20130927

කලාව නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.




උෂ්ණත්වය ගැන ඉගෙන ගනිද්දි
අපි උශ්ණත්ව මාපක හදා ගන්නවා.

මාපකයෙන් මාපකයටත්
අවස්ථානුකූලවත්
යමක් සිදුවෙන උෂ්ණත්වය
වෙනස් විය හැකියි.
මාපකය මොකක් වුණත්
උෂ්ණත්වය නිසා සිදුවෙනදේ
වෙනස් විය නොහැකියි.

සිසිල් වෙනකොට වතුර මිදෙන එක
රත්වෙනකොට වාෂ්ප වෙන එක
ලෝකෙ කොහේටත් එකයි.

නිර්ණායක අනුව
වෙනස් වෙන්නෙ
ශාස්ත්‍රීය අගය මිසක්
කලාත්මක අගය නෙමෙයි.

කිසියම් දෙයක් නිසා
කොයි රටේ මොන තැනක වතුර නැටුවත්
ඒ සංසිද්ධිය සමානයි.

එහෙම වෙනස් වෙන්නෙ
ශාස්ත්‍රීය බව මිසක්
කලාත්මක බව නොවෙයි..

කලාත්මක දෙයක්
ශාස්ත්‍රීය ඇසින් බැලුවාම
වැරදිවෙන්න පුලුවන්.

සෙන්ටිග්‍රේඩ් අංශක සියයෙදි
වතුර නටනවා කියලා
ශාස්ත්‍රීය විදියට කිව්වට
ඒක සත්‍ය වෙන්නෙ
මුහුදු මට්ටමේදි විතරයි.
කන්දක් මුදුනෙදි
ඒක බොරු වෙනවා.

ශාස්ත්‍රීය නිර්ණායක වලින්
කලාව මනින අය
කන්දක් උඩදි වතුර නැටුවට
අංශක ගණන අඩු නිසා
වතුර නැටුවා කියල
පිළිගන්නෙ නෑ.

ඇහැට පෙනි පෙනි වතුර නටද්දි
ඔහු දිගටම මාපකය දාගෙන වාද කරනවා...
සෙන්ටිග්‍රේඩ් අංශක සියය නැති නිසා
වතුර නටන්නෙ නැහැ කියල.

කලාවෙදි
අංශක ගණන් කතා කරන්නෙ නෑ.
වතුර නටන උෂ්ණත්වය කිව්වම
ලෝකෙ කොහේටත් සාධාරණයි.

විශ්ෂ්ඨ කලාකෘති විශ්ව සාධාරණයි.
විඳින කෙනෙකුගෙ හදවතට විනා
නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.

කලාව නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.

No comments:

Post a Comment