20130607

Steve McCurryගේ ඡායාරූප විචාරණ





ඡායාරූපයක් තුළ රටා මතු කර ගන්න නම්
අවම වශයෙන් අන් අයගෙ ඡායාරූප තුළවත්
රටා හඳුනාගත හැකි සංවේදී මනසක්
ඡායාරූප ශිල්පියාට තියෙන්න ඕනෙ.

සැබෑ ත්‍රිමාණ පරිසරයෙ
රටා දකින්න අපහසුයි.

දක්ෂ ඡායාරූප ශිල්පීන්ගෙ
ද්විමාන ඡායාරූප විශ්ලේෂණය
ඊට හොඳ පිවිසුමක්.

Photos by Steve McCurry

 මේ ඡායාරූපවල
උදාසීන වර්ණ සහිත වටාපිටාවෙ
රතු වර්ණය අරමුණට ඇස ගෙන යනවා.
ඒ නැතත් මේ පරිසරයෙ
ලොකු කුඩා හැඩතල සියල්ලම පාහේ
අපේ ඇස අරමුණ වෙත ගෙන යන විදියට
අරමුණ වටා රොක් වෙනවා.



රතු සහ කොළ වර්ණ
එකිනෙකට ප්‍රති විරුද්ධයි..
එකක් වැඩියෙන් සහ
අනික ගැලපෙන අනුපාතයකින් තියනවා නම්
හොඳ ඡායාරූපයකට
ඒ සංගතිය ආලෝකයක්.
මෙහි ඒ සංගතිය
ඉතාම හොඳින් පිහිටා තියනවා.
එම වර්ණ දෙකට බාධා නොවෙන විදියෙ
උදාසීන වර්ණ රටාවක්
පසුබිම් වීමත් නොමඳ සහායක්..

කලුපාට හැඩතලත්
කාන්තාව වටා සර්පිලයක් වගේ
කාන්තාවට අවධානය අරන් දෙනවා...


මෙහි සම්පිණ්ඩණ රටාව ඉතාම පැහැදිලියි..


-------------------------------------------------------------------------------------------

දෙවිදියක අනන්‍යතාවයෙන්
දෙවිදියක සුන්දරත්වයක් මවන
පොදු ලක්ෂණත් ඇති
ඉතා ප්‍රියමනාප ඡායාරූප දෙකක්..

එකක් ක්‍රියාකාරීයි..
අනික නිවුණු සන්සුන් ස්වභාවයක්..
අරමුණ රාමුවේ මැද හෝ
මැදට සමීපව ස්ථානගත කිරීමෙන්
අරමුණේ චලනය නොදැනි යනවා.

අරමුණ මධ‍යයෙන් ඈත් වුණාම
රාමුවේ ඊට සමීප දාර වල දිසාවට
ඇදෙන බවක් හැඟෙනවා.

මේ ඡායාරූප දෙකෙන් පෙනෙන දේ
ඒ රීතියට
හොඳ උදාහරණයක්.

1, Photo by Steve McCurry
2, Photo by Jayantha Rajawiweka.
----------------------------------------------------------------------------------------------

https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/21436_10200350303746907_723185843_n.jpg
Photo by Steve McCurry

අති විශිෂ්ඨ හැඩතල සම්පිණ්ඩණයක්.

----------------------------------------------------------------------------

මේ ස්ටීව් මැක්කරිගේ ඡායාරූප 2ක්..
එකම ස්ථානයක, එකම දැරියක්...
ඉතා සුළු කාල පරාසයක් තුළ ගත්
බෙහෙවින් වෙනස් ඡායාරූප දෙකක්.
 http://photos.stevemccurry.com.s3.amazonaws.com/sites/default/files/gallery/INDONESIA-10004.jpg
මේ දෙකෙන්
වඩාත් ප්‍රචලිත ඡායාරූපය
දෙවැනි ඡායාරූපයයි.
එහෙත් නොමේරූ රසයක් ඇති අය
පළමුවැන්නට කැමති වීමට
ඉඩ තියනවා.

