20130601

ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry




National Geographic  සඟරා ඉතිහාසයෙහි
හොඳම ඡායාරූප 100 අඩංගු පොතෙහි
කවරයට තේරුණු ඡායාරූපයයි මේ.

මේ අපූර්ව ඡායාරූපය පිටුපස
සුන්දර කතාවක් තියනවා.


බොහෝ ඡායාරූප ශිල්පීන්
කැමරාව අතේ තියාගෙන
හොඳම ඡායාරූපය ගන්න කල් මරනවා.
ඇෆ්ගන් මෝනාලිසා ගන්න
ස්ටීව් මැක්කරි අනුගමනය කල ක්‍රමය
එවැනි ඡායාරූප ශිල්පීන්ට හොඳ පාඩමක්.
ඔහු ඇයට දැල එලුවේ
අති දක්ෂ දඩයක්කාරයෙක් මෙන්.
ඔහු ඇගේ සිත දුටුවා.
තමන්ට අවැසි ඡායාරූපය ගන්න
ඔහු ක්‍රියා කල ආකාරය
ඔහුගේ ඡායාරූප ශිල්පීය දක්ෂතා ඉක්මවූ
සුවිශේෂී හැකියාවක්.
(1972 උපන්,) ශර්බත් ගුලා නම්
මෙම ලජ්ජාශීලී එහෙත් ඍජු යුවතිය
ඇෆ්ඝ්නිස්තනයේ රුසියානු ආක්‍රමණ සමයෙහි
සරණාගතයින් අතර විසුවාය.

http://2.bp.blogspot.com/-FAeEtCAZi1A/TWWjA94Z5VI/AAAAAAAAADk/AaPIeHinb18/s1600/Steve+McCurry+Afghan+Girl+200.jpeg ස්ටීව් මැක්කරි නම්
විශිෂ්ඨ ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා විසින්
අහම්බෙන් ඡායාරූපයට නගන ලදුව
ඇෆ්ඝන් මොනාලිසා ලෙසින්
ඇය ලොව ප්‍රසිද්ධියට පත් වූයේ
1985 ජුනි මස National Geographic සඟරාවේ
මුල්පිටුවේ පළවූ පසුය.
 http://thepowerofthefrontcover.files.wordpress.com/2011/02/1985-afghan-girl-national-geographic1.jpg?w=595
Cover of the National Geographic Magazine, June 1985.

                           එක් උදෑසනෙක, ඇෆ්ගන් සරණාගත කඳවුරෙහි සැරිසරමින් සිටි ස්ටීව් කූඩාරමක් පසුකර යද්දී කිසියම් පිරිසක් රැස්ව සිටින හඬ ඇසී විමසන විට ඒ දැරියන් සඳහාවූ කුඩා පාසලක් බව වැටහිණ.. ගුරුතුමිය ඔහුට ඇතුළට ආරාධනා කළාය.  
                          එහි ළමුන් අතර මෙම අසාමාන්‍ය, විශ්මිත, විනිවිදයන සුලු, නිල් කොළ අලු පැහැති දෑස් ඇති යුවතිය ඔහුට දක්නට ලැබිණ.. ඇය කූඩාරමෙහි පසෙක හිඳගෙන සිටියාය. 
 
මේ අතිශය අපූර්ව අවස්ථාවක් බව ස්ටීව්ට වැටහිණ.. 
ඇය ඡායාරූපගත කළ හැකි වුවහොත් එය සුවිශේෂී පෝර්ට්‍රේට් එකක් වන බව ඔහුට හැඟිණ... 
ඇගේ ස්වභාවය අනුව ඇය ඡායාරූපයට මුහුණ දීම ප්‍රතික්ෂේප කළහොත් මුලු දවසටම ඇය කැමති නොවනු ඇතැයි ඔහු සිතීය. ඡායාරූපයට මුහුණ දීම ඇයට පහසු කිරීම සඳහා ඔහු ඇගේ පන්තියේ අනික් සිසුවියන් ඡායාරූපයට නැගුවේය. එයින් ඇය තුළ ඡායාරූයට මුහුණ දීමට උනන්දුවක් ඇති කිරීම ඔහුගේ අරමුණ විය.මේ අතර ඔහු ගුරුතුමියගේ අවසරයද ලබා ගත්තේය. ඇය කෙළින්ම කැමරාවට මුහුණ දීමට පසුබිම සකස් කරගැනීම සඳහා ඔහු ඇගේ වෙනත් ඡායාරූප 5-10ක් පමණ ගත්තේය. 
http://farm1.staticflickr.com/44/142927934_8317ae2b08.jpg
   
