20121117

දෘෂ්‍ය කලා රීති



Painting by Frank Frazetta




දෘෂ්‍ය කලාවේදී භාවිතා වෙන රීති
අනිවාර්යයෙන්ම රැකිය යුතු නොවුණත්
දන්නවා නම්, වැටහෙනවා නම්, හැකිනම්..
අවබෝධයෙන් රැකීම මෙන්ම
අවබෝධයෙන් බිඳීම
කලාවේ හා ශිල්පයේ දියුණුවට හේතු වෙනවා.
නොරැකීමෙන් පිරිහෙන්නේ නැහැයි කියන්නත් බැහැ.
රීති රකින්නට විනය රකින්නට
උත්සාහ කරන්නාගේ සිහිය දියුණු වෙනවා.
නීති රීති නොරකින්නා කරන කියන දේ
සමස්තයක් වශයෙන් පිරිහීම සිදුවෙනවා..

මිනිසාත් ස්වභාව ධර්මයත්
ඉතා තදින් එකිනෙකා මත බැඳී පවතිනවා.
මෙ බැඳීම නිසියාකාරව, මනා තුලනයකින්,
මනා පාලනයකින් ක්‍රියාත්මක වෙන අවස්ථාවන්හිදී
කරන කියන දේ පහසුයි.

දෘශ්‍ය කලාවේදී
රාමුවකට කොටු කරන දෘෂ්‍ය රූප
කිහිපයකට හෝ සමූහයකටත්
අදාල නීති රීති පවතිනවා.

දෘෂ්‍ය කලාවෙදී
බොහෝ දෘෂ්‍ය කලා නිර්මාණ වල
රසිකයාගේ සිත මුලින්ම යොමු කර ගන්නා
නිශ්චිත අරමුණක් තියනවා.
එම අරමුණ
එය පවතින පරිසරයත් සමග පවත්වන බැඳීම අනුව
අපිට පහළ වෙන හැඟීම් වෙනස් වෙනවා.

1, එක් අවස්ථාවක
පරිසරය ඉක්මවා
අරමුණ ඉස්මතු වෙනවා.
2, තවත් අවස්ථාවක
අරමුණ යටපත් කරගෙන
පරිසරය බලය පතුරුවනවා.

1, මුහුණක සමීප රූපයක් පෙන්වන ශිල්පියෙකුට
පරිසරයට වඩා ඒ මුහුණෙහි තියන හැඟීම,
ආලෝකය අඳුර ආදිය වැදගත්.


චරිත ප්‍රකාශන ඡායාරූප වල
පරිසරයේ බලපෑම ඉතාම අවම කිරීමට
ලී ජෙෆ්‍රීස් වැන්නන් කටයුතු කරනවා.
 
Photo by Lee Jefrees

2, ඈත අහසේ පියා සලන කුරුල්ලෙක්,
ඈත දියඹේ පාවෙන රුවල් ඔරුවක් පෙන්වන විට
පරිසරය වැදගත් සාධකයක්.

 මුහුදු රළ, අහසේ වළාකුළු, බැස යන හිරු ආදී
පරිසර සාධකවල වර්ණ, හැඩතල, රිද්ම රටා
ප්‍රධාන අරමුණ කෙරෙහි වගේම
ඡායාරූපයෙන් ඇති කරන හැඟීම් වලට
ඉතා තදින් බල පවත්වනවා.


මේ අවස්ථා දෙකේදීම
අරමුණ අපිට අවශ්‍ය ආකාරයෙන් දැකීමට
රසිකයාගේ දිශානතිය සකස් කර දෙන්නට
අපි දෘශ්‍ය කලා රීති උපයෝගී කර ගන්නවා.

ස්වර්ණමය රීතියත්
දෘෂ්‍ය කලාවේදී භාවිතා වෙන
එක් වැදගත් රීතියක්.

ස්වර්ණමය රීතිය කියන්නෙ
මිනිසා ඇසෙන් තොරතුරු
ලබා ගන්න ආකාරයට බලපාන
ස්වභාව ධර්ම නීති ඇසුරෙන් සකස් වුණ
ඉතා පැරණි සම්මතයක්.

ස්වර්ණමය රීතිය මනාව හසුරුවාගත්
නිර්මාණ කරුවෙක් එම රීතිය
උපයෝගී කරගන්නා
දෙවෙනි සහ වඩාත්ම උචිත ක්‍රමය
නිර්මාණයෙන් මතුකරන හැඟීම
උද්දීපනය වන ආකාරයට
නිර්මාණශීලී ලෙස
රීතිය රිසි පරිදි නමා ගැනීමයි.
FRANK FRAZETTAගේ මේ විශිෂ්ඨ සිතුවම ඒ සඳහා හොඳ නිදසුනකි.

