20130719

ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?


ඡායාරූපයක් ගන්න කලින්
වීව් ෆයින්ඩරය තුළින් ඔබ දකින දේම තමයි
මම බැලුව නම් මම දකින්නෙත්.
ඒත් අපි වෙන වෙනම
අපි කැමති රාමුවකට ඡායාරූප ගනිද්දි
ඒ ඡායාරූප වෙනස් වෙනවා
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn1/q71/s720x720/74723_10200299932007645_1225752980_n.jpg

අපේ රුචිකත්වය, රස වින්දනය සහ
රීති පිළිබඳව ඇති ඉවට අනුව
ඡායාරූප වෙනස් වෙනවා.

කාච, කාච විවරය, අනාවරණය ආලෝකය
ආදිය පිළිබඳ ශිල්පීය දැනුම
රාමුවට අදාළ නැහැ.
ශිල්පීය දැනුමෙන් තීරණය වෙන්නෙ
ඡායාරූපයේ ගුණාත්මක අගයයි.

ශිල්පීය දැනුම වුණත් හරියට ක්‍රියා කරන්නෙ
කලක් තිස්සෙ හැදෑරීමෙන් පස්සෙ
ඉවක් බවට පත්වුණාමයි.
අපි කැමති රාමුවකට ඡායාරූප ගනිද්දි
ශිල්පීය දැනුම අදාළ නැහැ.

අපේ පුද්ගලික රුචිකත්වයට,
සහ රස වින්දනයට අදාළ පුද්ගලික හේතු මත
අපි අහන දකින විඳින දේ ප්‍රිය කරනවා.

ඔබ විඳින දේත් මම විඳින දේත්
අපි ප්‍රිය කරන විදිය අපටම ආවේණිකයි.
පොදුවෙ රස විඳින්න ඡායාරූපයක් ගනිද්දි
අපට ආවේණික මේ රස වින්දන හැකියාව
බාධා පමුණුවනවා.

අපට ආවේණික රස වින්දන හැකියාව ඉක්මවා
පොදු මිනිසුන් ලෙස අහන දකින විඳින දේ පිළිබඳ පොදු රීති තියනවා.

http://www.encroach.net/images/sacred_geometry/sacred_geometry_nature/nautilus_spiral.jpg

දැඩි උණුසුමක් දැනෙන වෙලාවට
සිසිලස ප්‍රිය කිරීම පොදු රීතියක්..

රෑ නිල්පාට අහසෙ  දිලෙන පිරුණු හඳ අපි කාටත් ප්‍රියයි.

ඒත් අපට ආවේණික රාමුවකට ගනිද්දි ඡායාරූප වෙනස් වෙනවා.

අපේ රුචිකත්වය, රස වින්දනය සහ
රීති පිළිබඳව ඇති ඉවට අනුව
ඡායාරූප වෙනස් වෙනවා.


පොදු මිනිසුන් ලෙස අහන දකින විඳින දේ පිළිබඳ පොදු රීති වලට
අපේ පුද්ගලික රුචිකත්වය, හා රස වින්දනය විසින්
බාධා පැමිණෙනවා.

පුද්ගලික රුචිකත්වය විසින්
වෙනස් කරන ස්වභාවය වැඩි නම්
අපි ගන්න ඡායාරූපය ඉතාම හොඳයි
කියල අපිට හිතෙන නමුත් වෙන කවුරුවත් කැමති නැහැ.
බොහෝ දෙනෙකුට ආස හිතෙන
බොහෝ දෙනෙකුට  රස විඳින්න පුලුවන් පොදු ගුණයක් එහි නැහැ.

පුද්ගලික රුචිකත්වය විසින් කරන බාධාවන් අවම කර ගෙන
බොහෝ දෙනෙකුට පුළුල්ව රස විඳින්න පුළුවන්
හොඳ ඡායාරූප ගන්න නම් පොදු රීති දැනගන්න ඕනෙ.


http://returningcatholics.net/wp-content/uploads/2011/05/boiling_water_fire.jpg
වතුර උණු කරන්න
රීති ඉගෙන ගන්න අවශ්‍ය නැහැ.
වතුර බඳුනක් ලිප උඩ තියලා
යටින් ගින්දර දැම්මාම රත්වෙනවා.

එක අවස්ථාවක නටලා වාශ්ප වෙනවා.

නටන වතුර වලින් කිසිම ප්‍රයෝජනයක් නැති
නිකං වාශ්ප කරන්න වතුර නටවන අයට
වතුර නටන එක හදාරන්න දෙයක් නැහැ.

නටන වතුරෙන්
යම් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්
ඊට වඩා සැලකිලිමත් විය යුතුයි.

http://www.all-about-potatoes.com/image-files/boiled-potatoes.jpg
අල ටිකක් තම්බන්න ගියාම
වතුර වැඩි වුණොත් අල බෙරි වෙනවා.
වතුර අඩු උණොත් අල අමුයි.