 http://marciokenobi.files.wordpress.com/2012/01/afghan-girl-1xxx.jpg
                             වැඩිවිය පැමිණි ඇෆ්ගන් කාන්තාවක් ඡායාරූප ගත කිරීම වරදක් විය හැකිය. ඇය මුහුණ දෙන ආකාරය ඔහුගේ තෘප්තියට හේතු නොවීය... සම්බන්ධතාවය ඔහුට අවශ්‍ය තරම් ප්‍රබල නොවීය... මේ අවස්ථාවේදී ගුරුවරිය ඇයට පහදාදීමක් කරන්නට ඉදිරිපත්වූවාය. 
"මේ ඡායාරූපගත කිරීම වැදගත්... අපි මොන වගේද, අපි ඉන්න තත්වය බාහිර ලෝකයා දැනගත යුතුයි." 
                             ඇය දෑත් පහත දැම්මාය. ආලෝකය නිවැරදිව පතිත විය. කූඩාරම පසුබිමෙහි විය. ඇය කෙළින්ම ස්ටීව්ගේ කාචයට මුහුණ දුන්නාය. රාමු දෙකකින් ඔහු ඒ තියුණු, ඒකාග්‍රගත, විනිවිද යන බැල්ම ඡායාරූප ගත කළේය. 
                              ඊ ළඟ මොහොතෙහි එය  අතුරුදහන් විය. ඡායාරූපය ගෙන අවසානයැයි ඇයට හැඟිණ. ඇය යෙහෙළියන් වෙත යායුතුයැයි කියා පැන ගියෙන් ඡායාරූප ගත කිරීම නිමාවිය. එම ඡායාරූපය මෙබඳු පිළිගැනීමකට ලක්වේයැයි ස්ටීව් නොසිතූ නමුදු ඡායාරූපය සුවිශේෂී බැව් ඔහු දැන සිටියේය. 
                               ඔහු ඡායාරූපය දැක්කේ මාස දෙක තුනකට පසුවය. ඔහු එම ඡායාරූපය ආලෝක පුවරුව මත දුටු විට සඟරා කවරයක් සඳහා සිත් කළඹවන සුලු බව වැඩි යයි හැඟුණෙන් ඔහු එය සංස්කාරකට නොපෙන්විය යුතුයැයිද සිතුවේය. පසුව ඇය මුහුණ වසාගෙන සිටින ඡායාරූපයත් සමග
මෙම ඡායාරූපය පෙන් වූ විට සංස්කාරක වරයා කීවේ 
"ඔය අපේ මීළඟ කවරෙ." 


 At the Nasir Bagh refugee camp
in 1984,
Gula's photograph was taken by
on Kodachrome color slide film,
with a Nikon FM2 camera
and Nikkor 105mm
F2.5 lens.
 
මේ ඡායාරූපය
ඡායාරූප කලාවේ මොනාලිසා ලෙස ලෝක පූජිත වුණේ
මෙහි වර්ණ හැඩතල ආදී 
 කිසියම් නිශ්චිත
විශේෂ ලක්ෂණයක් නිසා නොවෙයි..
ඒ  හැම ලක්ෂණයක්ම එක්වෙලා
උද්දීපනය කරන අපූර්ව හැඟීම නිසයි..

මේ යුවතිය ඇෆ්ගන් සරණාගතයෙක්.
අනුන්ගෙ පිළිසරණින් ජීවත්වන්නියක්..
තවම දැරියක් වුණත්
ඇගේ හිතේ ස්පන්දනය වෙන
ආත්ම අභිමානය
කසපහරක් වගේ තියුණුයි..
දශ්ඨ කරන්නට සූදානම්වෙලා
අතීරණයෙන් ඉන්න
සර්පයෙකුගෙ ස්වභාවයක්
ඇගේ බැල්මෙ තියනවා.

ඒ බැල්ම පලුදු නොකර,
ගොරෝසු නොකර,
අඩපණ නොකර,
සංස්කරණය කළ යුතුයි..

The pre-print photo retouching
was done by Graphic Art Service,
based in Marietta,
Georgia.

 
ඇෆ්ඝන් මොනාලිසා අනුකරණය කරන්නට
වෙනත් ඡායාරූප ශිල්පීන් වෑයම් කරනවා...

රේඛා සම්පිණ්ඩණය වෙනස් වෙන අයුරු..


