20121115

' වීදි ඡායාරූප ශිල්පි Lee Jefrees






අපි දකින ත්‍රිමාණ වස්තුවක්
කැමරාවෙන් හෝ සිතුවමකින්
ඒ දකින අයුරින්ම ද්විමාණ රූපයකට
පරිවර්තනය කිරීම සුළු දෙයක්.

ප්‍රබල හැඟීමක් ඉස්මතු වෙන විදියට
ප්‍රකාශනයක් නිමැවීම අති දුෂ්කර කාර්යයක්..

අපි කවුරුවුණත්
හැඟීමකින් යමක් දිහා බැලුවොත්
අපිට ඒ මුළු වස්තුවම පෙනෙන්නෙ නැහැ.
අපි විශේෂයෙන් දකින දේවල් තියනවා.
ඒ දේවල් ඉස්මතු වෙන විදියට
අපේ නිර්මාණය සකස් කර ගැනීම
අති දුෂ්කර කාර්යයක්..

දකින දේ තුළ තියන
සියල්ලම ඒ දකින විදියෙන්ම
කොපි කරගන්න උත්සාහ කිරීම
වාර්තාකරණය මිසක්
ප්‍රකාශණය නෙමෙයි.

"අනේ දෙයියනේ..
මගේ ගෑණි මැරුණෝ..
මං ඉඳලා වැඩක් නැතෝ"
කියල අඳෝනා තියන
අසරණ ස්වාමිපුරුෂයා ගැන
අපිට එවෙලෙට පව් කියල හිතුණට
මළ ගෙදර ඉවර වුණාට පස්සෙ
හැමදාම උදේට හවසට
ඒ අඳෝනාවම ඇහෙන්න පටන් ගත්තොත්
ඒ මිනිහ ගුටි කන්නත් ඉඩ තියනවා.

ඒ අමු මළ අඳෝනාව
එක සැරෙන්ම එපාවුණාට
සනත් නන්දසිරිගෙ
"එදා මෙදා තුර කඳුලට විවරවු"
එහෙම නැත්නම්
ගුණදාස කපුගේගෙ "සුමනෝ,"
වගේ රසාලිප්ත නිර්මාණ
යළි යළිත් අහන්න පුලුවන්.

ඒ නිර්මාණ වල තියෙන්නෙ
එම නිර්මාණ කරුවන් තෝරාගත්
සියුම් භාවමය රස කොටස් විතරයි.

ලී ජෙෆ්‍රීස්ගෙ ඡායාරූප
මේ උවමනාවෙන්ම නිර්මාණය කළ
භාවපූර්ණ සිත්තම්.


"මුලින්ම ඡායාරූපයක් ගන්න මම පෙළඹෙන්නෙ කෙනෙකුගෙ දෑස නිසයි.
පින්තූරයක හැඟීම් පිළිබඳ සාධකය ත් එයයි.."
ලී ජෙෆ්‍රීස් 
https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-frc3/q81/s720x720/1150145_10200522972223511_1410143998_n.jpg
ලී ජෙෆ්‍රීස්ගෙ ඡායාරූපවල
මුහුණ පමණක් නොවෙයි,
සමස්ත ඡායාරූපයෙම,
එළිය අඳුර අතරෙ රිද්මය,
එළිය වැටෙන රටාව
ආදී හැම දෙයක්ම
ඔහු ඒ චරිතයෙ හැඟීම උද්දීපනයට
යොදා ගන්නවා.
--------------------------------------------------------------------------
සමස්ත ඡායාරූපයෙම,
එළිය අඳුර අතරෙ රිද්මය, එළිය වැටෙන රටාව

 
මේ ඡායාරූපයෙ සුන්දරත්වයට
මේ සමස්ත රිද්ම රටාව
ප්‍රබල හේතුවක්.. . 