මෙහි Death Dealerගේ හිස
ස්වර්ණමය පෙදෙසෙන් ඉවත් වී ඇත්තේ
Death Dealerගේ ක්‍රියාව දිසාවටය.
ඒ මගින් FRANK FRAZETTA
සිතුවමෙහි සමබරතාවය
ඉතා සුඛ නම්‍ය ලෙස
ඔහුට රිසි පරිදි
හසුරුවා ගනියි.
FRANK FRAZETTA කියන්නෙ
ලෝකයෙ මෑත කාලයෙ ජීවත් වුණ
චිත්‍ර ශිල්පීන් අතුරෙන්
විශිෂ්ඨතමයා ලෙස හඳුන්වන්න පුලුවන්.
රේඛා චිත්‍ර අතිනුත්, වර්ණ චිත්‍ර අතිනුත්
ඔහුට සම කිරීමට නොව
සමීප වීමටවත් හැකි කෙනෙක්
මෑත කාලයෙ බිහිවී නැහැ.

ඔහු කලාත්මක චිත්‍රශිල්පියෙක් ලෙස
හැඳින්වෙන්නේ nAthi wuNath

කිසියම් දර්ශනයක් චිත්‍රයට නංවනවිට
ඔහු එම අවස්ථාවට කවන ජීවය
කතාව ලියන ලේඛකයා අපහසුවට පත් කරන තරම්.
ඔහු පිළිබඳව කොතෙක් ලීවත්
ඔහුගෙ එක චිත්‍රයකින් දැනෙන
FRANK FRAZETTA සිතේ මවන්නට බැහැ.
=============================================================================================
ඡායාරූපයක ධන සහ ඍණ අවකාශ අතර
සමබරතාවය, රිද්මය, සුන්දරත්වය
එහි සිත් ඇදගන්නා සුළු බවට බලපානවා.

ඡායාරූප ශිල්පියෙක්
මේ විදියට දකින්නත්
සිත හුරු කරගත යුතුයි.
.
මේ වීඩියෝ එකත් නරඹන්න..
--------------------------------------------------------------------------------------------------------
රීති කියන්නෙ ඡායාරූප ගන්න ක්‍රමවලට නෙමෙයි.
 රීති කියන්නෙ
ඡායාරූපයක් බලන කෙනෙකුගෙ
හිත ක්‍රියා කරන ආකාරයයි.
ඔබ ඉදිරිපත් කරන දේ අනුව
බලන කෙනාගෙ හිත ක්‍රියා කරාවි.

ස්පර්ශක දෝෂයකින් වෙන්නෙ
මූලික වශයෙන්ම ගැඹුර පිළිබඳ
බලන්නාගෙ අවබෝධය අවුල් වීමයි.
අවුල් කරන එක ශිල්පියාට අවශ්‍ය නම්
ඔහුට ඒකට නිදහස තියනවා.
රීති නොදැන
හිතුමතේට ගන්න ඡායාරූපයක් කියන්නෙ...
කරුවලේ ගහන කණා ෂොට් එකක්..

කණා ෂොට් එකක්
කණ පැලෙන්න වැදෙන අවස්ථා තියනවා..
ඒත් ඒක කණා ෂොට් එකක්.

එවැනි කණා ෂොට් ඡායාරූප ශිල්පීන්
මේ සමූහවල අපිට නිතර හමු වෙනවා.
අද ජාත්‍යන්තර මට්ටමේ ඡායාරූපයක් පළ කරල
සම්මාන ලබන ඡායාරූප ශිල්පියෙක්
ඉන් පස්සෙ සදහටම අතුරුදහන් වෙන්නෙ
ඒ ඡායාරූපය සාර්ථකවෙන්න හේතු නොසොයා
එහි සාර්ථකත්වයෙන් උද්දාම වූ නිසයි.

රීති ඉගෙන ගන්නවා කියන්නෙ
ඡායාරූපයක් බලන කෙනෙකුගෙ
හිත ක්‍රියා කරන ආකාරය
ඉගෙන ගැනීමයි.

___________________________

  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. රිද්ම සංකලන රීති සරලව....
  3. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  4. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  5. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  6. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  7. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  8. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  9. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  10. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  11. රීතිවලට යටත්වන්න එපා
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..

.








No comments:

Post a Comment