ප්‍රධාන වර්ණ දෙක වන
රතු සහ කොල වර්ණ සම්පිණ්ඩණය
එකිනෙකින් වෙනස් වෙන අයුරු..


2002 දී National Geographic සඟරාව විසින්
ඇය සෙවීමට කණ්ඩායමක්
ඇෆ්ඝනිස්තානයට යවන ලදුව
පකිස්තානයෙ නසීර් බාග්
සරණාගත කඳවුරට පැමිණියහ.


කිහිප වරක් වැරදි හෝඩුවාවල් ඔස්සේ ගිය ඔවුන්ට
ඇගේ ගුරුවරිය හමුවිය.
තවදුරටත් සොයා යෑමේදී

ඇය දැන් කඳුකරයෙහි වෙසෙන
බව දැනගෙන එහි ගිය ඔවුන්
මහත් දුශ්කරතා මැද
ඇය සොයාගන්නට සමත්විය.

 අවසන ඇගේ සොයුරා මුණ ගැසීම නිසා
වසර දාහතකට පසුව
නැවත ඇය ඡායාරූප ගත කරන්නට
ස්ටීව් මැක්කරිට අවස්ථාව ලැබිණ.


http://24.media.tumblr.com/tumblr_lybjkkRlSI1qcglluo1_500.jpg 

යුද්ධයෙන් සහ ජීවිතයෙන්
ලද පීඩාවන් නිසා
ඇය බොහෝ වෙනස්වී සිටියාය.

http://www.solarnavigator.net/art/art_pictures/afghan_girl_woman_shabat_gulu_identified.jpg

xxx


http://thepowerofthefrontcover.files.wordpress.com/2011/02/afghan-girl-in-1985-and-in-2002.jpg

 ඇයට වයස 13දී
වයස 16ක් වූ රහමත් ගුල් සමග
විවාහ වූ ඇය
බේකරියක වැඩකරන සැමියා ස
දරු තිදෙනෙක් සමග වෙසෙන්නීය.




http://www.slowear.com/wp-content/uploads/2012/03/mccurry1.jpg.

https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/182112_3569323118452_1651115392_n.jpg .

Nice interview

------------------------------------------------------------------------------------------------
http://www.hasselbladusa.com/media/1500482/pakistan-10003_web.jpg
ස්ටීව් මැක්කරි විසින්
කෙනෙකුගෙ
Portrait ඡායාරූපයක් ගනිද්දි
සැලකිලිමත් වෙන කරුණු ගැන
ඔහු කරන කෙටි හැඳින්වීමක්..
සහ ඔහු ඡායාරූප ගත කරන අයුරු..
  ----------------------------------------------------------------------------------------------------  

ස්ටීව් මැක්කරි සහ 2013 PIRELLI කැලැන්ඩරය 
 

18 comments:

  1. ඔහු අති විශිෂ්ඨයෙක්

    ReplyDelete
  2. මම ලඟකදී ඉදං මේ ෆොටෝ එක මොකක්ද කියලා දැනගන්න කැමැත්තෙන් හිටියේ... National Geographic Mission Cover Shot රූපවාහිනි වැඩසටහනේ තේමා පටය යනකොටත් මේක පෙන්නවා... මේ තියෙන්නේ හොඳ විස්තරයක් කරලා :)

    ReplyDelete
  3. මේකනම් මහ පුදුම කතාවක් අතුල මහත්මයා. ඒත් මම දකින්නේ
    වෙනත් දෙයක්. අස්ථිර බව.... වෙනස්වනසුලු බව....
    ජරාවට පත්වන බව..... මායාකාරී ලෝකයේ සැබෑ
    ස්වභාවය.

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත,
      තර්කයෙන් දකින අනිත්‍යය...
      ප්‍රත්‍යක්ෂය නොවෙයි...

      මහාචාර්ය වරු උපාධි ගන්න විදියට
      දහම් දැනුම ලැබෙන්නෙ නැහැ.
      පුංචි සෝපාකලා සුනීතලාට
      සච්චකල පැරදුණේ ඒ නිසයි.

      හුස්ම දෙකක් ඉහළ පහළ යනවා දැක්කොත්
      අනිත්‍යය ඊට වඩා පැහැදිලියි...
      එතන අනිත්‍ය විතරක් නෙමෙයි..
      අනත්තත් තියනවා.
      හුස්ම අපි ගන්න දෙයක් නෙමෙයි...