හොඳට උයන්න දන්න කෙනෙක්
වතුර බඳුනට අල දාල
කිසියම් වතුර ප්‍රමාණයක් දාල
වතුර රත්කළාම අල තැම්බෙනවා.

ඒක රීතියක්.

http://pad3.whstatic.com/images/thumb/f/f3/Boil-Potatoes-Step-5.jpg/550px-Boil-Potatoes-Step-5.jpg
අල තැම්බෙද්දි
වතුර නටන්න බලපාන රීති
අල තැම්බෙන්න බලපාන රීති
තැම්බෙන අල වලට බලපානවා.

අලවල ප්‍රමාණයත්
අල තැම්බෙද්දි බලපානවා.
http://pad3.whstatic.com/images/thumb/9/95/Boil-Potatoes-Step-1.jpg/550px-Boil-Potatoes-Step-1.jpg
ලොකු අල පොඩි අලත් එක්ක එකට දාල
තැම්බුවාම කොටසක් අමුවෙනවා..
කොටසක්  බෙරි වෙනවා.

ඒක රීතියක්.

බොහෝ ගෘහණියන් මේ රීති ඉගෙන ගන්නෙ
රීතියක් කියල දැනගෙන නෙමෙයි.
අත්දැකීමෙන්.

ඔවුන් හොඳට තැම්බුව අල රස විඳල
තැම්බුණ අල මේ වගෙයි
කියල දන්නවා..

අල තම්බන්න රීති එකින් එක
දැනගන්න ඕන නැහැ.

රීති දැනගත්තත් නැතත්
 අල තැම්බෙන්නෙ නම් රීති අනුවයි.

හරියට අල තම්බන්න
ඒ රීති ඉවෙන් හෝ අත්දැකීමෙන් දැනගන්න ඕන.

අල තම්බගෙන කාලා
සාමාන්‍ය ජීවිත ගත කරන අයට
සාමාන්‍ය අල තම්බන දැනුම හොඳටම ඇති.

කවදාවත්
හොඳට තම්බපු අල කාල නැති,
නියම අල රස නාඳුනන,
අමු අලත්, තැම්බුණ අලත්,
බෙරිවුණ අලත් අතර වෙනස
දන්නෙ නැති අයට නම්
මොන අලෙත් එකයි..
පට්ට, මැක්සා කියමින් කාවි.
ඔවුන් වෙනුවෙන් අල තම්බන අයටත්

රීති අදාල නැහැ.

හරියට තම්බපු අල කාල පුරුදු
අල හොඳින් රස විඳින අය
අල කෑල්ලක් කාල
"මේකට වතුර මදි..
මේ අලවල ප්‍රමාන වෙනස්" කිව්වාම
අල තම්බන සමහර අය
හොයල බලල අඩුපාඩු හදාගන්නවා.
සමහරු කියනවා
"මේ තමයි මම අල තම්බන හැටි..
උඹට ඕන නම් කාපන්.
නැත්නම් පලයන් යන්න" කියල.
ඔවුන්ටත් රීති අදාල නැහැ.

රීති වැදගත් වෙන්නෙ
හරියට තම්බපු අල රස දන්න
ඒ වගේ අල තම්බන්න කැමති අයටයි.
රසඥතාවයක් නැත්නම්
රීති අවශ්‍ය නැහැ.

රීති වලින්ම අල තම්බන්න
රීති හොයන අයටත්
නූලටම රීති පිළිපදින්න බැහැ.
රීති නූලටම ඇත්තෙ නැහැ.
දෙයක් කරනකොට
රීති ගණනාවක්
සාධක ගණනාවකට බලපාල
ඒ වැඩේ කෙරෙනවා.
එක රීතියක්... එක සාධකයක් නිසා
වැඩේ වරදින්න පුළුවන්.

අල තම්බද්දිත්
රීති ගණනාවක්
සාධක ගණනාවක් බලපානවා.

වතුර අපිරිසිදු නම් නටන්න වෙලා යනවා.
කන්දක් උඩදි වේලාසනම වතුර නටනවා.
ඒ වුණාට අල ටික තැම්බෙන්නෙ නැහැ.

අල ලොකු නම් වෙලාව යනවා.
අල වර්ගය අනුව වෙලාව වෙනස් වෙනවා.

තම්බන තැන මුහුදු මට්ටමේ නම්
ගතවෙන වෙලාවට වඩා
කන්දක් උඩදි අල තැම්බෙන්න වෙලාව ගත වෙනවා.

අල තම්බද්දි
වතුරෙ පිරිසිදු බවත්,
වායුගෝලීය පීඩනයත්,
අලවල ප්‍රමාණත්
අල වර්ගයත් බලපානවා.
මෙයින් එක රීතියක් අල්ලගෙන
ඒ රීතිය හරියටම ක්‍රියාත්මක කළත්
අනික් රීති බිඳෙනවා නම්
අල තම්බගන්න බෑ.