1, පළමුවැන්නෙ සම්පිණ්ඩණය තුළ
දැරියටයි ප්‍රමුඛතාවය ලැබෙන්නෙ..
දෙවැන්නෙ ඇය මුහුණ දී තියන තත්වයට
වැඩි තැනක් ලැබෙනවා.
2, පළමුවැන්නෙ සම්පිණ්ඩණය තුළ
දැරියත් පරිසරයත් අතර සම්බන්ධයක් නැහැ.
ඇය කපල ඇලෙව්වා වගේ ස්වභාවයක් තියෙන්නෙ.
දෙවැන්නෙ
වර්ණ, හැඩතල ඉරියව්ව, කෝණය
ස්ථානගත කිරීම ආදී සියල්ලෙන්ම
ඇය පරිසරය සමග බද්ධ වූ ස්වභාවයක් තියනවා.
3, පළමුවැන්නෙ සම්පිණ්ඩණය තුළ
දැරියත් පරිසරයත් ඉතාම ත්‍රිමාණරූපීයි.

දෙවැන්නෙ
ඇයත් පරිසරයෙ ඇති දේවලුත්
පැතළියට, සංකෙතාත්මකවයි පෙන්නුම් කරන්නෙ.
ගංවතුර නිරූපනය කිරීමෙදි
දෙවැන්න සාර්ථකයි.

දෙවැන්නෙ
ඇගේ හිස පසුපස ඇති සුදු කොටුව
 ඇගේ හිස මතු වෙන්න ආධාර වෙනවා.
ඒ වගේම ඒ කොටුවත්
සුදු වැටත් නිසා හැදෙන
අදෘෂ්‍යමාන ත්‍රිකෝණය
ඇයට අවධානය ලැබෙන්න හේතුවක්..

ගංවතුරෙන් දුක් විඳින මිනිස්සු
ගංවතුර ජීවිතේ අංගයක් විදියට බාරගෙන
ගංවතුර බහිනතුරු
ගතකරන සාමාන්‍ය ජීවිතයට
හොඳ උදාහරණයක්..

ඇස පිනවන රූපයකට වඩා
Photo Journalism  වලදි වැදගත් වෙන්නෙ
අවස්ථාව නිරූපනය වීමයි.

---------------------------------------------------------------------------------------------------

තුෂාර පල්ලියගුරුගේ ....[[[ඇස මට්ටමින් තිරස් අතට ගමන් කරන "White Patch " එක 
මූලික රීතීන්ට පටහැනිය් ..]]]]
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/931358_4993381479021_250359083_n.jpg
පළමු වැන්න ස්ටීව් මැක්කරිගෙ
මුල් ඡායාරූපය..

තුෂාර නොගැලපෙනවා කිව්ව සුදු කොටුව
දෙවෙනි රූපෙ අයින් කළා.

ඉදිරියෙ තියන සුදු වැට
පසුබිමත් සමග සම්බන්ධ කරන
ප්‍රධාන සාධකය ඉවත් කිරීමෙන්
ඡායාරූපයේ සමබරතාවය
ගිලිහෙන බවයි මට හැඟෙන්නෙ..
ගැඹුර දැනීම අඩුවෙනවා..
අඳුරු වීමකුත් වෙනවා.
දැරියගෙ හැඟීම පවා
රළු ස්වභාවයක් ගන්නවා.

දෙවෙනි පින්තූරයෙ
වැඩි අවධානයක් ගන්නෙ දැරිය..
පළමුවැන්නෙ ඇය ඒ පරිසරයෙ
එක් සාධකයක් විතරයි.


විලාසිතා නිරූපණයක් නම්
දෙවැන්න ගැලපෙනවා.
ආපදාවට පත්වුණ ප්‍රදේශයක් ගැන
වාර්තාමය ඡායාරූපයකට
මුලු ඡායාරූපයම
එකක් ලෙස දර්ශනය වීම අවශ්‍යයි.


-------------------------------------------------------------------------------------------


http://stevemccurry.files.wordpress.com/2013/11/burma-105551.jpg
මහළු ස්ත්‍රිය මතු කරගන්න
මේ පසුබිමෙ තියන දේ
ස්ටීව් උපයෝගී කරගෙන ඇති අයුරු
සලකා බලන්න.

මේ මොහොත කලින් දකින්නත්
අවස්ථාව ආ විගස ක්ලික් කරන්නත්
හුරු වෙන්න.


No comments:

Post a Comment