      බොහෝ දෙනෙක් අනිත්‍යය වශයෙන් වර්ග කරන්නෙ
      ප්‍රිය දෙයක් අප්‍රිය බවට පත්වීමමයි..
      ඒ අනිත්‍යයෙන් එක් අවස්ථාවක් විතරයි.
      ප්‍රිය අප්‍රිය බව නොතකා
      අනිත්‍යය උපේක්ෂාවෙන් දකින්නට
      නිත්‍ය කියා දෙයක් නැහැ.

      එක් ක්ෂණයකදි
      මුලු විශ්වයම වෙනස් වෙනවා...
      මේ කියවන අකුරක් ගානෙ
      ඔබේ ඇස වෙනස් වෙනවා..
      හිත වෙනස් වෙනවා...
      පසුගිය විනාඩි කිහිපය තුළ
      ඔබ ඉරියව්ව කීවරක් වෙනස් කළාද?
      ඔබ අනිත්‍යය දන්නවා නම්
      ඔය වෙනස් කම් පෙනිය යුතුයි...

      අපි අනිත්‍යය දුකක් හෝ සැප විදියට
      සිතින් විඳිනවා විනා
      අනිත්‍යය දකින්නෙ නැහැ.
      ඔබ මෙහි අනිත්‍යය දකින්නෙ
      වසර 17ක් පරාසයක් තුළ...

      ස්ටීව් කියන රාමු දෙක දකින්න.
      ඇය කැමරාවට ඍජුව මුහුණ දුන්
      ඒ සුවිශේෂී මොහොත ගැන හිතන්න.
      ඒ මොහොතෙම ස්ටීව් ගත්ත
      අනිත් ඡායාරූප ගැන හිතන්න.
      ඒ හැමතැනකම අනිත්‍යය තියනවා.

      ඇය ළදරුවෙකුව සිට
      දැරියක් වීමත්
      දැරියකව සිට යුවතියක්,
      ගැහැණියක් වීමත්
      මේ සියල්ලම අනිත්‍යයම තමයි.

      Delete
  4. මේ ඡායාරූපය කලින් වතාවක දැක තිබුනත් එය තුල තුල එවැනි කතාවක් ඇතැයි සිතුවේ නෑ. ඒ ගැන විස්තර දැනගන්න ලැබීම ගැන සතුටුයි.

    මේ පෝස්ට් එකට ලින්ක් එකක් මගේ බ්ලොග් අඩවිය තුල පළකරාට කමක් නැද්ද?

    ReplyDelete
  5. එහෙම කරන එක
    මට කරන උපකාරයක් ඉෂාන්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට..මේ ලිපියට ලින්කුවක් දැම්මා මං. :)

      Delete
  6. බොහොමත්ම ස්තුතියි අතුල මහත්මයානෙනි මෙය අප සමග බෙදාහදා ගත්තාට.සිත් ඇදගන්නා සුලු ඒ වගෙම පොඩි සිත් තැවුලක් ඇති කරන සිද්ධියක්.

    ReplyDelete
  7. සිත් තැවුලක් ?????

    ReplyDelete
  8. ඔන්න ඉෂාන් දීපු ලින්ක් එකෙන් ආවේ. නොදන්නා දෙයක් ගැන හොඳ දැන ගැනීමක් ලබා ගත්තා. මේක කළුගල් අතර මැණිකක් දකිනවා වගේ දුර්ලභ දෙයක්.

    ReplyDelete
  9. අපුරුයි බොහෝදේවල් දැනගත්තා.

    ReplyDelete
  10. මේ ඡායාරූපය පළවූ අවධියේදීම මා මෙහි විශේෂත්වයක් දුටුවා. මේ තොරතුරු මීට වඩා කෙටියෙන් තමයි දැනසිටියේ. මේ සවිස්තර ලිපිය අතිශයින්ම ප්‍රශංසනීයයි. බොහොම ස්තුතියි ඔබට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  11. ස්තුතියි මේ විස්තරයට නොදන්නා විස්සරයක් දන්නා පින්තුරයක.

    ReplyDelete
  12. පින්තුරේ දැකලා තිබ්බට හරි විස්තරේ දැන ගත්තේ අද! බොහොම ස්තුතියි!

    ReplyDelete
  13. ස්තුතියි.
    දැනුමට වටිනා යමක් ඒකතුකලාට

    ReplyDelete
  14. sthuthi denuma bedaagaththata

    ReplyDelete
  15. stuti wataina deyak danagatta...:)

    ReplyDelete