අල තම්බන කෙනෙක් මේ රීති සියල්ලම
දැනගෙන හෝ නොදැන
ඒ රීතිවලට අනුකූලව නොගියොත්
අල රස දන්න කෙනෙකුට නම්
කන්න බැරි වෙනවා.

රීති හරියටම දන්න අය
රීති තමන්ට අවශ්‍ය විදියට
පාලනය කර ගන්නවා.

වතුර නටන උෂණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් වෙන්නෙ
මුහුදු මට්ටමේදි.
ඉහළට යනවිට
වායුගෝලීය පීඩනය අඩු වීම නිසා
ජල වාශ්ප ලෙහෙසියෙන්
වායුගෝලයට එක්වෙනවා.
ඒ නිසා අඩු උෂ්ණත්වයකදි
වතුර නටනවා.
මේ රීතිය දන්න අය
පියන හොඳට තද කරල වහල අල තම්බගන්නවා.

ඒ රීතිය ඊටත් වඩා
එහාට අරන් ගිය කෙනෙක්
වැඩි උෂ්ණත්වයකදී වතුර නටවන්න
නටන වතුර වාෂ්ප නොවී තියාගන්න
පීඩන උදුන හැදුවා.

පොතෙන් හරි අත්දැකීමෙන් හරි
රීති දන්නෙ නැති අයට
පීඩන උදුනක් හදනවා තියා
හරියට අල තම්බන්නවත් බෑ.

පීඩන උදුනක් හැදුවත් අල තැම්බුවත්
රීති දැන ගන්න ඕන.

කවුරු හරි
රීති නොදැන හෝ
හරියට අල තම්බනවා නම්
ඔහු අල තම්බන්නෙ රීති වලට අනුවයි.

කවුරු හරි
අල ටික හරියට තම්බනවා නම්
රීති දන්නෙ නැති එක
අඩුවක් නෙවෙයි..
රීති දන්න අය
ඔහු සමග වාද කරන්නෙ නෑ.
වාද කරන්න වැඩක් නෑ.

කවුරු හරි කෙනෙක්
බාගෙට තැම්බුන අල ටිකක් බෙදලා දීලා
"මම රීති දන්නේ නෑ
ඒත් මගේ අල රසයි" කියල
තමන්ම කියා ගන්නවා නම්
රීති දන්න අය
ඔහු සමග වාද කරන්නෙ නෑ.
වාද කරල වැඩක් නෑ
==========================================================
රීති කියන්නෙ ඡායාරූප ගන්න ක්‍රමවලට නෙමෙයි.
 රීති කියන්නෙ
ඡායාරූපයක් බලන කෙනෙකුගෙ
හිත ක්‍රියා කරන ආකාරයයි.
ඔබ ඉදිරිපත් කරන දේ අනුව
බලන කෙනාගෙ හිත ක්‍රියා කරාවි.

ස්පර්ශක දෝෂයකින් වෙන්නෙ
මූලික වශයෙන්ම ගැඹුර පිළිබඳ
බලන්නාගෙ අවබෝධය අවුල් වීමයි.
අවුල් කරන එක ශිල්පියාට අවශ්‍ය නම්
ඔහුට ඒකට නිදහස තියනවා.
රීති නොදැන
හිතුමතේට ගන්න ඡායාරූපයක් කියන්නෙ...
කරුවලේ ගහන කණා ෂොට් එකක්..

කණා ෂොට් එකක්
කණ පැලෙන්න වැදෙන අවස්ථා තියනවා..
ඒත් ඒක කණා ෂොට් එකක්.

එවැනි කණා ෂොට් ඡායාරූප ශිල්පීන්
මේ සමූහවල අපිට නිතර හමු වෙනවා.
අද ජාත්‍යන්තර මට්ටමේ ඡායාරූපයක් පළ කරල
සම්මාන ලබන ඡායාරූප ශිල්පියෙක්
ඉන් පස්සෙ සදහටම අතුරුදහන් වෙන්නෙ
ඒ ඡායාරූපය සාර්ථකවෙන්න හේතු නොසොයා
එහි සාර්ථකත්වයෙන් උද්දාම වූ නිසයි.

රීති ඉගෙන ගන්නවා කියන්නෙ
ඡායාරූපයක් බලන කෙනෙකුගෙ
හිත ක්‍රියා කරන ආකාරය
ඉගෙන ගැනීමයි.

_____________________________________________________

  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  22. රීතියද, ඡායාරූපයද?
  23. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  24. වර්ණ රටා මනසට බලපානවා.
  25. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  26. වර්ණ සිද්ධාන්ත
  27. වර්ණ රිද්ම සංකලන
  28. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  29. රතට රතේ රතු..
  30. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  31. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..

1 comment: