20130903

සම්පිණ්ඩණයකට අදාළ රීති....






සම්පිණ්ඩණයකට රීති තියනවද?

සම්පිණ්ඩණයකට රීති තියනවා..
අංග සම්පූර්ණ සම්පිණ්ඩණයක්
මෙසේ සකස් කරගත හැකි යයි
නිශ්චිත නීති රීති නෑ.
එන එන විදියට
හදාගත යුතුයි..

සම්පිණ්ඩණයක් යනු කුමක්ද?

චල හෝ අචල වස්තූන් හෝ පුද්ගලයන් සහිත
නිශ්චිත හෝ අවිනිශ්චිත තත්වයන්
පවතින පරිසරයක
ස්වභාවික හෝ කෘතිම ආලෝක තත්වයන් යටතේ
පුද්ගලික රුචිකත්වය හා රසඥතාවය මත
තමන් තෝරාගන්නා දර්ශනයක්
තවත් කෙනෙකු වෙත සන්නිවේදනය කිරීමට
තමන් දන්නා හෝ නොදන්නා රීති වලට අනුව
රාමුවක් තුළට කොටු කරගන්නා දර්ශනයෙහි
එළිය අඳුර, වර්ණ හැඩතල ආදිය අතර
තීරණාත්මකව හෝ නිරායාසයෙන් හැදෙන
රිද්මයානුකූල, ප්‍රමාණාත්මක හා
හැඟීම් ජනනය කරන සුළු
නිශ්චිත සංයුතියයි.


හැම රූපයක්ම සම්පිණ්ඩණයක්..
1, සමහර රූප විශිෂ්ඨයි.
2, සමහර රූප සාමාන්‍යයි.
3, සමහර රූප නොදැක්කා නම් හොඳයි.

ඔබට සම්පිණ්ඩණ රීති ගැන ඇති
දැනුම හෝ සහජ ඉව අනුව
ඔබේ තැන තීරණය වෙනවා.

සහජ ඉවක් තියනවා නම්
ඔබ කොහොමත් ඉන්නෙ පළවෙනි තැන.
එතන නැත්නම්
ඔබට සම්පිණ්ඩණ රීති ගැන
දැනුම අවශ්‍යයි.


සරල උදාහරණයක් ගනිමු.
උදේ ආහාරය සඳහා
කෑම මේසය වෙත යන කෙනෙකුට
ඉඳිආප්ප සමග
පොල් සම්බල්, මාළු ඇම්බුල් තියල්, මස් හොදි,
කිරි හොදි, අල හොදි, පරිප්පු හොදි ආදී
විවිධ වර්ග තියනවා නම්
ඔහුගෙ පිඟානෙ සම්පිණ්ඩණය කොයි වගේ
වෙන්න පුලුවන්ද?

ඒ පිඟාන සකස් වෙන විදිය ගැන
නිශ්චිත රීතියක් තියනවද?
ඒ පිඟාන සකස්වෙන විදිය
එක් එක් පුද්ගලයාගේ රුචිකත්වය මත
තීරණය වෙනවා.

ඔහු හොඳ රසඥතාවයක් සහිත
සංවේදී, ස්වාධීන පුද්ගලයෙක් නම්
වෙනත් කෙනෙකුට කියල
ආහාර බෙදාගෙන තෘප්තිමත් වෙන්නෙ නෑ.
ඔහු ඊට ප්‍රතිවිරුද්ධ මනසක් ඇති
රළු පුද්ගලයෙක් නම්
මොන ප්‍රමාණයෙන් මොනව දාල දුන්නත්
ආහාරයට ගන්නවා...
"පට්ට කෑම එක" කියල
පිඟාන පැත්තකින් තියාවි.

ඒකටම වෙන මොනව හරි දාල දුන්නොත්
ඒකත් ආහාරයට ගන්නවා...
"පට්ට කෑම එක" කියල
පිඟාන පැත්තකින් තියාවි.

පිඟානට වැටෙන ඕනම දෙයක්
පට්ටයි කියල පිළිගන්න
ඔහු අපට අදාළම නැහැ.
අපේ මාතෘකාව ඔහු නොවෙයි.


සාමාන්‍ය කෙනෙකුට අදාළ රීති තියනවා.

කවුරුවත් තනිකර ඉඳිආප්ප කන්නෙ නෑ
කියල රීතියක් තියනවා.
බීඳින්න තහනමක් නෑ.
ඒත් බින්දාම අනික් අයට ප්‍රශ්නයක් වෙයි.
හේතුවක් තියනවා නම්
හේතුව පැහැදිලි නම්
තනිකර ඉඳිආප්ප කන අනුගාමිකයොත් හැදේවි.
ඒත් සාමාන්‍ය පොදු රීතිය නම්
කවුරුවත් තනිකර ඉඳිආප්ප කන්නෙ නෑ.

මේ වගේ රීති පෙළක්
අපේ අත්දැකීම් අනුව කියන්න පුළුවන්.


