20140606

රිද්මය හුරු ඇසක් ඇති ශිල්පියා පර්යේෂණයට යොමුවෙනවා.

රේඛා සම්පිණ්ඩණයෙහි
වැදගත්කම දකින ඡායාරූප ශිල්පීන්
ඉතාම විරලයි.

එකම තැනකදී,
එකම කැමරාවකින්,
එකම ඡායාරූප ශිල්පියෙක් ගත්
මේ ඡායාරූප දෙකෙහි
මූලිකම වෙනසට හේතු වෙන්නෙ
මේ ඡායාරූප දෙකේ ව්‍යංගාත්මක
රේඛා රටාවයි.

වර්ණ අනුව සසඳා බලන්න

එකම රේඛා පද්ධතිය
ඡායාරූප දෙකෙහි උසුලන
වැදගත්කම වෙනස්.
රඟපාන චරිතය වෙනස්.
මේ රාමුව වේදිකාවක් නම්
ඔවුන් ස්ථාන ගත වෙන විදිය වෙනස්.
 ===========================================
මේ පඩිපෙළෙහි සියලුම ඡායාරූප
Samantha Samaranayaka විසිනි.



ඡායාරූප ශිල්පියා
මේ රාමු වලින් කුමක් තෝරා ගන්නද කියා සිතමින්
සිතින් තර්ක කරමින් දරන වෙහෙස
ඔහුට තීරණාත්මක අභ්‍යාසයක්.

කණාශොට් ඡායාරූප ශිල්පියෙක්
වඩාත්ම තමන්ගේ සිත් ඇදගන්න තැන කියා හිතාගෙන
ඡායාරූප එකක් දෙකක් ගෙන සැනසෙනවා.

රිද්මය නුහුරු ඡායාරූප ශිල්පියාට
කොයි පැත්තෙන් බැලුවත්
එකම පඩි පෙළක්..


එක පියවරක් තැබූවිට
මේ රටාව වෙනස් වෙන විදිය දන්නා
රිද්මය හුරු ඇසක් ඇති ශිල්පියා
පර්යේෂණයට පෙළඹෙනවා.


ඔහු වඩාත් හොඳ ඡායාරූපයක් සොයමින්
ඒ අවට ගැවසෙනවා. පිරික්සනවා.
එසේ ගැවසීම
ඡායාරූප ශිල්පියෙකුට ඉතා වැදගත්..



ඡායාරූපයකට සුදුසු තැනක්,
දෙයක් හෝ කෙනෙක් හමුවූ විට
රේඛා, වර්ණ, හැඩතල රටා දකින්නට
කිසියම් පෙරහුරුවක්
තානගත වීමක් , ටියුන් වීමක් අවශ්‍යයි..

https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-frc1/400914_4944737982964_1586213564_n.jpg
ඇෆ්ගන් යුවතිය නම්
ලොව පළමු පෙළේ ඡායාරූපය ගන්නට
ස්ටීව් මැක්කරි දැරූ වෙහෙසත්
ඡායාරූපය මෙන්ම අපූර්වය.
 -----------------------------------------------------------------------
ඇය කෙළින්ම කැමරාවට මුහුණ දීමට
පසුබිම සකස් කරගැනීම සඳහා
ඔහු ඇගේ වෙනත් ඡායාරූප 5-10ක් පමණ ගත්තේය.

ඇය මුහුණ දෙන ආකාරය ඔහුගේ තෘප්තියට හේතු නොවීය...
සම්බන්ධතාවය ඔහුට අවශ්‍ය තරම් ප්‍රබල නොවීය...
මේ අවස්ථාවේදී ගුරුවරිය
ඇයට පහදාදීමක් කරන්නට ඉදිරිපත්වූවාය.
"මේ ඡායාරූපගත කිරීම වැදගත්...
අපි මොන වගේද, අපි ඉන්න තත්වය
බාහිර ලෝකයා දැනගත යුතුයි."
ඇය දෑත් පහත දැම්මාය.
ආලෝකය නිවැරදිව පතිත විය.
කූඩාරම පසුබිමෙහි විය.
ඇය කෙළින්ම ස්ටීව්ගේ කාචයට මුහුණ දුන්නාය.
රාමු දෙකකින් ඔහු ඒ තියුණු, ඒකාග්‍රගත,
විනිවිද යන බැල්ම ඡායාරූප ගත කළේය.
 සම්පූර්ණ විස්තරය කියවන්න
ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව
 ====================================
සරල ලිපියක්

01 රේඛා සම්පිණ්ඩණය

No comments:

Post a Comment