කරදරයක් ලෙස පෙනෙන
ඕනෑම කෙනෙක්
ඔබ අධෛර්ය කරන
ඔබ අකර්මණ්ය කරවන 
ඕනෑම කෙනෙක්
ඔහු කවරෙකු වුවත්
බ්ලොක් කර දමන්න.

ඉන්පසුව
ඔබ කරන දේ ඔහුටත්,
ඔහු කරන දේ ඔබටත්
පෙනෙන්නේ නැහැ.

ඔබේ මිතුරු සමූහය
වල් පැළ වලින් ආරක්ෂා කරගන්න.
ඔබ අධෛර්ය කරන
ඔබ අකර්මණ්ය කරවන ඕනෑම කෙනෙක්
ඔහු කවරෙකු වුවත්
බ්ලොක් කරන්න.





20130908

ඡායාරූප තුළ රටා දකින සංවේදී මනසක්.....





.
ඡායාරූපයක රටාවක් හැදෙන්න
අරමුණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් අවශ්‍යයි..


රටාවක් කියන්නෙ පෙළ ගැස්මක්.


ජීවිතේ ගත කරද්දි
අපි කරන කියන හැම දේකම
රටාවක් තියනවා.

http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQ88vSZDjqc_MJkQlH3sj6W5xyfMrQgJBmMtvS3PHK8QS12wjIZ
රටාවෙන් පිට පනින්න වුණාම..
රටාවෙන් පිටට වැටුණාම අපි දුක් විඳිනවා.
http://us.123rf.com/400wm/400/400/andreypopov/andreypopov1203/andreypopov120300164/12983523-senior-man-walking-using-crutches-isolated-on-white.jpg

අපි කෑම බෙදා ගන්න වෙලාවට
කෑම බෙදා ගන්න රටාවක් තියනවා.
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTo_l2SEJf6YWoAEhdsJzJ5-OQqYwbQGuLePGJOF4zoc0LYFguK4Q
වෙන කෙනෙක් බෙදනවා නම්
ඔහු ඒ රටාව ගැන දැන ගන්න ඕන.
රටාව බිඳුණාම එතන අවුලක් තියනවා


 ඇඳුම් අඳින රටාවක් තියනවා. 

http://farm4.static.flickr.com/3491/3193723054_64de39593d.jpg
ඇඳුම් අඳින රටාව බිඳුණාම එතන අවුලක් තියනවා.
අඳින්න ඇඳුම් දෙන්නෙ වෙන කෙනෙක් නම්
ඔහු පිළිවෙළකට ඇඳුම් දෙන්න ඕනෙ.
පිළිවෙළ බින්දොත්...
යට ඇඳුම් අන්තිමට දුන්නොත් අපිට අවුලක් වෙනවා.

වෙන කෙනෙකුට පෙන්නන්න
ඡායාරූපයක් ගන්න කෙනෙකුට
මේ වගකීම වැඩියි..
මංගල ඡායාරූප ගන්න අයගෙ
වගකීම ඊට වඩා වැඩියි.
වෙළඳ ප්‍රචාරණ ආයතනයකට
ඡායාරූප ගන්න අයට
එහෙම හිතන්න බැරි නම්
වැඩ ලැබෙන්නෙත් නෑ.

ඡායාරූපයක් තුළ රටා මතු කර ගන්න නම්
අවම වශයෙන් අන් අයගෙ ඡායාරූප තුළවත්
රටා හඳුනාගත හැකි සංවේදී මනසක්
ඡායාරූප ශිල්පියාට තියෙන්න ඕනෙ.

සැබෑ ත්‍රිමාණ පරිසරයෙ
රටා දකින්න අපහසුයි.

දක්ෂ ඡායාරූප ශිල්පීන්ගෙ
ද්විමාන ඡායාරූප විශ්ලේෂණය
ඊට හොඳ පිවිසුමක්.

Photos by Steve McCurry

 මේ ඡායාරූපවල
උදාසීන වර්ණ සහිත වටාපිටාවෙ
රතු වර්ණය අරමුණට ඇස ගෙන යනවා.
ඒ නැතත් මේ පරිසරයෙ
ලොකු කුඩා හැඩතල සියල්ලම පාහේ
අපේ ඇස අරමුණ වෙත ගෙන යන විදියට
අරමුණ වටා රොක් වෙනවා.



රතු සහ කොළ වර්ණ
එකිනෙකට ප්‍රති විරුද්ධයි..
එකක් වැඩියෙන් සහ
අනික ගැලපෙන අනුපාතයකින් තියනවා නම්
හොඳ ඡායාරූපයකට
ඒ සංගතිය ආලෝකයක්.
මෙහි ඒ සංගතිය
ඉතාම හොඳින් පිහිටා තියනවා.
එම වර්ණ දෙකට බාධා නොවෙන විදියෙ
උදාසීන වර්ණ රටාවක්
පසුබිම් වීමත් නොමඳ සහායක්..

කලුපාට හැඩතලත්
කාන්තාව වටා සර්පිලයක් වගේ
කාන්තාවට අවධානය අරන් දෙනවා...


මෙහි සම්පිණ්ඩණ රටාව ඉතාම පැහැදිලියි..


-------------------------------------------------------------------------------------------

 
දෙවිදියක අනන්‍යතාවයෙන්
දෙවිදියක සුන්දරත්වයක් මවන
පොදු ලක්ෂණත් ඇති
ඉතා ප්‍රියමනාප ඡායාරූප දෙකක්..

එකක් ක්‍රියාකාරීයි..
අනික නිවුණු සන්සුන් ස්වභාවයක්..
අරමුණ රාමුවේ මැද හෝ
මැදට සමීපව ස්ථානගත කිරීමෙන්
අරමුණේ චලනය නොදැනි යනවා.

අරමුණ මධ‍යයෙන් ඈත් වුණාම
රාමුවේ ඊට සමීප දාර වල දිසාවට
ඇදෙන බවක් හැඟෙනවා.

මේ ඡායාරූප දෙකෙන් පෙනෙන දේ
ඒ රීතියට
හොඳ උදාහරණයක්.

1, Photo by Steve McCurry
2, Photo by Jayantha Rajawiweka.
 
-------------------------------------------------------------------------------------------
 

https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/21436_10200350303746907_723185843_n.jpg
Photo by Steve McCurry
අති විශිෂ්ඨ හැඩතල සම්පිණ්ඩණයක්.
 
-------------------------------------------------------------------------------------------