ඔහුගෙ ඡායාරූප කොතරම් ගත්තත්
එකකට එකක් සමාන නොවෙන අනන්‍යතාවයක්
ඒ ඡායාරූපවල තියනවා.
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/1172352_10200509044995339_1431028690_o.jpg




වීදියේ වෙසෙන්නන්
සමාජයේ අවධානයට ලක් වන්නේ
කලාතුරකිනි.

ආධුනික ඡායාරූප ශිල්පි ලී ජෙෆ්‍රීස්
ඔවුන් ඡායාරූපයට නැගීම
සිය නිර්මාණ කරණයෙහි කේන්ද්‍රය බවට
පත් කරගෙන ඇත.

ඔහු යුරෝපයෙහි සහ ඇමරිකාවෙහි වෙසෙන
වීදි වැසියන් ඇසුරෙන්
කෙනෙකු "හොල්මන් කරන්නට" සමත්
ආලේඛ්‍ය ඡායාරූප රැසක් නිර්මාණය කොට ඇත.

සෑම මුහුණක්ම ඉතා සවිස්තරව සහ
අතිශයින් හැඟීම්බරව නිරූපණය කොට ඇත.


බොල්ටන්හි වෙසෙන
හතලිස් හැවිරිදි ගණකාධිකාරි වරයෙකු වන ජෙෆ්‍රීස්
පළමුවෙන්ම ඡායාරූප ගැනීම ඇරඹුවේ
ඔහු 2008 වසරේ ලන්ඩනයේ සැරි සරද්දීය.

ලේසෙස්ටර් චතුරශ්‍රයේ ඇවිදගෙන යන අතර
එහි ස්ලීපින් බෑගයක නිදා සිටි වීදි වැසි යුවතියක
ඈතින් සිට ඇයට හොරෙන් ඡායාරූප ගත කළ නමුදු
ඇය ඔහු දුටුවාය.

ඔහුගෙ මූලික ඉව වූයේ
එතනින් ලිස්සායාමය.
එහෙත් ඒ වෙනුවට
ඔහු ඇය සමග
පිළිසඳරෙහි යෙදීමට තීරණය කළේය.

"ඈ මට තදින් බැණ වැදුණා.
මම හොඳටම අප්සෙට් වුණා.
මම එක්කො එතනින් යන්න ඕන...
නැත්නම් ගිහින් සමාව ඉල්ලන්න ඕන"
ඔහු Lomography.sk.
වෙබ් අඩවියට කීවේය.

"මම දෙවැන්න තෝරාගත්තා.
ඇගේ ජීවිත කතාවත්,
ඉන් පසුව ගත් ඇගේ ඡායාරූපත් නිසා
මා වීදි ඡායාරූප ශිල්පයේ යෙදෙන ආකාරය
සදහටම වෙනස් වුණා."

එවක් පටන් ඔහු ලොස් ඇන්ජලීස් හා නිව්යෝක් ඇතුලුව
ඇමරිකාවේ පෙර-පර දෙදිග මුහුදු තීරයේත්,
රෝමය සහ මැන්චෙස්ටර් නගර වලත්
වීදි වැසියන් ඡායාරූපයට නගා ඇත.
එහෙත් ඔහුට ඇත්තේ තත්පර කිහිපයක් පමණි.
මන්ද යත් ඔවුහු විටෙක කැමරාවට මුහුණ දීම
ප්‍රතික්ශේප කරන බැවිනි.

ඔහුගේ ක්‍රමය නම් ඔවුන් සමග මිතුරු වීම්යි...
එසේම පසුව ඔවුන්ට යම් මුදලක් දීමද ඔහුගේ සිරිතකි.

ඡායාරූපය ගත් පසු
ඔහු මෘදුකාංගයක් ඇසුරෙන්
ඡායාරූපය වැඩි දියුණු කරන්නේ
දෑසෙන් ප්‍රකට වෙන හැඟීම
තීව්‍ර කරන්නටය.

"ඇස් වල හැඟීම මතුවෙන විදියට
ඡායාරූපය මූලික වශයෙන්ම
DODGE සහ BURN මගින්
සංස්කරණය කරනවා.
මුලින්ම ඡායාරූපයක් ගන්න
මාව පෙළඹෙන්නෙ
කෙනෙකුගෙ දෑස නිසයි.
පින්තූරයක හැඟීම් පිළිබඳ
සාධකය ත් එයයි.."
ඔහු වෙබ් අඩවියට පැවසීය.

"මම ආලෝකය සහ අඳුරෙන් සංස්කරණය කරන්නෙ
හරියට ආගමික දෙයක් වගේ."


From http://www.dailymail.co.uk/news/article-2090360/Lee-Jeffries-haunting-photographs-homeless.html






http://pcdn.500px.net/19646145/683948fe23f27cf3485c3c4f20ef22f120fb3b3f/4.jpg

සමමතිය
ලී ජෙෆ්‍රීස් විසින්
ඔහුගේ ඡායරූප වල බෙහෙවින් යොදාගන්නා
සම්පිණ්ඩණ උපක්‍රමයකි.

මනාව උපයෝගී නොවුණ විට
රූපයෙහි අගය බාල වී
එකාකාරී ස්වරූපයක් මතු විය හැක.

ප්‍රිය ජනක
සමමිතික ඡායාරූපයක් ගැනීම
ඉතාම අසීරුයි.

නවකයන් විසින්
නොදන්නාකමට සහ පහසුවට
සමමිතිකව ගන්නා ආධුනික ඡායාරූප
සමමිතික ඡායාරූප ගණයට නොවැටෙයි.

හොඳ සමමිතික ඡායාරූපයක්
ශිල්පියා විසින් හොඳින් සිතා බලා
සම්පිණ්ඩණය කරන නිර්මාණාත්මක කෘතියකි.

සමමිතික දෘශ්‍ය රූපවල
සමමිතිය බිඳෙන අයුරින්
කිසියම් දෙයක් සුදුසු තැනක
නිර්මාණශීලීව යොදා ගැනීමෙන්
රූපයෙහි අගය වැඩිවෙයි.




සාර්ථක කළු සුදු ඡායාරූපයක් කරන්න
1, Hightlight
2, Midtone
3, Shadows
තුනම පැහැදිලිව
මනා රිද්මයකට තිබිය යුතුයි..


http://alafoto.com/listing/albums/userpics/10001/Lee_Jeffries_portraits_26.jpg































ලී ජෙෆ්‍රීස් මෙවැනි සංස්කරණයක් කරද්දි
ඉතාමත්ම ගෞරවයකින්, ඉවසීමෙන් කරන බව
ඒ ක්‍රමය ගැන උනන්දු වෙන කෙනෙක්
අමතක නොකළ යුතුයි..
ඔහුගෙ ශෛලිය මතුපිටින් බලා
ග්‍රහණය කළ හැක්කක් නොවේ.
මේ ඔහුගේ වචන..
"මම ආලෝකය සහ අඳුරෙන් සංස්කරණය කරන්නෙ
හරියට ආගමික දෙයක් වගේ."


More photos by Lee Jeffrees
http://www.flickr.com/photos/16536699@N07

This Interview is in Itallian..
But you can see Lee Jefries


=================================================================
 මේ සංස්කරණය Lee Jefreesගෙ ශෛලිය අනුසාරයෙන්.





 

9 comments:

  1. වටිනාකම අමිලයි

    ReplyDelete
  2. අති විශිෂ්ඨයි

    ReplyDelete
  3. ඉතා වැදගත් සටහනක්

    ReplyDelete
  4. නියම බ්ලොග් එකක් ස්තුතියි!!!

    ReplyDelete
  5. Thanx a lot.. Impressive work sir..

    ReplyDelete
  6. මේවා ලබා දෙනවාට ඔබට පින්

    ReplyDelete
  7. ස්තුතියි අතුල සර්

    ReplyDelete