මස් හොදි + මාළු හොදි
කිරි හොදි + අල හොදි
එක පිඟානක තියෙන එකක් නෑ.


 කිරි හොදි + අල හොදි


මස් හොදි + මාළු හොදි


පොදු සම්පිණ්ඩණ රීති
ඉඳිආප්ප සමග
පොල් සම්බල් + මාළු ඇඹුල් තියල්,

ඉඳිආප්ප සමග
කිරි හොදි + මාළු ඇඹුල් තියල්,

ඉඳිආප්ප සමග
අල හොදි + මාළු ඇඹුල් තියල්,

ඉඳිආප්ප සමග
පොල් සම්බල් + මස් කරි,

ඉඳිආප්ප සමග
කිරි හොදි + මස් කරි,

ඉඳිආප්ප සමග
අල හොදි + මස් කරි,

ආදී වශයෙන්
පොදු සම්පිණ්ඩණ රීති
ගොඩ නගන්න පුලුවන්.


 ඉඳිආප්ප සමග පරිප්පු + මාළු ඇඹුල් තියල්,
 

 ඉඳිආප්ප සමග පරිප්පු + පොල් සම්බල්
 

 ඉඳිආප්ප සමග පරිප්පු + මාළු ඇඹුල් තියල්
 

 ඉඳිආප්ප සමග පොල් සම්බල් + මාළු ඇඹුල් තියල්,
 


 .
ඡායාරූප ගන්නා විටත් ආහාර ගන්නා විටත්
ඇස මූලික අවයවයක්..

අන්ධයෙක් නොවෙයි නම්
ආහාරයක වර්ණය ආහාර රුචියට බලපානවා.



 සරල පොදු රීතිය
කිරට හදපු දෙයක් සහ මිරිසට හදපු දෙයක්
එකට රස විඳින්න බොහෝ දෙනා කැමතියි.

කිරට සහ මිරිසට හදන ආහාර වල
රස වගේම වර්ණයත් සම්පිණ්ඩණයට බලපානවා.

අලුත් දෙයක් කරන්න කියල
මස් හොදි+ මාළු ඇඹුල් තියල්,
කිරි හොදි + අල හොදි
කියල සම්පිණ්ඩණ හැදුවට
ප්‍රායෝගිකව සාර්ථක වෙන්නෙ නෑ.

ඔහු නිර්මාංශවාදියෙක් නම්
ඔහුගෙ පිඟානෙ මස් මාළු නෑ කියල
රීතියක් තියනවා.
ඔහුගෙ පිඟානට බලෙන් බෙදුවත් ඒක ඉතුරු වෙයි.

මේ පුද්ගලයාම
දවස් දහයක් තිස්සෙ
මේ එකම කෑම මේසයට ආවත්
ඔහුගෙ පිඟානෙ සම්පිණ්ඩණය
දවසින් දවසට වෙනස් වෙයි.
ඔහුගෙ පිඟානෙ සම්පිණ්ඩණයට
අදාළ රීති තියනවා.
ඒත් ඔහුගෙ පිඟාන මෙසේ විය යුතුයි කියල
නිශ්චිත අංග සම්පූර්ණ සම්පිණ්ඩණයක්
හදාගන්න රීති නෑ.
එදින් එදාට එන එන විදියට
සම්පිණ්ඩණය හැදෙනවා.
සම්පිණ්ඩණ රීති දන්න කෙනා
වර්ග දෙකක් ගන්න තියන වෙලාවට
කිරි හොදි + මාළු ඇඹුල් තියල්,
අල හොදි + මාළු ඇඹුල් තියල්,
පොල් සම්බල් + මස් කරි වගේ
ගැලපෙන සම්පිණ්ඩණ සකස් කරනවා.

සම්පිණ්ඩණ රීති දන්න කෙනා
මස් හොදි+ මාළු ඇඹුල් තියල්,
කිරි හොදි + අල හොදි
වගේ සම්පිණ්ඩණ සකස් කරන්නෙ නෑ.

ඉඳිආප්ප සමග  කිරි හොදි + අල හොදි

ඉඳිආප්ප සමග මස් හොදි + මාළු හොදි




  

සම්පිණ්ඩණ රීති දන්න කෙනා
ගැලපෙන සම්පිණ්ඩණ සකස් කරනවා.

ඉඳිආප්ප සමග පරිප්පු + මාළු ඇඹුල් තියල්,
 

 ඉඳිආප්ප සමග පරිප්පු + පොල් සම්බල්
 

 ඉඳිආප්ප සමග පරිප්පු + මාළු ඇඹුල් තියල්
 

 ඉඳිආප්ප සමග පොල් සම්බල් + මාළු ඇඹුල් තියල්
 


ඡායාරූපයකට, චිත්‍රයකට වුණත්
මේ සිද්ධාන්තය පොදුයි.

_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure



No comments:

Post a Comment