20140615

ඡායාරූපයකින් හැඟීමක් දෙන්නට මුහුණ අත්‍යාවශ්‍යද.?



 ස්ටීව් මැක්කරිගේ මේ ඡායාරූපවලින්
හැඟීමක් ඇතිවන්නට ආධාර වන්නේ කුමක්ද
කියා සිතා බලන්න.




































 


20140608

ඡායාරූප සම්පිණ්ඩණය



ඡායාරූපය තුළ
රසිකයා මෙහෙයවීමේ හැකියාව
රසිකයාගේ ඇස මෙහෙයවීමේ හැකියාව
ඡායාරූප ශිල්පියාට
කැමරාව මෙන්ම වැදගත්ය.

 ඡායාරූප ශිල්පියා දක්ෂයෙක් නම්
ඔහු පෙන්වන දේ
එක් වනම රසිකයා දැකිය යුතුය

 ඡායාරූප ශිල්පියා දක්ෂයෙක් නම්
ඔහු කොතනක අරමුණ ස්ථානගත කළත්
රසිකයා එය දැකිය යුතුය..
 

දක්ෂ ඡායාරූප ශිල්පියාගේ මග පෙන්වීමෙන් මිදී
රසිකයාට තමන්ට රිසි දෑ බලන්නට ලැබෙන්නේ දෙවනුවයි.

 
 ඡායාරූප ශිල්පියා දක්ෂයෙක් නම්
රසිකයා ඔහුගේ වහලෙකි.

ඔහුගේ ඡායාරූපය රසිකයාට විකුණන්නට
වෙනත් බාල, කූට මාර්කටින් කරණම් ගැසීම අවශ්‍ය නොවේ.

 
ශිල්පියා කියන ගණනකට
 රසිකයා ඡායාරූපය මිලදී ගනු ඇත.

ඡායාරූපය තුළ
රසිකයා මෙහෙයවීමේ හැකියාව නැති ඡායාරූප ශිල්පියාට
කැමරාව හිස් කවුලුවක් පමණි.


ඔහුට අරමුණක් නැත.

අරමුණක් ඇත්නම්
එය පෙන්වන්නට කුමක් කළ යුතුදැයි
ඔහුට නිශ්චය නැත.

බලන්නා දකින්නේ ඔහු පෙන්වන දේ නොවේ.

කවුලුවෙන් ඔහු පෙන්වන්නේ කුමක්දැයි
වචනයෙනුත් කීමට ඔහුට සිදු වේ.


දක්ෂ ශිල්පියා
ඔහුට අවශ්‍ය ආකාරයට
අරමුණෙන් අරමුණට රසිකයා මෙහෙයවයි.

සම්පිණ්ඩණය ඇරඹෙන්නේ අරමුණ අවධාරණය කිරීමෙනි.

ඡායාරූප ශිල්පියා අවධාරණය කරන අරමුණ
මතුකොට පෙන්වන්නට සහාය වන ලෙස
රාමුව තුළ ඇති සියල්ල පිළිවෙලකට සැකසීම
ඡායාරූප සම්පිණ්ඩණයයි...
එම පියවරේදී සම්පිණ්ඩණ රීති ඔහුට ඉවහල් වෙයි.

දෙවනුව
දක්ෂ ඡායාරූප ශිල්පියා
මනා සංයමයකින් යුතුව
ඔහුට අවශ්‍ය හැඟීම
රසිකයා තුළ ජනිත කරන්නට යොමුවෙයි..

මේ සඳහා
ඡායාරූපය තුළ ඇති ලොකු කුඩා සියල්ල
ඔහු මනා පරිචයකින් යුතුව හසුරුවා ගනියි.


මේ  පියවරේදීත් සම්පිණ්ඩණ රීති ඔහුට ඉවහල් වෙයි.

දක්ෂ ඡායාරූප ශිල්පියා
සම්පිණ්ඩණ රීති වලට වහලෙක් නොවේ.
රීති ඔහුගේ වහලුන්ය.

දක්ෂ ශිල්පියා
ඔහුට අවශ්‍ය අරමුණට
රසිකයා මෙහෙයවන්නට
පවතීන සම්පිණ්ඩණ රීති ඇසුරෙන්
අලුතෙන් රීති සොයා ගනියි.


ඡායාරූප ශිල්පියාට
කැමරාව මෙන්ම වැදගත්
මේ සියුම් කාර්යය සම්පිණ්ඩණයයි.

චිත්‍ර ශිල්පියා, ඡායාරූප ශිල්පියා පමණක් නොවෙයි.
මූර්ති ශිල්පියා, සංගීතඥයා, ගෘහ නිර්මාණ ශිල්පියා,
වඩු කාර්මිකයා, ඉංජිනේරුවා ආදී සියලුම ශිල්පීන්
ඔවුන් කරන නිර්මාණ වලදී
ඔවුන්ට ආවේණික සම්පිණ්ඩණ රීති භාවිතා කරනවා.

1, 1:2, 2:3 ආදී සම්පිණ්ඩණ රීති අනුපාත
ඕනම කලාවකට හා ශිල්පයකට පොදුයි.

දක්ෂ කැපී පෙනෙන ශිල්පීන්
සිය ජීවිත කාලය පුරාම
සම්පිණ්ඩණ රීති මැනවින් හදාරණවා.


අපි ඇසින් දකින දේකදි
අපිට අවශ්‍ය ටික තෝරගෙන
අනවශ්‍ය දේ නොසලකා හරිනවා.

ඇසින් දර්ශනයක් දකිද්දි
අපිට අවශ්‍ය අරමුණක් තෝරාගෙන
ඒ අරමුණ විතරක් බලන්න පුලුවන්.


ඡායාරූපයක් ගනිද්දි
අපි නොසලකා හැරි දේත්
ඡායාරූපය තුළට එනවා.


අපේ අරමුණ පෙන්වන්න නම්
ඡායාරූපයෙ සම්පිණ්ඩණය වෙනස් කරන්න වෙනවා.



අරමුණට බාධාවක් නොවෙන ලෙස
අනවශ්‍ය දේ ඉවත් කරල
අරමුණට සහයෝගයක් වෙන විදියට
රාමුව තුළ තියන වර්ණ,
රේඛා, හැඩතල ආදිය
බැලූ බැල්මට ප්‍රියමනාප ලෙස
සකස් කරගැනීමටත්
අපි සම්පිණ්ඩණය කිරීම
කියා හඳුන්වනවා
  
අරමුණ මනාව ස්ථානගත කිරීම

වර්ණ රේඛා හැඩතල ආදිය සංගත වීම
 


  වර්ණ රේඛා හැඩතල ආදිය අතර රිද්මය
 

===========================================================

ඡායාරූපයක ධන ඍණ අවකාශ

හොඳ රූපයක
ධන ඍණ අවකාශ දෙක අතර
ප්‍රිය ජනක අනුපාතයක් සහ රිද්මයානුකූල රටාවක් තිබිය යුතුය..
 
 


කිසියම් ඡායාරූපයක
ඔබේ අවධානය දිනාගන්නා ප්‍රදේශය
ධන අවකාශය ලෙස හැඳින්වේ.
ඉතිරි කොටස ඍණ අවකාශයයි.

 චීන දෘශ්‍ය කලාකරුවන්
අවකාශයත්, ඝන වස්තුවත් දෙකම
නිර්මාණයක අංග වශයෙන් සලකා
නිර්මාණය සමබර කරනවා.
 ==================================
 



 -------------------------------------------------------
 ස්පර්ශක රීති
 දෘෂ්‍ය කලාවේදී ස්පර්ශකයක් යනු
තල හෝ වස්තු දෙකක් ස්පර්ශ වන ස්ථානයි.

Photo by Chamal Sameera Goonawardena
 තල හෝ වස්තු දෙකක් ස්පර්ශ වීම,
තල හෝ වස්තු දෙකක් ස්පර්ශ වන්නාක් මෙන් දිස්වීම සහ
තල හෝ වස්තු දෙකක් අතර සම්බන්ධය
රසිකයාගේ රස වින්දනයට බාධා පැමිණවීම
ස්පර්ශක දෝෂ ලෙස දෘෂ්‍ය කලාවේදී හැඳින්වේ..




=====================================================










=====================================================

ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය වක්‍රය
රූපයක හැඩතල හා රේඛා
ස්වර්ණමය වක්‍රය හා රිද්මයානුකූලව සංගත වීමෙන්
රූපය නිතැතින්ම සිත්කළු රූපයක් වෙයි.

නෙත සිත ප්‍රිය කරන රටා මවන
ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය වක්‍රය
අදෘශ්‍යමාන ලෙස
දෘෂ්‍ය රූප හරහා ඇති කරන බලපෑම
කුඩා දරුවාට මෙන්ම මහල්ලාටද
ගල් යුගයේ ගෝත්‍රිකයාට මෙන්ම නූතන විද්‍යාඥයාටද පොදුයි.



වර්ණ, රේඛා, හැඩතල ආදී සාධක
දැකීමත්, උපයෝගී කර ගැනීමත්
වෙන වෙනම දකිමින්, හදාරමින්,
පර්යේෂණ කරමින්
කලක් තිස්සේ පුහුණු විය යුතුයි..

සම්පිණ්ඩණය අපි හැම කෙනෙක්ම
නොදැනුවත්ව වුණත් ප්‍රිය කරනවා.

අපි රස විඳල හුරු දේවල්
අපි නිසි පරිදි සම්පිණ්ඩණය කර ගන්නවා.

විකල්ප රැසක් තියන
කෑම මේසයක් ළඟදි
අපට අවශ්‍ය රස මතුවෙන විදියට
අපි අපේ පිඟාන ඉතා මැනවින්
සම්පිණ්ඩණය කර ගන්නවා.

ඒ සම්පිණ්ඩණය සාර්ථක වෙන්නෙ
අපි ඒ ආහාර වර්ග හොඳින් රස විඳලා
යොදාගත යුතු අනුපාතය හොඳින් දන්නා නිසයි.

වර්ණ, රේඛා, හැඩතල ආදී සාධකත්
ඒවායේ ගුණාංගවල අන්තර් ක්‍රියාකාරිත්වයනුත්
නිතර දැක හොඳින් හඳුනාගත්තාම
ඡායාරූපයට අවශ්‍ය පරිදි
වර්ණ, රේඛා, හැඩතල බෙදාගන්න පුලුවන්.

ඡායාරූපයක් ගනිද්දි
සිතින් නොසිතාම
තම හැඟීම ප්‍රකට වෙන අන්දමට
නිවැරදිව සම්පිණ්ඩණය සිදුවෙන තරමට
ඡායාරූප ශිල්පියා පුහුණු විය යුතුයි.

=========================================
මෙම පිටුවල වැඩි විස්තර අඩංගු වෙයි.
.

Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
 .
 ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය වක්‍රය
.
 ඡායාරූපයක ධන ඍණ අවකාශ



වර්ණ රේඛා හැඩතල ආදිය
සම්පිණ්ඩණයට උපකාරීවෙන රීති පිළිබඳව
වෙනම ලිපි පෙළක් ඉදිරියේදී එක්වෙනු ඇත.
ඔබේ අදහස් හා යෝජනා වේ නම් කමෙන්ට් කරන්න.